
දෙවියන්ගේ නිර්මාණ: මිනිසා සම්බන්ධව ඇති කුරාන් වැකි
දෙවියන් අපව නිර්මාණය කළ ආකාරය ඉතා සරළව එහෙත් විද්‍යාත්මකව කුරානය තුලින් පෙන්වා දී ඇත. ඔහු මෙය අපට පෙන්වා දී අපෙන් අසනු ලබන්නේ ඔහු අපව නිර්මාණය කර තිබියදීත් මිනිසා ඔහුව ප්‍රතික්ෂේප කරමින් සිටින්නේ ඇයි දැයි යන ප්‍රශ්නයයි. දෙවියන් මිනිසාව නිර්මාණය කළ නියම කාරණාව මතුකරගෙන ඔහුගෙන් මහත් වූ වරප්‍රසාදයන් ලබා ගැනීමට යුහුසුළු වන ලෙසද අපට දන්වා සිටී.
මෙම කුරාන් වැකි සරළ ආකාරයට අපට පෙනුනත් මෙහි සඳහන් ඇතැම් වැකි දැකීමෙන් පසු කළල විදයාව සම්බන්දයෙන් ලොව සිටින අග්‍රගන්‍යම මහාචාර්‍යවරයා වන Dr. කීත් එල්. මුවර් මහතා විශ්මයට පත් වූ බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. නවීණ තාක්ෂණික උපකරණ නොමැතිව මෙම කුරාන් වැකිවලින් පෙන්වා දී ඇති එම ගර්භාශයේ අවස්ථාවන් ගැන මෙතරම් නිවැරදිව කිසිම මනුෂ්‍යයයෙකුට කිව නොහැකි බව ඔහු අවධාරණයෙන් කියා සිටීයි. ඔහුගේ එම එම ප්‍රකාශය මෙම ලිපිය අවසානයේ සබැඳි කර ඇත.
නියත වශයෙන්ම අපි ඔබලාව උත්පාදනය කිරීමට අදහස් කර ඔබව (ඔබගේ මුල්ම පියා වන ආදම්ව) නිර්මාණය කළෙමු. (7:11)
(වියළී ගියහොත් ටං ටං යන) ශබ්දය ගෙන දෙන ඇලෙන සුළු කිරිමැටියෙන් නියත වශයෙන්ම අපිම (ඔබගේ මුල් පියා වන පළමු) මිනිසාව උත්පාදනය කළෙමු. (15:26)
"මා මිනිසාව නිර්මාණය කර එහි (ජීවයට අවශ්‍යය) මගේ ආත්මය ඇතුළු කළහොත් (ඔහුට ගෞරව කිරීමට) ඔබ නලල බිම තබා සුජූද් කරණු (යයි අණ කළේය). ඒ ආකාරයටම මලායිකාවරුන් සියල්ලන්ම (ඔහුට ගෞරව කිරීම සදහා) සුජූද් කළහ. ඉබිලීස් හැර, ඔහු සුජූද් කරන්නන් සමග එක්කාසු වී සුජූද් නොකර ඈත් වූවේය". (15:29,30,31).
