දෙවියන්ගේ නිර්මාණ: නිරය (අපාය)

නිරය ගැන ලෝක වාසී සියල්ලටම යම් අදහසක් ඇත. එය ඇසීමට තරම් භිය උපදවන තැනකි. නිරයක් නොමැති නම් මිහිපිට සමහර මිනිසුන් කරන සමහර වැරදි වලට සාධාරනයක් ඉෂ්ඨ කළ හැකි වෙන තැනක් නොමැත. එනිසා නිරයක් තිබිය යුතුයි යන මතයට බහුතරයක් එකඟ වනු ඇත. 

නමුත් ඇත්තටම නිරය දුෂ්ටයන්ට පමණක්ද? මේ ප්‍රශ්නය අහලා ඔබ පුදුම වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ මිනිස්සුත් නිරයට යනවද? ඇත්තටම මෙතන ඔබ දැනගත යුතු දෙයක් තියෙනවා.

අනු මාතෘකා

  1. අල් කුරානයේ නිරය පිළිබඳ සඳහන් දෙවියන් වහන්සේගේ වචන. 
  2. නිරයට යාමට බලපාන ප්‍රධානම කාරණාව.
  3. නිරය පිහිටා ඇති ස්ථානය.
  4. තම නිර්මාතෘ කෙරෙහි විශ්වාසය තැබූ පුද්ගලයෙකු මිය ගිය පසු ඔහුගේ ආත්මය ගමන් කරන දිශාවන්.
  5. තම නිර්මාතෘ කෙරෙහි විශ්වාසය නොතැබූ පුද්ගලයෙකු මිය ගිය පසු ඔහුගේ ආත්මය ගමන් කරන දිශාවන්.
  6. නිරය සම්බන්ධ කුරාන් හී ඇති විවිධ වචන

අපාය හා සම්බන්ධ වන්නේ නරක නිසා ඇති වන අකුසල්ය. අකුසල් වලට එහායින් ගිය තවත් විශේෂ කාරණවක් ගැන ඉස්ලාමය තුලින් පෙන්වා දෙයි. එම කාරණාව දෙස හොඳින් අවධානය කර බැලුවොත් අකුසල් වලට වඩා නිරයට යාමට හේතුව ලෙස එය ඉස්මතු වෙනු දැකිය හැක. ඒ තමයි ප්‍රතික්ෂේප කිරීම. අකුසල් ඇති වීමට හේතුව ලෙස මෙම ප්‍රතික්ෂේප කිරීමම අඩු වැඩි වශයෙන් බලපානු ඇත. එනම් සියලුම අකුසල වලට හේතුව මෙම ප්‍රතික්ෂේප කිරීමමයි. එහි උච්චතම අවස්ථාව නම් තමාව නිර්මාණය කල දෙවියන්ව ප්‍රතික්ෂේප කිරීමයි. ඔහුව ප්‍රතික්ෂේප කිරීම හරහා තව ප්‍රධාන කාරණා කිහිපයක්ම එක දිගටම ප්‍රතික්ෂේප වී යනු ඇත. එම නිසා මිනිසුන් අකුසල් කිරීමට බිය නොවනු ඇත. අකුසල් කිරීමට බිය නොවන සමාජය තුලින් යහපත් වටපිටාවක් බලාපොරොත්තු විය නොහැකිය. එනිසා එහි ප්‍රතිඵලයක් ලෙස වැරදිකරුවන්ට දඬුවම් දීමක් කල යුතුවනු ඇත.

දෙවියන්ව ප්‍රතික්ෂේප කිරීම නිසා පහත කාරණාවන්ද නිරායාසයෙන්ම ප්‍රතික්ෂේප වෙනු ඇත. ඒවා නම් දේව දූතයන් හෙවත් මලායිකාවරුන්, නබිවරුන්, දෙවියන් පහළ කල ධර්මයන්, විනිශ්චය දිනය. සහ මේ විශ්ව නීතිය හෙවත් සියල්ල නිර්මාතෘ ගේ සැලස්මට අනුව සිදුවෙනවා යන නියමය. 

මෙවා සියල්ල අපේ පියවි ඇසට හසු නොවන දේවල්ය, එනිසා ඒවා විශ්වාසයේ කුළුණු ලෙස මුස්ලිම් භක්තිකයන් පිළිගනු ලබයි. මේවා අන්ධ භක්තියෙන් විශ්වාස කරන කරුණු නොව. මෙම සියළුම කාරනා තර්කාණුකූල සාධක සතිතව පිළි ගත හැකි ඒවාය.

තම නිර්මාතෘව ප්‍රතික්ෂේප කිරීමේ පාපයේ බරපතලකම ගැන මෙම සබැඳි ලිපියෙහි සඳහන් කර ඇත.

ප්‍රතික්ෂේප කිරීම හෙවත් ලොකුම පාපය

අල් කුරානයේ නිරය පිළිබඳ සඳහන් දෙවියන් වහන්සේගේ වචන.

