ආගම් ප්‍රචාරණය

07/02/2018

චරථ භික්කවේ චාරිකං... බහුජන හිතාය...සූඛාය... සදේව මනුස්සාය.                           (මහණෙනි චාරිකාවෙහි යෙදෙන්න ධර්මය දේශනා කරන්න මිනිසුන්ගේ හා දෙවියන්ගේ හිත සුව පිණිස)  -බුදුරජාණන් වහන්සේ

නුඹලා ගොස් සියලු ජාතීන්ට සුභාරංචිය දේශනා කරන්න. මක්නිසාද දේවරාජ්‍යය අත  ළඟය   -යේසුස් වහන්සේ

නුඹලා අතරෙන් සමාජයෙහි නපුර වලක්වා යහපත කරා මිනිසුන් කැඳවන්නා වූ පිරිසක් සිටිය යුතුය  - ශුද්ධ වූ අල්කුර්ආන්

ඔබ විශ්වාස කරන ආගම කුමක් වුව ද ඒ පිළිබඳව මනා අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම ඔබගේ වගකීමක් බව ඔබ දන්නවාද.? ලොව බිහි වූ හ පහල වූ ආගම් තුළ ඒකායන දැක්ම මිනිසුන් අතර ආගමානුකූල ප්‍රතිපත්තින් ගොඩනැගීම හා ඒ අනුව සදාචාරාත්මක සමාජ සංස්ථාවත් මිහි මත ගොඩනැගීම ඒකායන අරමුණ වී තිබෙන බව. අප කුමන භාෂාවක් කතා කරතත් කුමන ආගමකට අයිති වුවත් අප එකිනෙකාට ආගමානුකූලව පැවරී තිබෙන වගකීම් නිසියාකාරව තේරුම් ගෙන ක්‍රියා කිරීම ඉතා වැදගත්ය

ඇත්ත වශයෙන්ම ආගමිකයන් ලෙස අප කුමන හෝ ආගමකට අයත් ව ජීවත් වන්නේය. බෞද්ධ වේවා, ක්‍රිස්තියානි වේවා, ඉස්ලාම් වේවා මේ ආගම්වලින් කුමන ආගමකට අයත් වුවත් ආගම තම තමන්ගේ වගකීමක් කොට සිතා ක්‍රියා කරන්නා වූ සියල්ලෝම වගකීම් පිළිබඳව ද තේරුම් ගත යුතුය

ශ්‍රී ලංකාව සාගරයෙන් වට වූ කුඩා දිවයිනක් වන අතර ඒ කෝටි දෙකකට ආසන්න ජනතාවක් ජීවත් වන්නේ ය. බෞද්ධ ,හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හා වෙනත් ආගම් අදහන විවිධ ජන සමාජයක් ලෙස ජීවත් වන්නේය. මෙම සියලු ආගම් පිළිබඳව අධ්‍යයනය කර බලන විට ඒ පිළිබදව තමන් ජීවත්වන අවට සමාජය දැනුවත් කිරීම වගකීමකි. තම තමන් විසින් අධ්‍යයනය කොට පිළිගත්තා වූ සත්‍ය දර්ශනයන් පිළිබඳව කතා කිරීමත් එය අන් අයට පහදා දීමත් ඉතා වැදගත්ය. විවිධ ආගම් අතර සහයෝගීතාවය ගොඩනැගීමේ අරමුණ ඇතිව එකිනෙකාට ගරු කරමින් මෙම ක්‍රියාවලිය ඉටුකල යුතුය. එය සෑම ආගමකම ගොඩනැගෙන්නා වූ මූලික පදනමට