ඔහුම ඉන්ද්‍රීය බිඳකින් මිනිසාව උත්පාදනය කළේය. එසේ තිබියදී ඔහු (දෙවියන් සමග ප්‍රකට සතුරෙකු වශයෙන් සිටින්නේය. (16:4)
(මිනිසුනේ!) ඔබ සියල්ල එකම ආත්මයකින් උත්පාදනය කර, පසුව (ඔබගේ) පියා වෙත) රැඳී සිටීමට සලස්වා (ඔබගේ මවගේ ගර්භයෙහි) බාරදෙන්නේද ඔහුය. (6:98)
කිසිවක් ඔබ නොදන්නා අය වශයෙන් සිටියදී, ඔබගේ මව්වරුන්ගේ කුසෙන් අල්ලාහ්ම ඔබව ඉකුත් කළේය. තවද, ඔබට කණ්ද, ඇස්ද, හෘදයද, ලබා දුන් අය ඔහුය. (මෙයට) ඔබ (ඔහුට) කෘතඥ වනු මැනව.(16:78)
මිනිසුනේ! විනිශ්චය දිනදී ඔබට පණ දී නැගිට්ටවීම ගැන ඔබ සැක සිතුවහොත් (ඔබව පළමුවෙන්ම) කෙසේ උත්පාදනය කළෙමු දැයි යන්න අවධානය කර බලනු). නියත වශයෙන්ම අපි ඔබව (ඔබගේ මුල් පියා වන ආදම්ව) කිරි මැටියෙන් උත්පාදනය කළෙමු. පසුව (ඔබව) ඉන්ද්‍රීය බිඳකින් උත්පාදනය කර පසුව එය එක් ලේ කැටියක් වශයෙන්ද, පසුව (එය) අඩු රුවකින් යුත් නැතහොත් පූර්ණ රුවකින් යුත් මාංශ පිණ්ඩයක් වශයෙන්ද අපි උත්පාදනය කරන්නෙමු. අපගේ බලසම්පන්නකම ඔබට පැහැදිළි කරණු පිනිස (මෙසේ කර), අපි අදහස් කල අයව ගර්භයන්හී නියමිත කාලයක් දක්වා රැඳී සිටින සේ සලස්වන්නෙමු. පසුව ඔබව ළදරුවන් වශයෙන් ඉකුත් කර ඔබ, ඔබගේ තරුණ විය අත් කර ගැනීමට සලස්වන්නෙමු. (මේ අතර) මරණයට පත්වන්නන්ද ඔබ අතරෙන් සමහරෙක් ඇත්තාහ. (නැතහොත් ජීවත්ව සිටිමින්) සියල්ල දැනගත්තායින් පසු කිසිවක් නොදන්නා කෙනෙකු බවට පත් වන මහළු වයස දක්වා (ජීවත් වීමට) අත්හැර දමන්නන්ද ඔබගෙන් සිටින්නාහ. මිනිසුනේ! භූමිය (කිසිම භෝගයක් නොමැති) පාළු කර්කශක (භූමියක්) වශයෙන් තිබෙනු ඔබ දුටුවේ නැද්ද? ඒ මත අපි වර්ෂාව වසින්නට සැලැස්සුවහොත් එය සශ්‍රීක වි, වැඩී අලංකාරවත් විවිධ වර්ගයේ (ජෝඩු ජෝඩු වශයෙන්) වැඩෙන්නට සලස්වනු ලැබේ. (22:5)

නියත වශයෙන්ම (ආරම්භයේදී පළමු) මිනිසාව කිරිමැටි සාරයෙන් උත්පාදනය කළෙමු. පසුව එය අපි ඉන්ද්‍රීය බිඳක් බවට පත්කර ඉතාමත් ප්‍රවේසම් සහිත ස්ථානයක තැම්පත් කළෙමු. පසුව එම ඉන්ද්‍රීය බිඳ ලේ කැටියක් බවට පත් කළෙමු. පසුව එම ලේ කැටිය මාංශ පිණ්ඩයක් බවට පත් කළැමු. පසුව එම මාංශ පිණ්ඩයේ ඇට කටු නිර්මාණය කර, එම ඇට සැකිල්ලට මස් මාංශ ඇන්දෙව්වෙමු. පසුව එය (පූර්ණ) මිනිස් ජීවිතයක් බවට පත් කළෙමු. මෙසේ උත්පාදනය කළ අල්ලාහ් ඉමහත් භාගය්‍යවන්තයෙකි. ඔහු උත්පාදකයින්ගෙන් ඉතාමත් අලංකාරවන්තයෙකි (23:12,13,14)
ඔහු ඔබව පස් වලින් උත්පාදනය කළේය. පසුව ඔබ මිනිසුන් බවට පත් වී (භූමියෙහි විවිධ ප්‍රදේශයන්හී) විසිරී යාමට හැරීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දෙයකි. (30:20)
