දෙවියන්ගේ නිර්මාණ: විශ්වය සහ ඉන් ඔබ්බට (The universe and beyond) 

මීට වසර 1400 කට පමණ පෙර පහළ කළ අවසන් දිව්‍ය හෙළිදරව්ව වන ශුද්ධ වූ අල් කුරානය තුලින් දෙවියන්වහන්සේ මෙසේ පවසා ඇත.


(මිනිසුනේ!) අපි මෙසේ ඔබව පමණක්ද උත්පාදනය කර ඇත්තේ? නියත වශයෙන්ම ඔබට ඉහලින් ඇති අහස් හතද අපිම උත්පාදනය කළෙමු. ඒවා සෑම එකකම ඔබ වැනි උත්පාදනයන් ඇත්තේය. (මේවා උත්පාදනය කර ඇති අතර) මෙම උත්පාදනයන්ට (අවශ්‍යය දැය) ගැන අපි නොසැලකිළිමත් නොවූයෙමු. (23:17) අහස් හා භූමියෙහි පාලනය අල්ලාහ්ටම අයත්ය. සියල්ල කෙරෙහි අල්ලාහ් බලසම්පන්නය. (3:189) නියත වශයෙන්ම අපි සෑම වස්තුවක්ම (නියමිත) ප්‍රමාණයට අනුවම නිර්මාණය කර ඇත්තෙමු. (54:49) අහසේ සිට භූමිය දක්වා ඇති සෑම කාරණාවක්ම ඔහුම පිළිවෙලකට කරන්නේය. (සෑම දැයකම) අවසානයද (ඔබගේ) ගනනයට අනුව වසර දහසකට සම වන එක් දිනකදී ඔහු වෙතම යනු ඇත. (32:5)


නූතන දුරේක්ෂ මගින් නිරීක්ෂණය කර තහවුරු කරන ලද බොහෝ කරුණු බොහෝ කලකට පෙර අල් කුරාණය තුල අඩංගු වී තිබීම පිළිබඳව මිනිසුන් විශේෂ අවධානයක් යොමු කළ යුතුය.

දෙවියන්වහන්සේ මිනිසුන්ගෙන් මෙසේ ප්‍රශ්ණ කරයි. ඔහු එම ප්‍රශ්නය තුලින් අසන්නේ හේතුඵල වාදය ගැනය.


අහස් හිද භූමියෙහිද, ඔවුන්ට ඉදිරියෙන්ද පසුපසින්ද, ඇති දැය ඔවුන් අවධානය කර බැලුවේ නැද්ද?; (34:9) ඒවා කිසිවක් නොමැතිව තමන් විසින්ම ඇති කළෙහුද? නැතහොත් මොවුන්, තමන්ට තමන්ම නිර්මාණය කර ගත්තෙහුද? නැතහොත් අහස්ද භූමියද ඔවුන් නිර්මාණය කළෙහුද? නැත. මේ සියල්ල නිර්මාණය කළ අය දෙවියන්ය; (52:35,36) 

හේතුඵල දහමට අනුව ඕනෑම දෙයක් ආරම්භ වීමට හෙවත් ඵලයක් හට ගැනීමට හේතුවක් තිබිය යුතුයි. එයට අනුව සියල්ල ඇතිවීමට මූලික වූ හේතුව දෙවියන්වහන්සේ වන අතර ඔහුට පිටින් නිර්මාණය වී ඇති සියළු දේ එම හේතුව නිසා ඇති වූ ඵලයන්ය.


ලිපියෙහි අණු මාතෘකා

  1. සියල්ලට ඉහලින් ඇති දෙවියන්ගේ රාජධානිය 
  2. අප සිටින විශ්වයට ඔබ්බෙන් ඇති දැය
  3. පහලම අහස හෙවත් අප සිටින විශ්වය
  4. සෞරග්‍රහ මණ්ඩලය
  5. පෘතුවිය

1. සියල්ලට ඉහලින් ඇති දෙවියන්ගේ රාජධානිය

නියත වශයෙන්ම ඔබගේ දෙවියන් වන අල්ලාහ් අහස්ද, භූමියද දින හයකින් උත්පාදනය කර, අර්ෂ් මත තම රාජධානිය ස්ථාවර කර තැබුවේය; (7:54)

