දෙවියන්ගේ නිර්මාණ: සොබාදහම සහ මිනිසාට දුන් වරප්‍රසාද

ස්වභාවධර්මය යනු කුමක්දැයි බොහෝ දෙනෙකුට නිසි අවබෝධයක් නොමැත. මෙම ලිපිය ඔබට එය වඩා හොඳින් තේරුම් ගැනීමට අවස්ථාව ලබා දෙනු ඇත.

පෙළ ගැස්ම 

  1. විශ්වය (සොබා දහම) ආරම්භයට බලපෑ හේතුව පැහැදිළි කිරීම
  2. විශ්වය නිර්මාණය කළ ආකාරය පැහැදිළි කිරීම
  3. මිනිසාව නිර්මාණය කළ ආකාරය පැහැදිළි කිරීම
  4. දෙවිඳුන් මිනිසාට සූර්‍යයා, චන්ද්‍රයා සහ තාරකා මගින් ලබා දුන් වරප්‍රසාද
  5. අපට ඉහලින් සමීපව ඇති අහසින් දුන් වරප්‍රසාද
  6. වලාකුළු, වැස්ස සහ ජලය මගින් දුන් වරප්‍රසාද
  7. සුලඟ මගින් ලබා දුන් වරප්‍රසාද
  8. පොලොවෙන් ලබා දුන් වරප්‍රසාද
  9.  ශාක සහ භෝග වෙතින් ලබා දුන් වරප්‍රසාද 
  10. ආහාර ලෙස මිනිසාට දුන් වරප්‍රසාද
  11. සතුන් හරහා ලබා දුන් වරප්‍රසාද 
  12. මුහුදින් ලබා දුන් වරප්‍රසාද
  13. ගිංදර මගින් ලබා දුන් වරප්‍රසාද කිහිපයක්
  14. ඇඳුම්, වාසස්ථාන, භාණඩ නිපදවීම වැනි වරප්‍රසාද

අප සිටින ලෝකයද ඇතුළුව විශ්වයන් සහ ජීවයන්ට ස්වභාවධර්මය හෝ සොබාදහම යන වචනය භාවිතා කරන අපි හැමෝටම ඒ සම්බන්ධයෙන් පහත ආකාරයේ සාධාරණ ප්‍රශ්න කිහිපයක් මතු වෙනවා.

  1. කාලයත් අවකාශයත් ඒ අතර කිසිවකුත් නැති අවස්ථාවේ (එනම්, විශ්වයන් සහ ජීවයන් ආදී මේවා කිසිවක් නොතිබුනු තත්වයක සිට) ඒවා "අහඹු ලෙස, (ඉබේ) ආරම්භ වෙන්න පටන් ගත්තාද?"
  2. සැලසුම්කරුවෙක්, සැපයුම්කරුවෙක් නොමැතිව ස්වභාවධර්මය ඉබේ ස්වයං පෝෂිතවී, ස්වයං සැලසුම්සහගතවී, ස්වයං නිර්මාණයවී, ස්වයං පාලනයවී, පසුව එය ස්වයංවම විනාශ වෙනවාද?  එනම්, සොබාදහම "(ආරම්භයක් - අවසානයක් සහිත) අත්භූත බලවේගයක්ද?" 
  3. (නැත්නම්), සොබාදහමත් එහි ඇති ජීවීනුත් "කිසියම් හෝ නිර්මාණකරුවකුගේ කුමණ හෝ ආකාරයක නිර්මාණයක්ද?"  

ඉහත 1 සහ 2 සමග මෙය ලියන මට එකඟ වීමට නොහැක. මම බෞද්ධ දේශනා වලින් අසා ඇති ආකාරයට අනුව අවිද්‍යාව හා, පසුව තෘෂ්ණාව ආදිය මගින් සිත ඇති වීමත්, සිත මගින් ලෝක ඇතිවීමත් ආදීය සළකා බැලුවත් අවම තරමින් අවිද්‍යාව ආරම්භ වීමටත් කාලයත් හා අවකාශයත් ඊටත් අමතරව හේතුවකුත් තිබිය යුතුයි. 

කෙසේ නමුත්, 

"ඇත්තක් ලෙස හෝ මායාවක් ලෙස හෝ පවතින කුමණ හෝ දෙයක ආරම්භයක් සිදුවී ඇත්නම් එම ආරම්භයට හේතුවක් තිබිය යුතුයි." 

අප කොපමන දුරකට ආපස්සට ගිහින් සළකා බැලුවත් අපට අවසානයේ නතර විය යුතු තැනක් හමුවෙනවා. එය තමයි ආරම්භ වූ දැයෙහි හේතුව. "එම හේතුව- ආරම්භයක් නැති සදාකල් පවතින්නක් විය යුතුයි".  

මෙම තර්කය සමග අවසානයේ පහත සදහන් කුරාන් වැකි සමග අපට එකඟ විය හැක. එනම්, ඇත්තක් ලෙස හෝ මායාවක් ලෙස හෝ පවතින සොභාදහම කුමණ හෝ ආකාරයක සැලසුම්සහගත නිර්මාණයක් බවය.  

සොභාදහමට අයිතිවාසිකම් කියමින් ඉදිරිපත්කර ඇති පහත වැකි වලින් එය මනාව තහවුරු කර ගත හැකි යැයි මම විශ්වාස කරමි.

එම වැකි සරළව පෙනුනත් ඒවා තුල බොහෝමයක් විද්‍යාත්මක හෙළිදරව්වන්ද අන්තර්ගතය. ඒවා ගැඹුරින් අධ්‍යයනය කරන තරමටම එම වැකි වල වටිනාකම තව තවත් වැඩි වෙනු දැකිය හැක.

ඔබද මෙම වැකි සියල්ල කෙරෙහී අවධානය යොමුකර සත්‍යය වටහා ගන්න. එවිට ඔබ සැබෑ ලෙසටම සොභාදහම හදුනාගෙන, සැබෑ ලෙසටම එහි ආශ්වාදය ලබමින්, සැබෑ ලෙසටම සොබාදහමට ආදරය කරාවි. සොබාදහමේ හිමිකරු විසින් අපට ලබා දී ඇති වරප්‍රසාදයන් ගැන හොඳ පැහැදීමක් ඇති වේවි. ඔබ සොබාදහමේ හිමිකරුට හදවතින්ම ස්තූති කරාවි.

පහතින් දැක්වෙන්නේ ශුද්ධ වූ අල් කුර්ආන් හි සඳහන්  වැකි එකතුවකි. 

