
මිනිසාව පළමුවෙන්ම මැවීමේ සිට ඔහුගේ අවසානය දක්වා දෙවිඳුන් පවසා ඇති කරුණු.
මිනිසා පිළිබඳ විෂය ඉතා සංකීර්ණයි. එය මිනිස් ශරීරය, බුද්ධිය, ආත්මය සහ මනස, මිනිසාගේ ආරම්භය සහ අවසානය, මේ ජීවිතයේ අරමුණ සහ පරලොව ස්වභාවය වැනි බොහෝ අංශ ආවරණය කරයි. බුදු දහමට අනුව මේ ගැන හොඳම විග්‍රහයක් ලබා දීමට බෝසතානන් වහන්සේ ඉතා විශාල ආත්ම ගනණක් සහ කාලයක් ගෙවමින් පැමිණි බවත් අවසානයේ බුද්ධත්වයට පත්වන තෙක්ද තව්ස්දම් පුරමින් ඉතා වෙහෙසක් ගත් බවත් සඳහන් වේ. එම අපිරිමිත උත්සහායේ අරමුණ වූයේ මිනිසා ගැන සත්‍ය අවභෝධ කර ගැනීමට බව සඳහන් වේ. එතුමන්ට අමතරව ලොව පුරා බොහෝ සුවිශේෂී පුද්ගලයන් විසින්ද මිනිසා ගේ සැඟවුනු තොරතුරු පිළිබදව එක් එක් අදහස් ඉදිරිපත් කර ඇත.
ඔය අතර, සමහරුන් විශ්වාස නොකලත්, පහතින් දැක්වෙන්නේ මහ පුදුම කාරණාවකි. එය නම්, විශ්වයේ සහ මිනිසාගේ නිර්මාතෘ තමා යැයි ඉදිරිපත් වෙමින්, තමන් සර්වබලධාරී දෙවියන්වහන්සේ යැයි හඳුන්වා දෙමින්, මිනිසාට නිකුත් කළ අවසන් දිව්‍ය හෙළිදරව්ව ලෙස ශුද්ධ වූ අල් කුරානය ඉදිරිපත් කරමින් එතුළින් මිනිසා ගැන සඳහන් කල (මිනිසාගේ නිර්මාතෘගේ) වැකි කිහිපයක් අපට හමුවීමය.
එම නිසා කුමණ දහමක් අනුගමනය කරන්නෙක් උනත්, කුමණ තරාතිරමකම කෙනෙක් උනත් මේ ගැන නෙත් යොමුකර බැලීම වඩා හොඳය.
දෙවියන් මෙසේ පවසයි.
අහස් හිද භූමියෙහිද, ඔවුන්ට ඉදිරියෙන්ද පසුපසින්ද, ඇති දැය ඔවුන් අවධානය කර බැලුවේ නැද්ද?; (34:9) ඒවා කිසිවක් නොමැතිව තමන් විසින්ම ඇති කළෙහුද? නැතහොත් මොවුන්, තමන්ට තමන්ම නිර්මාණය කර ගත්තෙහුද? නැතහොත් අහස්ද භූමියද ඔවුන් නිර්මාණය කළෙහුද? නැත. මේ සියල්ල නිර්මාණය කළ අය දෙවියන්ය; (52:35,36)
ශුද්ධ වූ කුරානය වන මෙය ධර්ම පුස්තකයයි. මෙහි කිසිම සැකයක් නැත. භය භක්තිකයින්ට (මෙය) ඍජු මාර්ගය පෙන්වන්නේය. (2:2) මිනිසුන්ට හොඳ වැටහීමක් ලබා ගැනීම පිනිසම මෙම කුරානය නියත වශයෙන්ම අපි ඉතාමත් පහසු කර ඇත්තෙමු. එබැවින් (මෙමඟින්) හොඳ වැටහීමක් ලබන්නන් කවුරුන් හෝ ඇත් ද? (54:17)
පහත අනු මාතෘකා යටතේ මිනිසා ගැන දිව්‍ය වදන් ඇත.
- මිනිසාව නිර්මාණය කිරීමට හේතුව පහදා දීම
- මිනිසාගේ තුන් කාලය ගැනම සහ සිතුවිල්ල ගැන පවා දෙවිඳුන් දන්නා බව
- සියළු ආත්ම නිර්මාණය කළ මුල්ම අවස්ථාව
- පළමු මිනිසාව නිර්මාණය කිරීම
- පළමු මිනිසාගේ පරම්පරාව ඇති කළ ආකාරය
- ආත්මයට සම්බන්ධ, සිත, හෘද සාක්ෂිය (රූහ් සහ නෆ්ස්)
- දෙවිඳුන් මිනිසාට දුන් පෞරුෂත්වය හා පරීක්ෂනයේ ප්‍රධාන කාරණාව
- දෙවිඳුන් විසින් මිනිසාට දුන් විශේෂ වරප්‍රසාද කිහිපයක්
- පෘතුවිය තුල මිනිසාගේ වගකීම කුමක්දැයි පෙන්වා දීම
- මිනිසාගේ මෙළොව ජීවිතයේ අරමුණ කුමක්දැයි පෙන්වා දීම
- සෑම මිනිසෙකු සම්බන්ධවම මලායිකාවරු (දේව දූතවරු) පත් කර ඇති බව
- දෙවියන්ගේ මාර්ගෝපදේශය මිනිසාට ලබා දීම ගැන
- නින්දේදී සහ මිනිසා මරණයට පත්වන අවස්ථාවේ ආත්මය අත්පත් කර ගැනීම
- මරණින් මතු (මිනීවල තුල) ජීවිතය ගැන
- මරණින් පසු නැවත නැගිටුවීම සම්බන්ධව
- දෙවියන්ගේ අනුදැනුමට එපිටින් කිසිම ආත්මයට කිසිවක් කළ නොහැකි බව
- දෙවියන්ව ප්‍රතික්ෂේප කිරීම නිරාවාසියෙකු වන තරමේ පාපයක් බව
- විනිශ්චය දිනය ගැන
- නිරයට සේන්දු වන්නන් ගැන
- ස්වර්ගය වෙත ඇතුළු කරන්නන් ගැන
මිනිසාව නිර්මාණය කිරීමට හේතුව පහදා දීම
අහස්ද, භූමියද, ඒවා අතර ඇති දැයද (පුහු) සෙල්ලමක් සදහා අපි නිර්මාණය කලේ නැත (කුරානය 44:38,21:16).