ඔබ එක්කාසු වී ජීවත්විය හැකි ඔබගේ භාර්යාවන්ව (ඔබ ඔවුන් වෙත හිත සුව ලැබීම පිණිස) ඔබගෙන්ම (ඔහු) නිර්මාණය කර, ඔබ අතරේ ආදරයද, කරුණාවද ඇති කර තැබීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි. (එකක් නොව, බොහෝමයක්) සාධක ඇත්තේය. (30:21)
ඔබගෙන්ම ඔබ වෙනුවෙන් භාර්‍යාවන් අල්ලාහ් නිර්මාණය කර ඇත්තේය. තවද, ඔබගේ භාර්‍යාවන්ගෙන් දරුවන්ද, මුනුබුරු මිණිබිරියන්ද උත්පාදනය කර, ඔබට හොඳ ආහාරයන්ද කවන්නේය; (16:72)
ඔහු උත්පාදනය කළ සෑම වස්තුවක්ම (එහි හැඩයද) ඉතාමත් අලංකාරවත් ලෙස නිර්මානය කළේය. ඔහුම ආරම්භයේදී මිනිසාව කිරිමැටියෙන්ම උත්පාදනය කළේය.(32:7)
පසුව එක් අල්ප බිඳක් වන (ඉන්ද්‍රීය) සාරයෙන් ඔහුගේ පරම්පරාවේ දරුවන්ව (නිර්මාණය කර) ඇති කළේය.(32:8) පසුව එය රූපයක් වශයෙන් අඹා තමන්ගේ රූහ් වෙතින් එහි පිඹ (මිනිසාව ඇති) කළේය. හෘදයන් ආදී දැයද ඔහුම නිර්මාණය කළේය. (මෙසේ තිබියදී ඔබ කෘතඥ වීම ඉතාමත් අල්පයකි. (32:9)
අල්ලාහ් ඔබව ආරම්භයේදී පස් වලින් උත්පාදනය කළේය. පසුව එක් ඉන්ද්‍රීය බිඳකින්ද, පසුව (පිරිමි - ගැහැණු) ජෝඩු බවට ඔබව පත් කළේය. ඔහු නොදැනුවත්ව කිසියම් හෝ කාන්තාවක් ගැබ් ගන්නේද නැත, ප්‍රසූත කරන්නේද නැත. ඔහුගේ සටහන් පුස්ථකයෙහි නොමැතිව කිසිවකුගේ වයස වැඩි කරනු ලබන්නේද නැත, කිසිවකුගේ වයස අඩු කරනු ලබන්නේද නැත. නියත වශයෙන්ම මේවා සියල්ල දැනගෙන සිටිම අල්ලාහ්ට ඉතාමත් සුළු දැයකි. (35:11)
ඔහු ඔබව (ආරම්භයේදී) එකම මිනිසෙකුගෙන් නිර්මාණය කර තිබුණි. පසුව ඔහුගෙන් ඔහුගේ බිරිඳව නිර්මාණය කළේය. (ඒ දෙදෙනාගෙන්, ඔබව පිරිමි, ගැහැණු වශයෙන් උත්පාදනය කරන්නේය). තවද, (ඔබගේ යහපතටම) සතුන් අට වර්ගයක් ජෝඩු ජෝඩු වශයෙන් පහළ කර ඇත්තේය. ඔබගේ මව්වරුන්ගේ කුසයෙහි එකකට පසු එකක් වශයෙන් අඳුරු වහන්තරාවන් තුනක් තුළ තබා ඔබව උත්පාදනය කරන්නේය. මෙම අල්ලාහ්ම ඔබගේ දෙවියන්ය. සියලු රාජ්‍යයන් ඔහුටම අයත් දැයයි. ඔහු හැර, වෙන දෙවියෙකු නැත. එබැවින් (ඔහුව අතහැර දමා) ඔබ කොහේ නම් (යන්නට) හැරෙන්නෙහුද? (39:6)
පසුව පිරිමි ගැහැණු මිශ්‍ර වූ එක් ඉන්ද්‍රීය බිඳක් මගින් නියත වශයෙන්ම අපිම මිනිසාව උත්පාදනය කළෙමු. ඔහුව අපි පිරික්සීම පිණිසම සවණ ඇති අය වශයෙන්ද, බැල්ම ඇති අය වශයෙන්ද, ඔහුව පත් කළෙමු. (76:2)
ඈතට පනිමින් ඉකුත් වන එක් ජල බිඳක් මගින්ම (මිනිසාව) උත්පාදනය කරණු ලැබුවේය. එය කොඳු ඇටවලටද, ඉල ඇට වලටද මධ්‍යයයෙන් ඉකුත් වන්නේය. (86:6,7)

