
සතුන් ගැන දෙවියන් වහන්සේ අපට පවසා ඇති දේ
අපගේ පෘතුවියෙහි සොබාදහම නම් සැබවින්ම විශ්මයජනකයි, සතුන් එහි කැපී පෙනෙන කොටසකි. පෘථිවියේ සත්ව විශේෂ මිලියන 8.7ක් පමණ සිටින බව විද්‍යාඥයින් ගණන් බලා ඇතත්, ඉන් මිලියන 7.5කට වඩා සොයා නොගෙන පවතින බව ඇතැම් පර්යේෂකයින් පවසයි. විශේෂ මිලියන 1.2කට වඩා විධිමත් ලෙස විස්තර කර ඇතත්, සත්‍ය සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් වැඩි බව විශ්වාස කෙරේ. සමුද්‍ර ජීවීන්ගෙන් සැලකිය යුතු කොටසක් තවමත් ගවේෂණය කර නොමැත. මූලික වශයෙන්, අපට ප්‍රධාන සත්ව කාණ්ඩ කිහිපයක් හමු වේ. ඒවා නම්:
✨ අපෘෂ්ඨවංශීන්:- (කොඳු ඇට පෙළක් නොමැති සතුන් - කෘමීන්, මකුළුවන්, ගොළුබෙල්ලන්, බූවල්ලන් සහ ජෙලිෆිශ් වැනි විවිධ කණ්ඩායම්)
පෘෂ්ඨවංශීන්:- (කොඳු ඇට පෙළක් ඇති සතුන්) ✨ මාළු, ✨ උභයජීවීන්, ✨ උරගයින්, ✨ පක්ෂීන්, ✨ ක්ෂීරපායින්
✨ මීට අමතරව අපගේ පියවි ඇසින් බැලිය නොහැකි තරම් කුඩා ජීවීන්ද ඇත.
මේ විශ්මිත සත්ව ලෝකය දෙස විමසිල්ලෙන් බැලුවහොත් එය නම් සර්වබලධාරී දෙවියන්ගෙම නිර්මාණ බවට එහි කිසිඳු සැකයක් නැත. එක් එක් ජීවී කාණ්ඩ සුවිශේෂී ලක්ෂන පෙන්නුම් කරයි. ඔවුන් සියල්ල සර්වසම්පූර්ණ නිමැවුම්ය.
දෙවියන්වහන්සේ මෙලොවට පහළ කළ අවසන් එළිදරව්ව වන ශුද්ධ වූ අල් කුරානය තුල සතුන් ගැන බොහෝ සෙයින් කතා කර ඇත. ඒවායින් උපුටා ගත් වැකි කිහිපයක් පහතින් දැක්වේ.
උපමාතෘකා
- සතුන් දෙවියන්ගේ නිර්මාණ බව හඟවන වැකි කිහිපයක්
- දෙවිඳුන් විසින් තම නිර්මාණ වලට අවශ්‍ය දැණුම ලබා දෙන බව
- අහස් හී සහ භූමියෙහි සිටින සතුන් දෙවියන්ව නමදිමින් සිටින බව
- දෙවිඳුන් විසින් සතුන් හරහා මිනිසුන්ට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද
- අනුභවය සඳහා වළක්වන ලද සත්ව ආහාර සම්බන්ධව
- ආහාර සඳහා හෝ වෙනත් කාරණාවන් සඳහා සතුන් ඝාතනය (කුර්බානි)
- සතුන් උපමා ලෙස හෝ උදාහරණ ලෙස ගෙන කරුණු පැහැදිළි කළ අවස්ථා කිහිපයක්
- සතුන් සම්බන්ධව මූසා නබි (අ.ස) ගේ කාලයේ සිදුවූ සිදුවීම් කිහිපයක්
- ඉබ්රාහීම් නබි (අ.ස) සහ සත්ව ආහාර සම්බන්ධ කාරණාවක්
- තවත් නබිවරු කිහිපදෙනෙකු සහ සතුන් සම්බන්ධ ඉතිහාස කතා කිහිපයක්
- සතුන් සම්බන්ධ වෙනත් ඉතිහාස කතා කිහිපයක්
- මරණින් පසු සතුන්ට කුමක් සිදුවේද?