නිරයෙහි ආරක්ෂකයින් වශයෙන් මලායිකාවරුන්ම මිස, (වෙන කිසිවෙකුත්) අපි නියම කළේ නැත. ප්‍රතික්ෂේප කරන්නන්ව පිරික්සීම සඳහාම (මෙසේ) මොවුන්ගේ ගණනය (දහ නව දෙනෙකු වශයෙන්) අපි ඇති කළෙමු. ධර්මය හිමි අය මෙය ස්ථිර වශයෙන්ම විශ්වාස කළ යුතුය; (74:31)


විශ්වාසවන්තයිනී! ඔබ, ඔබවද, ඔබගේ පව්ලේ උදවියද, මිනිසුන්ද ගල්ද ඉන්දන බවට පත් කළ හැකි නිරා ගින්නෙන් ආරක්ෂා කර ගනු. එහි දැඩි හැකියාවන්ගෙන් පිරි ශක්තිසම්පන්නයන් වන මලායිකාවරුන්ව පත් කරනු ලැබ ඇත්තේය. අල්ලාහ් ඔවුන්ට නියෝග කර ඇති දැයෙන් (පොඩියක් හෝ) වෙනසක් නොකරනු ලබන්නාහ. ඔවුන්ට (දඬුවම් කරන මෙන්) තමන්ට දෙනු ලැබූ නියෝගයන් ඉටු කරමින් සිටින්නාහ (66:6)


ධර්මය හිමි අයගෙන්ද, සමානයන් තබා නමදින්නන්ගෙන්ද, (මෙම නබිවරයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි අයගෙන්ද) කවුරුන් (ඔහුව) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන් නියත වශයෙන්ම නිරා ගින්නෙහිම සිටින්නාහ. එහි ඔවුන් සදාකල්ම රැඳී සිටින්නාහ. මෙවැන්නන්ම උත්පාදනයන් සියල්ලගෙන් ඉමහත් නපුරන්ය. (98:6)


කවුරුන් ධර්මයෙහි අල්ලාහ් පහළ කළ දැය සඟවාගෙන ඒ වෙනුවෙන් සුළු මුදලක් ලබා ගන්නෝද, ඔවුන් නියත වශයෙන්ම තම කුසෙහි ගින්දර මිස, වෙන කිසිවක් පුරවා ගන්නේ නැත; (2:174) තවද (ධර්මය) වෙනස් කරන්නන් නියත වශයෙන්ම (සෘජු මාර්ගයෙන්) ඉතාමත් ඈතින් සිටින්නාහ. (2:176)


මිනිසුන්ද, ගල්ද භාවිතා කර ගන්නා (නිරා) ගින්නට බිය වනු. එය (මෙම ධර්මය) ප්‍රතික්ෂේප කරන්නන් වෙනුවෙන්ම සම්පාදනය කර ඇත; (2:24)


මෙම ප්‍රතික්ෂේප කරන්නන් අපව අතහැර දමා අපගේ වහලුන්ව (තමන්ට) ආරක්ෂකයින් වශයෙන් ගත හැකිය යයි අදහස් කරමින් සිටින්නෙහුද? නියත වශයෙන්ම මෙම ප්‍රතික්ෂේප කරන්නන්ට ආගන්තුක සත්කාර කිරීම සඳහා නිරයම පිළියෙල කර ඇත්තෙමු. (18:102)


ඔවුන් (කවුරුන්දයත්) මෙලොව ජීවිතයෙහි වැරදි මාර්ගයෙහිම උත්සහ කරමින් තමන් ඇත්තෙන්ම හොඳ ක්‍රියාවන්ම කරන බවට සිතා ගන්නාහ. (18:104) මෙවැන්නන්ම තමන්ගේ දෙවියන්ගේ ආයාවන්ද, ඔහුව හමු වන්නෙමු යන්නද ප්‍රතික්ෂේප කළ අයයි. ඔවුන්ගේ හොඳ ක්‍රියාවන් සියල්ල විනාශ වී ගියේය. (පින් පව් කිරා බැලීමට) ඔවුන් වෙනුවෙන් විනිශ්චය දිනදී තරාදිය අපි නොසිටුවන්නෙමු (18:105)


ඔවුන් මගේ ආයාවන්ද, මගේ දූතයන්වද, ප්‍රතික්ෂේප කර, සමච්චලයට ලක් කළ හේතුවෙන් නිරයම ඔවුන්ට ඵලවිකාක වන්නේය. (18:106)


වැරදිකරුවන්ව පිපාසයෙන් යුතුව නිරය දෙසට දක්කාගෙන යන්නෙමු. (19:86)