විශ්වයේ සහ මිනිසාගේ නිර්මාණය ගැන හැඳින්වීමක්


ශුද්ධ වූ කුරානය වන මෙය ධර්ම පුස්තකයයි. මෙහි කිසිම සැකයක් නැත. භය භක්තිකයින්ට (මෙය) ඍජු මාර්ගය පෙන්වන්නේය. (2:2)


මිනිසුන්ට හොඳ වැටහීමක් ලබා ගැනීම පිනිසම මෙම කුරානය නියත වශයෙන්ම අපි ඉතාමත් පහසු කර ඇත්තෙමු. එබැවින් (මෙමඟින්) හොඳ වැටහීමක් ලබන්නන් කවුරුන් හෝ ඇත් ද? (54:17)


අහස් හිද භූමියෙහිද, ඔවුන්ට ඉදිරියෙන්ද පසුපසින්ද, ඇති දැය ඔවුන් අවධානය කර බැලුවේ නැද්ද?; (34:9)


ඒවා කිසිවක් නොමැතිව තමන් විසින්ම ඇති කළෙහුද? නැතහොත් මොවුන්, තමන්ට තමන්ම නිර්මාණය කර ගත්තෙහුද? නැතහොත් අහස්ද භූමියද ඔවුන් නිර්මාණය කළෙහුද? නැත. මේ සියල්ල නිර්මාණය කළ අය දෙවියන්ය; (52:35,36)


(කිවෙකුගේ උදව්වක් නොමැතිව) අපගේ ශක්තිය මගින් අහස (විශ්වය) නිර්මාණය කළෙමු. නියත වශයෙන්ම අපි (එය ඔවුන්ගේ බුද්ධියට හසු නොවන සේ) අති විශාලවත් අන්දමට තබා ඇත්තෙමු. (ඇත්ත වශයෙන්ම, අපි එය පුළුල් කරන්නෙමු." (51:47)


අහස් හා භූමියෙහි පාලනය අල්ලාහ්ටම අයත්ය. සියල්ල කෙරෙහි අල්ලාහ් බලසම්පන්නය. (3:189)


නියත වශයෙන්ම අපි සෑම වස්තුවක්ම (නියමිත්) ප්‍රමාණයට අනුවම නිර්මාණය කර ඇත්තෙමු. (54:49)


අහසේ සිට භූමිය දක්වා ඇති සෑම කාරණාවක්ම ඔහුම පිළිවෙලකට කරන්නේය. (සෑම දැයකම) අවසානයද (ඔබගේ) ගනනයට අනුව වසර දහසකට සම වන එක් දිනකදී ඔහු වෙතම යනු ඇත. (32:5)


ආරම්භයේදී එකට එක්කාසු වී තිබුණු අහස්ද භූමියද අපිම වෙන්කර තැබුවෙමු යන්නද, පණ ඇති සෑම දැයක්ම ජලයෙන් උත්පාදනය කළෙමු යන්නද, මෙම ප්‍රතික්ෂේප කරන්නන් අවධානය කළ යුතු නොවේද? (මෙය ඔවුන් විශ්වාස නොකරන්නෙහුද?) (21:30) Link


පසුව දුමාරයක් වශයෙන් තිබූ අහස දෙසට හැරී (එය උත්පාදනය කර) එයද භූමියද දෙස බලා "ඔබ කැමති වුවද, අකැමැති වුවද (අවනත වී මා වෙත) පැමිනෙණු" යයි පැවසෞවේය. එයට ඒවා "(මෙන්න! අපි කැමැත්තෙන්ම පැමිණියෙමු" යයි පැවසුවේය. (41:11)


පසුව ඔහු ඒවා දින දෙකකදී අහස් හතක් වශයෙන් සැලසුම් කර, සෑම අහසකටම නියමිත විවිධ යුතුකම් දැනුම් දුන්නේය. පසුව (මෙතරම්ම් දැයක් කළ) අපිම (භූමියට සමීපයෙන්) පහතින්ම ඇති අහසෙහි (තාරකා නම් වූ) පහන් මගින් අලංකාරවත් කර. (එය) ආරක්ෂා සහිතවද පත් කළෙමු. මේ සියල්ල. (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු (වන අප)ගේම සැලසුමකි. (41:12)


ඔහුම (තම) නියෝජිතයින් වශයෙන් භූමියෙහි ඔබව පත් කර ඇත්තේය. තවද ඔබගෙන් සමහරෙකුව අනිත් අයට වඩා පදවි වලින් උසස් කර ඇත්තේය. (මෙමගින්) ඔබට ලබා දී ඇති දැයෙන් (ඔබ කෙසේ නම් කටයුතු කරන්නේදැයි) ඔබව පරීක්ෂා කරන්නේය; (6:165)


(මිනිසුණේ!) "අහස්හිද, භූමියෙහිද, ඇති දැය නියත වශයෙන්ම දෙවියන් ඔබට වසඟ කර දී ඇත්තේය" යන්නද, ඔහු තම වරප්‍රසාදයන් ගුප්තවද, ප්‍රසිද්ධියේද, ඔබ කෙරෙහි පහළ කර ඇත්තේය යන්නද, ඔබ දුටුවේ නැද්ද? මේ සියල්ල මෙසේ තිබියදී මිනිසුන්ගෙන් සමහරෙක් අධ්‍යාපන දැනුම හෝ තර්කානුකූල සෘජු මාර්ගය හෝ ආලෝකමත් ධර්ම ග්‍රන්ථයෙහි (කුරාන්හී) සාධකයන් හෝ නොමැතිව අල්ලාහ් (දෙවියන්) ගැන (නිකරුණේ) තර්ක කරන්නාහ. (31:20)


එම අල්ලාහ්ම උත්පාදකයාය. (ඔහුම උත්පාදනයන් සැලසුම් කරන්නේය). හැඩරුව නිර්මාණය කරන්නාය. ඔහුට වෙනත් අලංකාරවත් ශුද්ධ වූ නාමයන් බොහෝමයක් ඇත්තේය. (59:24)


(එබැවින් නබියේ!) මෙතරම් දුරට දැනුම් දුන්) පසුවත් ඔවුන් (විශ්වාස නොකර) ප්රතික්ෂේප කළහොත් ඔබ මෙසේ පවසනු: "ආද්, සමූද් (නැමැති ජනතාවන්ට) ඇති වූ හෙණ හඬ වැනි හෙණ හඬ ක්ම, මා ඔබට බිය ගන්වා අනතුරු අඟවන්නෙමි". (41:13)


අල්ලාහ්ම ඔබට භූමිය වාසස්ථානයක් බවටද, අහස වියනක් බවටද පත් කර, ඔබව නිර්මාණය කර, අලංකාරවත් හැඩරුව ඇතිවද ඔබව පත් කලේය. තවද ඔහුම ඔබට උසස් ආහාරයන්ද ලබා දෙන්නේය. මෙම අල්ලාහ්ම ඔබගේ දෙවියන්ය. (සකල) ලෝකයන්හී දෙවියන් වන අල්ලාහ් භාග්‍යය වන්තයෙකි. (40:64)

