
විශ්මිත සතුන්
අපි අපේ පාසල් කාලයේ සිට කාර්යය බහුල විය. රැකියාව සහ ආර්ථික රටාව, පව්ල් සම්බන්ධතා, ගමන් බිමන්, විනෝදාංශ සහ අළුතින් නම් සමාජ මාධ්‍යය නිසා අපි යම් යම් සීමාවන් තුල සිරවෙලා. අපිට සොභා දහම දෙස බලන්න, ඒ ගැන සිතන්න පවා වෙලාවක් නැති තරම්.
අපිට පිටින් ඉන්න සත්ව ලෝකය දෙස අපි මොන තරම් සුළු සැලකිල්ලකින්ද බලන්නෙ. ඔවුන් විවිධත්වයෙන් ඉතා විශාලය. මිනිසුන් එක් සත්ව විශේෂයකි. පෘථිවියේ සත්ව විශේෂ මිලියන 8.7ක් පමණ සිටින බව විද්‍යාඥයින් ගණන් බලා ඇතත්, ඉන් මිලියන 7.5කට වඩා සොයා නොගෙන පවතින බව ඇතැම් පර්යේෂකයින් පවසයි. විශේෂ මිලියන 1.2කට වඩා විධිමත් ලෙස විස්තර කර ඇතත්, සත්‍ය සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් වැඩි බව විශ්වාස කෙරේ, සමුද්‍ර ජීවීන්ගෙන් සැලකිය යුතු කොටසක් තවමත් ගවේෂණය කර නොමැත. ඒ ඒ සත්ව විශේෂ වලට බොහෝ විට අනන්‍යය වූ සුවිශේෂී ලක්ෂණද පෙන්වයි. මේවා අදහා ගත නොහැකි තරම් විශ්මය ජනකයි. එහි අපට ප්‍රධාන සත්ව කාණ්ඩ කිහිපයක් හමුවේ. ඒවා නම්,
✨ අපෘෂ්ඨවංශීන්:- (කොඳු ඇට පෙළක් නොමැති සතුන් - කෘමීන්, මකුළුවන්, ගොළුබෙල්ලන්, බූවල්ලන් සහ ජෙලිෆිශ් වැනි විවිධ කණ්ඩායම්)
පෘෂ්ඨවංශීන් :- (කොඳු ඇට පෙළක් ඇති සතුන්) ✨ මාළු, ✨ උභයජීවීන්, ✨ උරගයින්, ✨ පක්ෂීන්, ✨ ක්ෂීරපායින්
මීට අමතරව අපගේ පියවි ඇසින් බැලිය නොහැකි තරම් කුඩා ජීවීන්ද ඇත.
මේ පිළිබඳව සෝදිසි කිරීම මගින් මේවායේ නිර්මාතෘ ගේ ශ්‍රේෂ්ඨත්වය මනාව පිළිබිබු වෙයි.
දෙවියන් සතුන් ගැන කුරනය තුලින් යම් යම් තොරතුරු අප වෙත දන්වා ඇත. ඒවායින් කිහිපයක් පහතින් දැක්වේ.
භූමියෙහි බඩගා ඇවිදිය හැකි දැයද, තමන්ගේ තටු මගින් (අහසෙහි) පියාඹිය හැකි දැයද, ඔබ මෙන් (ජීවය ඇති) ඔබ වැනි උත්පාදනයන්ම මිස වෙන කිසිවක් නැත. මේවායින් කිසිවක් අපගේ පුස්ථකයෙහි සඳහන් නොකර මා අතහැර දැමුවේ නැත. පසුව (දිනකදී) මේවාද තම දෙවියන් වෙත ගෙන එනු ලැබේ. (6:38)
(එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ගෙන්ද ඔබට පාඩමක් ඇත. ලේ වලටද, ගොම වලටද අතරේ උන්ගේ කුසෙන් කළවම් නොවුන කිරි (උත්පාදනය කර) අපි ඔබට පොවන්නෙමු. එය පානය කිරීමට ඉතා රසවත්ය. (16:66)
අශ්වයින්, හා බූරුවන් ආදී සතුන් මත නැග ගමන් යාම සඳහාද, (ඔබට) අලංකාරවත් වශයෙන්ද (ඔහු) ඒවා උත්පාදනය කර ඇත්තේය. තවද, ඔබ නොදන්නා දැයද උත්පාදනය කර ඇත්තේය. (6:8)
අහස් ගැබෙහි (දෙවියන්ගේ නියෝගයන්ට) අනුව යටත් වී පියාඹන පක්ශීන්ව ඔවුන් දුටුවේ නැද්ද? ඒවා (අහස් හී) උසුළාගෙන සිටින්නා අල්ලාහ් හැර වෙන කිසිවෙකුත් නැත. විශ්වාසය තැබූ ජනතාවට මෙහිද විවිධ සාධකයන් ඇත්තේය. (16:79)
ඔබටද, ඔබ ආහාර දී (හදා වඩා) නොගන්නා වූ (අහස් හීද, භූමියෙහිද වාසය කරන) ජීවීන් සියල්ලටද ජීවත් වීමට අවශ්‍යය වස්තූන්ද අපිම එහි සැලසුම් කළෙමු. (15:20)
'ඔබගේ හිමි මි මැස්සන්ට වැටහීම දෙන්නේය. කදු, ගස් හා උස වූ ගොඩනැගිලිවල නුඹලා මි වද බඳිණු, තවද නුඹලා සෑම පලතුරු (වර්ගවල ඇති මල්) වලින් රොන් උරා බි ඔබ හිමිගේ පහසු මාර්ගයෙහි (නුඹලා ගේ නිවෙස් තුලට) ඇතුළු වනු. මෙයින් උගේ උදරයන්හි වර්ණ කිහිපයකින් යුත් පැණියක් (මි පැණි) වැහෙන්නේය. එයින් මිනිසුන්ට සුවය ඇත. අත්තෙන්න්ම මෙහිද සිතා වටහා ගන්න ජනතාවට සාක්ෂියක් ඇත'.(අල් කුර්ආන් 16:68/69).
සතුන් ගැන දෙවියන් වහන්සේ අපට පවසා ඇති දේ [සතුන් සම්බන්දව බොහෝමයක් කුරාන් ආයත් මෙහි අන්තර්ගතය]