ඔහුම අහස්ද, භූමියද දින හයකිදී උත්පාදනය කළේය. (ඒ අවස්ථාවේදී), ඔහුගේ අර්ෂ් ජලය මත (පාවෙමින්) තිබුණි. ; (11:7) මෙම දින ගනණය අල්ලාහ්ගේ සන්නිධානයට අදාලවය. (පෘතුවි දින නොවේ)


පසුව දුමාරයක් වශයෙන් තිබූ අහස දෙසට හැරී (එය උත්පාදනය කර) එයද භූමියද දෙස බලා "ඔබ කැමති වුවද, අකැමැති වුවද (අවනත වී මා වෙත) පැමිනෙණු" යයි පැවසුවේය. එයට ඒවා "(මෙන්න! අපි කැමැත්තෙන්ම පැමිණියෙමු" යයි පැවසුවේය. (41:11)

[මෙම ඉහත වැකියෙන් අදහස් කරණුයේ අනාගතය ගැන සියල්ල දකින ආල්ලාහ් අනාගතයේදී එනම් ඊලග මොහොතෙදී නිර්මාණය වීමට යන තම නිර්මාණය වන අහස් හත වෙත නිකුත් කළ අණකි].


උත්පාදනයද, එහි පාලනයද ඔහුටම අයත් දැය නොවෙද? සකළ ලෝකයන්ම උත්පාදනය කර, පෝෂණය කර, සංවර්ධණය කරන අල්ලාහ් ඉමහත් භාග්‍යවන්තයෙකි. (7:54)

සකළ ලෝකයම යන්නෙන් අදහස් කරනුයේ අල්ලාහ් ට එපිටින් ඇති ඔහුගේ සියළුම නිර්මාණ හෙවත් ඔහුට එපිටින් පවතින සියල්ල වේ. එහි දළ සටහනක් පහතින් දැක්වේ.

ඔහුම අහස්ද භූමියද පෙර නිදසුනක් නොමැතිව උත්පාදනය කළ කෙනෙකි. (ඔහු කුමක් හෝ උත්පාදනය කිරීමට අදහස් කර), තීරණය කළහොත් "වනු" යැයි කීම පමණකින්ම එවෙලේම එය සිදුවන්නේය. (2:117)

2. අප සිටින විශ්වය (පළමු අහස) සහ ඊට ඔබ්බෙන් ඇති අනිකුත් අහස් හය සම්බන්ධව

(කිවෙකුගේ උදව්වක් නොමැතිව) අපගේ ශක්තිය මගින් අහස (විශ්වය) නිර්මාණය කළෙමු. නියත වශයෙන්ම අපි (එය ඔවුන්ගේ බුද්ධියට හසු නොවන සේ) අති විශාලවත් අන්දමට තබා ඇත්තෙමු. (ඇත්ත වශයෙන්ම, අපි එය පුළුල් කරන්නෙමු." (51:47)


අහස් හතක්ද, ඒවා මෙන් භූමියද අල්ලාහ්ම උත්පාදනය කළේය. ඒවා අතර (දිනපතා සිදුවිය හැකි සියළු කාරණාවන් ගැන වූ) නියෝගයන් පහළ කරමින්ම සිටින්නේය; (65:12)


නියත වශයෙන්ම ඔබගේ දෙවියන් වන අල්ලාහ් අහස්ද, භූමියද දින හයකින් උත්පාදනය කර, අර්ෂ් මත තම රාජධානිය ස්ථාවර කර තැබුවේය. ඔහුම රාත්‍රීයෙන් දහවල වසා දමන්නේය, (දහවලෙන් රාත්‍රීය වසා දමන්නේය). එය ඉතාමත් තීව්‍ර වශයෙන්ම එකකට පිටුපසින් එකක් වශයෙන් පිළිවෙලින් සිදු වෙමින් පවතින්නේය. සූර්‍යයාද, චන්ද්‍රයාද, තාරකාවන්ද ඔහුගේ නියෝගයන්ට ඇතුළත් වන්නේය. උත්පාදනයද, එහි පාලනයද ඔහුටම අයත් දැය නොවෙද? සකළ ලෝකයන්ම උත්පාදනය කර, පෝෂණය කර, සංවර්ධණය කරන අල්ලාහ් ඉමහත් භාග්‍යවන්තයෙකි. (7:54)


පසුව ඔහු ඒවා දින දෙකකදී අහස් හතක් වශයෙන් සැලසුම් කර, සෑම අහසකටම නියමිත විවිධ යුතුකම් දැනුම් දුන්නේය; (41:12)