(නබියේ! ඔබව) බොරුකාරයා කරන මොවුන්ට එදිනදී විනාශයයි! ඔවුන්ම (පුහු තර්ක විතර්කයන්හී) ගිලී සෙල්ලම් කරමින් සිටින්නාහ. ඔවුන් නිරය දෙසට (පහර දී) එළවාගෙන යන දිනදී, (ඔවුන්ට) ඔබ බොරු කරමින් සිටි (නිරා) ගින්න මෙයයි (කියනු ලැබේ). "මෙය (පුහු) සූනියමක්ද? නැතහොත් (මෙය) ඔබ, (ඔබගේ දෑසින්) බැලුවේ නැද්ද:" මෙහි (ඇතුළු වී) මුහු වී (ගින්ණෙන් දැවී) යනු. (මෙහි දඬුවමෙහි එක් අනු ප්‍රමාණයක් හෝ අඩු කළ නොහැක), ඔබ කළ දැයට අයත් ඵලවිපාකම ඔබට් දෙනු ලබන්නේය" යයි කියනු ලැබේ. (52:11-17)


(විනිශ්චය දිනදී) (පාපතරයින් වෙනුවෙන්) නිරය ගෙන එනු ලබන එදිනදී මිනිසාට හොඳ බුද්ධිය උදා වනු ඇත. එහෙත් ඒ අවස්ථාවේදී (උදාවන) බුද්ධියෙන් ඔහුට කුමණ ප්‍රයෝජනයක්ද? මගේ පරලොව ජීවිතය වෙනුවෙන් මා පින් ඇති දැය කර යවා තිබිය යුතු නොවේද!" යයි ප්රලාප දොඩවනු ඇත. (89:23,24)


මෙයයි වැරදිකරුවන් බොරු කරමින් සිටි නිරය. මෙයටද, උතුරණ ලෝදියටද අතරේ (දෙපැත්ත ගිනි ගත් දර කැබැල්ලක හසුවුනු කූඹීන් මෙන්) ඔවුන් ඒ මේ අත දුවන්නාහ. (55:43,44,45)


(නබියේ!) ප්‍රතික්ෂේප කරන්නන් (ඉමහත් වෙළෙන්දන් වශයෙන්ද, ධනවතුන් වශයෙන්ද ආඩම්බරයෙන් යුතුව) නගරයන්හි සැරිසරමින් සිටිනු ඔබව වශී නොකළ යුතුය. (මෙය) අල්ප සුවයක් පමණි. මින් පසුව ඔවුන් ඇතුළුවන ස්ථානය නිරයයි. එය වාසස්ථානයන්ගෙන් ඉතාමත් නපුරුය. (3:196,197)


(තවද) ඔවුන් (මෙම) ධර්මය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ප්‍රතික්ෂේප කරමින්ම මරණයට ද පත් වන්නෝද, ඔවුන් කෙරෙහි අල්ලාහ්, මලායිකාවරුන්, මිනිසුන් ආදී සියල්ලගේ ශාපය නියත වශයෙන්ම අත් වන්නේය. (2:161)


(තවද ඔවුන්) එ(ම ශාපයෙ)හි සැමදා රැඳී සිටින්නාහ. (පරලොවදී) ඔවුන් වෙනුවෙන් දඬුවම් ලිහිල් කරනු ලබන්නේද නැත. ඔවුන්ට විවේකයක් දෙනු ලබන්නේද නැත. (2:162)


ඇත්තෙන්ම කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෙකු වශයෙන්ම තම දෙවියන් වෙත පැමිණෙන්නේද, ඔහුට නියත වශයෙන්ම නිරයම (ඵලවිපාක වනු ඇත). එහි ඔහු මැරෙන්නේද නැත. (සුවයෙන් යුතුව) ජීවත් වන්නේද නැත. (දඬුවම හා දහ දුක විඳිමින්ම සිටිනු ඇත). (20:74)


ඔබගේ දෙවියන් මෙසේ පවසන්නේය. ඔබ (ඔබට අවශ්‍යය දැය සියල්ල ඉල්ලා සිටීමට) මාවම ආරාධනා කරනු. මා ඔබට (ඔබගේ ප්‍රාර්ථනාවන්ට) පිළිතුරු දෙන්නෙමි. කවුරුන් මාව නොනැමද ආඩම්බර බස් දොඩන්නෝද, ඔවුන් නියත වශයෙන්ම දීන වූ අය වශයෙන් නිරයට ඇතුළු වනු ඇත, (40:60)


කවුරුන් (අපගේ) මෙම ධර්මයද, අපගේ (අනිත්) දූතයින් ගෙන ආ ධර්මයන්ද බොරු කරන්නෝද, ඔවුන් පසුව (එහි සත්‍යය නියත වශයෙන්ම) දැන ගන්නෙහුය, ඔවුන්ගේ බෙල්ලෙහි දමන ලද දම්වැල් සමගද, විළංගු සමගද, ඔවුන්ට (දඬුවම් කිරීමට) ඇද්ගෙන එනු ලැබ, (පළමුවෙන්ම) උතුරන ලෝදියෙහිද, පසුව නිරයෙහිද ඇතුළු කරනු ලබන්නෙහුය. පසුව ඔවුන්ට "අල්ලාහ් හැර, ඔබ සමානයන් වශයෙන් කරගෙන සිටි දැය කොහ්රේද? යයි විමසනු ලැබේ. (40:70-73)


