About us
අප ගැන තොරතුරු බිඳක්..

පිබිදුනු සමාජයක් සඳහා වූ මධ්‍යස්ථානය  

Center For Conscious Community -C F C C .

Website name:- SRMI center 

Sri Lankan Reverted Muslims' Independent Center

 "පිබිදුනු සමාජයක් සදහා වූ මධ්‍යස්ථානය  ශ්‍රී ලාංකික ස්වේච්ඡාවෙන් නැවත හැරුනු මුස්ලිම්වරුන් ගේ ස්වාධීන මධ්‍යස්ථානය යි".  මෙය ආගමික, අධයාපනික හා සමාජ සුභ සාධනය සදහා පමනක්ම පෞද්ගලික වියදමින් සහ හිතවතුන් ගේ දායකත්වයන් මත ස්ථාපනය කර පවත්වාගෙන යනු ලබන ලාබ නොලබන ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයකි". 

"Center For Conscious Community- CFCC"  is a  non-profit voluntary organization established and managed by private funds and donations of close associated and well-wishers. 

This is an Independent Center of the Sri Lankan Reverted Muslims and  also it is call as "SRMI center". 


අපගේ අභිප්‍රාය....

"ශ්‍රී ලාංකේය නවක මුස්ලිම්වරුන් ගේ ඉස්ලාමීය  පරමාර්ථය, ඉලක්කය හෝ අරමුණ ඉටු කර ගැනීම සඳහා ඔවුනට SRMI center  ප්‍රයෝජනවත් විය යුතුය. ඔවුන් හරහා පොදු සමාජයට යහපතක් විය යුතුය"

"Is to be the strength and success behind the acquisition of Islamic knowledge and religious aspirations, of every Sri Lankan reverted Muslim.They have to be good for the society". 


අපගේ අගයන් (Our Values) ....

ඉස්ලාමය වෙත ස්වේච්ඡාවෙන් නැවත හැරුනු ශ්‍රි ලාංකික (නවක) මුස්ලිම්වරුන් වෙනුවෙන්ම ස්ථාපනය කර, වඩාත් හිතකාමීව, ලොව පුරා විසිරී සිටින ඔවුන්ව සජීවීව සම්බන්ධකර ගෙන කණ්ඩායමක් ලෙසින් කටයුතු කර, දහමෙහි නිසි මාර්ගය සොයා එතුල නිවැරදිව ක්‍රියාත්මක වීමට සාමාජිකයන් එකතුවන සංධිස්ථානයකි මෙය.

අප සැම විටම අල්ලාහ් සුභානවතාලා කෙරෙහිම විශ්වාස කරන අතර අල්ලාහ් සුභානවතාලාගේ දයාවෙන්, ඉස්ලාම් දහම පිළිබඳව නිවැරදි ගුරු හරු කම් බෙදා හදා ගැනීමට සුදුසු කම් ලත් ඉස්ලාමීය විද්වතුන්ගේ දෑත් මෙන්ම නවක මුස්ලිම්වරුන් මුහුණ දෙන ඇතැම් දුශ්කර අවස්ථාවන් වලදී ඔවුනට උදව් උපකාර කිරීමට පෙරමුන ගන්නා වූ ශ්‍රී ලාංකේය සහෘදයන් ගෙන්ද, ලොව පුරා විසිරී සිටින ශ්‍රි ලාංකේය නවක මුස්ලිම් සොයුරු සොයුරියන්ගෙන්ද අප ශක්තිමත්ය. 

We established and dedicated to gather all Sri Lankan reverted (New) Muslims around the globe under one banner, coordinate with them live and guide them on the righteous path of Islam.

We always believe in Allah (the almighty God) and rely on his endless mercy and power to assist us in sharing the most accurate knowledge through eminent scholars.

We are strengthened with committed Sri Lankan brothers and sisters in Islam who volunteer to help those in need, unconditionally at most appropriate times  

අපගේ දැක්ම....

සමාජය තුල යම් යම් අසරන තත්වයන්ට පත් වූවන් ට යම් ප්‍රමාණයකින් හෝ පිලිසරනක් වීමට මෙන්ම ශ්‍රී ලාංකේය ස්වේච්ඡාවෙන් නැවත හැරුනු මුස්ලිම්වරුන් ගේ ආගමික, අධයාපනික හා සමාජමය අවශ්‍යයතාවන් වෙනුවෙන් ඇප කැප වන්නා වූ  මධ්‍යස්ථානයක් ලෙස මෙය සමාජයට දායාද කිරීමය.

Is to dedicate this center to the society as a committed and striving organization to enhance the Religious, Educational and Social needs of the Sri Lankan reverted Muslim and also some of the helpless people in the society are somewhat gratified as well.

   

අපගේ මෙහෙවර.... 

මුලු මහත් විශ්වයේම හිමි කරු වූ දෙවියන් වන අල්ලාහ් සුභානවතාලා විසින් ලෝක වාසී සැමටම මග පෙන්වීමට පහල කලා වූ අවසන් දේව පණිවිඩය වන කුරානය සහ දෙවිදුන් ගේ අවසන් දේව දූතයානන් වූ මොහම්මද් (සල්ලල්ලාහු අලෙහිවසල්ලම්) තුමාගේ ආදර්ශයට (සුන්නාවට) අනුකූලවම යමින්, නිවැරදි ධාර්මික මාර්ගෝපදේශ හරහා (විශේෂයෙන්ම) ඉස්ලාමය වෙත හැරුනු (නවක) මුස්ලිම්වරුන් ගේ ආගමික අධයාපනික හා සමාජමය අවශ්‍යයතාවයන් වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ලබා දීමය.

To be an excellent care taker and servant to the (New) reverted Muslims who chose to re discover the truth in the Divine book of Allah the Almighty and follow the teachings and guidance of his last messenger Prophet Muhammad (PBUH) in their Educational, Social and Religious affairs throughout life. 

හිමිකම් ප්‍රකාශය :- මෙම මධ්‍යාස්ථානය සම්පූර්ණයෙන්ම සාමාජිකයන්ගෙන් කිසිඳු අය කිරීමකින් තොරව පවත්වාගෙන යනු ලබන අතර ඔවුන් වෙනුවෙන් නොමිලේ අප විසින් කරනු ලබන සේවාවන් කෙරෙහිත්,  සේවාවන් පිලිබදව අප ඉදිරිපත් කරන අදහස් හා යෝජනා කෙරෙහිත් සාමාජිකයින්ට දන්වා හෝ නොදන්වා එහි අන්තර්ගතයට  නව අදහස් එකතු කිරීම හා අඩු කිරීමේත් සම්පූර්න අයිතිය CFCC / SRMI center මධ්‍යාස්ථානය සතුය. 

 *********