නියත වශයෙන්ම අපි මිනිසාව එක් ඉන්ද්‍රීය බිඳකින් උත්පාදනය කළෙමු යන්න ඔවුන් අවධානය කළේ නැද්ද? එසේ තිබියදී ඔහු ප්‍රකට සතුරෙකු බවට පත්වී අපට වෙනස්කම් කිරීමට ඉදිරිපත් වන්නේය. (36:77)
සෑම මිනිසෙකුටම (ඔහු පිටතට පැමිණීමට) පෙර කාලයක් ගත වූයේ නැද්ද? (එහි) ඔහු අසවල් වස්තුව යැයි කීමට නොමැති තත්වයක සිටියේය (76:1)
ඔහු තමන්ගේ උත්පාදනය (තමන්ව කෙසේ නිර්මාණය කරනු ලැබුවේද) යන්න අමතක කර දමා, එක් උදාහරණයක් අප වෙත ගෙනහැර දක්වන්නේය. "දිරා පත්ව පස් බවට පත්වූ (මෙම) ඇටසැකිල්ලට පණ දෙන්නේ කවරෙක්දැයි?" ඔහු විමසන්නෙහුය. (36:78)
සෑම ආත්මයක්ම මරණය අනිවාර්යයෙන්ම අත් විඳින්නාහ. පින් පව් කරන තත්වයෙන් අපි ඔබව (තබා) පිරික්සන්නෙමු. පසුව ඔබ අප වෙතම ගෙන එනු ලබන්නෙහුය. (21:35)
කාන්තාවන්, දරුවන්, රණ් රිදී විශල පොදි, උසස් අශ්වයින් (එළු, බැටළු, ගව, ඔටුවන් වැනි) ගමේ සතුන්, ගොවිතැන් ආදිය මත ඉමහත් ආශාවක් ඇති කර ගැනීම මිනිසුන්ට අලංකාරවත් කර ඇත්තේය. (එහෙත් මේවා (සියල්ල අස්ථාවර) මෙලොව ජීවිතයෙහි (අල්ප) සැප සම්පත්ය! අල්ලාහ්ගේ සන්නිධානයෙහි නම්, (ස්ථිර වූ) අලංකාරවත් වාසස්ථානයක් ඇත. (3:14)
අල්ලාහ් තමන් කැමති අයට අප්‍රමාණව ලබා දෙන්නේය. (තමන් කැමති අයට) සීමා සහිතවද ලබා දෙන්නේය. එහෙත්, (ප්‍රතික්ෂේප කරන්නන්) මෙලොව ජීවිතය මගින් සතුටට පත්වන්නාහ. මෙලොව ජීවිතය නම්, පරලොව සමග (සසඳා බලන විට) ඉතාමත් අල්ප දැයක් මිස වෙන කිසිවක් නැත. (13:26)/[34:39]
(මරණයට පත්ව දිරාපත් වී පස් වූ) ඔහුගේ ඇටකටු අපි එක්කාසු නොකරන්නෙමු යයි මිනිසා අදහස් කරමින් සිටින්නෙහිද? නොඑසේය, ඔහුගේ ඇඟිළි තුඩු පවා (පෙර තිබූ ආකාරයටම) සකස් කිරීමට අපි බලසම්පන්න වන්නෙමු. (75:3,4)
මිනිසාණෙනී! ඔබගේ ගෞරවණීය දෙවියන් ගැන ඔබව රවටා දැමුවේ කිමෙක්ද? ඔහුම ඔබව උත්පාදනය කර, උසස් අන්දමට හැඩරුව නිර්මාණය කර, ඉතාමත් නියමිත ආකාරයට සකස් කළේය. ඔහුම තමන් කැමති (ඉතාමත් අලංකාරවත්) හැඩයකින් ඔබව (ඔබේ අවයවයන්) සවි කළේය. (82:6,7,8)
සෑම මිනිසෙකු වෙතම (අප විසින් ඇති කරන ලද) අවධානය කළ හැකි කෙනෙකු (මලායිකාවරයෙකු) නැත්තේ නොවේ. එබැවින් මිනිසා (තමන්) කුමක් නිසා උත්පාදනය කරණු ලැබ ඇත්තේ දැයි පොඩියක් අවධානය කර බැලිය යුතුය. (ඈතට) පනිමින් ඉකුත් වන එක් ජල බිඳක් මඟින්ම (ඔබව) උත්පාදනය කරණු ලැබුවේය. (36:4,5,6)
