විශ්ව දහම සරළව තේරුම් ගනිමු.

01/08/2019

අපේ 'අතක්' දෙස මදක් සිත යොමුකර බලන්න....

නමන්න දිගහරින්න කරකවන්න ආදී වශයෙන් අපට එය හසුරුවන්න කොතරම් පහසුද. මෙය පොදුවේ ගත්කල අප පෘථිවිය තුල කුමන කාලයක, කුමන තරාතිරමක, කුමන ප්‍රදේශයක ජිවත්වන කෙනෙකුට උනත් වෙනසක් නැහැ.

අත ගැන පමණක් නොව, අපේ එදිනෙදා අනිකුත් බොහෝමයක් සාමාන්‍ය වැඩ කටයුතු ආදිය අපහසුවකින් තොරව අපට තේරුම් ගන්නටත්,  කරගන්නටත් පුළුවන්.

මෙවැනි පොදු තත්වයක් ලොව තුල පවතිනවා නම්, මෙම පෘථිවිය තුල කුමන කාලයක, කුමන තරාතිරමක, කුමන ප්‍රදේශයක ජිවත්වන කෙනෙකුට උනත් වෙනසක් නැතුව තමන්ට අදාල ආගම දහම තේරුම් ගැනීමටත්, එය ක්‍රියාවට නැංවීමටත්, එය තව කෙනෙකුට කියා දීමටත් අපහසු නොවිය යුතුය්. ... මොකද කියනව නම් එයටද පොදු තත්වයක් තිබිය යුතුය්.

තමන් අදහන ආගම හෝ දහම ගැන දැනගන්න මහා පුස්තකාලයක් තුල ජිවිත කාලයක් ගත කරන්න වෙනවනම්, එය එතරම්ම සංකීර්නය් නම් ගමේ මි හරක් බලන්නාට තමන්ගේ ආගම ගැන සොයා බැලීමේ කටයුත්ත ප්‍රයෝගික නොවනු තැනට පත් වෙනවනම්, එය පොදු දහමක් හෙවත් විශ්ව දහමක් වෙන්න බෑ. එය ගමේ මි හරක් බලාගෙන ඉන්න කෙනාට සුදුසු නෑ. එනම්, දහම සංකීර්ණ වුවත් එය බුද්ධිමතුන්ට පමණක් නොවිය යුතුය්.

ඒ විතරක්ද නෙමෙය්. විශ්වවිද්‍යාල වල උපාධි හත අටකුත් අරගෙන, නව පරම්පරාවටත් උගන්නල, මහජනතාවටත් දේශනා කරලා ජීවිතය පුරාම දහම තුලම ඉදලත් අන්තිමට තමන් ඉන්නේ කොතනද කියල තමන්ටවත් තේරෙන්නේ නැත්නම් එය විශ්ව දහමක් වෙන්න බෑ. එනම් එය මිනිසාටද ගැළපෙන දහමක් වෙන්න බෑ.

තමාගේ වැඩ තමාටම තනියම කරගන්න පුලුවන්නම්, තමන්ගේ ආගම දහම මොකක්ද කියලත් තමන්ටම තෝරාගන්න බැරි වෙන්න විදිහක් නෑ.

ආගම දහම සංකීර්ණ වෙන්න පුළුවන්, ඒත් ඒ සංකීර්ණතාවය අපේ ඔලුව උඩට එන්න විදිහක් නෑ.

අපේ අතත් කොච්චර සංකීර්ණද. ඒත් ඒ සංකීර්ණතාවය අපට ගැටළුවක් වෙලා තියෙනවද. නැහැ නේද? 

ආගම දහම මිනිසුන් විසින්ම සංකීර්ණ කරලා කියලය් මට නම් හිතෙන්නේ. 

තම තමන් අදහන දහමේ සංකීර්ණ තාවයන් ගැන තම තමන්ම හිතාගන්න. මම ඉස්ලාම් දහම ගැන සරලව හදුන්වා දෙන්න උත්සහ ගන්නම්.

  • මොකක්ද මේ ඉස්ලාම් කියන්නේ?
  • මොකක්ද මේ මුස්ලිම් කියන්නේ?
  • මේක කොහෙන් ආවද?
  • මේක කාගේ ආගමද?මේක සුදුද?, කළුද? 