"අපි නුඹළාව නිකමට මැව්වෙමු යැයිද, නියතව නුඹලා අප හමුවට හරවනු නොලබන්නෙහු යැයිද සිතාගෙන සිටියෙහුද?" (කුරානය 23:115).
ඔබගෙන් කවුරුන් ක්‍රියාවන්ගෙන් ඉතාමත් අලංකාරවත් කෙනෙකුද යන්නෙහි ඔබව පිරික්සනු පිණිසම ඔහු ජීවිතයද මරණයද උත්පාදනය කර ඇත්තේය. (කුරානය 67:2)
ඔහුව අපි පිරික්සීම පිණිසම සවණ ඇති අය වශයෙන්ද, බැල්ම ඇති අය වශයෙන්ද, ඔහුව පත් කළෙමු; (76:2)
(කිසිම) ප්‍රශ්නයක් නොඅසා අත්හැර දමන්නෙමු යැයි මිනිසා අදහස් කළෙහිද? (75:36)
මිනිසාගේ තුන් කාලය ගැනම සහ සිතුවිල්ල ගැන පවා දෙවිඳුන් දන්නා බව
ඔබව පස් වලින් නිර්මාණය කළ අවස්ථාවේදී ඔබගේ (ගති ගුණයන්) ඔහු හොඳින් දන්නේය. ඔබ ඔබගේ මවගේ කුසයෙහි (මාංශ පින්ඩයක් වශයෙන්) සැඟවී තිබූ අවස්ථාවෙහිද, (ඔබව ඔහු හොඳින් දන්නේය); (53:32)
නියත වශයෙන්ම අපිම මිනිසාව (පළමු වරට) උත්පාදනය කළෙමු. ඔහුගේ මනසෙහි ඇතිවන සිතුවිල්ලද, අපි හොදින් දනිමු. පිටි බෙල්ලේ ඇති පණ නහරයට වඩා අපි ඔහුට ඉතාමත් සමීපවයෙන්ම සිටින්නෙමු. (50:16) හෘදන්හී ඇති දැයද නියත වශයෙන්ම ඔහු හොඳින් දන්නේය. (39:7) ඔහු නම් සෑම ආත්මයක්ම කරන සෑම දැයක්ම හොඳින් දන්නෙකි; (13:33)
ඔහුම ඉන්ද්‍රීය බිඳකින් මිනිසාව උත්පාදනය කළේය. එසේ තිබියදී ඔහු (දෙවියන් සමග ප්‍රකට සතුරෙකු වශයෙන් සිටින්නේය. (16:4) මිනිසුන්ගෙන් බොහෝමයක් ඉතාමත් ගුණමකු අය වශයෙන් සිටින්නාහ.; (25:50)
ඔහු නොදැනුවත්ව කිසියම් හෝ කාන්තාවක් ගැබ් ගන්නේද නැත, ප්‍රසූත කරන්නේද නැත. ඔහුගේ සටහන් පුස්ථකයෙහි නොමැතිව කිසිවකුගේ වයස වැඩි කරනු ලබන්නේද නැත, කිසිවකුගේ වයස අඩු කරනු ලබන්නේද නැත. නියත වශයෙන්ම මේවා සියල්ල දැනගෙන සිටිම අල්ලාහ්ට ඉතාමත් සුළු දැයකි. (35:11)
සාමාන්‍යයෙන් භූමියෙහි හෝ නැතහොත් (පෞද්ගලිකව) ඔබට හෝ ඇතිවිය කුමණ අමාරුකමක් හෝ (පාඩුවක් හෝ) ඒවා අපි උත්පාදනය කිරීමට පෙරම (ලව්හුල් මහ්ෆූල් නැමති) පොතෙහි (සටහන් කරනු ලැබ) නැත්තේ නොවේ. නියත වශයෙන්ම මෙය අල්ලාහ්ට ඉතා ලෙහෙසි දැයකි. (57:22)
සියල්ලන්ම උත්පාදනය කළ අය, (හෘදයන් හී ඇති දැය) දැන නොගන්නෙහිද?;(67:14)
(නබියේ!) අහස් හිද, භූමියෙහිද ඇති සියල්ල නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දන්නේය යන්න ඔබ අවධානය කළේ නැද්ද? ඔවුන්ගෙන් තුන් දෙනෙකු (එක්කාසු වී කතා කරන) රහසෙහි ඔහු ඔවුන්ගේ හතරවැන්නා වශයෙන් නැත්තේ නොවේ., පසුව ඔවුන් කළ දැය ගැන ඔවුන්ට විනිශ්චය දිනදී දැනුම් දී (එයට සරිලන ඵලවිපාකද ලබා දී) හරින්නේය. ;(58:7)
සියළු ආත්ම නිර්මාණය කළ මුල්ම අවස්ථාව
නියත වශයෙන්ම "(අපගේ) වගකීම උසුලාගන්නෙහුද? යි අපි අහස්, භූමිය හා කඳු ආදියෙන් විමසුවෙමු. එයට ඒවා, ඒ ගැන බිය වී එය උසුලා නොගෙන ඈත් වූවේය. එවැන්නක්ම මිනිසා උසුලා ගත්තේය. (එබැවින්) නියත වශයෙන්ම ඔහු නොදැනුවත්කම නිසා තමන්ට තමන්ම හානියක් කරගත්තේය. (කුරානය 33:72) (එවැනි වගකීමක් භාරගෙන එයට වෙනස් ආකාරයකින් කටයුතු කරන) වංචනික පිරිමින්ටද, ගැගැනුන්ටද නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් කරනු ඇත. (එම වගකීම සැලකිල්ලට ගෙන කටයුතු කරන) විශ්වාසවන්තයින් වන පිරිමින්ටද, ගැහැනුන්ටද ඔවුන්ගේ වැරදි වලට සමාව දී) ඔවුන් දෙස දයාවෙන් යුතුව බලන්නේය. අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය. (කුරානය 33:73).