සතුන් දෙවියන්ගේ නිර්මාණ බව හඟවන වැකි කිහිපයක්
අපගේ අතින්ම නිර්මාණය කළ දැයෙන් ඔවුන් අයිතිවාසිකම් දැරිය හැකි (එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ද ඔවුන් වෙනුවෙන් අපිම උත්පාදනය කළෙමු යන්න දුටුවේ නැද්ද? (36:71)
ජීවීන් සෑම එකක්ම අල්ලාහ් ජලය මගින්ම උත්පාදනය කර ඇත්තේය. ඒවායින් සමහරක් තම උදරයෙන් (නයින් මෙන්) බඩ ගාමින් යන්නේය. ඒවායෙන් (වෙනත්) සමහරක් කකුල් දෙකෙන් ගමන් කරන්නාහ. ඒවායෙන් (තවත්) සමහරක් කකුල් හතරෙන් ගමන් කරන්නාහ. (මෙසේ) අල්ලාහ් තමන් අදහස් කරන දැය (කැමති ආකාරයට) උත්පාදනය කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි බලසම්පන්නය. (24:45)
(මිනිසුනේ!) ගමේ සතුන්වද ඔහුම උත්පාදනය කර ඇත්තේය. ඒවායින් ඔබ වෙනුවෙන් (ශීතය වැලැක්වීමට) භාණ්ඩද, විවිධ ප්‍රයෝජනවත් දැයද ඇත්තේය. ඒවායෙන් සමහරක් අනුභව කරන්නෙහුය. (16:5)
අහස් ගැබෙහි (දෙවියන්ගේ නියෝගයන්ට) අනුව යටත් වී පියාඹන පක්ෂීන්ව ඔවුන් දුටුවේ නැද්ද? ඒවා (අහස් හී) උසුළාගෙන සිටින්නා අල්ලාහ් හැර වෙන කිසිවෙකුත් නැත. විශ්වාසය තැබූ ජනතාවට මෙහිද විවිධ සාධකයන් ඇත්තේය. (16:79)
භූමියෙහි බඩගා ඇවිදිය හැකි දැයද, තමන්ගේ තටු මගින් (අහසෙහි) පියාඹිය හැකි දැයද, ඔබ මෙන් (ජීවය ඇති) ඔබ වැනි උත්පාදනයන්ම මිස වෙන කිසිවක් නැත. මේවායින් කිසිවක් අපගේ පුස්ථකයෙහි සඳහන් නොකර මා අතහැර දැමුවේ නැත. පසුව (දිනකදී) මේවාද තම දෙවියන් වෙත ගෙන එනු ලැබේ. (6:38)
සියළුම වර්ගයේ සතුන් භූමියේ විසිර සිටීමද,- අල්ලාහ්ගේ සාධකයන් අතරින්ය; (2:164)
කාන්තාවන්, දරුවන්, රණ් රිදී විශල පොදි, උසස් අශ්වයින් (එළු, බැටළු, ගව, ඔටුවන් වැනි) ගමේ සතුන්, ගොවිතැන් ආදිය මත ඉමහත් ආශාවක් ඇති කර ගැනීම මිනිසුන්ට අලංකාරවත් කර ඇත්තේය. (එහෙත් මේවා (සියල්ල අස්ථාවර) මෙලොව ජීවිතයෙහි (අල්ප) සැප සම්පත්ය! අල්ලාහ්ගේ සන්නිධානයෙහි නම්, (ස්ථිර වූ) අලංකාරවත් වාසස්ථානයක් ඇත. (3:14)
ඒ අන්දමටම අහස් හිද, භූමියෙහිද ඇති සියල්ලම ඔහු තමන්ගේ දයාවෙන් ඔබට (ඔබගේ යහපත සඳහා හරිහම්බ කරන මෙන්) පාලනය කර තබා ඇත්තේය. සිතා පරිශීලනය කරණ ජනතාවට මෙහි (බොහෝ) පාඩම් ඇත්තේය. (45:13)
"දරුවන්ද, එළු, ගව, ඔටුවන්ද, ඔබට (ලබා දී) උදව් උපකාර කර ඇත්තේය. (26:133)
(මිනිසුනේ!) අපිම වලාකුළෙන් පරිශුද්ධ වූ ජලය වසින්නට සලස්වන්නේය. මැරී ගිය භූමියට එමගින අපි ජීවය ලබා දී අපගේ උත්පාදනයන්ගෙන් වූ එළු, ගව, ඔටුවන් වැනි සතුන්ටද, බොහෝ මිනිසුන්ටද එය පානය කිරීමට සලස්වන්නෙමු ;(25:48,49)