ටිකක් හොයල බලමු......

කෙටි "ප්‍රශ්න -උත්තර" රටාවකින් දහම පිළිබඳව අධ්‍යයනයට ප්‍රවිශ්ඨ වෙමු.

අපි මුලින්ම "මුල" හොයා ගමු. ඉන් පස්සේ "මැද", ඉන් පස්සේ "අග"හොයමු.


විශ්වය පිළිබඳව දල අදහසක් ගමු.

  1. මිනිසාට ග්‍රහණය වන විශාලතම දේ කුමක්ද? විශ්වය
  2. විශ්වයට ආරම්භයක් තිබේද? ඔව්. (නුතන විද්‍යාවේ පිළිගැන්ම (බිග් බැන්ග් තියරිය)ට අනුව වසර බිලියන 20ට පමණ පෙර).
  3. එසේ නම් මෙම විශ්වය තුල පවතින ආගම හෝ දහමක උපරිම ඉතිහාසය කොපමණද? නුතන විද්‍යාවට අනුව වසර බිලියන 20 ක් විය යුතුය් .
  4. ඉන් එහාට දිවයන ආගමක් පිලිබදව විශ්වාස කල හැකිද? නුතන විද්‍යාවට අනුව අනුව පිළිගන්න බැහැ. (අපි අහල තියෙන සාරා සංකීය කල්ප ලක්ෂ ගණන් එපිටට ගිය අතීතය සහ එකල මනුෂ්‍යයන්ගේ පැවැත්ම ගැන විචාර බුද්ධිය යොදල හිතන්න. මෙය ඇතිවන නැතිවන චක්‍රයක් ලෙස සිදුවන බවත් එහි සඳහන්. නමුත් ආරම්භයක් ගැන සඳහනක් නෑ).
  5. විශ්වයේ ආරම්භය පිළිබඳව මිනිසා දරන අදහස කුමක්ද?
  • ඉබේම/ හේතුවක්, හේතු කාරකයක් නොමැතිව හටගැනීම. බුද්ධිය ඇති කෙනෙක් මෙය පිළිගන්න සුදානම් නැ. මොකද ඉබේ හටගත්ත නම් ඉබේම පාලනය සහ සංවිධානයද අප දකින මනා සැලැස්මද ඉබේ (නිකමට) සිදුවිය යුතු නිසා.
  • මහා මැවුම් කරුවකුගේ මැවීමක් - සාක්ෂි සහිතව අද ඔප්පු කල හැකි අදහසකි. (පසු ලිපි වලින් බලාපොරොත්තු වන්න)

ඉස්ලාම් දහමේ ඉතිහාසය පිළිබඳව දල අදහසක් ගමු.

1. මෙම විශ්වය තුල "ඉස්ලාම් දහම" පටන් ගත්තේ කවදාද? විශ්වය ආරම්භ වූ දවසෙ. (සමහර විට තේරුනේ නැ.. නෑ. වගේ දැනුනත් කමක් නෑ, ඉදිරියට යන්න. පසුව වැටහෙය්).

2. පළමු මිනිසා වදුරෙකුගෙන් ඇති උනාද? නුතන විද්‍යාවට අනුව අද එය ලොකුම විහිළුවකි.

3. පළමු මිනිසාට උපතක් තිබේද? නැත. එය මැවිමකි. 

4. ඉස්ලාම් දහමට අනුව මනුශ්ෂ්‍යයා ආරම්භ වුයේ කවදාද? දෙවියන් විසින්  පළමු මිනිසාව නිර්මාණය කල දවසෙ.(විස්තර පසුවට).

5. ඉස්ලාම් දහමට අනුව පෘථිවියට මනුශ්ෂ්‍යයා බිහි වුයේ කවදාද? පළමු මිනිසා (සහ ඔහුගේ බිරිද) පෘථිවියට පහල වූ දවසෙ. (විස්තර පසුවට)

6. පෘථිවිය මත ජනගහන වර්ධනය පිළිබඳව අදහසක් දෙන්න .