මිනිසාව නිර්මාණය කළ ආකාරය පැහැදිළි කිරීම

ඔහුම ඔබව උත්පාදනය කළ අයයි. (එසේ තිබියදී) ඔහුව ප්‍රතික්ෂේප කරන අයද ඔබගෙන් ඇත. (ඔහුව) විශ්වාස කරන අයද ඔබගෙන් ඇත. ඔබ කරන දැය අල්ලාහ් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය. (64:2)


ඈතට පනිමින් ඉකුත් වන එක් ජල බිඳක් මගින්ම (මිනිසාව) උත්පාදනය කරණු ලැබුවේය. එය කොඳු ඇටවලටද, ඉල ඇට වලටද මධ්‍යයයෙන් ඉකුත් වන්නේය. (86:6,7)


ජීවීන් සෑම එකක්ම අල්ලාහ් ජලය මගින්ම උත්පාදාය කර ඇත්තේය. ඒවායින් සමහරක් තම උදරයෙන් (නයින් මෙන්) බඩ ගාමින් යන්නේය. ඒවායෙන් (වෙනත්) සමහරක් කකුල් දෙකෙන් ගමන් කරන්නාහ. ඒවායෙන් (තවත්) සමහරක් කකුල් හතරෙන් ගමන් කරන්නාහ. (මෙසේ) අල්ලාහ් තමන් අදහස් කරන දැය (කැමති ආකාරයට) උත්පාදනය කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි බලසම්පන්නය. (24:45) ආදම්ගේ පරම්පරාවේ දරුවන්ව නියත වශයෙන්ම අපි ගෞරව කළෙමු. වෙරළෙහි වාහන මතද මුහුදෙහි නැව් මතද අපිම ඔහුව උසුළාගෙන යාමට සලස්වන්නෙමු. හොඳ ආහාරද අපිම ඔවුන්ට ලබා දෙන්නෙමු. අපි උත්පාදනය කළ (වෙනත් ජීවීන්ගෙන්) අපි ඔවුන්ව උසස් කර ඇත්තෙමු. (17:70)


ඔහුම මිනිසාට (පැහැදිලිව) කථා කිරීමට ඉගැන්වූයේය. (55:4) ඔහුම පෑනක් මගින් (ලිවීමට) ඉගැන්වූවේය. තවද, මිනිසා නොදන්නා සියල්ල ඔහුට උගන්වා දෙන්නේය. (96:4,5) බැලිය හැකි ඇස් දෙකක්ම අපි ඔහුට ලබා දුන්නේ නැද්ද? එසේ තිබියදී සත්‍යය ඔහු දුටුවේ නැත. දිවක්ද, තොල් දෙකක්ද (අපි ඔහුට ලබා දුන්නේ නැද්ද?). ඒවා ඉබේම ඔහු අත් කර ගත්තේද? නැත. (90:8,9)

අල්ලාහ්ගේ වරප්‍රසාදයන් ඔබ ගණනය කළහොත්, ඒවා ඔබ විසින් ගණන් කළ නොහැක. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා ඉමහත් දයාබරවන්තයෙකුද වශයෙන් සිටින්නාහ. (16:18) 

[මෙය වටහා ගැනීමට අපගේ පෘතුවිය සහ අඟහරු වැනි වෙනත් ග්‍රහ ලෝකයක් සංසන්දනය කර බලන්න. ඉන් පසු අපගේ ලෝකය සහ දෙවිඳුන් අපට දීමට පොරොන්දු වී ඇති ස්වර්ගය සමග සසඳා බලන්න]


විශ්වය සහ අප සිටින භූමිය නිර්මාණය කිරීම සම්බන්ධව

නියත වශයෙන්ම ඔබගේ දෙවියන් වන අල්ලාහ් අහස්ද, භූමියද දින හයකින් උත්පාදනය කර, අර්ෂ් මත තම රාජධානිය ස්ථාවර කර තැබුවේය. ඔහුම රාත්‍රියෙන් දහවල වසා දමන්නේය. (දහවලෙන් රාත්‍රිය වසා දමන්නේය). එය ඉතාමත් තීව්‍ර වශයෙන්ම එකකට පිටුපසින් එකක් වශයෙන් පිළිවෙලින් සිදුවෙමින් පවතින්නේය. සූර්යයාද, චන්ද්‍රයාද, තාරකාවන්ද ඔහුගේ නියෝගයන්ට ඇතුළත් වන්නේය. උත්පාදනයන්ද, එහි පාලනයද ඔහුටම අයත් දැය නොවේද? සකළ ලෝකයන්ම උත්පාදනය කර, පෝෂනය කර, සංවර්ධනය කරන අල්ලාහ් ඉමහත් භාග්‍යවන්තයෙකි. (7:54)


අහස් හා භූමිය උත්පාදනයෙහිද, රාත්‍රිය හා දහවලේ වෙනස් වීමෙහිද බුද්ධිමතුන්ට නියත වශයෙන්ම බොහෝ සාදකයන් ඇත. (3:190)


ඔහුම අහස්ද භූමියද පෙර නිදසුනක් නොමැතිව උත්පාදනය කළ කෙනෙකි. (ඔහු කුමක් හෝ උත්පාදනය කිරීමට අදහස් කර), තීරණය කළහොත් "වනු" යැයි කීම පමණකින්ම එවෙලේම එය සිදුවන්නේය. (2:117)


අහස් හතක්ද, ඒවා මෙන් භූමියද අල්ලාහ්ම උත්පාදනය කළේය. ඒවා අතර (දිනපතා සිදුවිය හැකි සියළු කාරණාවන් ගැන වූ) නියෝගයන් පහළ කරමින්ම සිටින්නේය; (65:12)


ඔහුම අහස් හතම එක පිට එකක් වශයෙන් නිර්මානය කර ඇත්තේය. (මිනිසාණෙනී!) රහ්මාන්ගේ උත්පාදනයන්හී ඔබ කිසිම අඩුපාඩුකමක් නොදකින්නෙහිය. නැවත්ත් (එය අවධානය කර) බලනු. (එහි) කිසිම භේදයක් ඔබ දකින්නෙහිද? (නැවත) නැවතත් දෙවරක් බලනු. මෙසේ ඔබ කොතරම් වාර ගනනක් හාර හාරා බැලුවද, බැල්මම දුබලව ව්‍යාකූල වී (ඔබ වෙත) ආපසු හැරෙනු ඇත. (76:4)