ක්‍රිස්තු පූර්ව හයවන සියවසෙහි භාරත සමාජය බ්‍රාහ්මණ ඉගැන්වීම් තුළින් ඒකාධිකාරී තත්ත්වයක් ගොඩ නගාගෙන තිබුණි. එය සමාජයට යථාර්ථය දැන ගැනීම පිණිස සකස් වූවක් නොවීය. එය අවබෝධ කරගත් ක්ෂත්‍රීය වංශයෙහි උපන් සිද්ධාර්ථ කුමරුන් එය සමාජයට හිතකර ධර්මයක් නොවන බව අවබෝධ කර ගත්තේ ය. ඒ අනුව එතුමා. චතුරාර්ය සත්‍යය (දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, මාර්ග සත්‍යය, නිරෝධ සත්‍යය) පෙරදැරි කරගෙන ධර්මය දේශනා කළ සේක. එය මිනිසුන්ගේ හිත සුව පිණිස හේතු විය. ඉන්දියාවේ බ්‍රාහ්මණ ආධිපත්‍යය මේ හේතුවෙන් ක්‍රමක්‍රමයෙන් බිඳ වැටිණි. බොහෝ දෙනෙක් බුදුදහම සිය ආගම වශයෙන් පිළිගැනීමට හේතු වූයේ එහි ඇති සාමකාමී හා අවිහිංසාවාදී ප්‍රතිපත්තිය නිසාය. බුදුරජාණන් වහන්සේ සිය අනුගාමික භික්ෂූන් වහන්සේලාට දේශනා කරනු ලැබුවේ මහණෙනි නිරන්තරයෙන්ම මිනිසුන්ගේ හිත සුව පිණිස ධර්මය දේශනා කරන්න යනුවෙනි

බුදුරජාණන් වහන්සේගෙන් පසුව පහල වූ ආගමක් වන ක්‍රිස්තියානි ආගමද මෙයට අවුරුදු දෙදාහකට පමණ පෙර ලොව පහළවන්නේ මිනිසා අතර සාමය ගොඩනැගීමේ අරමුණ පෙරදැරි කරගෙන ය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පලස්තීනයෙහි බෙත්ලෙහෙමේ උපත ලබන්නේය. එතුමා සමාජයෙහි මධ්‍යම පන්තියෙහි උපත ලබන්නේය. එවකට එම සමාජයෙහි බලය දරා සිටින්නේ සදිසි වරු සහ පරිසිවරුන් ය ඔවුන්ගේ ඉගැන්වීම් සමාජයට මහත් පීඩා සහිත එකකි. එය තේරුම්ගත් යේසුස් වහන්සේ දෙවියන්වහන්සේ තුළ සාමය සමාජය තුළ ස්ථාපිත කිරීම සඳහා දේශනා "සමාදාන කරන්නෝ භාග්‍යවන්තයෝය මක්නිසාද වුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය යි කියන්නේ ය" මතෙව් ශුභාරංචියෙහහි පස් වන පරිච්ඡේදයෙහි මේ බව සඳහන් ය. ඇත්ත වශයෙන්ම ක්‍රිස්තියානි ධර්මය තුළ උගන්වනු ලබන්නේ මිනිසුන් අතර සාමය ගොඩනැගීම හා මිනිසා පාපය කරණකොටගෙන දෙවියන් වහන්සේ ගෙන් ඈත්ව සිටීම ඉවත් කොට දෙවියන්වහන්සේ සමග සම්බන්ධතාවයට මගපෙන්වීමයි . මක්නිසාද සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීන ව සිටිති යනුවෙන් ශුද්ධ වූ බයිබලයෙහි සඳහන් වේ. නැවත දෙවියන්වහන්සේ සමග සම්බන්ධ වීමට පාපයෙන් ගැලවීමට කිතුනුවන් මිනිසා අතර ක්‍රියා කරනු ලැබේ.

මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් බිහිවන්නේ මක්කම ප්‍රදේශයෙනි. ඉතාමත් දිළිඳු පවුලක දිළින්දකු ලෙස උපත ලබන එතුමා එවක සමාජයේ දක්නට ලැබුණු මානව සමාජය තුළ පිරිහීම මනාව අවබෝධ කරගනිමින් යහපත කරා මිනිසුන් කැඳවීමේ අධිෂ්ඨානයෙන් යුතුව විශ්වාසවන්තයකු ලෙස ජීවත් වන්නේය. ශුද්ධවූ දෙවිඳාණන් විසින් පහළ කරනු ලැබූ වචනයට අනුව දෙවිඳාණන් විසින් පහළ කරනු ලැබූ වචනයට අනුව (අල් කුර්ආණයට අනුව) ක්‍රියාත්මක වන එතුමා සමාජ හිතකාමී දේව කැමැත්ත පිළිබඳව සමාජය තුළ දේශනා කරනු ලැබූහ. එය සමාජයට අර්ථවත් එකක් විය. සාපරාධී ලෙස ක්‍රියාකළ සමාජයත් සාමකාමී සමාජයක් වන්නේ මේ අනුවය. ඉස්ලාම් ධර්මය පිළිබඳව ඉතාම කෙටියෙන් හඳුන්වන්නේ නම් එය දන්නා අයත් නොදන්නා අයත් අතර සාමය ගොඩනැඟීම ය. මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් අවසාන වක්තෘවරයෙක් ලෙස පහල වූ නමුදු එතුමා ගේ අනුගාමික සමාජය ට ප්‍රකාශ කරනු ලැබුවේ යහපත කරා මිනිසුන් කැඳවන ලෙස ය එය මුස්ලිම්වරයෙකුගේ වගකීමක්ද වේ

වර්තමාන සමාජ සංස්ථාව අධ්‍යයනය කර බලන විට ඇත්ත වශයෙන්ම කිසිදු ආගමික සමාජයකට මෙම වගකීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබේ දැයි සැක සහිතය. ආගමික දැනුමකින් තොර සමාජයකට සත්‍යතාවයන් යුතුව ආගම් පිළිබඳව විග්‍රහ කළ නොහැක. මිනිසා කරනුයේ බාහිරව දක්නට ලැබෙන යම් යම් ක්‍රියාවන් හා ආගමික ප්‍රතිපත්තින් දෙස බලා කරුණු ඉදිරිපත් කිරීමයි. මේ අනුව ආගමික සත්‍යතාවයෙන් තොර වූ ගැටුම් නිර්මාණය වේ. අප ජීවත්වන රටේහි සාමය සහජීවනය ‍අන්යෝන්‍ය මිත්‍රශීලී ඒ බව ගොඩනැගීමට නම් විවිධ ආගම් ඒ හා සම්බන්ධ සංස්කෘතිමය ලක්ෂණ හා භාෂාවන් පිළිබඳ ව දැනුම ලබාගත යුතුය. ආගමික දැනුමෙන් තොරව ඉදිරිපත් කරන අදහස් උදහස් යෝජනා චෝදනා මේ සියල්ල තුළින් නිර්මාණය වන්නේ ගැටුම් ය. ඒ නිසාම සමාජය තුළ සාමය සමගිය සහජීවනය බිඳ වැටේ.

මේ පිළිබඳව වගකිය යුතු පාර්ශවයන් හෙවත් පූජක පක්ෂය ඉතා වගකීමකින් කටයුතු කළ යුතුය. සෑම ආගමකින්ම උගන්වනු ලබන්නේ සියලුම ආගම් වලට ගරු කරමින් ක්‍රියා කරන ලෙසය. කිසිදු ආගමක ආගම වැළඳ ගැනීමට බල කිරීමක් නොමැත. එකිනෙකා සත්‍ය වටහා ගැනීම තුළින් සුදුසු මාර්ගය තෝරා ගැනීමේ අයිතිය මිනිසා සතුව ඇත. එමනිසා එකී මාර්ගය තෝරා ගැනීමට උදව් කිරීම සියලු ආගමික වගකියයුතු පුද්ගලයන්ගේ වගකීමකි.( ඉබ්‍රාහිම් සෙබස්තියන්. lecture comparative religion