මුලින්ම පළමු මිනිසා සහ ඔහුගේ බිරිද = 2 ඉන්පසු ඔවුන්ගෙන් ටික ටික දරුවන් ඇති උනා - 4 < 8 < 20 < 100 < 500 < 2,500 < 12,000 < 75,000, ........1 Billion < 5 Billion < අද 7.8 Billion. 

7. පෘථිවියෙහි පළමු මිනිසාගේ දහම ඔහුට ලැබුනේ කාගෙන්ද? ඔහුගේ නිර්මතෘගෙන්.

8. පළමු මිනිසාට ඔහුගේ නිර්මතෘ (දෙවිදුන්) ඔහුට දුන් දහම කුමක්ද? දෙවිදුන්ගේ නියමයන්ට අනුව ජිවත්වන ජිවන සැලැස්ම (එය ඉස්ලාම් ලෙස හඳුන්වයි).

9. පළමු මිනිසා (ආදම් අලෙයහිස්සලාම්)ට වෙනත් ශාස්තෘවරුන් හිටියද? නැත.

10. එසේනම් ඔහු නැමදුවේ කාවද ? ඔහුගේත්, මුළු මහත් විශ්වයේත් නිර්මතෘ වන - එකම දෙවියන්ට 

11. පෘථිවියෙහි වසන සියල්ල පළමු මිනිසාගේ දරුවන් නම්, අද ඔහුගේ දරුවන් වන අප නමදින්නේ, අප පිළිපදින්නේ, අපගේ මුල්ම පියාට උරුම වු, මුල්ම පියා අනුගමනය කල දහම වන "ඉස්ලාම්"ද , නැත්නම් පියාගේ ශුක්‍රානු වලින් බිහිවූ වෙනත් ශාස්තෘවරුන්ගේ දහමක් ද?

පළිතුරු 3 කි.

  1. ඔව්, අප පිළිපදින්නේ අපගේ මුල්ම පියා ඇදහු විශ්වයේ නිර්මාතෘ (අල්ලාහ් ) (එකම දෙවියා) ගේ දහම(ඉස්ලාම්)ය. (මෙයය් අද මා පිළිගන්නා නිවැරදි පිළිතුර)
  2. නැත, අප පිළිපදින්නේ අපගේ මුල්ම පියාගේ ශුක්‍රානු වලින් බිහිවූ වෙනත් ශාස්තෘවරුන්ගේ දහමකි. (ඉබ්‍රහිම්, මුසා, ජේසුස්/ඊසා (අලෙය්) හෝ මොහම්මඩ් (සල්), හෝ බුදුවරුන්, හෝ සාය් බබා හෝ වෙන ඕනෑම කෙනෙකුගේ දහමක්).
  3. අප කිසිම දහමක් පිළිපදින්නේ නැත.

ඉස්ලම් දහමේ ව්‍යාප්තිය පිලිබදව සරල අදහසක් ගනිමු

1. සෑම මනුෂ්‍යයෙකුටම ඉස්ලාම් දහම ගැන දැන ගැනීමට ශාස්තෘවරුන් උවමනා ද? නැත

2. එසේ නම් ඔහු තම දහම, තමා නමදින්නේ කාටද යන්න පිළිබඳව  දැනගන්නේ කෙසේද? එය ස්වභාවික වූ දහමය්. එය තමා තුලම ඇත.

3. උදාහරණ මගින් පෙන්විය හැකිද? ඔව්. බාහිර ලෝකයට කිසිම අයුරකින් නොගැටුණ පුද්ගලයා අදහන දහම කුමක් ද? එයය් පිළිතුර.  එයද "ඉස්ලාම්" වේ.

නමුත් තම සමාජය වෙත (තම නිර්මාතෘ විසින් පැහැදිලි සාක්ෂි සහිතව) දුතවරයෙක් ඒවා තිබේ නම් එම සමාජය ඔහුව අනුගමනය කිරීම අනිවාර්ය වේ.

4. අද සමාජය තුල තියෙන්නෙත් ඔය කියන ඉස්ලාම් දහමමද? ඔව්

5. එහෙනම් ඉස්ලාම් දහමේ සාශ්තෘවරුන්නි පැමිණ තිබෙන්නේ ඇයි? තමා තුල ඇති තම ස්වභාවික දහම අමතක කල අය‍ට මතක්කර දීමට සහ එම දහම අනුගමනය කල හැකි බව ආදර්ශයක් මගින් පෙන්වීමටද, දෙවියන්ගේ පණිවිඩය මහජනයාට ප්‍රකාශ කිරීමටදය.