කුරුමිණියෙකුගේ පෙර පාදයක යටිපතුලක විශාල කර ගත් ඡායාරූපයක්.


















මුහුදු අශ්වයන්
පිරිමි සහ ගැහැණු මුහුදු අශ්වයන් ආලය කිරීමට කාලය ගත කළ පසු, ගැහැණු සතා තම බිත්තර පිරිමි සතාගේ බෑගය තුළ තැන්පත් කරයි. එවිට පිරිමි සතා බෑගය තුළ බිත්තර සංසේචනය කරයි. මෙය සත්ව රාජධානියේ අද්විතීය අනුවර්තනයකි.
වරකට මුහුදු අශ්වයෙක් දින 25ක ගැබ් කාලයකට පසු පැටවුන් 2000 ක් පමන ප්‍රසූත කරයි.


වවුලන්
වවුලන් නොමැති උනොත් කෙසෙල්, අලිගැට පේර සහ අඹ වලට ආයුබෝවන් කියන්න සිදුවනු ඇත. මොවුන් චොකලට් වල ප්‍රධාන අමුද්‍රව්‍යය වන කොකෝවා බීජ පැතිරවීම සඳහාද උපකාරී වේ. වවුලන් නොමැතිව, අපට අග්ගිස්, සගුවාරෝ පතොක් වැනි ශාක ද නොමැත. මෙසේ පලතුරු විශේෂ 300කට අධික සංඛ්‍යාවක් පරාගණය සඳහා වවුලන් මත යැපේ.
වවුලන් එකම පියාසර ක්ෂීරපායි සත්වයා වේ. පියාඹන ලේනුන්ට ලිස්සා යා හැක්කේ කෙටි දුරක් පමණක් වන අතර වවුලන් සැබෑ පියාසර කරන්නන් වේ. වවුලෙකුගේ පියාපත් නවීකරණය කරන ලද මිනිස් අතකට සමානයි. ඔබේ ඇඟිලි අතර සම විශාල, සිහින් සහ දිගු යැයි සිතන්න. එක් එක් දිගු ඇඟිලි අස්ථි සහ බොහෝ චංචල සන්ධි අතර විහිදෙන මෙම නම්‍යශීලී සම පටලය වවුලන් වේගවත් පියාසර කරන්නන් බවට පත් කරයි.
තිත් වවුලා වැනි සමහර විශේෂයන් සීත කාලවලදී ආහාර සොයා උණුසුම් ප්‍රදේශවලට සංක්‍රමණය වීමෙන් දිවි ගලවා ගනී.










ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)
අපගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us