විශ්වාසවන්තයිනී! නියත වශයෙන්ම (ඔවුන්ගේ) පූජකවරුන්ද, පඬිවරුන්ද, බොහෝමයක් දෙනා ජනතාවගේ වස්තූන් වැරදි ආකාරයෙන් ගිල දමන අතර (ජනතාව) අල්ලාහ්ගේ මාර්ගයෙහි යාමද වළක්වන්නාහ. එබැවින් (මොවුන්ටද, තවද කවුරුන්) රත්‍රන්ද, රිදීද එක්කාසු කර තබා, එය අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් නොකර සිටින්නෝද, ඔවුන්ටද (නබියේ!) ඔබ වේදනා ගෙන දෙන දඬුවම මගින් ශුභාරංචි දෙනු මැනව! (රත්‍රන් රිදී ආදී) දැය නිරා ගින්නෙන් රත් පැහැ ගැන්වෙන තුරු රත් කර, එමගින් ඔවුන්ගේ නළන් වලද, ඉළ ඇට පෙදෙස්වලද, ඔවුන්ගේ පිටකොන්දෙහිද පුළුස්සා "ඔබ වෙනුවෙන් ඔබ එක්කාසු කර තැබූ දැය මෙයයි. එබැවින් ඔබ එක්කාසු කර තිබූ මේවා (පොඩියක්) විඳ බලනු" යයි කියනු ලැබන දින (නබියේ! ඔබ ඔවුන්ට මතක් කර දෙනු).(9:34,35)


ඔවුන්ගෙන් කිසිවෙකුත් "අල්ලාහ් හැර මමත් දෙවියෙකි" යයි පැවසුවහොත් ඔහුට නිරයම අපි ඵලවිපාක බවට දෙන්නෙමු. අපරාධකරුවන්ට (ඔවුන් කවුරුන් වුවද) මේ අන්දමටම අපි ඵලවිපාක දෙන්නෙමු. (21:29)


නියත වශයෙන්ම ඔබත් අල්ලාහ් හැර. (ඔබ) නමදිමින් සිටි දැයද නිරයෙහි දර කොටන් වශයෙන් සිටින්නෙහුය. ඔබ සියල්ලන්ම එහි යා යුතුව ඇත්තේය" යි කියනු ලැබේ. (ඔවුන් නමදිමින් සිටි) මේවා (සත්‍යය) දෙවිවරුන් වශයෙන් තිබුනේ නම්, නිරයට පැමිණෙන්නේම නැත. එහෙත් ඔවුන් සියල්ලන්ම (නිරයට තල්ලු කරනු ලැබ) සදාකල් එහි රැඳී සිටිනු ඇත. (21:98,99)

(දෙවියන්ට අවනත වන්නන් හා දෙවියන්ට වෙනස්කම් කරන්නන් ආදී) මේ දෙකොට්ටාශයම තමන්ගේ දෙවියන් ගැන තර්ක කරමින් සිටින්නාහ. එබැවින් (ඔවුන්ගෙන්) කවුරුන් (තමන්ගේ දෙවියන්ව) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට ගින්නෙන් නිමවූ ඇඳුම් පැළසුම් කර ඇත්තේය. උණු වී නටමින් තිබෙණ ජලය (ලෝදිය) ඔවුන්ගේ හිස් මත වත් කරනු ලැබේ. (22:19) එමගින් ඔවුන්ගේ කුසෙහි ඇති දැයද, (ශරීරය මත ඇති) හමද දැවී අඟුරු වී යනු ඇත. (22:20)


ඔවුන් වෙනුවෙන් යකඩ කදාවන් ඇත. (එමගින් ඔවුන්ට පහර දෙනු ලැබේ). මෙම ශෝක (ජනක නිරයෙන්) ඔවුන් පිටමං වීමට අදහස් කරමින් උත්සහ කරන සෑම විටම, එහි තල්ලු කරනු ලැබ "දවාලනු ලබන දඬුවම විඳිමින් සිටිනු" (යයි කියනු ලැබේ). (22:21,22)


කවුරුන්ගේ (පිනෙහි) බර අඩුවන්නේද, ඔවුන් තමන්ට තමන් පාඩුව ඇති කරගෙන සැමදා නිරයෙහි රැඳී සිටින්නාහ. ඔවුන්ගේ මුහුණු (නිරා) ගින්න දවා (තොල් පෙති දැවී හැකිළී), එහි ඔවුන් මුහුණු විකෘති වූවන් වශයෙන් සිටින්නාහ. (23:103,104)