නබියේ, ඔබගේ දෙවියන් ආදම්ගේ පරම්පරාවේ දරුවන් වන ඔවුන්ගේ පිටකොන්දෙන් ඔවුන්ගේ පරම්පරා දරුවන්ව ඉකුත් කර, ඔවුන් තමන්වම ඔවුන්ට සාක්ශියක් වශයෙන්ද තබා (ඔවුන්ට) "මා ඔබගේ දෙවියන් නොවේද"? යි විමසූ විට, "ඇත්තෙන්ම (ඒ ආකාරයටම) අපි සාක්ෂි දරන්නෙමු" යැයි ඔවුන්ගේ පැවසීම (ඔබ ඔවුන්ට) මතක් කර දෙනු. (මන්දයත් මෙය කිසිවෙකුත් මතක් කර නොදුන් බැවින්) නියත වශයෙන්ම අපි මෙය අමතක කර දමා නොසැලිකිලිමත්ව සිටියෙමු" යැයි පරලොව දිනදී ඔවුන් නොකියා සිටීම සඳහාද,..(7:172) [මෙය ආත්ම නිර්මාණය කළ මුල්ම අවස්ථාවේ සෑම ආත්මයක්ම දෙවියන්ට දුන් පොරොන්දුවකි].
පළමු මිනිසාව නිර්මාණය කිරීම
නියත වශයෙන්ම අපි ඔබලාව උත්පාදනය කිරීමට අදහස් කර ඔබව (ඔබගේ මුල්ම පියා වන ආදම්ව (වියළී ගියහොත් ටං ටං යන ශබ්දය ගෙන ඇලෙන සුළු කිරිමැටියෙන්) නිර්මාණය කළෙමු. (7:11) (15:26)
ඔහු ඔබව (ආරම්භයේදී) එකම මිනිසෙකුගෙන් නිර්මාණය කර තිබුණි. පසුව ඔහුගෙන් ඔහුගේ බිරිඳව නිර්මාණය කළේය. (ඒ දෙදෙනාගෙන්, ඔබව පිරිමි, ගැහැණු වශයෙන් උත්පාදනය කරන්නේය); (39:6) පසුව පිරිමි ගැහැණු මිශ්‍ර වූ එක් ඉන්ද්‍රීය බිඳක් මගින් නියත වශයෙන්ම අපිම මිනිසාව උත්පාදනය කළෙමු; (76:2)
ඔහු උත්පාදනය කළ සෑම වස්තුවක්ම (එහි හැඩයද) ඉතාමත් අලංකාරවත් ලෙස නිර්මාණය කළේය: (32:7) නියත වශයෙන්ම අපි මිනිසාව ඉතාම ලක්ෂණ ස්වරූපයෙන් උත්පාදනය කර ඇත්තෙමු. (95:4)
පළමු මිනිසාගේ පරම්පරාව ඇති කළ ආකාරය
පසුව එක් අල්ප බිඳක් වන (ඉන්ද්‍රීය) සාරයෙන් ඔහුගේ පරම්පරාවේ දරුවන්ව (නිර්මාණය කර) ඇති කළේය.(32:8)
(මිනිසුනේ!) ඔබ සියල්ල එකම ආත්මයකින් උත්පාදනය කර, පසුව (ඔබගේ) පියා වෙත) රැඳී සිටීමට සලස්වා (ඔබගේ මවගේ ගර්භයෙහි) බාරදෙන්නේද ඔහුය.(6:98).
ඈතට පනිමින් ඉකුත් වන එක් ජල බිඳක් මගින්ම (මිනිසාව) උත්පාදනය කරණු ලැබුවේය. එය කොඳු ඇටවලටද, ඉල ඇට වලටද මධ්‍යයයෙන් ඉකුත් වන්නේය. (86:6,7)
පසුව එය අපි ඉන්ද්‍රීය බිඳක් බවට පත්කර ඉතාමත් ප්‍රවේසම් සහිත ස්ථානයක තැම්පත් කළෙමු. පසුව එම ඉන්ද්‍රීය බිඳ ලේ කැටියක් බවට පත් කළෙමු. පසුව එම ලේ කැටිය මාංශ පිණ්ඩයක් බවට පත් කළෙමු. පසුව එම මාංශ පිණ්ඩයේ ඇට කටු නිර්මාණය කර, එම ඇට සැකිල්ලට මස් මාංශ ඇන්දෙව්වෙමු. පසුව එය (පූර්ණ) මිනිස් ජීවිතයක් බවට පත් කළෙමු; (23:12-14)
අපි අදහස් කල අයව ගර්භයන්හී නියමිත කාලයක් දක්වා රැඳී සිටින සේ සලස්වන්නෙමු. (22:5) ඔබගේ මව්වරුන්ගේ කුසයෙහි එකකට පසු එකක් වශයෙන් අඳුරු වහන්තරාවන් තුනක් තුළ තබා ඔබව උත්පාදනය කරන්නේය; (39:6)
පසුව ඔබව ළදරුවන් වශයෙන් ඉකුත් කර ඔබ, ඔබගේ තරුණ විය අත් කර ගැනීමට සලස්වන්නෙමු. (මේ අතර) මරණයට පත්වන්නන්ද ඔබ අතරෙන් සමහරෙක් ඇත්තාහ. (නැතහොත් ජීවත්ව සිටිමින්) සියල්ල දැනගත්තායින් පසු කිසිවක් නොදන්නා කෙනෙකු බවට පත් වන මහළු වයස දක්වා (ජීවත් වීමට) අත්හැර දමන්නන්ද ඔබගෙන් සිටින්නාහ; (22:5)
කිසිවක් ඔබ නොදන්නා අය වශයෙන් සිටියදී, ඔබගේ මව්වරුන්ගේ කුසෙන් අල්ලාහ්ම ඔබව ඉකුත් කළේය. තවද, ඔබට කණ්ද, ඇස්ද, හෘදයද, ලබා දුන් අය ඔහුය. (මෙයට) ඔබ (ඔහුට) කෘතඥ වනු මැනව.(16:78) සෑම මිනිසෙකුටම (ඔහු පිටතට පැමිණීමට) පෙර කාලයක් ගත වූයේ නැද්ද? (එහි) ඔහු අසවල් වස්තුව යැයි කීමට නොමැති තත්වයක සිටියේය (76:1)