6. ඔය කියන ස්වභාවික දහම යන්න ටිකක් පැහැදිලි කරනවද? විශ්වයේ මෙන්ම තමාගේ නිර්මාතෘ තමාටත් තමාගේ මුල්ම පියාටත් කියා දුන් ජිවන සැලැස්ම (ඉස්ලාම්).

7. මුල අමතක කල ජනයා නොමග ගියේ කෙසේද? තම මුල්ම පියා නොකළ දේ කලා. තම නිර්මාතෘව නොනැමද වෙනත් වෙනත් දේ, වෙන වෙන මනුෂ්‍යන්, ගස් ගල්, රුප, පිළිම, තමන් සාශ්තෘවරුන් ශස්ත්රූ වරුන්යැය් ලේබල් ගහගත්තු අයව, නමදින්න යොමු උනා. තම දෙවියන්ගේ උපදෙස් (දෙවියන් අපට කෙසේ දුන්නද යන්න පසුව කියන්නම්) වෙනුවට වෙන වෙන උපදෙස් පස්සේ ගියා. ඇතැමුන් තම නිර්මාතෘව වැරදි විදිහට තේරුම් ගෙන ක්‍රියා කලා. සමහරු දෙවි ගොල්ලන්ට එක එක රූපත් තමන්ම හිතල හදාගත්ත. කිසිම සාක්ෂියක් නැතුවම.

8. ඔය කියන ස්වභාවික දහම හැම කෙනෙක් තුලම තියෙනවා කියල කොහොමද පිළිගන්නේ? ඔබ ඔබේම හදවතින් අහන්න. ඔබ කුමන ආගම අදැහුවත් ඔබ කුමන හෝ මොහොතක ඔබ ඔබේ දෙවියන්ව අමතන මොහොතක් ඔබ තුලින් මතුවෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ දෙවියන්ව වැරදි ස්වරූපයකින් වටහා ගෙන තිබිමය්. (මෙයට හේතුව ඇතැම් ආගම් උගන්නන්නන්ගේ මගපෙන්විමය).

9. මුස්ලිම් නොවන අයත් දන්න දෙවිගොල්ලෝ ගොඩක් ඉන්නවා (තිස් තුන් කෝටියක් විතර). ඉස්ලාම් දහමේ කියන රුපෙයක්වත් නැති එකම දෙවියෝ හදුනාගන්න පුලුවන්ද? ඔබ දන්න දෙවිගොල්ලෝ කිසිවෙකු පිළිබඳව කිසිම සාක්ෂියක් නැහැ. නමුත් ඉස්ලාම් දහම තුල කතාකරන මෙම විශ්වය මවා, පෝෂණය කරමින්, පාලනය කරමින්, අධීක්ෂණය කරමින් මහා කාරුණිකවද, දයාබරවද සිටින එකම සර්වබලධාරී දෙවියන් සිටින බවට බුද්ධිය තියෙන කෙනෙකුට නම් සාක්ෂි සහිතව ඔප්පු කරලත් පෙන්නවන්නට පුළුවන් (ඉදිරියේදී ඔබ ට එම විස්තර කියන්නම්).

10. දෙවියන්ගේ උපදෙස් අපට දැකබලා ගන්න පුලුවන්න්ද? ඔව්, කිසිදු සැකයක් නැතිව, ඕනෑම වෙලාවක.

11. ඒ සදහා පූජක පක්ෂයක සරණ යා යුතුද? කොහෙත්ම නෑ. ඉස්ලාම් දහමට පුජක පක්ෂයක් නැත.

12. ඒ සදහා මා සුදානම් විය යුත්තේ කෙසේද? පක්ෂග්‍රාහී නොවී, හැගීම් වලට වහල් නොවී, මධ්‍යස්ත මනසකින්, බුද්ධිමත්ව... සවන්දෙන්න, කියවන්න, බලන්න, ඉතාම ඉක්මනින් විශ්ව දහම කුමක්ද යන්න ඔබට තේරුම් ගත හැක. ඔබ මහාචාර්ය හෝ මි හරක් බලාගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ......

