
කුරානය යනු කුමක්ද?
මගේ ජීවිතය තුල මට හමු වුනු අද්විතීයම ග්‍රන්ථය මෙයයි.
එය කියවා බලන ලෙස මම සෑම කෙනෙකුටම ආරාධනා කරමි.
කුරානය සම්බන්ධව වෙනත් විවිධ පිටු රාශියකට මෙතනින් පිවිසෙන්න->
"ශුද්ධ වූ අල් කුර්ආන්" යනු කුමක්ද?
මෙය ජීවමාන මහා ප්රාතිහාර්යයක් ලෙස මා දුටුවෙමි. පොතේ කතෘ පොත ආරම්භ කරන්නේ මෙලෙස පවසමිනි.
"මෙම පොතෙහි කිසිඳු සැකයක් නැත."(ශුද්ධ වූ අල්කුරාන් 2:2).
කුරානයට අමතරව මෙම වැකිය ඉදිරියට හෝ පසුපසට දා මෙතරම් විෂය පරාසයක් තුල ලියවුණු වෙනත් ග්රන්ථයක් සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. මෙය සුළු පටු වාක්‍යක්ද?
කවුරුන් හෝ පොත කියවා තමන් දන්නා සහ පෘතුවිය තුල තියෙන උපරිම තාක්ෂණය භාවිතා කර, මුළු විද්‍යාඥයෝ සමුහයම එකතුවෙලා හෝ අබමල් රේණුවක තරම් හරි සැකසහිත තැනක්, වරදක්, නොගැලපීමක්, බොරුවක් සොයාගෙන ඔප්පු කර පෙන්නුවොත් ඇතිවන තත්වය කුමක්ද? ඉහත වාක්‍ය පොතෙන් ඉවත් කරන්න වෙනවා නේද? නමුත් පොත ඉදිරිපත් කර වසර 1400ක් තරම් කල් ගියත් අදත් එම වැකිය ඝාම්භිර ලෙස එම ස්ථානයේම නොසෙල්වී පවතිනවා යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? මෙයන් පිළිබිඹු වන්නේ මෙම පොතේ කතෘට තම පොත ගැන තියෙන විශ්වාසය නොවේද?
මෙම ශුද්ධ වූ ග්රන්ථයට "ශුද්ධ" කියන නාම විශේෂණය භාවිතා කිරීම කෙතරම්ම සුදුසුද යන්නටත් ඉහත මා සදහන් කල කුරාන් වැකියම ප්‍රමාණවත් නොවේද?
කිරි කළය තුල ගොම බිංදුවක් තිබුනොත් එයට ශුද්ධ යන වචනය භාවිතා කල නොහැක. අප එදිනෙදා භාවිතයට ගැනෙන, කතාබහ කරන අනිකුත් ශුද්ධ වූ යැයි හදුන්වාදෙන ග්රන්ථ දෙස හැරී බලමු. ඒවාට ශුද්ධ යන වචනය කෙතරම් සාධාරනියද කියල හොයල බලන්න. වැරදීම්, නොගැලපීම්, මුසාවන්, විද්‍යාවෙන් බොරු කළහැකි කරුණු, සාහිත්‍යයට අනුවද සිදුවූ අඩුපාඩු ආදී කරුණු වලින් දෙකක් හොයන්න උත්සහ ගන්න එපා. එකක් තිබුනොත් එය"ශුද්ධ වූ ග්රන්ථයක් " නෙමෙයි. එය ද තවත් "ග්රන්ථයකි". අල් කුරාන් හි කතෘ සහතික වෙනවා එහි කිසිදු සැකයක් නැති බවට.
මෙය බොරු කිරීමට උත්සහ ගතවුන් අතර ඇතැම් මහා විද්‍යාඥයෝද, ඉතිහාසක්ඥයෝද, වෛද්‍යවරුද, අගමිග විද්වතුන්ද, සාහිත්‍ය ධාරින්ද, පුජක වරුන්ද තම ප්රයත්නය තුල අසාර්ථක වුවෝ වූ අතර වෙති. ඉන් බොහෝ උදවිය මෙහි සත්‍යතාවය වටහා ගත්තවුන් බවට පත් වූ බවට සාදක ද ඕනෑ තරම් ඇත. ඔබටද මෙම ග්‍රන්ථයේ ඉහත වැකිය බොරු කිරීමට උවමනා නම් අද පවතින ඕනෑම තාක්ෂණික මෙවලමක්, ඕනෑම පුද්ගලයෙකුකේ සහායක්ද ලොව අවසන් වනතුරු ඔබට ඒ සදහා කාලයද භාවිතා කල හැකිය. මෙය ශුද්ධ වූ අල් කුරාන් හි කතුවරයා මුළු මහත් මානව සංහතියටම දී ඇති අභියෝගයකි.