මිනිසාණෙනී! ඔබගේ ගෞරවණීය දෙවියන් ගැන ඔබව රවටා දැමුවේ කිමෙක්ද? ඔහුම ඔබව උත්පාදනය කර, උසස් අන්දමට හැඩරුව නිර්මාණය කර, ඉතාමත් නියමිත ආකාරයට සකස් කළේය. ඔහුම තමන් කැමති (ඉතාමත් අලංකාරවත්) හැඩයකින් ඔබව (ඔබේ අවයවයන්) සවි කළේය. (82:6,7,8)
ඔහු ඔබව පස් වලින් උත්පාදනය කළේය. පසුව ඔබ මිනිසුන් බවට පත් වී (භූමියෙහි විවිධ ප්‍රදේශයන්හී) විසිරී යාමට හැරීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දෙයකි. (30:20) ඔහුම එක් ජල බිඳකින් මිනිසාව නිර්මාණය කරන්නේය. පසුව එයට ලේ සම්බන්ධ ඥාතීන්ද, විවාහය සම්බන්ධයෙන් වූ ඥාතීන්ද ඇති කරන්නේය. (නබියේ!) ඔබගේ දෙවියන් (තමන් කැමති ආකාරයන් සියල්ල කිරීමට) බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය. (25:54)
ඔබ එක්කාසු වී ජීවත්විය හැකි ඔබගේ භාර්යාවන්ව (ඔබ ඔවුන් වෙත හිත සුව ලැබීම පිණිස) ඔබගෙන්ම (ඔහු) නිර්මාණය කර, ඔබ අතරේ ආදරයද, කරුණාවද ඇති කර තැබීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි. (එකක් නොව, බොහෝමයක්) සාධක ඇත්තේය. (30:21)
ආත්මයට සම්බන්ධ, සිත, හෘද සාක්ෂිය (රූහ් සහ නෆ්ස්) ගැන
(නබියේ!) "රූහ් (ආත්මය)" ගැන (යුදෙව්වන් වන) ඔවුන් ඔබගෙන් විමසන්නාහ. එයට ඔබ "එය අපගේ දෙවියන්ගේ නියෝගයෙන් ඇති වන්නකි. (ඒ ගැන) ඉතාමත් අල්ප ඥානයක් මිස, ඔබට දෙනු ලැබුවේ නැත. (එබැවින් එහි ගැඹුරු අදහස ඔබට දැන ගැනීමට නොහැකිය)" යැයි පවසනු මැනව! (17:85)
"මා (පලමු) මිනිසාව නිර්මාණය කර එහි (ජීවයට අවශ්‍ය) මාගේ ආත්මය ඇතුළු කළහොත් -ඔහුට (ගෞරව කිරීමට) - ඔබ නලල බිම තබා) සුජූද් කරනු" (යැයි අණ කළේය). ඒ ආකාරයටම මලායිකාවරුන් සියල්ලම (ඔහුට ගුරව කිරීම සඳහා) සුජූද් කළහ.(15:29,30)
ආත්මය මතද, එය (මිනිසා වශයෙන්) නිර්මාණය කළ අය මතද, එහි හොඳ නරක එයට දැනුම් දුන් අය මතද සත්තකින්ම. කවුරුන් (පාපයන්ගෙන් ඈත්වී) තමන්ව පරිශුද්ද කර ගත්තේද, ඔහු නියත වශයෙන්ම ජයග්‍රහනය කළේය. කවුරුන් එය (පාපයෙහි) වළලා දැම්මේද, ඔහු නියත වශයෙන්ම පරාජය අත් කර ගත්තේය. (91:7-10). මිනිසුන්ගේ සිත් පාපයන් කරන මෙන් පොළඹවන්නට හැක්කක් වශයෙන්ම ඇත්තේය; (12:53) වරද කළ අයට නින්දා කරනු ලබන (ඔහුගේ) හෘද සාක්ෂිය මතද මා දිව්රමි. (75:2) (එහෙත් එදිනදී හොඳ වහලුන්ට) "ඕ තෘප්තියට පත් ආත්මය. ඔබ ඔබගේ දෙවියන් දෙසට යනු. ඔහු මගින් ඔබ තෘප්තියට පත්වනු. ඔහු ඔබ ගැන තෘප්තියට පත්වී ඇත්තේය. ඔබ මගේ හොද වහලුන් සමග එකතුවී, මගේ ස්වර්ගයෙහි ඔබ ඇතුළුවනු! (යැයිද පවසනු ඇත).(89:27-30) සෑම ආත්මයක්ම මරණය අනිවාර්යෙන්ම විඳින්නාහ. එහෙත් ඔබගේ (ක්‍රියාවන්ට සරිලන) ඵලවිපාක ඔබ පූර්ණ වශයෙන් අත් කර ගන්නේ විනිශ්චය දිනදීය;(3:185)
ඉම්රාන්ගේ දියණිය වන මරියම්ය. ඇය තමන්ගේ පතිවත ආරක්ෂා කර ගත්තාය. එබැවින් එහි (ඇයගේ ගර්භයෙහි) අපගේ ආත්මයන්ගෙන් (එක් ප්‍රාණයක්) පිම්ඹෙමු: (66:12) පසුව (ඉබේම) මරියම් ගැබ් ගෙන, ඒ සමග (ඇය උන් හිටි ස්ථානයෙන් පිටත්ව), දුරින් පිහිටි ස්ථානයකට ගොස් සේන්දු වූවාය, (19:22)
දෙවිඳුන් මිනිසාට (සහ ජින් වරුන්ට) දුන් පෞරුෂත්වය හා පරීක්ෂනයේ ප්‍රධාන කාරණාව
"තවද, මම (අල්ලාහ්) ජින්වරුන් සහ මනුෂ්‍ය වර්ගයා මැව්වේ ඔවුන් මට (තනිවම) නමස්කාර කිරීමට මිස නොවේ".(කුරානය 51:56). [එනම් වෙන කිසිවෙකුට නමස්කාර කිරීමක් අවශ්‍ය නොවේ].