අහස්ද, භූමියද උත්පාදනය කර තිබීමද, ඒවායෙහි සතුන් (ආදී බොහෝමයක් ජීවීන්)ද (ඒ මේ අත) විසිරුවා හැර තැබීමද, ඔහුගේ ප්‍රාතිහාර්‍යයන්ගෙන් වූ දැයයි. එබැවින් ඔහු කැමති අවස්ථාවන්හිදී (ඒවා මරණයට පත් වූ පසුද) ඒවා ඒකරාශී කිරීමට බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය. (42:29)
(මිනිසුනේ! හැඩරුව) නිර්මාණයෙහි ඔබ බලවන්තයින්ද? නැතහොත් උත්පාදනය කළ අහසද? ඔහුම එහි මුදුන ඔසවා සැළසුම් කළේය. එබැවින් එහි රාත්‍රිය අන්ධකාර කර, (සූර්‍යයා මගින්) දහවල එළියට ගෙන, (ආලෝකමත්) කළේය. මින් පසුව ඔහුම භූමිය දිග හැරියේය. ඔහුම එයින් ජලයද, තණ (බිම්)ද ඉකුත් කරන්නේය. කඳුද ඔහුම එහි ස්ථිරවත් කළේය. ඔබටද, ඔබගේ සතුන්ටද ප්‍රයෝජනවත් විය හැකි දැයද (එහි නිර්මාණය කළේය). (79:27-33)
දෙවිඳුන් විසින් තම නිර්මාණ වලට අවශ්‍ය දැණුම ලබා දෙන බව
'ඔබගේ හිමි මි මැස්සන්ට වැටහීම දෙන්නේය. කදු, ගස් හා උස වූ ගොඩනැගිලිවල නුඹලා මි වද බඳිණු, තවද නුඹලා සෑම පලතුරු (වර්ගවල ඇති මල්) වලින් රොන් උරා බි ඔබ හිමිගේ පහසු මාර්ගයෙහි (නුඹලා ගේ නිවෙස් තුලට) ඇතුළු වනු. මෙයින් උගේ උදරයන්හි වර්ණ කිහිපයකින් යුත් පැණියක් (මි පැණි) වෑහෙන්නේය. එයින් මිනිසුන්ට සුවය ඇත. ඇත්තෙන්ම මෙහිද සිතා වටහා ගන්නා ජනතාවට සාක්ෂියක් ඇත'.(අල් කුර්ආන් 16:68/69).
අහස් හී සහ භූමියෙහි සිටින සතුන් දෙවියන්ව නමදිමින් සිටින බව
අහස්හිද භූමියෙහිද ඇති දෑ සියල්ල (ඒවා) කැමති උවද, අකමැති උවද, අල්ලාහ්ට හිස නවා (අනිවාර්‍යයෙන්ම අවනතම) වන්නේය; (13:15)
අහස්හිද භූමියෙහිද ඇති අනිත් ජීවීන්ද අල්ලාහ්ටම හිස නවා නමදින්නාහ. මලායිකාවරුන්ද එසේමය. ඔවුන් (ඉබ්ලීස් මෙන් ඔහුට සුජූද් නොකර) උඩඟු බස් දොඩන්නේ නැත. ඔවුන් තමන්ට උඩින් ඇති තමන්ගේ දෙවියන්ට යටත් වී තමන්ට දෙන ලද නියෝගයෙන්ම සිටින්නාහ. (16:49,50)
(නබියේ!) අහස් හී සිටින්නන්ද, භූමියෙහි සිටින්නන්ද, සූර්‍යයාද, චන්ද්‍රයාද, තාරුකාද, කඳුද, ගස්ද, සතුන්ද, මිනිසුන්ගෙන් බොහෝමයක් දෙනාද නියත වශයෙන්ම අල්ලාහ්ට සුජූද් කර, නමදින්නාහ යන්න ඔබ නොදැක්කෙහිද?;(22:18)
අහස් හිද, භූමියෙහිද ඇති දැයද, (මේවා අතර ඇති දැයද, විශේෂයෙන්ම) පක්ෂීන්ද, (තමන්ගේ) අත් තටු විහිදා (පියාඹමින්) නියත වශයෙන්ම අල්ලාහ්ව සුවිශුද්ධ කරමින් සිටින බව (නබියේ!) ඔබ නුදුටුවෙහිද? මේවා සියල්ල තමන් සුවිශුද්ධ කරමින් නැමදිය යුතු ආකාරය නියත වශයෙන්ම දැනගෙනම සිටින්නාහ. අල්ලාහ්ද ඔවුන් කරමින් සිටින දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය. (24:41)
[මිනිසුන්ගෙන් සහ ජින්වරුන්ගෙන්] දෙවියන්ට අවනත වන්නන් හා දෙවියන්ට වෙනස්කම් කරන්නන් ආදී) මේ දෙකොට්ඨාශයම තමන්ගේ දෙවියන් ගැන තර්ක කරමින් සිටින්නාහ; (22:19)
දෙවිඳුන් විසින් සතුන් හරහා මිනිසුන්ට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද කිහිපයක්.