මම සදහන් කලේ කුරාන් හි සදහන් එක වැකියක් ගැන පමනයි. මේ වැකියම ප්‍රමාණවත් මෙමෙ ග්‍රන්ථය මහා ප්රාතිහාර්යයක් බවට ඉඟි කිරීමට. ප්රාතිහාර්යය බැලීමට කැමති අයට කුරානය සියුම්ව අද්‍යනය කරන ලෙසට එහි කතෘ ම මෙසේ ආරාධනා කරයි.
"මන්ද ඔවුන් අල් කුරානය අධ්‍යනය නොකරන්නේ, ඔවුන්ගේ සිත් තුලට අගුලු දමා තිබේද ?" (47:24).
ග්‍රන්ථයේ කතෘ මානව සංහතියටම ඉදිරිපත් කරන තවත් එක අභියෝගයකි දැන් මෙහි සඳහන් කරනුයේ;
කුරානය පහලවී වසර 1400 ක් ගත උනත් එම අභියෝගය අදටත් ඔබ ඉදිරියේ පවතී. එය හෙටත් එසේම වනු ඇතැයි සියලු මුස්ලිම්වරුන්ගේ ඒකායන විශ්වාසයයි. කව්රු හරි මෙම කුරානය බොරුවක් යැයි කියන්න උත්සහ ගන්නවානම් ඕනෑම කෙනෙක් ඉදිරියේ මෙම අභියෝගයද පවතී.
ග්‍රන්ථයේ කතෘ එම අභියෝය කුරානය තුලින් අවස්ථා කිහිපයකදී එය පහසු කර දීත් තිබෙනවා. කැමති කෙනෙකුට එය බාරගත හැකිය.
"නබිතුමනි අවිස්වාස කරන අයට ඔබ කියන්න, "සියලුම මිනිසුන් සහ සියලුම ජින් වරුන්ද එක්වී හෝ මෙවැනි ග්‍රන්ථයකට සමාන ග්රන්ථයක් නිර්මාණය කර පෙන්නවන්න' කියල. (15:88).
එය ටිකක් ලිහිල් කර මෙසේද පවසනවා.
"නබිතුමා විසින් මෙය ගොතනු ලැබුවක් යැයි සමහරු කියනවනම් ඔවුන්ට කියන්න, පුලුවන්නම් මෙහි සදහන් ආකාරයේ පරිච්චේද 10 ක් නිර්මාණය කරන්න' කියල. (11:13).
එයත් ලිහිල් කර මෙසේද පවසයි.
"නබිතුමා විසින් මෙය ගොතනු ලැබුවක් යැයි සමහරු කියනවනම් ඔවුන්ට කියන්න, පුලුවන්නම් මෙහි සදහන් ආකාරයේ පරිච්චේද එකක් නිර්මාණය කරන්න' කියල. (2:23-25).
මෙහිදී අල්කුරාන් හි කතෘ පවසන්නේ ඔහුව හැර ඕනෑම කෙනෙකුගේ උදව් අරගෙන පුලුවන්නම් නිර්මාණය කරලා පෙන්නවන්න කියලයි. මෙයද ලෙහෙසි පහසු අභියෝගයක්ද?
මම තවත් විශ්මිත අභියෝගයක් පෙන්වා දෙන්නම්.
