දෙවියන් පවසන "මිනිසාගේ නොමග යෑම"

  • දෙවියන් වහන්සේ සිටින බවට මිනිසාට පැහැදිලි සාක්ෂි ලබා දී ඇත. 
  • මිනිසා ඇතුළු විශ්වය නිර්මාණය කළේ එකම දෙවියන් බව සනාථ කිරීමට දෙවියන් වහන්සේ සාධක ද ​​එවන ලදී. 
  • එම මිනිසා ජීවත් විය යුතු ආකාරය සහ ඔහුගේ මෙලොව ජීවිතයේ අරමුණ කුමක්ද යන්න පිළිබඳ දැනුවත් කළ මාර්ගෝපදේශ ද (නබිවරුන් හරහා) හෙළිදරව් කර ඇත. 
  • පෙර  විසූ ජනතාවට මෙන්ම වර්ථමාන සමාජයටද එවන් නබිවරයෙකු හරහා දෙවියන්ගේ අවසන් මාර්ගෝපදේශය (වන ශුද්ධ වූ කුරානය) පහළ කර ඇත.

මෙසේ තිබියදී, තම නිර්මාතෘට සහ ඔහුගේ මාර්ගෝපදේශයන්ට පිටින් යන මාර්ග සියල්ල "මිනිසා නොමග යන මාර්ග" ලෙස දෙවියන් විසින් පෙන්වා දී ඇත. ඒ පිළිබඳව අණතුරුද අඟවා ඇත. පහත සඳහන් දිව්‍ය වාක්‍යයන් දෙස අවධානය යොමුකර බලන්න. 

(පින් පව් දෙක පැහැදිළිව) වෙන්කර දැනුම් දෙන මෙම ධර්මය තම වහලා (වන මොහම්මද් ﷺ) කෙරෙහි පහළ කළ තැනැත්තා ඉතාමත් භාග්‍යයවන්තයෙකි. මෙය ලෝකවාසී සියල්ලන්වම බිය ගන්වා අනතුරු අඟවන්නක් බවට ඇත්තේය. (25:1)


මෙම ධර්මය පහළ කළ තැනැත්තා කෙබඳු අයද යත්, අහස් හා භූමියෙහි පාලනය ඔහුටම අයත්ය. ඔහු කිසිවෙකුවත් (තමන්ගේ) දරුවන් වශයෙන් ඇර ගත්තේද නැත. ඔහුගේ පාලනයෙහි ඔහුට කිසි සහායයෙකුද නැත. ඔහුම සියල්ල උත්පාදනය කර, ඒවාට අයත් ස්වභාවයද සැලැස්වූ අයයි. (25:2)


මිනිසුන් සියල්ලන්ම (ආරම්භයේදී එකම ධර්මයක් අනුගමනය කරන) එකම සමූහයක් වශයෙන් සිටියහ. නමුත් තමන් තුල ඇතිවූ ඊර්ෂ්‍යාවන් හේතුවෙන් විවිධ සමූහයන් වශයෙන් බෙදී ගියහ; (19:19)


(මෙසේ තිබියදී සමානයන් තබා නමදින්නන්) ඔහු නොවන දැය දෙවිවරුන් වශයෙන් ඇර ගන්නාහ. ඒවා කිසිවක් උත්පාදනය කළේ නැත. (එහෙත්) ඒවාද කිසිම හොඳක් හෝ නරකක් කර ගැනීමට ශක්තියක් නැති දැයයි. තවද පණ දීමට හෝ මරණයට පත් කිරීමට හෝ පණ දී නැගිට්ටවීමට හෝ ශක්තියක් නැති දැය වශයෙන්ම ඇත්තේය. (25:3) [මෙයින් පවසන්නේ පිලිම වඳින්නන්, වෙනත් භෞතික දෑ නමදින්නන් ගැනය]


ධර්මය හිමි අයවළුනී! ඔබ වෙත ඇත්තෙන්ම අපගේ එක් දූතයෙකු පැමිණ ඇත්තේය. ධර්මයෙහි ඔබ සඟවා ගත් බොහෝමයක් කාරණා ඔහු ඔබට පැහැදිලිව ගෙන හැර දක්වන්නේය. තවත් (ධර්මයන් ගැන ඔබ ගෙන ඇති වැරදි අදහස්) බොහෝමයක් පහ කර හරින්නේය. නියත වශයෙන්ම අල්ලාහ් ගේ සන්නිධානයෙන් ඉමහත් වූ ආලෝකයද පැහැදිළිතාවයද ඇති එක් ධර්මයක් දැන් ඔබ වෙත පැමිණ ඇත්තේය. (5:15) [මෙය පවසන්නේ යුදෙව්වරුන්ට සහ ක්‍රිස්තියානිවරුන්ටය]


(පෙර විසූ නබිවරුන් වන) ඔවුන්ගේ පා සටහන් වලම මරියම්ගේ පුත් ඊසාවද අපි යැව්වෙමු. ඔහු තමාට පෙර තිබූ තව්රාතය සත්‍යය කර තබන්නෙකු වශයෙන් සිටියේය. තවද ඔහුට ඉන්ජීල් නමැති ධර්මයද අපි පහළ කළෙමු. එහිද ඍජු මාර්ගයද, දීප්තිමත් ආලෝකයද ඇත්තේය. එය තම පෙර තිබූ තව්රාතය සත්‍යය කර තබන්නේය. භය භක්තිකයන්ට එය ඍජු මාර්ගය (පෙන්වන්න)ක් වශයෙන්ද හොඳ ඔවදනක් වශයෙන්ද ඇත්තේය. (5:46) [මේ පවසන්නේ ජේසු තුමා නබිවරයෙක් බවය]