දෙවිඳුන් විසින් මිනිසාට දුන් විශේෂ වරප්‍රසාද කිහිපයක්
අල්ලාහ්ගේ වරප්රසාදයන් ඔබ ගණනය කළහොත්, ඒවා ඔබ විසින් ගණන් කළ නොහැක. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා ඉමහත් දයාබරවන්තයෙකුද වශයෙන් සිටින්නාහ. (16:18)
(මිනිසුණේ!) "අහස්හිද, භූමියෙහිද, ඇති දැය නියත වශයෙන්ම දෙවියන් ඔබට වසඟ කර දී ඇත්තේය" යන්නද, ඔහු තම වරප්රසාදයන් ගුප්තවද, ප්රසිද්ධියේද, ඔබ කෙරෙහි පහළ කර ඇත්තේය යන්නද, ඔබ දුටුවේ නැද්ද? මේ සියල්ල මෙසේ තිබියදී මිනිසුන්ගෙන් සමහරෙක් අධ්‍යාපන දැනුම හෝ තර්කානුකූල සෘජු මාර්ගය හෝ ආලෝකමත් ධර්ම ග්රන්ථයෙහි (කුරාන්හී) සාධකයන් හෝ නොමැතිව අල්ලාහ් (දෙවියන්) ගැන (නිකරුණේ) තර්ක කරන්නාහ. (31:20)
අල්ලාහ්ම ඔබට භූමිය වාසස්ථානයක් බවටද, අහස වියනක් බවටද පත් කර, ඔබව නිර්මාණය කර, අලංකාරවත් හැඩරුව ඇතිවද ඔබව පත් කලේය. තවද ඔහුම ඔබට උසස් ආහාරයන්ද ලබා දෙන්නේය. මෙම අල්ලාහ්ම ඔබගේ දෙවියන්ය. (සකල) ලෝකයන්හී දෙවියන් වන අල්ලාහ් භාග්‍යය වන්තයෙකි. (40:64)
ආදම්ගේ පරම්පරාවේ දරුවන්ව නියත වශයෙන්ම අපි ගෞරව කළෙමු. වෙරළෙහි වාහන මතද මුහුදෙහි නැව් මතද අපිම ඔහුව උසුළාගෙන යාමට සලස්වන්නෙමු. හොඳ ආහාරද අපිම ඔවුන්ට ලබා දෙන්නෙමු. අපි උත්පාදනය කළ (වෙනත් ජීවීන්ගෙන්) අපි ඔවුන්ව උසස් කර ඇත්තෙමු. (17:70)
බැලිය හැකි ඇස් දෙකක්ම අපි ඔහුට ලබා දුන්නේ නැද්ද? එසේ තිබියදී සත්‍යය ඔහු දුටුවේ නැත. දිවක්ද, තොල් දෙකක්ද (අපි ඔහුට ලබා දුන්නේ නැද්ද?). ඒවා ඉබේම ඔහු අත් කර ගත්තේද? නැත. (90:8,9) ඔහුම මිනිසාට (පැහැදිලිව) කථා කිරීමට ඉගැන්වූයේය. (55:4) ඔහුම පෑනක් මගින් (ලිවීමට) ඉගැන්වූවේය. තවද, මිනිසා නොදන්නා සියල්ල ඔහුට උගන්වා දෙන්නේය. (96:4,5) (මිනිසුනේ!) නියත වශයෙන්ම අපි ඔබට භූමියෙහි සියළුම සැප පහසුකම් ලබා දී එහි ඔබට ජීවනෝපායද ඇති කළෙමු. (මෙසේ තිබියදී) ඔබ ස්තූති කිරීමද ඉතා අල්පය. (7:10)
පෘතුවිය තුල මිනිසාගේ වගකීම කුමක්දැයි පෙන්වා දීම
(ඔහුම) තම නියෝජිතයින් වශයෙන් භූමියෙහි ඔබව පත්කර ඇත්තේය. තවද ඔබගෙන් සමහරෙකුව අනික් අයට වඩා පදවි වලින් උසස් කර ඇත්තේය. (මෙමඟින්) ඔබට ලබා දී ඇති දැයෙන් (ඔබ කෙසේ නම් කටයුතු කරන්නේ දැයි) ඔබව පිරීක්ෂා කරන්නේය. (6:165)
සෑම ආත්මයක්ම මරණය අනිවාර්යයෙන්ම අත් විඳින්නාහ. පින් පව් කරන තත්වයෙන් අපි ඔබව (තබා) පිරික්සන්නෙමු. පසුව ඔබ අප වෙතම ගෙන එනු ලබන්නෙහුය. (21:35)
(මනුෂ්යයිනී!) ප්‍රාණයක් නොමැතිව තිබූ ඔබට ඔහුම පණ දී තිබියදී, ඔබ අල්ලාහ්ව කෙසේ නම් ප්‍රතික්ෂේප කරන්නෙහුද? ඉන් පසුවද ඔහුම ඔබව මරණයට පත් කරන්නේය, පසුවද ඔහුම ඔබට පණ දෙන්නේය. (ඉන්) පසුවද ඔබ (ඔබගේ කළකම් සඳහා ඵලවිපාක අත්කර ගැනීම සඳහා) ඔහු වෙතම (විනිශ්චය සඳහා) ගෙන එනු ලබන්නෙහුය. (2:28)
මිනිසාගේ මෙළොව ජීවිතයේ අරමුණ කුමක්දැයි පෙන්වා දීම
"තවද, මම (අල්ලාහ්) ජින්වරුන් සහ මනුෂ්‍ය වර්ගයා මැව්වේ ඔවුන් මට (තනිවම) නමස්කාර කිරීමට මිස නොවේ".(කුරානය 51:56). [එනම් වෙන කිසිවෙකුට නමස්කාර කිරීමක් අවශ්‍ය නොවේ].
මිනිසාණෙනී! ඔබ ඔබගේ දෙවියන් වෙත යන තුරු (හොඳ හෝ නරක හෝ විවිධ වැඩ කටයුතුවල නිරත වී) අමාරුවෙන් උත්සාහ කරමින් සිටින්නෙහිය. පසුව (විනිශ්චය දිනදී) ඔබ ඔහුව හමුවන්නෙහිය. (84:6)
විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, ඔහු තමන්ගේ මෙම දූතයා වෙත පහළ කළ ධර්මයද, මෙයට පෙර තිබූ ධර්මයන්ද විශ්වාස කරනු. කවුරුන් අල්ලාහ්වද, ඔහුගේ මලායිකාවරුන්වද, ඔහුගේ ධර්මයන්ද, ඔහුගේ දූතයන්වද, අවසාන දිනයද ප්‍රතික්ශේප කරන්නේද, ඔහු නියත වශයෙන්ම ඉතාමත් ඈත් වූ දුර්මාර්ගයෙහිම ගමන් කරන්නේය (4:136)
පහතින් දැක්වෙන සූරාව ඉස්ලාමයේ සාරාංශය සහ මිනිසාගේ මෙලොව ජීවිතයේ අරමුණය.
