Our Team
 අපේ කණ්ඩායම

"පිබිදුනු සමාජයක් සදහා වූ මධ්‍යස්ථානය"  ආරම්භ කල සුදේශ් ජයන්ත සහ එහි ඉදිරි ගමනට මුල් අවදියේදීම  අත්වැල් බැඳගත් අබ්දුල් රසාක් සහ ෆාතිමා රිස්මියා ද ස්වේච්ඡාවෙන් ඉස්ලාමය වෙත නැවත හැරුනු ශ්‍රී ලාංකේය පුරවැසියන් ය.

තම නිර්මාතෘ හෙවත් දෙවියන් නැමදීමේ ස්වභාවයෙන් ඉපදුනු අප, පසුව එම තත්වයෙන් මිදී වෙනත් ඇදහීම් වල නිරත වී හිඳ, නැවත දෙවියන් නැමදීමේ තත්වයටම පැමිනීමත් සමග අප මුහුන පෑ ඇතැම් ප්‍රායෝගික ගැටලු මෙන්ම, සමාජයේ සුලභ වූ එවන් නොයෙකුත් දුෂ්කරතාවයන්ද හඳුනාගෙන ඒවාට පිලිතුරු සොයා යාමේදී, එවන් දුෂ්කරතාවන්ට මුහුන පාන්නට සිදුවන අපගේ අනිකුත්  නවක මුස්ලිම් සහෝදර සහෝදරියන් හට ඒවා මග හැර හෝ ඒවාට පහසුවෙන් මුහුන දිය හැකි වන ලෙසින්ද, "ඉස්ලාම්" ලෙසින් හඳුන්වන තමන්ගේ ස්ව කැමැත්තෙන් ප්‍රවිශ්ඨ වූ ද, තමන්ට උපතින්ම උරුම වූ ද, එම "ජීවන සැලැස්ම" තුල අවභෝදයෙන් යුතුවද, අනවශ්‍ය අපහසුතා වලින් තොරවද, සැබෑ මුස්ලිමෙකු ලෙස ජීවත් වීමට මග පෙන්වා දෙන ආයතනයක් මෙන්ම, ඔවුන් ගේ දුෂ්කර අවස්ථා වලදී ඔවුනට උදවු කල හැකි උපකාරක මධ්‍යස්ථානයක් මෙන්ම, ශ්‍රී ලාංකික නවක මුස්ලිම් අප සියල්ලට එකතු විය හැකි "අපේම සංධිස්ථානයක්" ඇති කිරීමේ අරමුණ අපහට ඇති විය. එහි ප්‍රතිපලයක් ලෙස අප මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීමට පියවර තැබුවෙමු. 

මෙම කර්තව්‍ය අර්ථවත් සහ ශක්තිමත් කිරීමට නන් අයුරින් සහාය දුන් සහ තවදුරටත් අප සමග රැඳී සිටින අපගේ අනිකුත් සහෝදර කැළද ගෞරවයෙන් යුතුව මෙහිදී සිහිපත් කරන්නෙමු.


Sudesh Jayantha who founded the Center for Conscious Community and another brother and a sister who joined hands with at the very inception are Sri Lankan citizens who voluntarily reverted to Islam.

We, who were born to venerate the creator or God by nature, subsequently distanced ourselves from this practice and embraced other beliefs and encountered certain practical problems when we reverted back to the veneration of God and in our endeavor to find solutions to these problems and well as other issues which are commonplace in our society while helping our new brothers and sisters to overcome or avoid such problems or confront such problems with ease, the idea of establishing our own organization where all new Sri Lankan Muslims will be able to gather evolved in our minds which would serve as a place for them to mutually help each other, especially at times of tribulation and as a center that would guide them to live as a true Muslim, a follower of Islam which they have embraced on their own volition with inherent understanding . Thus we took steps to establish this center.

We wish to recall with gratitude our brothers who continue to remain with us while extending their support in numerous ways to reinforce this endeavor and make it more meaningful.  

May Allah subhanawatha'la accept our effort.