අපගේ අතින්ම නිර්මාණය කළ දැයෙන් ඔවුන් අයිතිවාසිකම් දැරිය හැකි (එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ද ඔවුන් වෙනුවෙන් අපිම උත්පාදනය කළෙමු යන්න දුටුවේ නැද්ද? (36:71)
ඒවා ඔවුන්ට යටහත් පහත් වන සේ අපි පත් කළෙමු. ඒවායෙන් ඔවුන් (වාහන මෙන්) නැග ගත හැකි දැයද ඇත්තේය. ඔවුන් ආහාරයට ගත හැකි දැයද ඇත්තේය. (36:72) අල්ලාහ් ඔබට දී ඇති මේවායෙන් (ආහාරයට ගත හැකි දැය) ඔබ අනුභව කරනු. මෙහිදී ශේතාන්ගේ පා සටහන් අනුගමනය නොකරනු; (6:142)
(එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ගෙන්ද ඔබට පාඩමක් ඇත. ලේ වලටද, ගොම වලටද අතරේ උන්ගේ කුසෙන් කළවම් නොවුන කිරි (උත්පාදනය කර) අපි ඔබට පොවන්නෙමු. එය පානය කිරීමට ඉතා රසවත්ය. (16:66)
ඔවුන්ට පානය කළ හැකි (කිරි වැනි) දැයද තවත් බොහෝ ප්‍රයෝජනද ඒවායෙන් ඇත්තේය. (මේවා සියල්ලට) ඔවුන් කෘතඥ විය යුතු නොවේද? (36:73) නියත වශයෙන්ම එළු, ගව, ඔටුවන් ආදී දැයෙන් ඔබට පාඩමක් ඇත්තේය. මේවායේ තනබුරුල් වලින් (කිරි) අපි ඔබට පොවන්නෙමු. තවද ඔබට බොහෝමයක් ප්‍රයෝජනද ඇත්තේය. ඒවායෙන් සමහරෙක් ඔබ අනුභව කරන්නෙහිය. (23:21) ඒවා මතද නැව් මතද ඔබව ගෙන යනු ලබන්නේය. (23:21,22)
අශ්වයින්, හා බූරුවන් ආදී සතුන් මත නැග ගමන් යාම සඳහාද, (ඔබට) අලංකාරවත් වශයෙන්ද (ඔහු) ඒවා උත්පාදනය කර ඇත්තේය. තවද, ඔබ නොදන්නා දැයද උත්පාදනය කර ඇත්තේය. (6:8)
ගමේ සතුන්ගේ හම් වලින් ඔබ නිවෙස් වශයෙන් තනා ගැනීමට (පහසු ආකාරයට) ඔබ වෙනුවෙන් ඔහු උත්පාදනය කර ඇත්තේය. එය ඔබ සංචාරය කරන අවස්ථාවන්හිදීද, ස්ථානයකදී කඳවුරු බඳගන්නා අවස්ථාවන්හිදීද, ඉතා පහසුවෙන් උසුළාගෙන යා හැකිව ඇත්තේය, ඒවායෙන් ලොම, රෝම, කෙස්, ආදී දැයද ඔහු ඔබ වෙනුවෙන් ණිර්මාණය කර ඇත්තේය. ඒවායෙන් නිශ්පාදිත භාන්ඩ කාලයක් දක්වා නිවෙස් වලට අලංකාරවත් ආකාරයටද, (ජීවිතයට) ප්‍රයෝජනවත් දැය වශයෙන්ද ඇත්තේය; (16:80)
ඉතාමත් අමාරුකමෙන් මිස, ඔබට යා නොහැකි රටවලට ඒවා (ඔබවද) ඔබගේ ඉමහත් බරද ඔසවාගෙන යන්නේය. නියත වශයෙන්ම ඔබගේ දෙවියන් (ඔබ කෙරෙහි) ඉතාමත් දයාබරව හා කරුණාවන්තව සිටින්නේය. (16:8)
ඔහුම ඔබ මාළු (අල්ලා පිළියෙල කර) අනුභව කිරීමටද, ඔබ ආභරන වශයෙන් පැළඳිය හැකි වස්තූන් ලබා ගැනීමටද, මුහුද (ඔබට) පහසුකම් ඇති කර දුන්නේය. (විවිධ ස්ථානයන්ට ගොස් වෙළඳාම මගින්) දෙවියන්ගේ වරප්‍රසාදයන් ඔබ සොයා ගැනීම පිණිස, (මුහුදෙහි යාත්‍රාකරන අවස්ථාවේදී) නැව් මුහුද දෙබෑ කරමින් යනු ඔබ දකින්නෙහිය. (මේ වෙනුවෙන් ඔබ දෙවියන්ට කෘතඥ වෙමින් සිටිනු මැනවි). (16:14)