කාලය මත සත්තකින්ම, මිනිසා තම ආයුෂ කාලය නිකරුනේ වියදම් කර නියත වශයෙන්ම පරාජික මාර්ගයේ සිටින්නේය. එහෙත් කවුරුන්, විශ්වාසය තබා දැහැමි කාරනාවන්ද කර සත්‍යය කෙනෙකුට කෙනෙකු ඔවදන් දී (පාපයන් අතැහැර දැමීමෙහිද පින් ඇති දැය කිරීමෙහිද ඇති වන අමාරුකම විද දරා ගන්නා ලෙසටද, කෙනෙකුට කෙනෙක් ඔවදන් දෙමින් සිටින්නෝද) ඔවුන් හැර. (මොවුන් පරාජිත වූවේ නැත). (103:1-3)
[සැබැවින්ම, මිනිසාගේ මෙලොව ජීවිතයේ අරමුණ විය යුත්තේද විශ්වයේ සහ තමන්ගේ නිර්මාතෘගේ මහිමය ගැන සොයමින්, ඔහුගේ නිර්මාණ බුක්ති විඳිමින්, ඔහුව ඉහලින්ම ප්‍රසංශා කරමින්, ඔහු පෙන්වා දුන් මාර්ගයේ ගමන් කිරීමය].
සෑම මිනිසෙකු සම්බන්ධවම මලායිකාවරු (දේව දූතවරු) පත් කර ඇති බව
සෑම මිනිසෙකු වෙතම (අප විසින් ඇති කරන ලද) අවධානය කළ හැකි කෙනෙකු (මලායිකාවරු) නැත්තේ නොවේ; (36:4,5,6)
දකුණු පැත්තේ කෙනෙකුද, වම් පැත්තේ කෙනෙකුද වශයෙන් දෙදෙනෙකු සිටිමින් (ඔහුගේ වැඩ කටයුතු) සටහන් කරමින් සිටින්නාහ. (50:17)
(මිනිසා) කුමක් පැවසුවා වුවද, (එය ලිවීමට) බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකු, ඔහු වෙත නැත්තේ නොවේ. (ඔහුගේ මුවින් පිටවෙන සෑම වචනයක්ම එවෙලෙ එවෙලේම සටහන් කරනු ලබන්නාහ), (50:18)
දෙවියන්ගේ මාර්ගෝපදේශය මිනිසාට ලබා දීම ගැන
මිනිසුන්ට හොඳ වැටහීමක් ලබා ගැනීම පිනිසම මෙම කුරානය නියත වශයෙන්ම අපි ඉතාමත් පහසු කර ඇත්තෙමු. එබැවින් (මෙමඟින්) හොඳ වැටහීමක් ලබන්නන් කවුරුන් හෝ ඇත් ද? (54:17)
(පින් පව්) මාර්ගයන් දෙකම අපි ඔහුට වෙන්කර දැණුම් දුන්නෙමු (90:10) නියත වශයෙන්ම සෘජු මාර්ගය පෙන්වීම අපගේ යුතුකම වන්නේය, (නියත වශයෙන්ම මෙලොවද පරලොවද අපගේමය. (92:12.13)
නබියේ!) නියත වශයෙන්ම අපි මිනිසුන්ගේ යහපත සඳහාම සම්පූර්ණයෙන්ම සත්‍යයයෙන් පිරි මෙම ධර්මය ඔබ වෙත පහළ කළෙමු. එබැවින් කවුරුන් (මෙය) අනුගමනය කර කටයුතු කරන්නේද, ඔහුටම එය හොඳකි. කවුරුන් එයින් මාර්ගය වැරද යන්නේද, එය ඔහුටම නපුරක් වශයෙන් අවසන් වනු ඇත. (නබියේ!) ඔබ ඔවුන්ව (සෘජු මාර්ගයෙහි යන ලෙස මෙන් බල කර), බේරා ගන්නෙකු නොව. (39:41)
(නබියේ!) ඔබ මෙසේ පවසනු; "(සම්පූර්ණයෙන්ම) සත්‍යය වූ (මෙම ධර්මය) ඔබගේ දෙවියන් විසින් පහළ කරන ලදී" කැමැත්තන්ට මෙය විශ්වාස කළ හැකිය, අකැමැත්තන්ට (මෙය) ප්‍රතික්ෂේප කර දැමිය හැකිය". (නමුත් මෙම ප්‍රතික්ෂේප කරන) අපරාධකාරුවන්ට නියත වශයෙන්ම අපි නිරයම පිළියෙල කර ඇත්තෙමු; (18:29)
(නබියේ!) "කවුරුන් (මෙම ධර්මය) විශ්වාස කර, (මෙහි සඳහන්ව ඇති අන්දමට) දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම (ස්වර්ගයන්හී) දිය දහරා සදාකල් ගලමින් ඇති උයන් වතු ඇත" යැයි ඔබ සුභාරංචි දෙනු මැනව (2:25)
නින්දේදී සහ මිනිසා මරණයට පත්වන අවස්ථාවේ ආත්මය අත්පත් කර ගැනීම
මිනිසුන් මරණයට පත්වන විටද, මරණයට පත් නොවී නින්දෙහි සිටින විටද, අල්ලාහ් ඔවුන්ගේ පණ අත්පත් කර ගන්නේය. පසුව කවුරුන් කෙරෙහි මරණය නියම වූවේද, ඔවුන්ගේ පණ (තමන් වෙතම) නවතා තබා ගන්නේය. අන් අයගේ (පණ) නියමිත කාලය දක්වා (ජීවත් වීමට) ඔවුන් වෙතම ඔහ්හු යවන්නේය. අවධානය කර දැනගත හැකි ජනතාවට මෙහි පාඩම් (බොහෝමයක්) ඇත්තේය. (39:42)
සෑම ආත්මයක්ම මරණය අනිවාර්යයෙන්ම අත් විඳින්නාහ. පින් පව් කරන තත්වයෙන් අපි ඔබව (තබා) පිරික්සන්නෙමු. පසුව ඔබ අප වෙතම ගෙන එනු ලබන්නෙහුය. (21:35)
මරණින් මතු (මිනීවල තුල) ජීවිතය ගැන
නියත වශයෙන්ම විනිශ්චය කාලය අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. එහි කිසිම සැකයක් නැත. (එදිනදී) සොහොන්වල (වැළලී) ඇති අයව නියත වශයෙන්ම අල්ලාහ් (පණ දී) නැගිට්ටවන්නේය. (22:7)