තට්ටු වශයෙන් විශ්ව හතක් නිර්මාණය කළේ ඔහුය. සර්වබලධාරිගේ මැවීමේදී ඔබට කිසිදු නොගැලපීමක් නොපෙනේ. ඔබේ බැල්ම ඒ වෙත නැවත යොමු කරන්න, ඔබට කිසියම් අඩුපාඩුවක් පෙනෙනවාද? 67:3


ඔහුම අහස් හතම එක පිට එකක් වශයෙන් නිර්මාණය කර ඇත්තේය. (මිනිසාණෙනී!) රහ්මාන්ගේ උත්පාදනයන්හී ඔබ කිසිම අඩුපාඩුකමක් නොදකින්නෙහිය. නැවත්ත් (එය අවධානය කර) බලනු. (එහි) කිසිම භේදයක් ඔබ දකින්නෙහිද? (නැවත) නැවතත් දෙවරක් බලනු. මෙසේ ඔබ කොතරම් වාර ගනනක් හාර හාරා බැලුවද, බැල්මම දුබලව ව්‍යාකූල වී (ඔබ වෙත) ආපසු හැරෙනු ඇත. (76:4)


ආරම්භයේදී එකට එක්කාසු වී තිබුණු අහස්ද භූමියද අපිම වෙන්කර තැබුවෙමු යන්නද, පණ ඇති සෑම දැයක්ම ජලයෙන් උත්පාදනය කළෙමු යන්නද, මෙම ප්‍රතික්ෂේප කරන්නන් අවධානය කළ යුතු නොවේද? (මෙය ඔවුන් විශ්වාස නොකරන්නෙහුද?) (21:30)

3. සෞරග්‍රහ මණ්ඩලය සම්බන්ධව

අහස් හා භූමිය උත්පාදනයෙහිද, රාත්‍රිය හා දහවලේ වෙනස් වීමෙහිද බුද්ධිමතුන්ට නියත වශයෙන්ම බොහෝ සාදකයන් ඇත. (3:190)


ඔහුම රාත්‍රියෙන් දහවල වසා දමන්නේය. (දහවලෙන් රාත්‍රිය වසා දමන්නේය). එය ඉතාමත් තීව්‍ර වශයෙන්ම එකකට පිටුපසින් එකක් වශයෙන් පිළිවෙලින් සිදුවෙමින් පවතින්නේය. සූර්යයාද, චන්ද්‍රයාද, තාරකාවන්ද ඔහුගේ නියෝගයන්ට ඇතුළත් වන්නේය; (7:54)


ඔහුම රාත්‍රියද, දහවලද (ඇති කළේය). සූර්යයාද චන්ද්‍රයාද උත්පාදනය කළේය. (මේවා තමන්ගේ සීමාවන් තුළ) පිහිනා යන්නේය. (21:33)


(නබියේ! ඔබ ඔවුන්ට) අහස්ද, භූමියද උත්පාදනය කර සූර්යයාද, චන්ද්‍රයාද (තමන්ගේ සැලැස්මට අනුව ගමන් කරන මෙන් යටහත් කර) තැබුවේ කව්ද'?යි ඔබ ඔවුන්ගෙන් විමසන්නේ නම්, දෙවියන් (අල්ලාහ්) යැයි ඔවුන් නියත වශයෙන්ම පවසනු ඇත. එසේ නම් ඔවුන් (අපගෙන් ඈත් වී) කොහේ නම් දුවන්නෙහුද? (29:61)


සූර්යයා චන්ද්‍රයාට ලඟා විය නොහැක. රත්‍රිය දහවල පසු කරන්නට නොහැක. (මෙසේම ග්‍රහයන්ද, තාරකාවන්ද) සෑම එකක්ම (තමන්ගේ) සීමා වටයන් තුල පිහිනා යන්නේය. (36:40)


(වියළි නැවී) ගිය පරණ ඉඳි අත්තක් මෙන් (තිබී පූර්ණ සඳක් වශයෙන්) පත්වන තුරු චන්ද්‍රයාට අපි හැඩ රූ ගනනාවක් ඇති කර ඇත්තෙමු; (36:39)