(මිනිසුනේ!) අපි මෙසේ ඔබව පමණක්ද උත්පාදනය කර ඇත්තේ? නියත වශයෙන්ම ඔබට ඉහලින් ඇති අහස් හතද අපිම උත්පාදනය කළෙමු. ඒවා සෑම එකකම ඔබ වැනි උත්පාදනයන් ඇත්තේය. (මේවා උත්පාදනය කර ඇති අතර) මෙම උත්පාදනයන්ට (අවශ්‍යය දැය) ගැන අපි නොසැලකිළිමත් නොවූයෙමු. (23:17)


ඔහුම භූමියෙහි ඇති සියල්ල ඔබ වෙනුවෙන් උත්පාදනය කළේය. තවද ඔහු අහස උත්පාදනය කිරීමට අදහස් කළ (අවස්ථාවේ) ඒවා අහස් හතක් වශයෙන්ද නිර්මාණය කළේය. (2:29)

සූර්‍යයා, චන්ද්‍රයා සහ තාරකා මගින් ලබා දුන් වරප්‍රසාද කිහිපයක්

නියත වශයෙන්ම අපි පහතින්ම ඇති අහස පහන් (තාරකා) මගින් (භූමියෙහි සිටින්නන්ට) අලංකාරවත් කර තැබුවෙමු; (67:5)


ඔහුම (සූර්යයා) පායන්නට සලස්වන්නෙකි. ඔහුම (ඔබව නිදන්ට සලස්වා ඔබ) සුවය ලබා ගැනීම සඳහා රාත්‍රිය ඇති කරන්නේය. ඔබ (කාලයේ) ගණනය දැන ගැනීම සඳහා සූර්යයා වද චන්ද්‍රයාවද ඇති කළේය. (6:96)


ඔහුම සූර්යයා දීප්තිම ආලෝකයක් වශයෙන්ද්, චන්ද්‍රයා (අලංකාරවත්) ආලෝකය ලබා දෙන්නක් බවටද පත්කර අවුරුදු සංඛ්‍යාවද, මාසයන්හී ගණනයද ඔබ දැන ගැනීම පිණිස, (චන්ද්‍රයා වන) එයට (මාරුවෙන් මාරුවට පැමිණිය හැකි) අවස්ථාවන්ද මනක්කල්පිත කළේය. සත්‍යය වූ නියමිත කාරණාවක් නොමැතිව මේවා අල්ලාහ් උත්පාදනය කළේ නැත. දැනගත හැකි ජනතාව වෙනුවෙන් (තම බලසම්පන්නකමට අයත්) සාධකයන් (මෙසේ) විවරණය කරන්නේය. (10:5)


තවද, (දිශාවන් දැනුම් දිය හැකි) සළකුණු මගින්ද, තාරකාවන් (නිර්මාණය කර තැබීම) මගින්ද (සංචාරකයින් වන) ඔවුන් මාර්ගය දැන ගන්නාහ. (16:16)


ඔබ වෙනුවෙන් තාරකාවන් උත්පාදනය කළේද ඔහුමය. ගොඩබිබෙහිද, මුහුදෙහිද ඇති අන්ධකාරයන්හී ඒවා මගින් ඔබ මාර්ගය දැන යන්නෙහුය. (6.97)


ඔහුම රාත්‍රියද, දහවලද (ඇති කළේය). සූර්යයාද චන්ද්‍රයාද උත්පාදනය කළේය. (මේවා තමන්ගේ සීමාවන් තුළ) පිහිනා යන්නේය. (21:33)


සූර්යයා චන්ද්‍රයාට ලඟා විය නොහැක. රත්‍රිය දහවල පසු කරන්නට නොහැක. (මෙසේම ග්‍රහයන්ද, තාරකාවන්ද) සෑම එකක්ම (තමන්ගේ) සීමා වටයන් තුල පිහිනා යන්නේය. (36:40)


(වියළි නැවී) ගිය පරණ ඉඳි අත්තක් මෙන් (තිබී පූර්ණ සඳක් වශයෙන්) පත්වන තුරු චන්ද්‍රයාට අපි හැඩ රූ ගනනාවක් ඇති කර ඇත්තෙමු; (36:39)


(නබියේ!) ඔබගේ දෙවියන් සෙවණැල්ල කෙසේ අඩු කරන්නේද, කෙසේ වැඩි කරන්නේද යන්න ඔබ අවධානය කළේ නැද්ද? ඔහු අදහස්කර තිබුණේ නම්, එය ස්ථිරව තිබීමට සැළැස්විය හැක. සූර්යයාව චන්ද්‍රයා ඉදිරියෙන් අපිම පත් කළෙමු. (25:45)


(නබියේ! ඔබ ඔවුන්ට) අහස්ද, භූමියද උත්පාදනය කර සූර්යයාද, චන්ද්‍රයාද (තමන්ගේ සැලැස්මට අනුව ගමන් කරන මෙන් යටහත් කර) තැබුවේ කව්ද'?යි ඔබ ඔවුන්ගෙන් විමසන්නේ නම්, දෙවියන් (අල්ලාහ්) යැයි ඔවුන් නියත වශයෙන්ම පවසනු ඇත. එසේ නම් ඔවුන් (අපගෙන් ඈත් වී) කොහේ නම් දුවන්නෙහුද? (29:61)

අපට ඉහලින් සමීපව ඇති අහසින් මිනිසාට දෙන වරප්‍රසාද කිහිපයක්

ඔහුම ඔබ වෙනුවෙන් භූමිය වාසස්ථානයක් බවටද, අහස වියණක් බවටද නිර්මාණය කර, වලාකුළෙන් වර්ෂාව වසින්නට සලස්වා, එමගින් ඔබට ආහාර වශයෙන් ගත හැකි පළතුරු වර්ගද ඔබට ඉකුත් කරන්නේය. එබැවින් (මේ සියල්ල) දැනගෙන අල්ලාහ්ට (කිසිම) සමානයක් ඇති නොකරනු. (2.22)


අහස් කුළුනු නොමැතිව ඔසවන ලද්දේ අල්ලාහ්ය. එය ඔබ (ඔබගේ දෑස් වලින්) දකින්නෙහුය; ඔහුම සූර්යයාද චන්ද්‍රයාද තම පාලනය යටතේ තබා ඇත්තේය, (මේවා) සෑම දැයක්ම (ඒවාට) නියමිත කාල පරාසයට අනුව ගමන් කරමින් සිටින්නේය, ඒවායේ සියලු කාරණාවන්ද ඔහුම සැලසුම් කරන්නේය; (13:2)