ඒ, මෙම ග්‍රන්ථයේ ආරක්ෂාව පිළිබඳව දී තිබෙන සහතිකයයි. අභියෝගය නම් "මෙම ග්‍රන්ථය හිතුන හිතුන කෙනාට වෙනස් කරන්න බෑ." යන්නයි. ලොව පවතින වෙනත් ඕනෑම ග්රන්ථයක් අරන් බලන්න. එය බිහිවූ ආකාරයටම පවත්වාගෙන යන්නට පුළුවන් උනාද කියල. බුදු දහමේ හෝ කිතු දහමේ හෝ වෙනත් ඕනෑම දහමක හෝ විෂයක් අරන් බලන්න. කුරානය බිහිවෙලා අවරුදු 1400 ක් ගත උනත් එහි මුල් ග්‍රන්ථය තුල අන්තර්ගත සියල්ල කිසිම වෙනසකට ලක් නොවී අදත් පවතිනවා යන්න සත්‍යකි. අද වෙනකම්ම කිසි කෙනෙකුට එයට හානියක් කිරීමට පුළුවන්කමක් ලැබී නැහැ. අද ලොව තුල තියෙන කුරාන් පොත්, CD, memory chip ආදී සියල්ල එකතු කර එකවරම ගිනි තියල අළු කර දැම්මත් හෙට වෙනකොට අකුරකද තිතකද වෙනසක් නැතුව මුල්ම ග්රන්ථයට සමාන ග්රන්ථ දහස් ගණන් බිහිවීමේ තත්වයක් තියෙනවනම් එහි ආරක්ෂාව ගැන ඇත්තේ කුමන අවදානමක්ද? අද තත්වය එයයි. එය ඒ ආකාරයටම සිදුවන බව ග්‍රන්ථයේ කතුවරයා සක්සුදක් සේ දන්නා නිසයි වසර 1400 කට පෙර පහළකළ තම ග්‍රන්ථයේ මෙවැනි වාක්‍යයක් ඇතුලත් කර ඇත්තේ.
"අපි තමයි මෙම ග්‍රන්ථය පහල කලේ. අපිම එය ආරක්ෂා කරන්නෙමු"(15:9).
මෙතරම් බැරෑරුම් අභියෝගයන් සමග ග්රන්ථයක් ඉදිරිපත්කල කතුවරයා කව්ද යන්න දැන් සොයා බලමු. ඒ සදහා පහත සදහන් කුරාන් වාක්‍යයම ප්‍රමාණවත්.
"මෙම ග්‍රන්ථය පහල උනා. මෙහි කිසිදු සැකයක් නැත .මෙය අනාවරණය උනේ විශ්වයේ අධිපති වූ අල්ලාහ් ගෙනි." (32:2).
මෙම වාක්‍ය දෙසද බලන්න. මෙම ග්‍රන්ථයේ කතෘ තමා බවත්, තමා විශ්වයේ අධිපති බවත් සදහන් කර ඇත. ඔබ ඕනි තරම් පොත් කියවල ඇති. එකම නවකතාව පස් හය වතාව කියවල ඇති. පාසල් පොත්, සගරා, තව බොහෝ පොත් වර්ග. මේ ඔක්කොම මිනිස්සු විසින් ලියපුවා. විශ්වයේ අධිපති විසින් පහල කල පොතක් නිකමටවත් කියවල බලන්න හිතෙන්නේ නැද්ද? මිනිසුන් විසින් මුහු කල එක අකුරක් වත් ඒ පොතේ නැති බව දෙවියන්ගේම සහතිකය ඔබ දුටුවා. එනම් මේ මුළු පොතම දෙවියන්ගේම වදන්ය.
අපි දැන් බලමු මේ පොතේ තියෙන තවත් සුවිශේෂත්වයන් කිහිපයක්. ඉන් පස්සේ බලමු පොතේ අන්තර්ගත වන්නේ මොනවද කියලත්
- පසුගිය වසර 1400 කාලයක් තුල වැඩිම භාෂා ප්‍රමාණයකට පරිවර්තනය කල ග්‍රන්ථය මෙයයි.
- ලොව වැඩිම ජනතාවක් කටපාඩම් කල ග්‍රන්ථය මෙයයි.
- ලොව පුරා දිනකට වැඩිම වතාවක් භාවිතයට ගැනෙන ග්රන්ථයද මෙයයි.
- වාක්‍යය, අකුරු, තිත්, ඉස්පිලි පාපිලි පවා ගණනයට ලක්කර වඩාත්ම විශ්ලේෂණයට ලක්වුණු පොතද මෙයයි.
- වසර 1400 ක කාලයක සිට අද දක්වාම භාවිතයට ගැනෙන භාෂාවකින් ඇති එකම සම්පුර්ණ ග්රන්ථයද මෙයයි .
අල් කුරාන් හි අන්තර්ගතය (එහි පණිවිඩය).
ලිපිය දිදීර්ඝ නොවීමට අදාල කාරණාව පමණක් සඳහන් කර ඇත.