(අනිත් වතාවේදී කවදා) සූර් (නැමති හොරණෑව) පිඹිනු ලබන්නේද, එවෙලේම ඔවුන් සොහොන් වලින් ඉකුත් වී තමන්ගේ දෙවියන් වෙත (ඉතාමත්) වේගයෙන් දිව එන්නාහ. (36:51)
ඔවුන් පහත හෙලූ බැල්මෙන් යුතුව සොහොන්වලින් ඉකුත් වී විසිරී සිටින පළඟැටියන් මෙන් කැඳවන්නා වෙත වේගයෙන් දිව එන්නාහ. (54:7) සොහොන් වලින් පිටවී (මහ්ෂර් නැමති පිටියට) ඉතාමත් තීව්රව යන්නාහ; (70:43)
සොහොණ්හී ඇති දැය ගැන ප්‍රතික්ෂේප කරන්නන් විශ්වාසය බිඳී ගිය අන්දමටම පරලොව ගැන නියත වශයෙන්ම මොවුන් විශ්වාසය බිඳ දැමූහ. (60:13)
සොහොන් (කබ්රු) වල ඇති දෙය පිටතට විසි කරනු ලැබ (100:9)
මරණින් පසු නැවත නැගිටුවීම සම්බන්ධව
ඔහු තමන්ගේ උත්පාදනය (තමන්ව කෙසේ නිර්මාණය කරනු ලැබුවේද) යන්න අමතක කර දමා, එක් උදාහරණයක් අප වෙත ගෙනහැර දක්වන්නේය. "දිරා පත්ව පස් බවට පත්වූ (මෙම) ඇටසැකිල්ලට පණ දෙන්නේ කවරෙක්දැයි?" ඔහු විමසන්නෙහුය. (36:78)
(මරණයට පත්ව දිරාපත් වී පස් වූ) ඔහුගේ ඇටකටු අපි එක්කාසු නොකරන්නෙමු යයි මිනිසා අදහස් කරමින් සිටින්නෙහිද? නොඑසේය, ඔහුගේ ඇඟිළි තුඩු පවා (පෙර තිබූ ආකාරයටම) සකස් කිරීමට අපි බලසම්පන්න වන්නෙමු. (75:3,4)
එක් ඉන්ද්‍රීය බිඳක් මගින්ම ඔහුව උත්පාදනය කර, (ඔහු සිටින මේ ආකාරයටම, ඔහුව මිනිසා වශයෙන් නිර්මාණය කර), ඔහුව සැළසුම් කළේය, පසුව ඔහු කරනු ලබන පව් පින්වලට අයත්) මාර්ගය ඔහුට පහසු කර තැබුවේය. පසුව ඔහුව මරණයට පත් වීමට සලස්වා, සොහොන්හී ඔහුව ඇතුළු කරන්නේය. පසුව ඔහු කැමති අවස්ථාවක (පණ දී) ඔහුව නැගිට්ටුවන්නේය. (80:20-23)
දෙවියන්ගේ අනුදැනුමට එපිටින් කිසිම ආත්මයට කිසිවක් කළ නොහැකි බව
ඔහු ගුප්ත දැය සියල්ල දන්නෙකි. ඔහු නොදැනුවත්ව අහස් හි හෝ භූමියෙහි හෝ ඇති දැයෙන් එක් අණුවක ප්‍රමාණයක් තරම් හෝ බේරී යන්නේ නැත. ඊටත් වඩා කුඩා හෝ ලොකු හෝ (සෑම දෙයක්ම) ලව්හුල් මහ්ෆූල් නැමැති පැහැදිලි සටහන් පුස්තකයෙහි සටහන් නොවී නැත; (අල් කුරාණය 34:3).
භූමියෙහි ඇතුළු වී යාමද, එයින් පිටවී යාමද, අහසින් බැසීමද, ඒ දෙසට (භූමියේ සිට) නැගීමද, ඔහු හොඳින් දන්නේය. ඔබ කොහේ සිටියා වුවද, ඔහු ඔබ සමග සිටින්නේය. අල්ලාහ් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය. (57:4)
(අනිත් වතාවේදී කවදා) සූර් (නැමති හොරණෑව) පිඹිනු ලබන්නේද, එවෙලේම ඔවුන් සොහොන් වලින් ඉකුත් වී තමන්ගේ දෙවියන් වෙත (ඉතාමත්) වේගයෙන් දිව එන්නාහ. (36:51)
ලෝක විනාශය ගැන
පැමිණිය යුතු (යුග අවසාන කාලය) ළඟා විය. අල්ලාහ් හැර, වෙන කිසිවෙකු විසින් හෝ එය වැළැක්විය නොහැක. මෙම පුවත ගැන ඔබ පුදුම වන්නෙහුද? ඔබ සිනාසෙන්නෙහුද? හැඬිය යුතු නොවෙද? (53:57-60)
සූර් පිඹිනු ලැබුවහොත් අහස් හී සිටින්නන්ද, භූමියෙහි සිටින්නන්ද, (අල්ලාහ් අදහස් කරන්නන් හැර) හුස්ම සිර වී (සිහිසුන් වී මැරී වැටී) යන්නෙහුය. අනිත් වර සූර් පිඹිනු ලැබුවහොත් එවෙලේම ඔවුන් සියල්ලන්ම (පණ ලැබ) නැගිට ඉදිරිය බලා සිටිනු ඇත (39:68)
(යුග අවසානය සඳහා) අහස පැළී යන අවස්ථාවේදී, එය (සෙයිතූන්) තෙල් මෙන් රෝස වර්ණයක් බවට පත්වනු ඇත. (55:37)
විනිශ්චය දිනය ළඟා විය. (එයට සළකුණක් වශයෙන්) චන්ද්‍රයාද පැළී ගියේය. එහෙත් ඔවුන් එම සාධකය දුටුවා වුවද, (එය) ප්‍රතික්ෂේප කර "මෙය දිගටම පැවත එන සූනියමකි" යයි පවසන්නාහ. (54:1,2)
දෙවියන්ව ප්‍රතික්ෂේප කිරීම නිරාවාසියෙකු වන තරමේ පාපයක් බව