"ඉස්ලාම්" යන්නෙහි සිංහල අරුත දැනගනිමු.

  1. 'ඉස්ලාම්' කියන්නේ ආගමට දීල තියෙන නමද? නැත, එය අරාබි වචනයකි. කෙටිම සිංහල අරුත "සාමය"යන්නය්. (යටහත් වීම, අවනත වීම, හා කීකරු වීම යන්නත් ඒ තුල ගැබ්ව ඇත. එයද සිහියේ තබාගන්න).
  2. මොන විදිහේ සාමයක්ද? මේ විශ්වයේ මන්දාකිනිවල සිට, සෞරග්‍රහ මණ්ඩලවල සිට, ග්‍රහ ලෝක, ඉර හද, අහස පොලොව සුළග ගින්දර කදු මුහුදු ගහ කොළ සතා සිව්පාවා මනුෂ්‍යයද ඇතුළුව අපේ පන්චේන්ද්‍රයන්ට ගෝචර වන, ගෝචර නොවන සියල්ලගේම පවතින සාමය "ඉස්ලාම්" යන වචනය තුල ඇත. (තේරෙන්නේ නෑ නෑ වගේ හිතුනට කමක් නෑ, ඉදිරියට යන්න. එවිට වැටහෙය්)
  3. සාමය (සලාම්) ඇති විට අපිට කුමක් බලාපොරොත්තු විය හැකිද? ප්‍රචණ්ඩත්වය නොමැතිකම, පීඩනය නොමැතිකම, විප්ලවයක් නොමැතිකම, ක්‍රියා පිලිවතෙහි අව්ලක් නොමැතිකම, නිතිය අකුරටම ක්‍රියාත්මක වීම, මනා පාලනයකින් යුක්ත වීම, යහපත් වටපිටාවක් ගොඩනැගීම. මෙය විශ්වයේ ක්ෂිරපත වල හෝ වේවා සෞරග්‍රහ මණ්ඩලවල හෝ වේවා, පෘථිවියෙහි අහස, පොලව හෝ මුහුද තුල හෝ වේවා, මහා කැලයක හෝ කුහුබි ගුලක හෝ දෙබර කුඩුවක හෝ පුත්තලමේ ටව්ම තුල හෝ පාසල් කාමරයක හෝ පව්ලක හෝ තමාතුළ හෝ විය හැකි.
  4. ඉහත සදහන් ආකාරයට ග්‍රහලෝක වල, ගින්දර වල, ගහ කොළ,  සතා සර්පයා තුල හා මිනිසා තුල 'සලාම්' හෙවත් 'සාමය' තියෙන්නේ කෙසේද? ග්‍රහ ලෝක කෙසේ ක්‍රියා කරන්නේ දැය් බලන්න. තම නිර්මාතෘගේ අණට, නිතියට එකගව, එනම්, යටහත්වද අවනතවද, කිකරුවද තම කක්ෂයන් තුල නියමිත වේගයන්ගෙන් නියමිත චලන පමණක් දක්වය්. දේව නීතියට පිට නොයනු ඇත. එනම් ග්‍රහලෝක තුල සාමය හෙවත්"ඉස්ලාම්"ඇත.

උදාහරණයක් බලන්න. සූර්යයා පැයකට කි.මි. 720,000ක වේගයෙන් තම කක්ෂය තුල පිහිටුවමින් වේගා නම් දැවැන්ත තරුවක් දෙසට ගමන් කරන බව නුතන විද්වතුන් පවසය්. සූර්යයා සමග පෘථිවියත් එම ගමනේ යය්. තම තමන්ගේ දුර පරතරයන් නිසියාකාරව තබා ගනී. මෙය නිකම්ම වෙනවද? ඉරය් පෘතිවියය් සාකච්චා කරගෙන මේ ගමන යනවද? නැත්නම් මෙය මෙහෙයවන, නිතිය ක්‍රියාත්මක කරවන, අණදෙන කව්රුහරි ඉන්න ඕනිද?...  

ඉරද, මුහුදද, ගහකොලද, අලියාගේත් කුහුබියගේත් ශරීරයද දේව නීතියටම අනුව ක්‍රියා කරය්. එනිසා ඒවා තුල සාමය (ඉස්ලාම්) ඇත. 