නියත වශයෙන්ම අපි මිනිසාව ඉතාමත් අලංකාරවත් හැඩයකට උත්පාදනය කර ඇත්තෙමු. (ඔහුගේ නපුරු ක්‍රියාවන් හේතුවෙන්) පසුව ඔහුව දීන වූවන්ගෙනුත් දීන වූවෙකු බවට අපි පත් කර හරින්නෙමු. (95:4,5)
මිනිසුන් මරණයට පත්වන විටද, මරණයට පත් නොවී නින්දෙහි සිටින විටද, අල්ලාහ්ම ඔවුන්ගේ පණ අත්පත් කර ගන්නේය. පසුව කවුරුන් කෙරෙහි මරණය නියම වූවේද, ඔවුන්ගේ පණ (තමන් වෙතම) නවතා තබා ගන්නේය. අන් අයගේ (පණ) නියමිත කාලය දක්වා (ජීවත් වීමට) ඔවුන් වෙතම ඔහු යවන්නේය. අවධානය කර දැනගත හැකි ජනතාවට නියත වශයෙන්ම මෙහි පාඩම් (බොහෝමයක්) ඇත්තේය. (39:42)
භූමියෙහි ඇතුළු වී යාමද, එයින් පිටවී යාමද, අහසින් බැසීමද, ඒ දෙසට (භූමියේ සිට) නැගීමද, ඔහු හොඳින් දන්නේය. ඔබ කොහේ සිටියා වුවද, ඔහු ඔබ සමග සිටින්නේය. අල්ලාහ් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය. (57:4)
ඔබව පස් වලින් නිර්මාණය කළ අවස්ථාවේදී ඔබගේ (ගති ගුණයන්) ඔහු හොඳින් දන්නේය. ඔබ ඔබගේ මවගේ කුසයෙහි (මාංශ පින්ඩයක් වශයෙන්) සැඟවී තිබූ අවස්ථාවෙහිද, (ඔබව ඔහු හොඳින් දන්නේය); (53:32)
(විශ්වාසවන්තයිනී!) අද පටන් (අනුභව කිරීමට) පරිශුද්ධ වූ දැයම ඔබට අනුමත කර ඇත්තේය. ධර්මය හිමි අයගේ ආහාරයද ඔබට අනුමතය. ඔබගේ ආහාරයද ඔවුන්ට අනුමත දැයයි! විශ්වාසය තැබූ කුල කාන්තාවන්ද, ඔබට පෙර ධර්මය ලබා දෙන කුළ කාන්තාවන්ද, වෂ්‍යාවන් වශයෙන් හෝ අනියම් බිරියන් වශයෙන් හෝ අත් කර නොගෙන, ඔවුන්ට දිය යුතු මහර් ලබා දී (විවාහ කර) ගැනීම ඔබට අනුමතයි; (5:5)
සාමාන්‍යයෙන් භූමියෙහි හෝ නැතහොත් (පෞද්ගලිකව) ඔබට හෝ ඇතිවිය කුමණ අමාරුකමක් හෝ (පාඩුවක් හෝ) ඒවා අපි උත්පාදනය කිරීමට පෙරම (ලව්හුල් මහ්ෆූල් නැමති) පොතෙහි (සටහන් කරනු ලැබ) නැත්තේ නොවේ. නියත වශයෙන්ම මෙය අල්ලාහ්ට ඉතා ලෙහෙසි දැයකි. (57:22)
නියත වශයෙන්ම ඔහුම ඔබව සිනාසෙන්නට සලස්වන්නේය, හඬන්නටද සලස්වන්නේය. නියත වශයෙන්ම ඔහුම (ඔබව) මරණයට පත්වන්නටද සලස්වන්නේය. (නැවතත්) පණ දෙන්නේය. (53:43,44)
(කිසිම) ප්‍රශ්නයක් නොඅසා අත්හැර දමන්නෙමු යැයි මිනිසා අදහස් කළෙහිද? (75:36)
නියත වශයෙන්ම අපිම මිනිසාව (පළමු වරට) උත්පාදනය කළෙමු. ඔහුගේ මනසෙහි ඇතිවන සිතුවිල්ලද, අපි හොදින් දනිමි. පිටි බෙල්ලේ ඇති පන නහරයට වඩා අපි ඔහුට ඉතාමත් සමීපවයෙන්ම සිටින්නෙමු. (50:16)
දකුණු පැත්තේ කෙනෙකුද, වම් පැත්තේ කෙනෙකුද වශයෙන් දෙදෙනෙකු සිටිමින් (ඔහුගේ වැඩ කටයුතු) සටහන් කරමින් සිටින්නාහ. (50:17)