අල්ලාහ් ආහාර සැපයීම භාර නොගත් කිසිම ජීවියෙක් භූමියෙහි නැත. (ඒවා) ජීවත් වී සිටින ස්ථානයද, ඒවා (මරණයට පත් වී) භූමදානය වන ස්ථානයද ඔහු දැනගෙනම සිටින්නේය. මේවා සියල්ල් පැහැදිළි පුස්ථකයෙහි සටහන් වී ඇත්තේය. (11:6)
ඔබටද, ඔබ ආහාර දී (හදා වඩා) නොගන්නා වූ (අහස් හීද, භූමියෙහිද වාසය කරන) ජීවීන් සියල්ලටද ජීවත් වීමට අවශ්‍යය වස්තූන්ද අපිම එහි සැලසුම් කළෙමු. (15:20) සෑම වස්තුවකම භාන්ඩාගාරයක් අප වෙතම ඇත්තේය. එහෙත් ඒවා (ඒ ඒ කාලයන්ට ඒ ඒ දැයට) නියමිත ප්‍රමාණයෙන්ම අපි පහළ කර තබන්නෙමු, (15:21)
අල්ලාහ්ම (එළු, ගව, ඔටුවන් වැනි) සතුන්- ඒවායෙහි සමහරක් මත ඔබ ගමන් කිරීමටද, ඒවායෙන් සමහරක් ඔබ අනුභව කිරීමටද- ඔබ වෙනුවෙන් ඇති කර ඇත්තෙමු. ඒවායෙහි ඔබට වෙනත් (බොහෝ) ප්‍රයෝජනයන්ද ඇත්තේය. ඔබගේ සිත් හී ඇති ඉල්ලීම් ඒවා මගින් ඔබ අත් කර ගැනීම පිණිස, ඒවා මතද, නැව් මතද, (බොහෝමයක් තැන් වලටද) ඔබව උසුලාගෙන යනු ලබන්නෙහුය. (40:79,80)
ඒවායේ පිට කොන්ද මත ඔබ (නැග) වාඩි වීම සඳහා, ඒ මත ඔබ (තෘප්තිමත් වන අන්දමට) වාඩි වුව හොත් ඔබගේ දෙවියන් පහළ කළ මෙම වරප්‍රසාදය මතක් කර, (මේ වෙනුවෙන් ඔබ ඔහුව නැමද) "මේ මත (නැගීමට) ශක්තිය නොමැත්තන් වශයෙන් සිටි අපට මෙය වසඟ කර දුන් අය ඉතාම පාරිශුද්ධයෙකි" යයිද, නියත අවශයෙන්ම අපි අපගේ දෙවියන් වෙතම ආපසු යන්නෙමු" යයිද පවසනු මැනව! (43:13,14)
අනුභවය සඳහා වළක්වන ලද සත්ව ආහාර සම්බන්ධව
(විශ්වාසවන්තයිනි! ඉබේ) මැරුණු, ලේ, ඌරු මස්, අල්ලාහ් නොවන දැයෙහි නම් පවසනු ලැබූ දැය ආදියද, බෙල්ල මිරිකා මැරුණු දැයද, පහර වැදී මැරුණු, (ඉහල සිට) වැටී මිය ගිය දැයද, අං වලින් අනිනු ලැබ මැරුණු දැයද, (සිංහ දත්, වීර නියපොතු වලින් යුත් මස් බුදින සතුන් වන සිංහයන්, කොටියන්, දිවියන් වැනි) දඩයම් සතුන් විසින් සපා (මැරුණු) දැයද, ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය. (එහෙත් මෙම සතුන් දඩයම් කරන ලද) ඒවායෙන් (පන පිටින් සිටින විටදී) නියම අන්දමින් (බිස්මිල්ලාහ් කියා) ඔබ බෙල්ල කැපූ (කුර්බාන් කළ) දැය හැර. (එසේ බෙල්ල කැපූ දැය ආහාරයට ගත හැකිය. තවද පූජා කිරීම සඳහා) සිටුවන ලද (කුළුණු, කොඩි, පිළිරූ වැනි) දැය සඳහා කැපූ දැයද, දුන්නෙන් විද (නිවිති බලා) පංගු බෙදා ගැනීමද (ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය). මේ සියල්ල පාපයන් වන්නේය.- කව්රුන් හෝ පාපයක් කිරීමේ අදහසක් නොමැතිව බඩ ගින්නේ දරුණු කම නිසා, බල කරනු ලැබ,(ඉහත සඳහන් තහනම් කරනු ලැබූ දැය අනුභව කර) හැරියොත් (එය වරදක් නැත).මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් (බල කරනු ලැබ ඔහුගේ වැරදි වලට) සමාව ලබා දී අනුකම්පා කරන්නෙකු වශයෙන් සිටින්නේය; (5:3) [2:173][6:145,146]