මිනිසාගේ ශරීර අවයවයන් ද මුළු සිරුරමද දේව නීතියට අනුව ක්‍රියා කරය්. එනිසා මිනිසාගේ සිරුර තුල සාමය (ඉස්ලාම්) ඇත.

දැන් මිනිසාගේ සිත ක්‍රියා කරන්නේ කෙසේ දැය් බලමු.

වර්ග දෙකකි.

a) දෙවියන් විශ්වාස කර, දේව නීතියට එකගව පවතින සිත (එතුල සාමය හෙවත් 'සලාම්' ඇත)

b) දෙවියන් විශ්වාස නොකර දේව නිතියට පිටුපා පවතින සිත (එතුල සාමය හෙවත් 'සලාම්' නැත). මොහු තුලද දේව විස්වාසය ඇත. නමුත්, තමාගේ හෝ වෙන යම් බලපැමක හේතුවෙන් එය තමා තුලම සගවා ඇත. හෙවත් යටපත් කර ඇත.

"මුස්ලිම් "යන්නෙහි සිංහල අරුත දැනගනිමු.

  1. 'මුස්ලිම්' කියන්නේ අරාබිකරයෙන් බිහි වූ මනුෂ්‍ය ජාතියක්ද? නැත
  2. 'මුස්ලිම්' කියන්නේ කුමන හෝ මනුෂ්‍ය ජාතියක් හදුන්වන වචනයක්ද? නැත
  3. 'මුස්ලිම්' යන වචනය මනුෂ්‍ය නොවන, පන ඇති හෝ පන නැති දෙයකටද භාවිතා කල හැකි නම්, 'මුස්ලිම් යන අරාබි වචනයෙහි සිංහල අරුත කුමක්ද? විශ්වය කියන්නේ එහි නිර්මාතෘ (එකම දෙවියන්) ගේ නිර්මාණයකි. එම නිර්මාතෘට සහ ඔහුගේ නියමයන්ට යටහත්ව, කීකරුව සහ අවනතව ජීවත් වෙන කෙනා හෝ පවතින දෙය (එනම් එම නිර්මාණය) හදුන්වන්නේ අරාබි බසින් "මුස්ලිම්"යනුවෙනි.

ව්‍යාකරණ රටාව බලන්න

****සලාම් =දේව නීතියට/දෙවියන්ට යටත්ව, කීකරුව, අවනතව "සාමයෙන් පැවතීම" (ක්‍රියාව).

****මු= අරාබි ව්‍යාකරණ වලට අනුව ක්‍රියාව මුලට යොදන අකුරකි(මෙය දැමු පසු ක්‍රියාව>, "ක්‍රියාව කරන්නා" බවට පත් වේ.

****මු + සලාම් = මුස්ලිම් (උදා: මු + දරස් = මුදරිස් (උගන්වන්නා)

  • ඉර මුස්ලිම් ද? ඉරද, එකම නිර්මාතෘ (එකම දෙවියන්) ගේ නිර්මාණයකි. ඉර වෙත එහි නිර්මාතෘ විසින් නවන ලද නියමයන්ට යටහත්වද, කීකරුව සහ අවනතවද පවතිනවා නම් ඉර මුස්ලිම්ය. ඔබගේ හදවතද එහි නිර්මාතෘ විසින් පනවන ලද නියමයන්ට යටහත්වද, කීකරුව සහ අවනතවද පවතිනවානම්, එයද මුස්ලිම්ය.
  • මනුෂ්‍යයාගේ හදවත ක්‍රියාත්මක වන්නේ කාගේ නියමයන්න්ට අනුවද? තමා එය ක්‍රියා කරවීමට ඉදිරිපත් වී නැත්නම්ද, තමාගේ මව හෝ පියා හෝ එය කර දෙන්නේද නැත්නම්, නිකම්ම වෙනවා කියල කියන්න තරම් අපේ බුද්ධිය අපට ඉඩ දෙන්නෙත් නැත්නම්, එය අපේ ශරීරයේ හිමිකරු විසින් කරනවා හෝ කරවනවා විය යුතුය් නේද? මොකද, මේ විශ්වය වගේම ඔබෙත් මගෙත් ශරීරයේ හිමිකරු ඔහු (එනම් එකම සර්වබලධාරී දෙවියන්-අල්ලාහ්) නිසා.
  • විශ්වයම දෙවියන්ගේ අණට යටත්ව අවනතව කීකරුව සිටින නිසා මුළු විශ්වයම "මුස්ලිම් "ද? ඔව්. පැහැදිලිවම.
  • එසේ නම් සමාජය තුල 'මුස්ලිම් නොවන ජන කොටසක්' ලෙස අපි හදුන්වන්නේ කාවද? වැදගත්ම ප්‍රශ්නය මෙයය් .පිළිතුර ටිකක් විස්තර ඇතුව කියන්නම්.