වැරදි කරුවන්ගෙන් මෙසේ විමසනු ඇත. ඔබව නිරයේ ඇතුළු කලේ කුමක්ද? එයට ඔවුන් "අපි සලාත් කරන්නන්ගෙන් වූයේ නැත", "අපි දුප්පතුන්ට ආහාර සැපයූවේද නැත". "පුහු කාරණාවන්හි ගැලී සිටිය අය සමග අපිත් ගැලී සිටියෙමු". "පලවිපාක ලබා දෙන මේ දිනයද අපි බොරු කළෙමු". "(අපි මරණයට පත්වී) මෙය ස්ථිරව දකින තුරු (මේ අන්දමට සිටියෙමු) යයිද පවසනු ඇත. (74:40-47)


(ඔවුන්ට) "ඔබ කෙරෙහි මගේ ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබුවේ නැද්ද? ඒවා ඔබ බොරු කරමින් සිටියෙහුය" (යැයි කියනු ලැබේ). එයට ඔවුන් "අපගේ දෙවියනේ! අපගේ අවාසනාව අපව යටපත් කළේය. එබැවින් අපි දුර්මාර්ගයෙහි ගියෙමු" යයි පවසනු ඇත. (තවද) "අපගේ දෙවියනේ! මෙයින් (නිරයෙන්) අපව පිටමං කර හරිනු මැනව. (පාපයන් කිරීමට) නැවතත් ඉදිරිපත් වුවහොත් අපි ඉමහතපරාධකරුවන් බවට පත් වන්නෙමු" යයි පවසනු ඇත)/ එයට ඔහු "එහිම අවමානයට ලක්වී සිටිනු. ඔබ මා සමග කතා නොකරනු" යයි පවසනු ඇත. (23:107,108)


එහි ඔවුන්ව (ඔසවා) වීසි කරනු ලබන විට, (බූරුවන්ගේ විශාල ශබ්දයක් මෙන්) එහි උතුරණ ශබ්දය ඇසෙනු ඇති අතර එය ගොරවමින් සිටිනු ඇත. කෝපයෙන් පුපුරා යන්නාක් මෙන් එහි එක් සමූහයක්ව පිළුස්සනු ලබන සෑම විටම, එහි මුරකරුවා ඔවුන්ට "(මෙම දඬුවම ගැන) බියගන්වා අනතුරු අඟවන්නා ඔබ වෙත පැමිණියේ නැද්ද? යි විමසනු ඇත. එයට ඔවුන් "ඇත්තය, බියගන්වා අනතුරු අඟවන්නා නියත වශයෙන්ම අප වෙත පැමිණියේය. එහෙත් අපි (ඔහුව) බොරුකාරයා බවට පත් කර, අල්ලාහ් (ඔබ වෙත) කිසිම දැයක් පහළ කර තැබුවේම නැත. ඔබ ඉමහත් දුර්මාර්ගයෙහි මිස, සිටියේ නැත" යයි අපි කීවෙමු" යයි පවසනු ඇත. තවද "(ඔහුගේ වදනට) අපි සවන් දී (ඒවා) අපි සිතා (ඒ අනුව කටයුතු කර) තිබුනේ නම්, අපි නිරාවාසීන්ගෙන් වූ අය බවට පත් වී නැත්තෙමු" යයි පවසා, ඔවුන් තමන්ගේ පාපය භාර ගනු ඇත. එබැවින් නිරාවාසීන්ට විනාශයයි. (67:7-11)

(නිරයෙහි ඇති) සක්කූම් නැමති (තිත්ත දුගඳ වෑහෙන ගස); (37:62) ඇත්තෙන්ම එය නිරයෙහි යට මට්ටමේ සිට ඉකුත් වන ගසකි. එහි අතු නයින්ගේ පෙනය මෙන් ඇත්තේය. නියත වශයෙන්ම ඔවුන් (තමන්ගේ කුසගින්න දරුණුභාවය නිසා) එයද අනුභව කරන්නාහ. (නමුත් ඔවුන්ගේ කුසගින්න නිවෙන්නේ නැත). පසුව, නියත වශයෙන්ම උතුරණ සැරව මිශ්‍ර (ලෝදිය) එහිදී ඔවුන්ට (පානයක් වශයෙන්) දෙනු ලැබේ. (37:64-67)


පසුව නිරයේ සිටින අය, නිරයේ ආරක්ශකයින්ට "දඬුවම දවසකට හෝ අපට ලෙහෙසි කර දෙන මෙන් ඔබගේ දෙවියන්ගෙන් ඉල්ලා සිටිනු" යයි පවසනු ඇත. (එයට ඔවුන් (මොවුන්ට) "ඔබ වෙත පැමිණි (දෙවියන්ගේ) දූතයින් පැහැදිළි (සාධකයන් බොහෝමයක්) සමග ඔබ වෙත පැමිණියේ නැද්ද? යයි විමසණු ඇත. එයට ඔවුන් "ඇත්තය, පැමිණියාහ" යයි පවසනු ඇත. එයට ඔවුන්, එසේ නම් ඔබම ඉල්ලා ගනු" යයි පවසා හරින්නාහ; (40:49,50)

නිරයට යාමට බලපාන ප්‍රධානම කාරණාව.