ඔබට බියද, ලාබයද ලබා දිය හැකි විදුලිය ඔහුම ඔබ ඉදිරියේ බැබලීමට සලස්වන්නේය. (වැස්ස, සුළග) ඝන වලාකුළුද ඔහුම ඉකුත් කරන්නේය. (12:12)


හෙණ හඬද ඔහුගේ ප්‍රශංසාව ගායනා කරන්නේය; ඔහුම හෙණ වැදීමට සලස්වා එමඟින් ඔහු අදහස් කරන අයට පහර දෙන්නේය; (13:13)

වලාකුළු, වැස්ස සහ ජලය මගින් මිනිසාට දෙන වරප්‍රසාද කිහිපයක්

ඔබ බොන වතුර අවධානය කළෙහුද? වලාකුළෙන් ඔබ එය වසින්නට සලස්වන්නෙහුද? නැතහොත් අපි වසින්නට සලස්සන්නෙමුද? (56:68,69)


මැරී ගිය භූමියට එමගින් අපි ජීවය ලබා දී අපගේ උත්පාදකයන්ගෙන් වූ එළු, ගව, ඔටුවන් වැනි සතුන්ටද, බොහෝ මිනිසුන්ටද එය පානය කිරීමට සලස්වන්නෙමු. (25:49)


අහස ආරක්ෂා සහිත උඩුවියනක් මෙන්ද අපි නිර්මාණය කළෙමු. (මෙසේ තිබියදී) ඒවායේ ඇති සාදකයන් ඔවුන් ප්‍රතික්ශේප කරන්නාහ. (21:32)


සුලඟ මගින් ලබා දුන් වරප්‍රසාද කිහිපයක්

ඔහුම තම වරප්‍රසාදයන් පහළ කිරීමට පෙර (සිසිල්) සුළඟ ශුභාරංචියක් වශයෙන් වන්නේය. (මිනිසුනේ!) අපිම වලාකුළෙන් පරිශුද්ධ වූ ජලය වසින්නට සලස්වන්නෙමු. (25:48).

ඔහුම ඔහුගේ වරප්‍රසාදයන්ට පෙර ශුභාරංචිය වශයෙන් සිසිල් සුලඟ යවන්නේය. එය (කළුවර වී ඇති වන) ඝන වලාකුළු ඔසවාගත් පසු එය, අපි (වියළී) මැරී ගිය භූමිය දෙසට පදවාගෙන ගොස් එයින් වැස්ස වැසීමට සලස්වන්නෙමු. පසුව එමඟින් සියළු වර්ගයේ පළතුරුද ඉකුත් කරන්නෙමු.(7:57)

වලාකුළු උසුළාගෙන යන සුළඟද අපිම යැව්වෙමු. එම වලාකුළෙන් වැස්සද අපිම වසින්නට සලස්වන්නෙමු. එය අපි ඔබට පොවන්නෙමු. (වැස්සෙහි ජලය වලාකුළෙහි) ඔබ එක්රැස් කර තැබුවේ නැත. (අපිම එක්රැස් කරමු) (15:22)

පොලොවෙන් ලබා දුන් වරප්‍රසාද කිහිපයක්


භූමිය ජීවීන් වාසය කිරීමට පහසුවන අන්දමට එය නිර්මාණය කළේය. (තවද) එහි (විවිධ වර්ගයේ) පළතුරු වර්ගද, (වළු වලින් පිරි) අතු වලින් යුත් ඉඳි ගස්ද වැඩෙන්නේය. දහයියා වලින් වසන ලද ධාන්‍යද, සුවඳ පැළෑටි ගස් වැද පැළවන්නේය. (55:10,11,12)


ඔහුම වළාකුලෙන් වැස්ස පහළ කර තබන්නේය. එමඟින් සියළුම වර්ගයේ පැළෑටි අපි පැළවීමට සලස්වා, එයින් සාරවත් පැළයන්ද අපි ඉකුත් කළෙමු. එයින් ඝනට වැඩුණු ධාන්‍යයෙන් (පිරි කරල්ද) අපි ඉකුත් කරන්නෙමු. ඉඳි ගසේ අතුවලින් නැමී එල්ලෙන පළතුරු වලුද ඇත්තේය. මිදි වතුද, බැලූ බැල්මට එකම ආකාරයටද එහෙත් රසයෙන් විවිධවද ඇති දෙළුම්, ඔලිව් ආදියද (අපිම ඉකුත් කළෙමු). ඒවා (මල් පිපී) ගෙඩි හට ගැනීමද, පසුව ඉදී, ඉදුනු පළතුරු බවට පෙරළෙන අන්දමද (අවධානයෙන් යුතුව බලනු මැනවි). විශ්වාසය තබන ජනතාවට නියත වශයෙන්ම මෙහි සාධකයන් බොහෝමයක් ඇත්තේය. (6:99)


ඔබ භූමියෙහි ගොවිතැන් කරන දැය ගැන අවධානය කළෙහුද? එය ඔබ පැල කර අස්වැන්න බවට පත් කරන්නෙහුද? නැතහොත් අපි අස්වැන්න බවට පත් කරන්නෙමුද. (56:63,64)


ඔහුම භූමිය දිගහැර එහි ස්ථිර වූ (අති විශාල) කඳුද, (දීර්ඝ) ගංගාවන්ද නිර්මාණය කලේය; (13:3)


භූමිය මිනිසුන් සමග ඇල නොවී සිටිනු පිණිස, එහි කඳු අපිම සිටෙව්වෙමු. ඔවුන් (කැමති ස්ථානයකට) යනු පිණිස, එහි විශාල පාරවල් ද අපි ඇති කළෙමු. (21:31)


යකඩද අපිම පහළ කළෙමු. එයින් බිහිසුනු යුධ තර්ජන ඇත්තේය. මිනිසුන්ට ප්‍රයෝජනවත් බොහෝමයක්ද ඇත්තේය. (57:25)


මෙතරම් විශාල භූමිය අපි ඔබට තොටිල්ලක් වශයෙන්ද, කඳු සවිකරන ලද ඇණ වශයෙන්ද නිර්මාණය කළේ නැද්ද? ජෝඩු ජෝඩු වශයෙන් අපිම ඔබ නිර්මාණය කර ඇත්තෙමු. (78:6,7,8)


අපව ඔසවාගෙන සිටින භූමිය නොසෙල්වී තිබෙණු පිණිස ති විශාල කඳු ඒ මත තැබුවේය. (ඔබගේ යාම් ඊම් සඳහා) සෘජු මාර්ගයන් ඔබ දැනගැනීම සඳහා (විවිධ) මාර්ගයන්ද, ගන්ගාවන්ද නිර්මාණය කළේය. (16:15)