ආහාර සඳහා හෝ වෙනත් කාරණාවන් සඳහා සතුන් ඝාතනය (කුර්බාන්) කිරීම ගැන
කුර්බානි සම්බන්ධව [2:196][5:27][5;94-97][22:28,30,33,34,36,37][6:162][108:2]
සතුන් උපමා ලෙස හෝ උදාහරණ ලෙස ගෙන කරුණු පැහැදිළි කළ අවස්ථා කිහිපයක්
මැස්සෙකු නැතහොත් ඊටත් වඩා (අල්පයෙහි) උසස් යම් කිසිවක් උපමාවක් වශයෙන් ගැනීමට අල්ලාහ් නියත වශයෙන්ම ලැජ්ජා වන්නේ නැත; (2:26)
නයා හැව ඇරීම සම්බන්ද උපමාවක් [7:175]
මකුළුවා සහ මකුළු දැළ උපමාවට ගැනීම [29:41]
බූරුවාගේ කට හඬ උපමාවට ගැනීම [31:19]
සතුන් මෙන් සිටිනා මිනිසුන් ගැන උදාහරණ [7:179][8:55][25:44][47:12]
බූරුවාට උපමා කල මිනිසුන් ගැන [62:5][74:48-51]
සිංහයන්ව දැක දුවන වල් බූරුවන්ට උපමා කල ප්‍රතික්ෂේප කරන මිනිසුන් ගැන [62:5]
ඉඳිකටුවේ සිදුරෙන් ඔටුවෙකු රිංගන තුරු ප්‍රතික්ෂේප කරන්නන් ස්වර්ගයට ඇතුළු නොවේ;[7:40]
මිනිසුන්ට හා ඔවුන් ගේ ව්‍යාජ දෙවිවරුන්ට එක් මැස්සෙකුවත් නිර්මාණය කළ නොහැකි බව උපමාවකින් පැවසීම [22:73]
බල්ලෙකුගේ උදාහරණයක් [7:176]
පෘතුවියෙහි පළමුවෙන්ම මිය ගිය මිනිසාගේ මෘත දේහය කෙසේ භූමදනය කළ යුතු දැයි කපුටෙකු මගින් පොළොව හාරා උදාහරන පෙන්වීම [5;31]
මිනිසුන්ගේද, අනෙකුත් ජීවීන්ගේද, පළතුරු ආදියෙහිද විවිධ වර්ණයන් (හා රසයන්) ඇති කළ බව [35:27,28]
යුග අවසානයට පසු විනිශ්චය වෙත ඒමට යොමුවන මිනිසුන් විසිරුණු මෙරුවන්ට උදාහරන ලෙස දැක්වීම [101:4]
සතුන් සම්බන්ධව මූසා නබි (අ.ස) ගේ කාලයේ සිදුවූ සිදුවීම් කිහිපයක්
මූසා නබි (අ.ස) කුර්බාන් සම්බන්ධව තම ජනතාවට ප්‍රකාශ කිරීම [2:67-73] [5:1]
තවද (තව්රාත් ධර්මය ලබා දීමට) මූසාට අපි රාත්‍රීන් හතළිහක් පොරොන්දු වී තිබුනෙමු. (ඒ සඳහා ඔහු ගිය) පසු (ඔහු ආපසු හැරී ඒමට පෙරම) ඔබ සීමාව ඉක්මවා වසු පැටවෙකු (දෙවියන් වශයෙන්) ගෙන තිබුනෙහුය. (2:51)
තවද අපි ඔබට (ඔබගේ මුතුන් මිත්තන්ට) ස්වේත වර්න වළාකුළු වලින් සෙවන ලබා දීමට සලස්වා, ඔබ වෙනුවෙන් 'මන්නු', 'සල්වා' ද පහළ කර, (ඔවුන්ට) "අපි ඔබට ලබා දෙමින් තිබෙන පාරිශුද්ධ වූ මේවා අනුභව කරමින් සිටිනු" (යයි නියෝග කර සිටියෙමු); (2:57) [මන්නු සහ සල්වා යනු කුරුල්ලන් විශේෂ දෙකකි].