ඉහත දෙවියන්ගේ වදන් දෙස බැලූ විට "මිනිසුන් දෙවියන් හෙවත් තමාගේ නිර්මාතෘව ප්‍රතික්ෂේප කරමින් මෙලොව ජීවත් වීම" තමයි නිරයට යාමට බලපාන ප්‍රධානම කාරණාව. 

දෙවියන්ව ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුට තමන් කවුද, සොභාදහම යනු කුමක්ද, තමන්ගේ මෙලොව ජීවිතයේ අරමුණ සහ පරළොව ස්වභාවය ආදිය ගැන පැහැදිළිතාවයක් ඇති නොවේ. එහෙම මිනිසෙකු ගේ ඇති වටිනාකම කුමක්ද? 

ප්‍රතික්ෂේප කරන්නන් සහ වැරදි කරන්නන් දෙවියන්ගේ මෙම වදන් නුදුටුවෙහිද?

✨අහස්ද, භූමියද, ඒවා අතර ඇති දැයද (පුහු) සෙල්ලමක් සදහා අපි නිර්මාණය කලේ නැත (කුරානය 44:38,21:16).

✨"අපි නුඹළාව නිකමට මැව්වෙමු යැයිද, නියතව නුඹලා අප හමුවට හරවනු නොලබන්නෙහු යැයිද සිතාගෙන සිටියෙහුද?" (කුරානය 23:115).

✨ඔබගෙන් කවුරුන් ක්‍රියාවන්ගෙන් ඉතාමත් අලංකාරවත් කෙනෙකුද යන්නෙහි ඔබව පිරික්සනු පිණිසම ඔහු ජීවිතයද මරණයද උත්පාදනය කර ඇත්තේය. (කුරානය 67:2)

✨(කිසිම) ප්‍රශ්නයක් නොඅසා අත්හැර දමන්නෙමු යැයි මිනිසා අදහස් කළෙහිද? (75:36)

නිරය පිහිටා ඇති ස්ථානය.

පහලම අහසේ සිජ්ජීන් හි පහලම ස්ථානයේ

අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබූ පුද්ගලයෙකු මිය ගිය පසු ඔහුගේ ආත්මය ගමන් කරන දිශාවන්.

අල්ලාහ්ව විශ්වාස කරමින් සිටි අයෙකු මිය ගිය පසු ඔහුගේ ආත්මය මලායිකාවරයෙකු විසින් පලමු අහසේ ඉහලට එය ගෙන යයි. ඉන් පසු එතැන් සිට හත් වන අහස දක්වාත් ගෙන ගොස් ඔහුගේ සටහන හත්වන අහසේ ඉල්ලීයීන් නැමති ස්ථානයේ සටහන් කර නැවත ආත්මය ඔහුගේ මළ සිරුර වෙත ගෙන එයි. ඉන්පසු මලායිකාවරුන් ඔහුට බර්සාහ් නම් මිනීවල තුල ජීවිතය ගත කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙයි. විනිශ්චය සඳහා අල්ලාහ් කැඳවන තෙක් ඔහු එහි සිටී. විනිශ්චය මහ්ෂර් පිටියේදී පවත්වන බව සඳහන් වේ. විනිශ්චයට පසු සිරාත් නම් පාලම තරණය කල යුතුව ඇත. එය හත්වන අහසේ පිහිටා ඇති ස්වර්ගය දක්වා විහිදී ඇති එකකි. සමහරු වේගයෙන් එය තරණය කරයි. සමහරු හෙමින්, තවත් සමහරුන්ට තරණය කල නොහැකිව සිජ්ජීන් හී පිහිටා ඇති නිරයට වැටේ. අල්ලාහ් කැමති නම් පසුව ඔහු නැවත එයින් එලියට ගෙන ස්වර්ගය වෙත යොමු කරයි. සිජ්ජීන් පෘතුවියෙහි පහලම ඇති බවට තොරතුරු ඇත. ඒවා පහත දැක්වේ.

අල්ලාහ් කෙරෙහි විශ්වාසය නොතැබූ පුද්ගලයෙකු මිය ගිය පසු ඔහුගේ ආත්මය ගමන් කරන දිශාවන්.

අල්ලාහ්ව සහ ඔහුගේ මාර්ගෝපදේශ අවිශ්වාස කරමින් සිටි අයෙකු මිය ගිය පසු ඔහුගේ ආත්මය මලායිකාවරයෙකු විසින් පලමු අහසේ ඉහලට එය ගෙන යයි.