අහස් කුළුනු නොමැතිව ඔසවන ලද්දේ අල්ලාහ්ය. එය ඔබ (ඔබගේ දෑස් වලින්) දකින්නෙහුය; ඔහුම සූර්යයාද චන්ද්‍රයාද තම පාලනය යටතේ තබා ඇත්තේය, (මේවා) සෑම දැයක්ම (ඒවාට) නියමිත කාල පරාසයට අනුව ගමන් කරමින් සිටින්නේය, ඒවායේ සියලු කාරණාවන්ද ඔහුම සැලසුම් කරන්නේය; (13:2)


ඔහුම (සූර්යයා) පායන්නට සලස්වන්නෙකි. ඔහුම (ඔබව නිදන්ට සලස්වා ඔබ) සුවය ලබා ගැනීම සඳහා රාත්‍රිය ඇති කරන්නේය. ඔබ (කාලයේ) ගණනය දැන ගැනීම සඳහා සූර්යයා වද චන්ද්‍රයාවද ඇති කළේය. (6:96)

4. විශ්වය සම්බන්ධව


(පසුව) ඔහු ඒවා දින දෙකකදී අහස් හතක් වශයෙන් සැලසුම් කර, සෑම අහසකටම නියමිත විවිධ යුතුකම් දැනුම් දුන්නේය. පසුව (මෙතරම්ම් දැයක් කළ) අපිම (භූමියට සමීපයෙන්) පහතින්ම ඇති අහසෙහි (තාරකා නම් වූ) පහන් මගින් අලංකාරවත් කර. (එය) ආරක්ෂා සහිතවද පත් කළෙමු. මේ සියල්ල. (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු (වන අප)ගේම සැලසුමකි. (41:12)


ඉහත වැකියෙහි සඳහන් තාරකා (නම් වූ පහන්) සහිත පහතින්ම ඇති අහස යනු අප සිටින විශ්වයයි. අපට එහි 5%ක් පමණ නිරීක්ෂණය කළ හැක. අපගේ මන්දාකිණියේ තරු හෙවත් සූර්‍යයාවන් බිලියන 400ක් පමණ ඇත. අපගේ නිරීක්ෂන අහසේ මන්දාකිණි ට්‍රිලියන දෙකක් පමන ඇත. ඇත්තවශයෙන්ම අහස නිරීක්ශණයට ඉතාම සිත්ගන්නා සුළු තැනකි. 


5. පෘතුවිය සම්බන්ධව

අහස ආරක්ෂා සහිත උඩුවියනක් මෙන්ද අපි නිර්මාණය කළෙමු. (මෙසේ තිබියදී) ඒවායේ ඇති සාදකයන් ඔවුන් ප්‍රතික්ශේප කරන්නාහ. (21:32)


යකඩද අපිම පහළ කළෙමු. එයින් බිහිසුනු යුධ තර්ජන ඇත්තේය. මිනිසුන්ට ප්‍රයෝජනවත් බොහෝමයක්ද ඇත්තේය. (57:25) පෘතුවිය තුල යකඩ ඇතිවී තිබෙන්නේ පසු කාලීනව බව විද්‍යාඥයින් සොයාගෙන ඇත


ඔබ වෙනුවෙන් තාරකාවන් උත්පාදනය කළේද ඔහුමය. ගොඩබිබෙහිද, මුහුදෙහිද ඇති අන්ධකාරයන්හී ඒවා මගින් ඔබ මාර්ගය දැන යන්නෙහුය. (6.97)


අපව ඔසවාගෙන සිටින භූමිය නොසෙල්වී තිබෙණු පිණිස අති විශාල කඳු ඒ මත තැබුවේය. (ඔබගේ යාම් ඊම් සඳහා) සෘජු මාර්ගයන් ඔබ දැනගැනීම සඳහා (විවිධ) මාර්ගයන්ද, ගන්ගාවන්ද නිර්මාණය කළේය. (16:15) පොළොව නොසෙල්වී තිබීමට කඳු වල මුල් කූඤ්ඤ ලෙස ක්‍රියා කරන බව විද්‍යාඥයින් සොයාගෙන ඇත.