- කුරානය ඉතා නිවැරදි, සැක නැති, නොගැලපීම් නැති, අසම්පුර්ණ නොවන ග්රන්ථයක් බව,
- මෙය මුළු මහත් මානව සංහතියටම පහළ කළ ග්රන්ථයක් බව,
- මැවුම්කරු/ දෙවියන්/ අල්ලාහ් යනු කෙබඳු කෙනෙක්ද යන්න,
- මිනිසාව ඇතුළුව මුළු මහත් විශ්වයම නිර්මාණය කල බව,
- ඉතිහාසය, වර්තමානය, සහ අනාගතය ගැන,
- මිනිසාව මිහිමත උසස් කල බව,
- ජාත්‍යන්තර සහයෝගිතාවය ගැන, සහජීවනය පිලිබදව,
- නිතිය ඉටු කිරීමට උපදෙස් හා අල්ලාහ් ගේ නීති රීති පිලිබදව,
- දුත සංකල්පය ගැන,
- මරිය තුමිය, ජේසු (ඊසා අලෙය් ) තුමා සහ පෙර විසු නබි වරු ගැන,
- අවසන් සාස්තෘ (අනාගතවක්තෘවරයා)ගේ පැමිණීම ගැන,
- ජිවත් වීමට යහපත් උපදෙස්,
- දෙවියන්ගේ නිර්මාණ ගැන,
- විශ්වයට එපිටින් ඇති දැය ගැන, විශ්වය ගැන සොබාවධර්මය ගැන, පොළොව ගැන, ජලය ගැන.
- දෙවියන් මනුෂ්‍යාට දුන් වරප්‍රසාද ගැන,
- මෙලොව ජිවිතයේ පරමාර්ථය ගැන,
- පරලොව ජිවිතයේ තත්වය ගැන,
- මරණින් මතු ජීවිතය,
- සමාව, දඩුවම්, ත්‍යාග පිළිබඳව,
- ස්වර්ගය සහ නිරයේ තත්වයන් ගැන,
- කෘතගුණ දන්නා කෙනෙකුගේ යුතුකම්,
- විශ්වාසවන්තයන් සහ අවිශ්වසවාන්තයන් ගැන,
- විනිශ්චය දිනයක් එන බව සහ එහි තත්වය මතක්කර දීම,
- දේව දුත (සුරංගනාවන්) සහ ශේතාන්වරු (යක්ෂයන්) ගැන,
- නුතන විද්‍යාවට ඔප්පු කළ හැකිද විද්‍යාඥයන් විස්මිතයට පත්කරන විද්‍යාත්මක කරුණු විශාල සංඛ්‍යාවක් - (කළල විද්‍යාව/ සාගර වී/ ජල විද්‍යාව/ ශාක විද්‍යාව/ තාරකා විද්‍යාව/ සත්ව විද්‍යාව/ මානව ජීව විද්‍යාව),...
ලිපිය අවසන් කිරීමට පෙර තව එක ලස්සන දෙයක් සදහන් කරන්නම්.
ඒ තමයි කුරාන් හි භාෂාව.
ඔබට භාෂාව නොතේරෙන්න පුළුවන්. එහෙත් කුරානය මනාව පරායනය කරන විටක ඔබ එයට සවන් දුන්නා නම්, ඔබ මවිතයට පත්වනු ඇත. එතරම්ම එය මිහිරිය.
ලිපියේ මුලින්ම මම සදහන් කලා මෙය විශිෂ්ඨතම ප්රාතිහාර්යය බව. බුදු රජුන් ප්‍රාතිහාර දැක් වූ බව පොත පතේ සදහන්. ජේසු තුමාද, මුසා නබි තුමාද තව බොහෝ අය ප්රාතිහාර්යය දැක් වූ බවට තොරතුරු අපි දන්නවා. එත් අද ඒවා එකක්වත් අපිට බලා ගන්න බැහැ.. ඒවා ඒ ඒ කාල වලට සිමා උනා. නමුත් කුරානයේ ප්රාතිහාර්යයන් වසර 1400ක පෙර සිට, ලොව අවසන් වන තෙක්ම දෑසින්ම බලාගන්න පුළුවන්. මේ ප්ප්රාතිහාර්යය තමයි අපේ ජිවිතයේ අත් පොත. ඔබත් ඔබේ නිර්මාතෘ ඔබට එවා ඇති අත් පොත කියවා බලන්න.
SJW
මේ පිළිබඳව ඔබේ අදහස් අපට ලියන්න
ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)
අප ගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us