(මිනිසා) කුමක් පැවසුවා වුවද, (එය ලිවීමට) බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකු, ඔහු වෙත නැත්තේ නොවේ. (ඔහුගේ මුවින් පිටවෙන සෑම වචනයක්ම එවෙලෙ එවෙලේම සටහන් කරනු ලබන්නාහ), (50:18)
කවුරුන් (මෙම ධර්මය) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට විනාශයයි. ඔවුන්ගේ කකුල් අස්ථාවර කර) ඔවුන්ගේ ක්‍රියාවන් සියල්ල ප්‍රයෝජනවත් නොවන දැය බවට පත් කරනු ඇත. (47:9)
නමුත්, කවුරුන් තමන්ගේ දෙවියන්ට අවනත වී කටයුතු කරන්නෝද, ඔවුන්ට (ස්වර්ගයන්හී) තට්ටු පිට තට්ටු වශයෙන් ඇති මාලිගාවන් ඇත. ඒවායේ දිය දහරා සදා ගලමින් ඇත. (මෙයම) අල්ලාහ්ගේ පොරොන්දුවකි. අල්ලාහ් (තමන්ගේ) පොරොන්දුවෙන් වෙනස් වන්නේ නැත. (39:20)
මිනිසුනේ! ඔහු කැමති වුවහොත් ඔබව විනාශ කර දමා (ඔබ වෙනුවට) අන් අයව ගෙනවිත් (ඔබගේ ස්ථානයෙහි තබා) හරින්නේය. අල්ලාහ් මෙසේ කිරීමට බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය. (4:133)
කුරාන් හි සඳහන් කළල විද්‍යාව සම්බන්ධ වැකි ගැන මහාචාර්ය කීත් මෝර් මහතාගේ අදහස්
පළමු මිනිසා හෙවත් ආදම්(අ.ස) ව නිර්මාණය කිරීම, ඔහු සහ ඔහුගේ බිරිද ස්වර්ගයේ සිටි කාලය, ඔවුන්ට සතුරුකම් කල ඉබිලීස් සහ අවසානයේ ඔවුන් සියල්ල පෘථිවියට පැමිණීම ආදිය ගැන සඳහන් කුරාන් ආයත් එකතුවක් පහත සබැඳියෙන් කියවන්න.
මිනිසා සම්බන්ධ වෙනත් කුරාන් ආයත්
මව්පියන් සම්බන්ධව [17:23,24][31:14,15][46:15,17][29:8][2;233][27:19][14:41]
පව්ලේ උදවිය සහ ලේ මිශ්‍ර ඥාතීන් සම්බන්ධව [4:1][16:9][17:26][20:132][24:22][25:74][60:3][66:6][90:15]
අනාථයින් සම්බන්ධව [4:3][4:5,6][4:8,10][4:36][4:127][6:152][8:41][24:22][90:11]
මගියන්, දුප්පතුන්, හිජ්රත් කළ අය සහ අමාරුකමින් ජීවත් වන අය සම්බන්ධව [2:245][17:26][24:22][42:23][90:13,14,15,16]
මිතුරන් සහ අසල්වාසීන් සම්බන්ධව [4:36]
මුස්ලිම්වරුන් ගැන [33:35][49:10]
මරණයට පෙර අන්තිම කැමැත්ත ප්‍රකාශ කර සිටීම ගැන [2:180-183][5:106]
දේපල සහ වස්තුව බෙදීම ගැන [59:7][4:7-12][4:19][4:176][6:152][8:41][30:38][33:6]
විවාහය සම්බන්ධව [2:233][4:3,4][4:127][4:129][5:5][5:5]nabi[33:53]
දික්කසාදය (තලාක්) හෝ වැන්දඹු වීම සහ ඉද්දා කාලය සම්බන්ධව [2:226-237][4:128,130]
ප්‍රතික්ෂේප කිරීම සහ ප්‍රතික්ෂේප කරන්නන් සම්බන්ධ කුරාන් වැකි
by sjw
මේ පිළිබඳව ඔබේ අදහස් අපට ලියන්න
ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)
අපගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us