මෙතරම් විශාල භූමිය අපි ඔබට තොටිල්ලක් වශයෙන්ද, කඳු සවිකරන ලද ඇණ වශයෙන්ද නිර්මාණය කළේ නැද්ද? ජෝඩු ජෝඩු වශයෙන් අපිම ඔබ නිර්මාණය කර ඇත්තෙමු. (78:6,7,8)


තවද, (දිශාවන් දැනුම් දිය හැකි) සළකුණු මගින්ද, තාරකාවන් (නිර්මාණය කර තැබීම) මගින්ද (සංචාරකයින් වන) ඔවුන් මාර්ගය දැන ගන්නාහ. (16:16)


ඔබට බියද, ලාබයද ලබා දිය හැකි විදුලිය ඔහුම ඔබ ඉදිරියේ බැබලීමට සලස්වන්නේය. (වැස්ස, සුළග) ඝන වලාකුළුද ඔහුම ඉකුත් කරන්නේය. (12:12)


හෙණ හඬද ඔහුගේ ප්‍රශංසාව ගායනා කරන්නේය; ඔහුම හෙණ වැදීමට සලස්වා එමඟින් ඔහු අදහස් කරන අයට පහර දෙන්නේය; (13:13)


රාත්‍රීයේද, දහවලේද නිදාගෙන විඩාව නිවා ගැනීමද, භූමියෙහි විවිධ ප්‍රදේශයන්ට ගොස් ඔහුගේ වරප්‍රසාදයන් සොයා ගැනීමද, ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැයයි. සවන් දෙන ජනතාවට මෙහිද (බොහෝමයක්) සාධකයන් ඇත්තේය. (30:23)


(නබියේ!) ඔබගේ දෙවියන් සෙවණැල්ල කෙසේ අඩු කරන්නේද, කෙසේ වැඩි කරන්නේද යන්න ඔබ අවධානය කළේ නැද්ද? ඔහු අදහස්කර තිබුණේ නම්, එය ස්ථිරව තිබීමට සැළැස්විය හැක. සූර්යයාව චන්ද්‍රයා ඉදිරියෙන් අපිම පත් කළෙමු. (25:45)


ඔහුම සූර්යයා දීප්තිම ආලෝකයක් වශයෙන්ද්, චන්ද්‍රයා (අලංකාරවත්) ආලෝකය ලබා දෙන්නක් බවටද පත්කර අවුරුදු සංඛ්‍යාවද, මාසයන්හී ගණනයද ඔබ දැන ගැනීම පිණිස, (චන්ද්‍රයා වන) එයට (මාරුවෙන් මාරුවට පැමිණිය හැකි) අවස්ථාවන්ද මනක්කල්පිත කළේය. සත්‍යය වූ නියමිත කාරණාවක් නොමැතිව මේවා අල්ලාහ් උත්පාදනය කළේ නැත. දැනගත හැකි ජනතාව වෙනුවෙන් (තම බලසම්පන්නකමට අයත්) සාධකයන් (මෙසේ) විවරණය කරන්නේය. (10:5)


අහස්ද භූමියද උත්පාදනය කර තිබීමද, ඔබගේ භාෂාවන්ද, වර්ණයන්ද වෙනස්වී තිබීමද, ඔහුගේ සාදකයන්ගෙන් ඇති දැයයි. මෙහිද බුද්ධිමත් අයට නියත වශයෙන්ම (බොහෝමයක්) සාධකයන් ඇත්තේය. (30.22)


නියත වශයෙන්ම ඔබගේ දෙවියන් වන අල්ලාහ් අහස්ද, භූමියද දින හයකින් උත්පාදනය කර, අර්ෂ් මත තම රාජධානිය ස්ථාවර කර තැබුවේය. ඔහුම රාත්‍රියෙන් දහවල වසා දමන්නේය. (දහවලෙන් රාත්‍රිය වසා දමන්නේය). එය ඉතාමත් තීව්‍ර වශයෙන්ම එකකට පිටුපසින් එකක් වශයෙන් පිළිවෙලින් සිදුවෙමින් පවතින්නේය. සූර්යයාද, චන්ද්‍රයාද, තාරකාවන්ද ඔහුගේ නියෝගයන්ට ඇතුළත් වන්නේය. උත්පාදනයන්ද, එහි පාලනයද ඔහුටම අයත් දැය නොවේද? සකළ ලෝකයන්ම උත්පාදනය කර, පෝෂනය කර, සංවර්ධනය කරන අල්ලාහ් ඉමහත් භාග්‍යවන්තයෙකි. (7:54)

by: sjw

මේ සම්බන්ධව ඔබගේ අදහස් අපට ලියන්න


ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අපගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us