තවද (විවේක දිනය වන) සෙනසුරාදා දිනයන්හී (මාළු ඇල්ලීම තහනම් යයි තිබුණු සීමාව) ඔබගෙන් කවුරුන් කඩ කළෙහුද යන්නද, ඒ වෙනුවෙන් අපි ඔවුන්ට "ඔබ දීන වූ වඳුරන් බවට පත්වනු" යයි පැවසීම යන්නද, ඔබ පැහැදිලිවම දැනගෙනම සිටින්නෙහුය. (2:65), [5:60] [7:160]
එබැවින් ඔවුන් කෙරෙහි (වැස්ස සමග එන) සිළි සුළඟ, පළගැටියන්, උකුනන්, ගෙම්බන්, ලේ ආදී පැහැදිලි මෙම ප්‍රාතිහාර්‍යයන් (එකක් පසු පස එකක් වශයෙන්) අපි යැව්වෙමු. (මින්) පසුවද ඔවුන් උඩඟු වී වැරදි කරන ජනතාවක් වශයෙන්ම සිටියහ. (7:133)
ඉබ්රාහීම් නබි (අ.ස) සහ සත්ව ආහාර සම්බන්ධ කාරණාවක්
ඉබ්රාහීම් නබි (අ.ස) තුමා බදින ලද මස් ගෙනවිත් අමුත්තන්ට දීම. ඔහු නොදැන සිටි ඒ අමුත්තන් මලායිකාවරුන්ය. ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කළේය. [11:69]
තවත් නබිවරු කිහිපදෙනෙකු සහ සතුන් සම්බන්ධ ඉතිහාස කතා කිහිපයක්
යූසුෆ් (අ.ස) ගේ සොයුරන් තම සොයුරා වෘකයා විසී කා දැමූ බවට බොරු කීම ගැන. [12:17,18]
සමූද් ජනතාව වෙත ප්‍රාතිහාර්‍යයක් ලෙස එවූ ඔටු දෙන සම්බන්ධව [17:59][54:27-30][91:13]
යූනුස් නබි (අ.ස) මාළුවෙකු ගිලගත් සිදුවීම ගැන [37:139-148][68:48]
මූසා නබි (අ.ස) ගේ සැරයැටිය නාගයෙක් බවට පත් කිරීම ගැන [20:17-2][26:32][28:31]
(අනුන්ගේ) එළුවන් විසින් බෝග උලා කෑම ගැන නබි දාවුද් (අ.ස) විනිශ්චය කිරීම ගැන [21:78][38:24]
නබි දාවූද් (අ.ස) ට සහ නබි සුලෙයිමාන් (අ.ස) ට පක්ෂීන් අවනත කර දීම සහ පක්ෂීන් සමග කථා කිරීම ගැන.[21:78,79][27:16,17,20-24][34:10][18:19,20]
දාවූද් නබි (අ.ස) ගේ යුධ අශ්වයින් ගැන.[38:31,33]
සුලෙයිමාන් (අ.ස) කුහුඹුවන් ගේ භාෂාව වටගා ගැනීම ගැන [27:18]
සුලෙයිමාන් නබි (අ.ස) හේත්තු වී සිටි සරයැටිය වේයන් විසින් කා දැමීම ගැන [34:14]
සතුන් සම්බන්ධ වෙනත් ඉතිහාස කතා කිහිපයක්
එක් මිනිසෙකුව වසර 100ක් නිදි කරවා නැගිටවීමත්, ඔහුගේ මැරී ගිය බූරුවා දිරාපත් වූ පසු නැවත ශරීරය සහ පණ දී නැගිටුවීම සම්බන්ධ දීර්ඝ කුරාන් වැකිය [2:259]
ගුහා වාසීන් සමග වසර 300කට ආසන්න කාලයක් නිදාගෙන සිටි බල්ලා ගැන .[18:18,22]
ඇබා බීල් නැමති කුඩා කුරුල්ලන් විසින් විසින් පුළුස්සන ලද ගල් කැට වීසි කර ඇත් සේනාව විනාශ කිරීම ගැන. [ 105:3-5
යුධ අශ්වයින් ගැන [8:60] වේගයෙන් දුවන අශ්වයින් [100:1-5]
බුරාක් නැමැති ස්වර්ගයේ සිට එවන ලද විශේෂ සත්වයෙකු ගැන සඳහන් කර ඇත. මොහම්මද් නබි (සල්) තුමාව මක්කා සිට ජෙරුසෙලම් හි පිහිටි බය්යතුල් මුකද්දිස් දක්වාත්, ඉන් පසු හත්වෙනි අහසේ ඉහලටත් එම සතා හරහා රැගෙන ගිය ප්‍රාතිහාර්‍යයම ගමන [17:1]
අනාගතයේදී- යුග අවසානය වන විට කැලේ සතුන් ගම්වලට ඒකරාශී කරන බව [81:5]
මරණින් පසු සතුන්ට කුමක් සිදුවේද?