(මිනිසුනේ!) නියත වශයෙන්ම අපි ඔබට භූමියෙහි සියළුම සැප පහසුකම් ලබා දී එහි ඔබට ජීවනෝපායද ඇති කළෙමු. (මෙසේ තිබියදී) ඔබ ස්තූති කිරීමද ඉතා අල්පය. (7:10)

ශාක සහ භෝග වෙතින් ලබා දුන් වරප්‍රසාද කිහිපයක්

විහිදී තිබෙන වැල්ද, විහිදී නොයන පැළෑටීන්ද ඇති උයන් වතුද, ඉඳි ගස්ද, ආහාරයට ගත හැකි විවිධ ගස් වැල් පලා වර්ගද, ධාන්‍යය වර්ගද, (බැලූ බැල්මට) එක සමානවද, (රසයෙන්) විවිධ වූ ඔලිව් ද, දෙළුම් හා තව විවිධ වර්ගයේ පළතුරු ආදියද, ඔහුම උත්පාදනය කර ඇත්තේය, එබැවින් ඒවා ප්‍රයෝජනවත් වන්නේ නම් (ඕනෑ තරම්) ආහාරයට ගනු. ඒවා අස්වැන්න නෙලා ගන්නා කාලයෙහි (දෙවියන්ට ස්තුති කිරීම පිණිස) එහි ඔහුගේ කොටසද දුප්පතුන්ට දෙනු; (6:141)


(එකම අන්දමේ වර්ෂාව ලැබුනද) සාරවත් භූමිය දෙවියන්ගේ නියෝගයන්ට අනුවම තම පැළෑටි, ගස් වැල් ආදිය ඉකුත් කරන්නේය. එහෙත්, කර්කෂක භූමියෙහි ඉතා ස්වල්පයක් මිස, පැළ වැවෙන්නේ නැත. ස්තුතිය දක්වන ජනතාවට මෙසේ විවිධ අන්දමට (අපගේ) ආයාවන් විවරණය කරන්නෙමු. (7:58)


භූමියෙහි විවිධ ප්‍රදේශයන් එකට එක්කාසු කළාක් මෙන් නිර්මාණය කර (එහි) මිදි වතුද, ධාන්‍යය ගොවි බිම්ද, ඉඳි ගස්ද නිර්මාණය කළේය. අතු ඇති ගස්ද, අතු නොමැති ගස්ද උත්පාදනය කරන්නේය. (මේවා සියල්ලට) එකම විදිහේ ජලය පොවනු ලැබුවා වුවද, සමහර දැයට වඩා සමහරක් දැය අපි රසයෙන් උසස් කර තැබුවෙමු. මෙහි බුද්ධිය ඇති ජනතාවට නියත වශයෙන්ම සාධකයන් බොහෝමයක් ඇත්තේය. (13:4)


බීජද, ඇටද නියත වශයෙන්ම අල්ලාහ්ම පැලී (පැළවෙන්නට) සලස්වන්නේය. මරණයට පත්වූ දැයෙන් පණ ඇති දැය ඔහු ඉකුත් කරන්නේය. පණ ඇති දැයෙන් මළ දැයද ඔහු නුකුත් කරන්නේය. ඔහුම ඔබගේ දෙවියන්ය. එබැවින් ඔබ (ඔහු හැර දමා) කොහේ නම් දුවන්නෙහුද්? (6:95)

ආහාර ලෙස මිනිසාට දුන් වරප්‍රසාද

මිනිසුනේ! ඔබ දරිද්‍රතාවයට බියවී ඔබගේ දරුවන්ව ඝාතනය කර නොදමනු. අපි ඔවුන්ටද ආහාර ලබා දෙන්නෙමු. ඔබටත් (ලබා දෙන්නෙමු). ඔවුන්ව මරා දැමීම විශාල පාපයකි. (17:31)


අල්ලාහ් ආහාර සැපයීම භාර නොගත් කිසිම ජීවියෙක් භූමියෙහි නැත. (ඒවා) ජීවත් වී සිටින ස්ථානයද, ඒවා (මරණයට පත් වී) භූමදානය වන ස්ථානයද ඔහු දැනගෙනම සිටින්නේය. මේවා සියල්ල් පැහැදිළි පුස්ථකයෙහි සටහන් වී ඇත්තේය. (11:6)


තමන්ගේ ආහාරය උසුලාගෙන නොයන කොපමණදෝ සතුන් සිටින්නේය. ඒවාටත් ඔබටත් අල්ලාහ්ම ආහාර සපයන්නේය. (මෙසේ තිබියදී ඒ වෙනුවෙන් කුමක් නිසා ඔබ අධික වශයෙන් දුක් විය යුතුද?). ඔහු නම් සියල්ල සවන්දෙන්නෙකු වශයෙන්ද හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය. (29:60)


නියත වශයෙන්ම අල්ලාහ් තමන් අදහස් කරන අයට ආහාර විස්තීරණය කර ලබා දෙන්නේය. තමන් අදහස් කරන අයට සීමා සහිතව ලබා දෙන්නේය යන්න ඔවුන් අවධානය කර බැලුවේ නැද්ද? විශ්වාස කරන ජනතාවට නියත වශයෙන්ම මෙහි (බොහෝමයක්) සාධකයන් ඇත්තේය. (30:37)


ඔබටද, ඔබ ආහාර දී (හදා වඩා) නොගන්නා වූ (අහස් හීද, භූමියෙහිද වාසය කරන) ජීවීන් සියල්ලටද ජීවත් වීමට අවශ්‍යය වස්තූන්ද අපිම එහි සැලසුම් කළෙමු. (15:20) සෑම වස්තුවකම භාන්ඩාගාරයක් අප වෙතම ඇත්තේය. එහෙත් ඒවා (ඒ ඒ කාලයන්ට ඒ ඒ දැයට) නියමිත ප්‍රමාණයෙන්ම අපි පහළ කර තබන්නෙමු, (15:21)


ඉඳි, මිදි ආදී පළතුරුවලින් මත්පැන්ද, හොඳ ආහාරයන්ද ඔබ නිපදවන්නෙහිය. නියත වශයෙන්ම මෙහිද බුද්ධිමත් ජනතාවට එක් සාධකයක් ඇත (16:67)


(එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ගෙන්ද ඔබට පාඩමක් ඇත. ලේ වලටද, ගොම වලටද අතරේ උන්ගේ කුසෙන් කළවම් නොවුන කිරි (උත්පාදනය කර) අපි ඔබට පොවන්නෙමු. එය පානය කිරීමට ඉතා රසවත්ය. (16:66)