මිනිසා මෙම පෘතුවිය තුල සුවිශේෂී නිර්මාණයකි. මුළු පෘතුවියමද, අහසද පොළවද ඉරද හදද තරුද, ගහ කොලද, සතා සිව්පාවද, ගගද මුහුදද, පස් ද වැලිද සුලගද ආදී සෑම දෙයක්ම මිනිසාට සේවය කරය්. (හිතල බලන්න).

මිනිසා මෙම පෘථිවියෙහි නියෝජිතයා වේ. ඔහුට අනිකුත් නිර්මාණ වලට වගේ නොව, සියුම්ව හැසිරිය හැකි සිරුරට අමතරව සුවිශේෂී බුද්ධියක්ද, සිතීමේ නිදහසද, හොද නරක තෝරා බේරා ගැනීමේ නුවණද, යමක් දෙස නිකම්ම බලන්නේ නැතුව විචාර බුද්ධිය මෙහෙයවල භෞතික මෙන්ම පාර භෞතිකදේද සිහිනුවනින් දැකීමේ හැකියාවද උරුම කරදී, ඉරද හදද ඇතුළුව පෘථිවියමද තමාට නතුකර දී තමය් පෘථිවියෙහි නියෝජිත තනතුර දීල මේ පෘතුවිය තුලට කිසියම් කාලසීමාවකට මිනිසාව මෙලොවට එවල තියෙන්නේ. 

අවශ්‍ය සියලු පහසුකම්ද, ඇස්ද කන්ද, කතා කිරීමේ ලිවීමේ, උපකරණ හැදීමේ හැකියාවද දී ඇත. ජිවත් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව තමා තුලම දැනුමද, හෘද සාක්ෂියද ස්ථාපිත කර දෙවියන් නැමදීමේ චින්තනයද මනසතුලට කවා, ඒ අතර තුර නොමග යමින් තම ස්වාමියා/ තම නිර්මාතෘ/ තම දෙවියා අමතක කල අයට මතක් කරදීමටද ජිවත් වන්නේ කෙසේද යන්න පිලිබදව ආදර්ශයෙන් උපදෙස් දී යහමග කියාදීමට සහ තම දෙවියන්ව ප්‍රතික්ෂේප කිරීමෙන් ඇතිවන භයානක ඉරණම ගැන බිය ගැන්විමටද තම දෙවියන්ට කිකරු වන්නන්ට සුභාශින්සනද රැගෙන වරින්වර දෙවියන්ගේ දුතයන්ද ඒවා ඇත. (ඉබ්රහිම්, මෝසෙස්, දාවුඩ්, ජීසස් හෙවත් ඊසා, මොහම්මඩ්, (අල්ලාහ් ගේ සාමය හා සමාදානය මෙම නබිවරුනට ලැබේවා). තව්රාත්, සුබුර්, ඉන්ජිල්, කුරාන් වැනි ධර්ම පුස්තකද ඒවා ඇත.

තත්වය මෙසේ තිබියදී 'තමන්ට නිර්මාතෘ කෙනෙක් නැත'ය කියමින් මේ 'විශ්වය නිකම්ම බිහි උනා' කියමින්, මේ 'විශ්වයේ පාලනය නිකම්ම වෙනව'ය් කියමින්, පැහැදිලි සාක්ෂි සහිත දෙවියන්ගේ වදන්, දේව පුස්තක දේවදුතයන් ප්‍රතික්ෂේප කරමින් වෙන වෙන මාර්ගවල යන උදවිය, වෙන වෙන ශාස්තෘවරුන්ගේ පස්සේ යන උදවිය "මුස්ලිම් නොවන" ජන කොටසය්. ඒ අයගෙත් හිත පමණක් මුස්ලිම් නොවේ. නමුත් තම සිරුර දෙවියන්ට අවනතය්. එනිසා සිරුර මුස්ලිම් වේ .