මිනිසුන්ගෙන් සමහරෙක් අධ්‍යාපන දැනුම හෝ, (තර්කානුකූල) ඍජු මාර්ගය හෝ පැහැදිලි ධර්ම (සාධකයන්) හෝ නොමැතිවම අල්ලහ් ගැන තර්ක කරන්නාහ. අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනතාව) හරවා දමනු පිණිස, උඩඟුකමින් යුතුව (මෙසේ තර්ක කරන්නාහ). මෙලොවදී ඔවුන්ට අවමානයයි. විනිශ්චය දිනදී නම්, දැවෙන ගින්නෙහි දඬුවමම ඔවුන්ට විඳින්නට සලස්වන්නෙමු. (22:8,9)
විනිශ්චය දිනය ගැන
මිනිසුන්ට ඔවුන්ගේ ප්‍රශ්න ගණනය කිරීමේ (දිනය) ළඟා වෙමින් ඇත්තේය. එහෙත් ඔවුන් නම්. එය ප්‍රතික්ෂේප කර, කිසි දුකක් නැති අය වශයෙන්ම සිටින්නාහ. (21:1)
සෑම ආත්මයක්ම මරණය අනිවාර්යයෙන්ම විඳින්නාහ. එහෙත් ඔබගේ (ක්‍රියාවන්ට සරිලන) ඵලවිපාක ඔබ පූර්ණ වශයෙන් අත් කර ගන්නේ විනිශ්චය දින දීය; (3:185)
(නබියේ!) නියතවශයෙන්ම ඔබගේ දෙවියන් මොවුන් සියල්ලන්වම (ප්‍රශ්න කිරීම සඳහා විනිශ්චය දිනදී තමන් ඉදිරියේ) ඒකරාශී කරනු ඇත; (15:25)
(නබියේ! විනිශ්චය කාලය ගැන එය කවදා එන්නේදැයි ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු. "එහි දැණුම මගේ දෙවියන්ගේ සන්නිධානයෙහිම ඇත්තේය. එය පැමිණෙන වේලාව ඔහු මිස, වෙන කිසිවෙකුටත් පැහැදිළි කිරීමක්ද කළ නොහැක. (ඒ අතරම) අහස් හිද, භූමියෙහිද ඉමහත් වූ සිදුවීම් සිදුවනු ඇත. හදිසියේම මිස, (එය) ඔබ වෙත පැමිණෙන්නේ නැත"; (7:187)
(විනිශ්චය දිනදී) ඔබ කොටස් තුනකට බෙදී යන්නේහුය. (පළමුව) දකුණු පාර්ශවයේ ඇති අයයි. දකුණු පාර්ශවයේ සිටින ඔවුන් කවුරුන්ද (යන්න ඔබ දන්නෙහිද) ඔවුන් ඉතාමත් භාග්යයවන්තයින්ය. (56:7,8) (දෙවනුව) වම් පාර්ශවයේ ඇති අයයි. වම් පාර්ශවයේ සිටින ඔවුන් කවුරුන්ද (යන්න ඔබ දන්නෙහිද) ඔවුන් ඉතාමත් අභාග්යයවන්තයින්ය. (56:9) (තුන්වෙනුව) පෙර ඉකුත්ව ගිය අයයි. (මොවුන් දැහැමි කාරණාවන්හි අන් සියල්ලටම වඩා) පෙර ඉකුත්ව ගිය අයයි.මොවුන් (තමන්ගේ දෙවියන්ට) ඉතාම සමීප වූ අයයි. (56:10,11)
නිරය ගැන
කවුරුන් අල්ලාහ්ට සමානයන් තබන්නේද, ඔහුට නියත වශයෙන්ම අල්ලාහ් ස්වර්ගය වළක්වා හරින්නේය. ඔහු රැදෙන ස්ථානය නිරයයි. මෙවැනි අපරාධකාරයින්ට (විනිශ්චය දිනදී) උදව් කරන්නන් කිසිවෙකුත් නැත; (5:72)
නියත වශයෙන්ම කවුරුන් අපගේ ආයාවන් බොරු කර ඒවා ප්‍රතික්ෂේප කිරීම ආඩම්බරයක් වශයෙන් ගත්තෝද, ඔවුන්ට (දෙවියන්ගේ වරප්රසාදයන්ට හිමි) අහස් හී දොරටු විවෘත කරනු නොලැබේ. ඉඳිකටුවේ සිදුර තුලින් ඔටුවෙකු රිංගන තුරු ඔවුන් ස්වර්ගය අත් කර ගන්නේ නැත. වැරදි කරුවන්ට මේ අයුරින්ම අපි ඵලවිපාක දෙන්නෙමු. (7:4)
නියත වශයෙන්ම අපි මිනිසාව ඉතාම ලක්ෂණ ස්වරූපයෙන් උත්පාදනය කර ඇත්තෙමු. (ඔහුගේ නපුරු ක්‍රියාවන් හේතුවෙන්) පසුව ඔහුව දීන වූවන්ගෙනුත් දීන වූවෙකු (නිරාවාසියෙකු) බවට අපි පත්කර හරින්නෙමු, එහෙත්, කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරමින් සිටින්නෝද, ඔවුන් හැර. ඔවුන්ට (සදාකල්ම) නොවැලැක්වෙන හොඳ ඵලවිපාක (ස්වර්ගයන්හී) ඇත. (95:4,5,6)
ස්වර්ගය ගැන
(නබියේ!)"කවුරුන් (මෙම ධර්මය) විශ්වාස කර, (මෙහි සඳහන් ව ඇති අන්දමට) දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම (ස්වර්ගයෙහි) දිය දහරා සදාකල් ගලමින් ඇති උයන් වතු ඇත" යයි ඔබ සුභාරංචි දෙනු මැනව! .. තවද ඔවුන් එහි සදාකල් රැඳී සිටින්නාහ; (2:25)
එබැවින් පිරිමි වුවද, ගැහැනු වුවද, ඔවුන් ඇත්තෙන්ම විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නොද, ඔවුන්ම ස්වර්ගයට යන්නාහ. ඔවුන්ට පොඩියක් හෝ අසාධාරණයක් කරණු නොලබන්නාහ. (4:124)
මේ ගැන ඔබේ අදහස් අපට ලියන්න
ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)
අපගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us