
මිනිස් ශුක්‍රාණු සහ කළල අවධිය පිළිබඳව දෙවියන් වහන්සේ පවසා ඇති දේ

දෙවියන් වහන්සේගේ අවසාන දිව්‍ය මාර්ගෝපදේශය වන ශුද්ධ වූ කුරානය මීට වසර 1400 කට පමණ පෙර, වසර 23 ක කාලයක් තුළ කොටස් වශයෙන් නබි මොහම්මද් (ﷺ) තුමාට හෙළිදරව් කරන ලදී. එම අවස්ථාවේ මිනිසාගේ කළල අවධිය පිළිබඳවද වැකි පහළ විය. කුරානයෙන් උපුටා ගත් එම වැකි කිහිපයක් පහත දැක්වේ. මෙහි ඇති සමහර වැකි ඉතා සියුම් බැවින් වසර 1400 කට පෙර කිසිදු මිනිසෙකු ඒවා දැන සිටියේ නැත, නැතහොත් කිසිවෙකුට ඒවා පැවසිය නොහැක. අද වන විට නව තාක්ෂණය හරහා ඒවා ඉතා නිවැරදි බව තහවුරු වී ඇත. ඒ අනුව, අපට එම වැකි දෙවියන් වහන්සේගෙන්ම ලැබුණු වැකි ලෙස සැලකිය හැකිය.
(මිනිසුනේ!) ඔබ සියල්ල එකම ආත්මයකින් උත්පාදනය කර, පසුව (ඔබගේ පියා වෙත) රැඳී සිටීමට සලස්වා (ඔබගේ මවගේ ගර්භයෙහි) බාරදෙන්නේද ඔහුය. (6:98)
මිනිසා තමාව කුමකින් මවා ඇත්තේ දැයි නොදනිත්ද? ඈතට පනිමින් ඉකුත් වන එක් ජල බිඳක් මගින්ම (මිනිසාව) උත්පාදනය කරණු ලැබුවේය. එය කොඳු ඇටවලටද, ඉල ඇට වලටද මධ්‍යයයෙන් ඉකුත් වන්නේය. (86:6,7).
අපි මිනිසාව ඉතාම කුඩා පරිමාණයේ මිශ්‍ර තරලයකින් මැව්වෙමු. (76:2). අපි මිනිසාව සුලාලාවකින් මැව්වෙමු. (32:8) [සුලාලාවක් යනු ශුක්‍රානු තරලයෙහි හොදම කොටස]
නියත වශයෙන්ම අපි මිනිසාව එක් ඉන්ද්‍රීය බිඳකින් උත්පාදනය කළෙමු යන්න ඔවුන් අවධානය කළේ නැද්ද? එසේ තිබියදී ඔහු ප්‍රකට සතුරෙකු බවට පත්වී අපට වෙනස්කම් කිරීමට ඉදිරිපත් වන්නේය. (36:77)
නියත වශයෙන්ම (ආරම්භයේදී පළමු) මිනිසාව කිරිමැටි සාරයෙන් උත්පාදනය කළෙමු. පසුව එය අපි ඉන්ද්‍රීය බිඳක් බවට පත්කර ඉතාමත් ප්‍රවේසම් සහිත ස්ථානයක තැම්පත් කළෙමු. පසුව එම ඉන්ද්‍රීය බිඳ ලේ කැටියක් බවට පත් කළෙමු. පසුව එම ලේ කැටිය මාංශ පිණ්ඩයක් බවට පත් කළැමු. පසුව එම මාංශ පිණ්ඩයේ ඇට කටු නිර්මාණය කර, එම ඇට සැකිල්ලට මස් මාංශ ඇන්දෙව්වෙමු. පසුව එය (පූර්ණ) මිනිස් ජීවිතයක් බවට පත් කළෙමු. මෙසේ උත්පාදනය කළ අල්ලාහ් ඉමහත් භාගය්‍යවන්තයෙකි. ඔහු උත්පාදකයින්ගෙන් ඉතාමත් අලංකාරවන්තයෙකි (23:12,13,14)
පසුව පිරිමි ගැහැණු මිශ්‍ර වූ එක් ඉන්ද්‍රීය බිඳක් මගින් නියත වශයෙන්ම අපිම මිනිසාව උත්පාදනය කළෙමු. ඔහුව අපි පිරික්සීම පිණිසම සවණ ඇති අය වශයෙන්ද, බැල්ම ඇති අය වශයෙන්ද, ඔහුව පත් කළෙමු. (76:2)
කිසිවක් ඔබ නොදන්නා අය වශයෙන් සිටියදී, ඔබගේ මව්වරුන්ගේ කුසෙන් අල්ලාහ්ම ඔබව ඉකුත් කළේය. තවද, ඔබට කණ්ද, ඇස්ද, හෘදයද, ලබා දුන් අය ඔහුය. (මෙයට) ඔබ (ඔහුට) කෘතඥ වනු මැනව.(16:78)