නමුත් ඉන් ඉහලට එය රැගෙන නොයයි. ඔහුගේ සටහන පහලම අහසේ පහලම ඇති සිජ්ජීන් නම් ස්ථානයේ සටහන් තබා නැවත ඔහුගේ ආත්මය මල සිරුර වෙත ගෙන එයි. ඉන්පසු මලායිකාවරුන් ඔහුගෙන් මෙලොව ජීවිතය තුලදී අල්ලාහ්ගේ මාර්ගෝපදේශය අනුගමණය නොකිරීම ගැන ප්‍රශ්න කරයි. ඉන්පසු ඔහුට අල්ලාහ් නැවත විනිශ්චයට කැදවන තෙක් බර්සාහ් නම් මිනීවල තුල ජීවිතය ගත කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙයි. අල්ලහ්ව සහ ඔහුගේ මාර්ගෝපදේශය අනුගමණය නොකල නිසා ඔවුන්ට සිරාත් පාළම තරණය කළ නොහැකිය. විනිශ්චයට පසු ඔවුන් සිජ්ජීන් නම් නිරයට ඇද වැටී එහි අල්ලාහ් කැමති තාක් කල් සිටීමට අතහැර දමයි. සිජ්ජීන් නම් අපාය පෘතුවියෙහි පහලම ගැඹුරෙහි හෝ මුහුද යට (ගැඹුරෙහි) ඇතැයි අදහස් පලවී තිබේ. හරිම ස්ථානය ගැන නිශ්චිතවම කිව නොහැක. 

දයිෆ් (හෙවත් දුර්වල) හදීසයක මෙසේ ඇත. (කුරාන් ආයතයේ අර්ථ නිරූපණය): "නියත වශයෙන්ම, අපගේ ආයත් (සාක්ෂි, වැකි, පාඩම්, සංඥා, හෙළිදරව් කිරීම් ආදිය) ප්‍රතික්ෂේප කර ඒවාට උඩඟු ලෙස සලකන අයට, ඔවුන්ට ස්වර්ගයේ දොරටු විවෘත නොකෙරේ, ඔටුවා ඉඳිකටුවේ ඇස හරහා යන තුරු ඔවුන් ස්වර්ගයට ඇතුළු නොවනු ඇත (එය කළ නොහැකි ය)" [අල්-අ'රාෆ් 7:40ඏ. අල්ලාහ්ගේ සංඥා විශ්වාස නොකරන සහ ඒවා විශ්වාස කිරීමට තරම් අහංකාර වන අය නිසැකවම නිරයේ සිටිනු ඇත." (අෂ්-ෂාර් අල්-මුම්ති', 3/174-175)

නිරයේ පිහිටීම ගැන කුරාන් සහ [විශ්වාසණීය/ දුර්වල] හදීස් හරහා ලැබී ඇති තොරතුරු මෙසේය.

නිරයේ පිහිටීම පෘථිවියේ ඇත, නමුත් සමහර විද්වතුන් එය සාගර බව පැවසූ අතර තවත් සමහරු එය පෘථිවියේ මැද ඇති බව පැවසූහ. පෙනෙන ආකාරයට එය පෘථිවියේ ඇති බව පෙනේ, නමුත් එය පෘථිවියේ හරියටම කොහේදැයි අපි නොදනිමු.

නිරය පෘථිවියේ ඇති බවට සාක්ෂිය: (අර්ථයේ අර්ථ නිරූපණය): "නැත! සැබවින්ම, ෆුජ්ජාර්වරුන්ගේ (විශ්වාස නොකරන්නන්, පව්කාරයන්, නපුරු ක්‍රියා කරන්නන් සහ දුෂ්ටයන්)ගේ වාර්තාව (ක්‍රියාවන් ලිවීම) සිජ්ජින්හි (සංරක්ෂණය කර ඇත)" [අල්-මුතෆිෆින් 83:7ඏ. සිජ්ජින් යනු පහළම පොළොව වන පෘථිවියෙහි නිරය ඇත.

අල්-හකීම් (8698) අබ්දුල්ලා ඉබ්න් සලාම්ගෙන් විස්තර කළේ ස්වර්ගය ස්වර්ගයේ බවත් නිරය පොළොවේ බවත්ය. (අල්-හකීම් විසින් සහීහ් ලෙස වර්ගීකරණය කර ඇති අතර අද්-දහබි ඔහු සමඟ එකඟ විය.)

අල්-හෆීස් ඉබ්න් රජබ් (රළියල්ලාහු අන්හු) මෙසේ පැවසීය: 'අතියා ඉබ්න් අබ්බාස්ගෙන් විස්තර කළේය, ඔහු මෙසේ පැවසීය: ස්වර්ගය හත්වන ස්වර්ගයේ ඇති අතර නිරය හත්වන පොළොවේ ඇත. මෙය අබු නුඅයිම් විසින් විස්තර කරන ලදී.