තම නියෝජිතයා(මිනිසා) තම ජිවිත කාලය තුල තමන්ට ලැබුණු ශරීරයද, ලැබුණු වස්තුවද, දරුවන්ද, අසල්වැසියන්ද, සතා සිව්පාව සමගද, ගහ කොල සමගද, තම පරිසරය සමගද, කෙසේ ජිවත් වන්නේ දැය් තමා නිරීක්ෂණය කරමින්ද, සටහන් කරමින්ද, සිටින බව දෙවියන්ම පවසය්. 

හොද නරක තෝරාගෙන, පරිසරයට ලෙන්ගතුව හෝ හානිකරවද, පින් වැඩ හෝ පව් වැඩ කරගෙන, සාමයෙන් සමගියෙන් හෝ ප්‍රචණ්ඩත්වයෙන් ද, ආත්මාර්ථකාමී හෝ පරාර්ථකාමී ලෙසද, යහපත් හෝ අයහපත් පරිසරයක් තෝරාගෙන, යහපත් හෝ අයහපත් ජිවනොපයක් කරගෙනද, මනුෂ්‍යයෙක් ලෙස හෝ තිරිසනෙක් ලෙසද, තම බුද්ධිය යොදවමින් හෝ මන්ද බුද්ධික ලෙසද තම ජීවිතය කරගෙන යාමේ නිදහස මිනිසාට දී ඇත. (මෙය දෙවියන්ගේ සුවිසේෂි පරීක්ෂණයකි). 

අන්දයෙක්ව නිර්මාණය කරලා ඔහුට වෙනම පරීක්ෂණයක්ද, ඇස් අන්ධ කෙනා දිහා බලාගෙන ඇස් තියෙන කෙනා හැසිරෙන ආකාරය, එය තමාගේ පරික්ෂනයය්. 

සෑම මනුෂ්‍යයෙකුටම ස්වාදීන වූ පරීක්ෂණයකි. පරීක්ෂණයේ ප්‍රතිපල තම තමන් තම නිර්මාතෘ ගෙන් බලාපොරොත්තු වන්න. මරණින් පසු. (ඒ ගැන පසුව කියවන්න). එක මිනිසෙකුට අවස්ථා දෙකක් නෑ. හිට්ලර් ට ගේ ජිවිත කතාව දෙවියන් ලගය. ප්‍රභාකරන්ගේත්, ගැමුණු කුමරයාගේත්, බුදු හාමුදුරුවන්ගෙත්, මගේ මවගේත් ජිවිත කතාව දෙවියන් ලඟය.

මැරී මැරී කල්ප ගණන් බල්ලෝ පුසෝ ගිරව් කොකු පනුවෝ වේවි ඉපදී ඉපදී සංසාරේ ගමනක් යනවා කියන කතාවන් තමාගේම නුවනින් විමසා බලන්න.

තම තමන්ගේ දහම් පුස්තකත් හොයා හොයා හරි කියවල බලන්න. සත්‍ය සමහරවිට යට ගහල තියෙන්නත් පුළුවන්. ඉතිහාසයේ බහුතරයක් තම තමන්ගේ පුද්ගලික වාසි තකා සත්‍ය හංගලා තම තමන් අතෙන් දාපු අදහස්  පවා දහමට එකතු කරලා දහම විකුර්ති කල බවට අද සාක්ෂි තියෙනවා. අදත් සමහරු සත්‍ය දැන දැන අසත්‍ය සත්‍ය කරන්න උත්සහ ගන්නවා. මේවා කියන්න ගියාම සමහරුන්ට කේන්ති යනවා. තේරෙන සිංහලින්ම ලිව්වේ කාරණාව සංකීර්ණ නොකර සරලව පහදල දෙන්න බවද කරුණාවෙන් සලකන්න.

SRMI center සාමාජික-වක මුස්ලිම්වරයෙක්..ලිපි අංක- 3