ඒ අන්දමටම අහස් හිද, භූමියෙහිද ඇති සියල්ලම ඔහු තමන්ගේ දයාවෙන් ඔබට (ඔබගේ යහපත සඳහා හරිහම්බ කරන මෙන්) පාලනය කර තබා ඇත්තේය. සිතා පරිශීලනය කරණ ජනතාවට මෙහි (බොහෝ) පාඩම් ඇත්තේය. (45:13)

සතුන් හරහා ලබා දුන් වරප්‍රසාද කිහිපයක්

අපගේ අතින්ම නිර්මාණය කළ දැයෙන් ඔවුන් අයිතිවාසිකම් දැරිය හැකි (එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ද ඔවුන් වෙනුවෙන් අපිම උත්පාදනය කළෙමු යන්න දුටුවේ නැද්ද? (36:71) ඒවා ඔවුන්ට යටහත් පහත් වන සේ අපි පත් කළෙමු. ඒවායෙන් ඔවුන් (වාහන මෙන්) නැග ගත හැකි දැයද ඇත්තේය. ඔවුන් ආහාරයට ගත හැකි දැයද ඇත්තේය. (36:72)


අශ්වයින්, හා බූරුවන් ආදී සතුන් මත නැග ගමන් යාම සඳහාද, (ඔබට) අලංකාරවත් වශයෙන්ද (ඔහු) ඒවා උත්පාදනය කර ඇත්තේය. තවද, ඔබ නොදන්නා දැයද උත්පාදනය කර ඇත්තේය. (6:8)


අහස් ගැබෙහි (දෙවියන්ගේ නියෝගයන්ට) අනුව යටත් වී පියාඹන පක්ශීන්ව ඔවුන් දුටුවේ නැද්ද? ඒවා (අහස් හී) උසුළාගෙන සිටින්නා අල්ලාහ් හැර වෙන කිසිවෙකුත් නැත. විශ්වාසය තැබූ ජනතාවට මෙහිද විවිධ සාධකයන් ඇත්තේය. (16:79)


ඔවුන්ට පානය කළ හැකි (කිරි වැනි) දැයද තවත් බොහෝ ප්‍රයෝජනද ඒවායෙන් ඇත්තේය. (මේවා සියල්ලට) ඔවුන් කෘත විය යුතු නොවේද? (36:73)


(මිනිසුනේ!) ගමේ සතුන්වද ඔහුම උත්පාදනය කර ඇත්තේය. ඒවායින් ඔබ වෙනුවෙන් (ශීතය වැලැක්වීමට) භාණ්ඩද, විවිධ ප්‍රයෝජනවත් දැයද ඇත්තේය. ඒවායෙන් සමහරක් අනුභව කරන්නෙහුය. (16:5)


ඔබගේ නිවෙස් අල්ලාහ් ඔබට නිදහස ලබා දෙන ස්ථානයක් වශයෙන් සැලැස්සුවේය. ගමේ සතුන්ගේ හම් වලින් ඔබ නිවෙස් වශයෙන් තනා ගැනීමට (පහසු ආකාරයට) ඔබ වෙනුවෙන් ඔහු උත්පාශනය කර ඇත්තේය. එය ඔබ සංචාරය කරන අවස්ථාවන්හිදීද, ස්ථානයකදී කඳවුරු බඳගන්නා අවස්ථාවන්හිදීද, ඉතා පහසුවෙන් උසුළාගෙන යා හැකිව ඇත්තේය, ඒවායෙන් ලොම, රෝම, කෙස්, ආදී දැයද ඔහු ඔබ වෙනුවෙන් ණිර්මාණය කර ඇත්තේය. ඒවායෙන් නිශ්පාදිත භාන්ඩ කාලයක් දක්වා නිවෙස් වලට අලංකාරවත් ආකාරයටද, (ජීවිතයට) ප්‍රයෝජනවත් දැය වශයෙන්ද ඇත්තේය. (16:80)


ඉතාමත් අමාරුකමෙන් මිස, ඔබට යා නොහැකි රටවලට ඒවා (ඔබවද) ඔබගේ ඉමහත් බරද ඔසවාගෙන යන්නේය. නියත වශයෙන්ම ඔබගේ දෙවියන් (ඔබ කෙරෙහි) ඉතාමත් දයාබරව හා කරුණාවන්තව සිටින්නේය. (16:8)


'ඔබගේ හිමි මි මැස්සන්ට වැටහීම දෙන්නේය. කදු, ගස් හා උස වූ ගොඩනැගිලිවල නුඹලා මි වද බඳිණු, තවද නුඹලා සෑම පලතුරු (වර්ගවල ඇති මල්) වලින් රොන් උරා බි ඔබ හිමිගේ පහසු මාර්ගයෙහි (නුඹලා ගේ නිවෙස් තුලට) ඇතුළු වනු. මෙයින් උගේ උදරයන්හි වර්ණ කිහිපයකින් යුත් පැණියක් (මි පැණි) වැහෙන්නේය. එයින් මිනිසුන්ට සුවය ඇත. අත්තෙන්න්ම මෙහිද සිතා වටහා ගන්න ජනතාවට සාක්ෂියක් ඇත'.(අල් කුර්ආන් 16:68/69).


භූමියෙහි බඩගා ඇවිදිය හැකි දැයද, තමන්ගේ තටු මගින් (අහසෙහි) පියාඹිය හැකි දැයද, ඔබ මෙන් (ජීවය ඇති) ඔබ වැනි උත්පාදනයන්ම මිස වෙන කිසිවක් නැත. මේවායින් කිසිවක් අපගේ පුස්ථකයෙහි සඳහන් නොකර මා අතහැර දැමුවේ නැත. පසුව (දිනකදී) මේවාද තම දෙවියන් වෙත ගෙන එනු ලැබේ. (6:38)

මුහුදින් ලබා දුන් වරප්‍රසාද

(ඔබ සංචාරය කරණු පිනිස) නැව ඔබට වසඟ කර දී, තම නියෝගයන්ට අනුව සාගරයෙහි තරනය කරන්නට සලස්වන්නේය. (ඇළ මාර්ගද) ඔබ කැමති ආකාරයට තරනය කිරීමට පහසුකම් ලබා දුන්නේය. (14:32)


ඔහුම ඔබ මාළු (අල්ලා පිළියෙල කර) අනුභව කිරීමටද, ඔබ ආභරන වශයෙන් පැළඳිය හැකි වස්තූන් ලබා ගැනීමටද, මුහුඳ (ඔබට) පහසුකම් ඇති කර දුන්නේය. (විවිධ ස්ථානයන්ට ගොස් වෙළඳාම මගින්) දෙවියන්ගේ වරප්‍රසාදයන් ඔබ සොයා ගැනීම පිණිස, (මුහුදෙහි යාත්‍රාකරන අවස්ථාවේදී) නැව් මුහුද දෙබෑ කරමින් යනු ඔබ දකින්නෙහිය. (මේ වෙනුවෙන් ඔබ දෙවියන්ට කෘතඥ වෙමින් සිටිනු මැනවි. (16:14)