කවුරුන් ධර්මයෙහි අල්ලාහ් පහළ කළ දැය සඟවාගෙන ඒ වෙනුවෙන් සුළු මුදලක් ලබා ගන්නෝද, ඔවුන් නියත වශයෙන්ම තම කුසෙහි ගින්දර මිස, වෙන කිසිවක් පුරවා ගන්නේ නැත. තවද විනිශ්චය දිනදී අල්ලාහ් ඔවුන් සමග කතා කරන්නේද නැත. ඔවුන්ට (සමාව දී) පරිශුද්ධ කර හරින්නේද නැත. ඔවුන්ට (ඉතාමත්) වේදනා ගෙන දෙන දඬුවම්ද ඇත. (2:174)


අල්ලාහ් පහළ කල (මෙම ධර්මය) අනුගමනය කරනු" යැයි ඔවුන්ට කියනු ලැබුවහොත් එයට ඔවුන්, "නොඑසේය! අපගේ මුතුන් මිත්තන් කුමක් කෙරෙහි සිටියෝ දැයි අපි දුටුවෙමුද, එයම අනුගමනය කරන්නෙමු" යැයි (මෙය ප්‍රතික්ෂේප කරන්නන්) පවසන්නාහ; (31:21)


ප්‍රතික්ශේප කරන්නන් අපව අත්හැර දමා අපගේ වහලුන්ව (තමන්ට) ආරක්‍ෂකයින් වශයෙන් ගතහැකි අය යැයි අදහස් කරමින් සිටින්නෙහුද? නියත වශයෙන්ම මෙම ප්‍රතික්ශේප කරන්නන්ට ආගන්තුක සත්කාර කිරීම සඳහා නිරයම අපි පිළියෙල කර ඇත්තෙමු. (පාපතර) ක්‍රියාවන්හි මොවුන්ට වඩා පරාජිත වූවන්වද අපි ඔබට දැනුම් දෙන්නද? යි (නබියේ!) ඔබ විමසනු. ඔවුන් කවුරුන්ද යත්, මෙලොව ජීවිතයෙහි වැරදි මාර්ගයෙහිම උත්සාහ කරමින් තමන් ඇත්තෙන්ම හොඳ ක්‍රියාවන්ම කරන බවට සිතා ගන්නාහ. මෙවැන්නන්ම තමන්ගේ දෙවියන්ගේ ආයාවන්ද, ඔහුව හමු වන්නෙමු යන්නද ප්‍රතික්ෂේප කළ අයයි. ඔවුන්ගේ හොඳ ක්‍රියාවන් සියල්ල විනාශ වී ගියේය. (පින් පව් කිරා බැලීමට) ඔවුන් වෙනුවෙන් විනිශ්චය දිනදී තරාදිය අපි නොසිටුවන්නෙමු. (18:102-105) [මෙය පවසන්නේ මිනිසුන්ව සහ ජින්වරුන්ව තම ආරක්‍ෂකයින් ලෙස පත්කර ගත් අයටය]


සෑම ආත්මයක්ම මරණය අනිවාර්‍යයෙන්ම විඳින්නාහ. එහෙත් ඔබගේ (ක්‍රියාවන්ට සරිලන) ඵලවිපාක ඔබ පූර්ණ වශයෙන් අත් කර ගන්නේ විනිශ්චය දින දීය. එබැවින් (එදින) කවුරුන් (නිරා) ගින්නෙන් ඈත් කර, ස්වර්ගයන් හී ඇතුළු කරනු ලබන්නේද, ඔහු නියත වශයෙන්ම (ඉමහත්) භාග්‍යය අත් කර ගත්තේය. මෙලොව ජීවිතය වශී කල හැකි (අල්ප) සුවයම මිස වෙන කිසිවක් නැත. (3:185)


විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, ඔහු තමන්ගේ මෙම දූතයා වෙත පහළ කළ ධර්මයද, මෙයට පෙර තිබූ ධර්මයන්ද විශ්වාස කරනු. කවුරුන් අල්ලාහ්වද, ඔහුගේ මලායිකාවරුන්වද, ඔහුගේ ධර්මයන්ද, ඔහුගේ දූතයන්වද, අවසාන දිනයද ප්‍රතික්ශේප කරන්නේද, ඔහු නියත වශයෙන්ම ඉතාමත් ඈත් වූ දුර්මාර්ගයෙහිම ගමන් කරන්නේය (4:136)


පහතින් දැක්වෙන සූරාව ඉස්ලාමයේ සාරාංශය ලෙස පෙන්වා දිය හැක.

කාලය මත සත්තකින්ම, මිනිසා තම ආයුෂ කාලය නිකරුනේ වියදම් කර නියත වශයෙන්ම පරාජික මාර්ගයේ සිටින්නේය. එහෙත් කවුරුන්, විශ්වාසය තබා දැහැමි කාරනාවන්ද කර සත්‍යය කෙනෙකුට කෙනෙකු ඔවදන් දී (පාපයන් අතැහැර දැමීමෙහිද පින් ඇති දැය කිරීමෙහිද ඇති වන අමාරුකම විද දරා ගන්නා ලෙසටද, කෙනෙකුට කෙනෙක් ඔවදන් දෙමින් සිටින්නෝද) ඔවුන් හැර. (මොවුන් පරාජිත වූවේ නැත). (103:1-3)


by sjw

ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us