මිනිසුනේ! විනිශ්චය දිනදී ඔබට පණ දී නැගිට්ටවීම ගැන ඔබ සැක සිතුවහොත් (ඔබව පළමුවෙන්ම) කෙසේ උත්පාදනය කළෙමු දැයි යන්න අවධානය කර බලනු). නියත වශයෙන්ම අපි ඔබව (ඔබගේ මුල් පියා වන ආදම්ව) කිරි මැටියෙන් උත්පාදනය කළෙමු. පසුව (ඔබව) ඉන්ද්‍රීය බිඳකින් උත්පාදනය කර පසුව එය එක් ලේ කැටියක් වශයෙන්ද, පසුව (එය) අඩු රුවකින් යුත් නැතහොත් පූර්ණ රුවකින් යුත් මාංශ පිණ්ඩයක් වශයෙන්ද අපි උත්පාදනය කරන්නෙමු. අපගේ බලසම්පන්නකම ඔබට පැහැදිළි කරණු පිනිස (මෙසේ කර), අපි අදහස් කල අයව ගර්භයන්හී නියමිත කාලයක් දක්වා රැඳී සිටින සේ සලස්වන්නෙමු. පසුව ඔබව ළදරුවන් වශයෙන් ඉකුත් කර ඔබ, ඔබගේ තරුණ විය අත් කර ගැනීමට සලස්වන්නෙමු. (මේ අතර) මරණයට පත්වන්නන්ද ඔබ අතරෙන් සමහරෙක් ඇත්තාහ. (නැතහොත් ජීවත්ව සිටිමින්) සියල්ල දැනගත්තායින් පසු කිසිවක් නොදන්නා කෙනෙකු බවට පත් වන මහළු වයස දක්වා (ජීවත් වීමට) අත්හැර දමන්නන්ද ඔබගෙන් සිටින්නාහ; (22:5)
පසුව එය රූපයක් වශයෙන් අඹා තමන්ගේ රූහ් වෙතින් එහි පිඹ (මිනිසාව ඇති) කළේය. හෘදයන් ආදී දැයද ඔහුම නිර්මාණය කළේය. (මෙසේ තිබියදී) ඔබ කෘතඥ වීම ඉතාමත් අල්පයකි. (32:9)
අල්ලාහ් ඔබව ආරම්භයේදී පස් වලින් උත්පාදනය කළේය. පසුව එක් ඉන්ද්‍රීය බිඳකින්ද, පසුව (පිරිමි - ගැහැණු) ජෝඩු බවට ඔබව පත් කළේය. ඔහු නොදැනුවත්ව කිසියම් හෝ කාන්තාවක් ගැබ් ගන්නේද නැත, ප්‍රසූත කරන්නේද නැත. ඔහුගේ සටහන් පුස්ථකයෙහි නොමැතිව කිසිවකුගේ වයස වැඩි කරනු ලබන්නේද නැත, කිසිවකුගේ වයස අඩු කරනු ලබන්නේද නැත. නියත වශයෙන්ම මේවා සියල්ල දැනගෙන සිටිම අල්ලාහ්ට ඉතාමත් සුළු දැයකි. (35:11)
ඔහු ඔබව (ආරම්භයේදී) එකම මිනිසෙකුගෙන් නිර්මාණය කර තිබුණි. පසුව ඔහුගෙන් ඔහුගේ බිරිඳව නිර්මාණය කළේය. (ඒ දෙදෙනාගෙන්, ඔබව පිරිමි, ගැහැණු වශයෙන් උත්පාදනය කරන්නේය); ඔබගේ මව්වරුන්ගේ කුසයෙහි එකකට පසු එකක් වශයෙන් අඳුරු වහන්තරාවන් තුනක් තුළ තබා ඔබව උත්පාදනය කරන්නේය: (39:6)
ඔහු මිනිසා අළක් නමැති කුඩල්ලෙක් වැනි රුධිර කැටියකින් නිර්මාණය කළේය. (96:1.2).
සෑම මිනිසෙකුටම (ඔහු පිටතට පැමිණීමට) පෙර කාලයක් ගත වූයේ නැද්ද? (එහි) ඔහු අසවල් වස්තුව යැයි කීමට නොමැති තත්වයක සිටියේය (76:1)
මිනිසණෙනී! ඔබගේ ගෞරවණීය දෙවියන් ගැන ඔබව රවටා දැමුවේ කිමෙක්ද? ඔහුම ඔබව උත්පාදනය කර, උසස් අන්දමට හැඩරුව නිර්මාණය කර, ඉතාමත් නියමිත ආකාරයට සකස් කළේය. ඔහුම තමන් කැමති (ඉතාමත් අලංකාරවත්) හැඩයකින් ඔබව (ඔබේ අවයවයන්) සවි කළේය. (82:6,7,8)
නියත වශයෙන්ම අපි මිනිසාව ඉතාමත් අලංකාරවත් හැඩයකට උත්පාදනය කර ඇත්තෙමු; (95:4,5)
by sjw
මේ ගැන ඔබේ අදහස් අපට ලියන්න
ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)
අපගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us