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් - බොහෝ සනාථ කරන හදීසයක - මෙසේ පැවසූ බව වාර්තා කර ඇත:
"අල්ලාහ් ඔහුගේ මැවීම, ජින්වරුන්, මිනිසුන් සහ සතුන් අතර විනිශ්චය කරනු ඇත. එදින, අල්ලාහ් අං නැති සත්වයාට අං ඇති සතුන් සමඟ තම ලකුණු තීරණය කිරීමට ඉඩ දෙනු ඇත, එවිට විසඳා ගැනීමට කිසිවක් ඉතිරි නොවන විට, අල්ලාහ් ඔවුන්ට "දූවිලි වන්න" යැයි කියනු ඇත. එම අවස්ථාවේදී කාෆිර් මෙසේ කියනු ඇත, "මම දූවිලි වී සිටියා නම්".
(අල්-සිල්සිලත් අල්-සහීහා, අංක 1966 හි අල්-අල්බානි විසින් සහීහ් ලෙස වර්ගීකරණය කර ඇත)
එවිට අවිශ්වාස කරන්නා මෙසේ කියනු ඇත:
'එදිනදී සෑම මිනිසෙකුම තම දෑතින් (සිදුකර) යැවූ දෙය තම දෑසින් දැක ගන්නේය. එදිනදී සෑම මිනිසෙකුම තම දෑතින් (සිදුකර) යැවූ දෙය තම දෑසින් දැක ගන්නේය. ප්‍රතික්ෂේප කරන්නන් නම්, තමන් පස්බවට පත්වීම සිටියා නම් අගනේය නොවන්නේදැයි දොඩවන්නාහ!; [අන්-නබා' 78:40].
එම හදීසයෙන් සහ කුරාන් වැකියෙන් අදහස් වන්නේ, සතුන් සියල්ලමත් විනිශ්චය දිනදී දෙවියන් වෙත කැඳවන බවත්, සතුන්-සතුන් හා සතුන්-මිනිසුන් අතර වූ ගනුදෙනු සම්බන්ධතා විනිශ්චයට ලක්කර, ඔවුන්ට මෙලොවදී සිදු උන සාධාරන-අසාධාරන වලට දෙවියන් විසින් අවසන් සාධාරනය ඉටු කොට ඉන් පසු සියළුම සතුන්ව දුහුවිලි බවටම පත් කර ඔවුන්ගේ කාරණාව එතැනින් සම්පූර්ණයෙන්ම අවසන් කරන බවය. ඉන් පසු ඔවුන්ට ආත්මයක් ද නැත.
නමුත් මිනිසුන්ගේ (සහ ජින් වරුන්ගේ) ආත්ම එසේ අවසන් කරන්නේ නැත. ඔවුන්ගේ අවසානය (සදාකල්) නිරය හෝ (සදාකල්) ස්වර්ගය වේ. එය දන්නා මිනිසුන්ගෙන් ප්‍රතික්ශේප කරමින් සිටි මිනිසුන් ද තමන් දුහුවිලි බවටම පත්ව සිටියා නම් හොඳ යැයි පවසන බව දෙවිදුන් පවසයි.
by sjw
මේ ගැන ඔබේ අදහස් අපට ලියන්න
ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)
අපගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us