ඉබ්න් මන්දා මුජාහිඩ් හි අබු යාහියා අල්-කටාත්ගේ හදීසයෙන් විස්තර කළේය, ඔහු මෙසේ පැවසීය: මම ඉබ්න් අබ්බාස්ට මෙසේ කීවෙමි: පාරාදීසය කොහේද? ඔහු මෙසේ පැවසීය: අහස හතකට ඉහළින්. මම මෙසේ කීවෙමි: නිරය කොහෙද? ඔහු මෙසේ පැවසීය: මුහුදු හතක් යට, එකක් අනෙකට ඉහළින්. 

කටාදාහි ඉබ්නු අබිද්-දුන්යා ඔහුගේ ඉස්නාද් සමඟ මෙසේ පැවසීය: පාරාදීසය හත්වන ස්වර්ගයේ ඇති බවත් නිරය හත්වන පොළොවේ ඇති බවත් ඔවුන් පැවසූහ.

ඔවුන්ගෙන් සමහරක් (ඒ සඳහා සාක්ෂි ලෙස අල්ලාහ්),:- කාෆිර්වරුන්ට උදේ සහ සවස ගින්න පෙන්වනු ලබන බව අපට පැවසූ බව, එනම් බර්සාක් කාලය තුළ [මරණය සහ නැවත නැඟිටීම අතර] ස්වර්ගයේ කිසිදු දොරටු ඔවුන්ට විවෘත නොකරන බව පැවසූ බව උපුටා දැක්වූ අතර, මෙයින් ඇඟවෙන්නේ නිරය පොළොවේ ඇති බවයි. " (අත්-තක්විෆ් මින් අන්-නාර්, පිටු 62-63)

ඉබ්නු උතයිමීන් (අල්ලාහ් ඔහුට අනුකම්පා කරත්වා) ගෙන් විමසන ලදී: පාරාදීසය සහ නිරය කොහේද? ඔහු පිළිතුරු දුන්නේ:"ස්වර්ගය ඉලියියින්හි ඉහළම ස්ථානයේ ඇති අතර නිරය අස්-සිජ්ජින්හි ඇති අතර අස්-සිජ්ජීන් පහත්ම පෘථිවියේ පහළම ඇති බව හදීසයේ සඳහන් වේ: "පුද්ගලයා මිය යන විට, අල්ලාහ්, 'සිජ්ජින්හි මගේ වහලාගේ පොත පෘථිවියේ පහළම සටහන් කරන්න'". 

දයිෆ් (හෙවත් දුර්වල) හදීසයක මෙසේ ඇත. (කුරාන් ආයතයේ අර්ථ නිරූපණය): "නියත වශයෙන්ම, අපගේ ආයත් (සාක්ෂි, වැකි, පාඩම්, සංඥා, හෙළිදරව් කිරීම් ආදිය) ප්‍රතික්ෂේප කර ඒවාට උඩඟු ලෙස සලකන අයට, ඔවුන්ට ස්වර්ගයේ දොරටු විවෘත නොකෙරේ, ඔටුවා ඉඳිකටුවේ ඇස හරහා යන තුරු ඔවුන් ස්වර්ගයට ඇතුළු නොවනු ඇත (එය කළ නොහැකි ය)" [අල්-අ'රාෆ් 7:40ඏ. අල්ලාහ්ගේ සංඥා විශ්වාස නොකරන සහ ඒවා විශ්වාස කිරීමට තරම් අහංකාර වන අය නිසැකවම නිරයේ සිටිනු ඇත." (අෂ්-ෂාර් අල්-මුම්ති', 3/174-175)

නිරය සම්බන්ධ කුරාන් හී ඇති විවිධ වචන

ජහන්නම්: නිරය සඳහා වඩාත් පොදු නම, ගැඹුරු වළක් මින් අදහස් කරයි.

ජහීම්: නිරයේ දැවෙන ගින්නට මෙය භාවිත වේ.

සායිර්: දැල්වූ හෝ ඇවිළෙන ගින්නක් ගැන මින් අදහස් කරයි.

සකාර්: නිරයේ ගින්නෙහි දැඩි තාපය සහ වේදනාව විස්තර කිරීමට භාවිතා කරයි.

හුතාමා: නිරයේ විනාශකාරී ස්වභාවය පෙන්නුම් කරන "කැඩෙන්නා" හෝ "තලා දමන්නා" යන්නෙහි තේරුමයි.

ලායි: නිරයේ දැවෙන ගිනිදැල් ගැන සඳහන් වේ.

හාවියා: ගැඹුරු වළක් හෝ අගාධයක්, ඉහළ සිට පහළට බිංදුවක් යෝජනා කරයි.

නාර් :- නාර් යනු ගින්දරය. නමුත් එම නමද අපායට භවිතා කල අවස්තා කුරානය තුල ඇත.

by sjw

මේ සම්බන්ධව ඔබගේ අදහස් අපට දැනුම් දෙන්න.

ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අපගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us