ඔහුගේ නියෝගයන් මගින් (විවිධ රටවල්වලට) නැව් වලින් ගමන් කිරීමට අල්ලාහ් මුහුද ඔබට වසඟ කර දී ඇත්තේය. (එමගින් ඔහුගේ) වරප්‍රසාදයන් ඔබ සොයා ගන්නෙහුය. (ඒ වෙනුවෙන් ඔහුට) ඔබ කෘතඥ වනු මැනව! (45:12)


ජලයේද, ගොඩබිමෙහිද ඔහුම ඔබව කැඳවාගෙන යන්නේය; (10:22) නැව බොහෝමයක් මිනිස් සංහතියන් ඔසවාගෙන යාමට අපි සැලැස්වීමද නියත වශයෙන්ම ඔවුන්ට එක් සාධකයකි. (36:41) ඔවුන් නැග යාමට එවැනි (රුවල් නැව් ආදී) දැයද අපි ඔවුන් වෙනුවෙන් උත්පාදනය කර ඇත්තෙමු. (36:42)

ගිංදර මගින් ලබා දුන් වරප්‍රසාද කිහිපයක්

ඔබ ලිපෙහි මොළවන ගින්නද අවධානය කළෙහුද? එහි දර ලී ඔබ උත්පාදනය කළෙහුද? නැතහොත් අපි උත්පාදනය කරන්නෙමුද? (56:71,72)


"අමු ගසකින් ඔබට ගින්දර නිපදවන්නාද ඔහුය. පසුව එමගින් ඔබ (ඔබට අවශ්‍යය ගින්දර) මොළව ගන්නෙහුය" (36:80)

ඇඳුම්, වාසස්ථාන, භාණඩ නිපදවීම වැනි වරප්‍රසාද

ආදම්ගේ දරුවනී! ඔබගේ රහස් ස්ථානයන් වසා ගත හැකි ඇඳුම්ද, අලංකාරයද, නියත වශයෙන්ම අපි ඔබට දයාව පහළ කර ඇත්තෙමු. එහෙත් (පාපයන් වසා ගත හැකි පාරිශුද්ධ භාවයේ ඇඳුමම ඉතාම උසස්ය. (7:26)


අල්ලාහ් ඔබ වෙනුවෙන් උත්පාදනය කර ඇති දැයෙන් සෙවණ දිය හැකි දැයද ඇත්තේය. කඳුවල (ගුහා වල) ඔබට වාසස්ථාන නිර්මාණය කළේය. උෂ්නයද, සීතයද ඔබට වැලැක්විය හැකි ඇඳුම් ද, (පිහි හෙල්ල වැනි) ආයුධ වලින් වැලැක්විය හැකි පළිහ (ආදිය සෑදිය හැකි) වස්තූන්ද ඔහුම ඔබ වෙනුවෙන් නිර්මාණය කලේය. ඔහු තමන්ගේ වරප්‍රසාදයන් මෙසේ පූර්ණ කර ඇත්තේය. මේ වෙනුවෙන් ඔබ ඔහුට සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරනු මැනව! (16:81)


අහස්ද භූමියද උත්පාදනය කර තිබීමද, ඔබගේ භාෂාවන්ද, වර්ණයන්ද වෙනස්වී තිබීමද, ඔහුගේ සාදකයන්ගෙන් ඇති දැයයි. මෙහිද බුද්ධිමත් අයට නියත වශයෙන්ම (බොහෝමයක්) සාධකයන් ඇත්තේය. (30.22)


රාත්‍රීයේද, දහවලේද නිදාගෙන විඩාව නිවා ගැනීමද, භූමියෙහි විවිධ ප්‍රදේශයන්ට ගොස් ඔහුගේ වරප්‍රසාදයන් සොයා ගැනීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි. සවන් දෙන ජනතාවට මෙහිද (බොහෝමයක්) සාධකයන් ඇත්තේය. (30:23)

විශ්වයේ නිර්මාණය ගැනත් සොබා දහම ගැනත්, මිනිසා ගැනත්, ස්වර්ගය සහ අපාය ගැනත් දෙවිඳුන් අපව දැනුවත් කර ඇත. දෙවියන් විශාල වරප්‍රසාද ප්‍රමාණයක් අපට ලබා දී ඇති බව ඉහතින් පෙන්වා දුනි.

දෙවිදුන් මෙසේද පවසයි.

අහස්ද, භූමියද, ඒවා අතර ඇති දැයද (පුහු) සෙල්ලමක් සදහා අපි නිර්මාණය කලේ නැත (කුරානය 44:38,21:16).

"අපි නුඹළාව නිකමට මැව්වෙමු යැයිද, නියතව නුඹලා අප හමුවට හරවනු නොලබන්නෙහු යැයිද සිතාගෙන සිටියෙහුද?" (කුරානය 23:115). (කිසිම) ප්‍රශ්නයක් නොඅසා අත්හැර දමන්නෙමු යැයි මිනිසා අදහස් කළෙහිද? (75:36)

ඔබගෙන් කවුරුන් ක්‍රියාවන්ගෙන් ඉතාමත් අලංකාරවත් කෙනෙකුද යන්නෙහි ඔබව පිරික්සනු පිණිසම ඔහු ජීවිතයද මරණයද උත්පාදනය කර ඇත්තේය. (කුරානය 67:2)

ඔහුව අපි පිරික්සීම පිණිසම සවණ ඇති අය වශයෙන්ද, බැල්ම ඇති අය වශයෙන්ද, ඔහුව පත් කළෙමු; (76:2)

නබියේ!) නියත වශයෙන්ම අපි මිනිසුන්ගේ යහපත සඳහාම සම්පූර්ණයෙන්ම සත්‍යයයෙන් පිරි මෙම ධර්මය ඔබ වෙත පහළ කළෙමු. එබැවින් කවුරුන් (මෙය) අනුගමනය කර කටයුතු කරන්නේද, ඔහුටම එය හොඳකි. කවුරුන් එයින් මාර්ගය වැරද යන්නේද, එය ඔහුටම නපුරක් වශයෙන් අවසන් වනු ඇත. (නබියේ!) ඔබ ඔවුන්ව (සෘජු මාර්ගයෙහි යන ලෙස මෙන් බල කර), බේරා ගන්නෙකු නොව. (39:41)

by sjw

මේ පිළිබඳව ඔබගේ අදහස් අප වෙත ලියන්න

ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us