දෙවියන්ගේ නිර්මාණ: ජලය සම්බන්ධව ඇති කුරාන් වැකි

ජලය යනු දෙවියන්වහන්සේගේ නිර්මාණ වලින් අති විශිෂ්ඨතම නිර්මාණයකි. ජලය නොමැතිනම් ජීවයක්ද නොපවතී. දෙවියන්ගේ අවසන් දිව්‍ය හෙළිදරව්ව වන ශුද්ධ වූ අල් කුරාණය තුල බොහෝ අවස්ථාවල මෙම ජලය ගැන කතා කර ඇත. විවිධ උදාහරණ දක්වමින්, විවිධ ඉඟි ඉදිරිපත් කරමින් එහි ඇති වැදගත්කම ඉස්මතුකර පෙන්වා දී ඇත. බුද්ධිමත් ජනතාවට එම වැකි දෙස අවධාරයෙන් යුතුව බලන ලෙස දෙවිඳුන් ආරාධනා කරයි. ජලය සම්බන්ධ කරගෙන දෙවියන්වහන්සේ මිනිසාට දක්වා ඇති දයාව සහ අනුග්‍රහය ගැන මෙම ලිපිය තුලින් හොඳින්  වටහා ගත හැක.

දෙවියන් අපෙන් මෙසේ අසයි;

ඔබ බොන වතුර අවධානය කළෙහුද? වලාකුළෙන් ඔබ එය වසින්නට සලස්වන්නෙහුද? නැතහොත් අපි වසින්නට සලස්වන්නෙමුද? අපි කැමති වුවහොත් එය (ඔබට බොන්නට නොහැකි) ලුණු ජලය බවට පත් කර හැර ඇත්තෙමු. (මෙයට) ඔබ කෘතඥ විය යුතු නොවේද? (56:68-70)

ලිපියෙහි අනු මාතෘකා

  1. දෙවියන්ගේ රාජධානිය (අර්ෂ්) ජලයේ පාවෙමින් තිබෙන බව
  2. වලාකුළු, වර්ෂාව, භෝග වගාව සහ පානය සම්බන්ධව
  3. මිනිසාව ජලයෙන් උත්පාදනය කළ බව
  4. පණ ඇති සෑම දැයක්ම ජලයෙන් උත්පාදනය කළ බව
  5. ජලය සම්බන්ද වෙනත් විද්‍යාත්මක තොරතුරු
  6. ජලය මිනිසාට වරප්‍රසාදයක් ලෙස ලබා දෙන ආකාරය ගැන
  7. මුහුද සහ නැව් සම්බන්ධව
  8. ජලය උපමාවක් ලෙස ගෙන දෙවිඳුන් දී ඇති උපදෙස්
  9. මූසා නබි (අ.ස) තුමාගේ කාලයේ වූ මුහුද දෙබෑ කිරීමේ ප්‍රාතිහාර්‍යය ගැන
  10. නූහ් නබි (අ.ස) තුමාගේ කාලයේ වූ විශාල ජල ගැල්ම සම්බන්ධව
  11. ස්වර්ගයේ ඇති ජලය සම්බන්ධව
  12. නිරයෙහි ඇති උණු ජලය සම්බන්ධව
  13. සලාත් (නැමදීම්) කිරීමට පෙර දෝවනයට ජලය භාවිතා කිරීම සම්බන්ධව
  14. මක්කාවේ ඇති සම් සම් ළිඳ සහ එම වතුරෙහි ඇති විශේෂත්වය

දෙවියන්ගේ රාජධානිය (අර්ෂ්) ජලයේ පාවෙමින් තිබෙන බව

ඔහුම අහස්ද, භූමියද දින හයකිදී උත්පාදනය කළේය. (ඒ අවස්ථාවේදී), ඔහුගේ අර්ෂ් ජලය මත (පාවෙමින්) තිබුණි; (11:7)

වලාකුළු, වර්ෂාව, භෝග වගාව සහ පානය සම්බන්ධව

වලාකුළෙන් (අපගේ) සැලසුමට අනුව වර්ෂාව වසින්නට සලස්වන්නෙමු. එය භූමියෙහි රැඳෙන සේ සලස්වන්නෙමු. එය (භූමියෙන්) පහ කිරීමටද අපි බලසම්පන්න වෙමු. (23:18)


ඔහුම ඔබ වෙනුවෙන් භූමිය වාසස්ථානයක් බවටද, අහස වියණක් බවටද නිර්මාණය කර, වලාකුළෙන් වර්ෂාව වසින්නට සලස්වා, එමගින් ඔබට ආහාර වශයෙන් ගත හැකි පළතුරු වර්ගද ඔබට ඉකුත් කරන්නේය. එබැවින් (මේ සියල්ල) දැනගෙන අල්ලාහ්ට (කිසිම) සමානයක් ඇති නොකරනු. (2.22)


ඔහුම වළාකුලෙන් වැස්ස පහළ කර තබන්නේය. එමඟින් සියළුම වර්ගයේ පැළෑටි අපි පැළවීමට සලස්වා, එයින් සාරවත් පැළයන්ද අපි ඉකුත් කළෙමු. එයින් ඝනට වැඩුණු ධාන්‍යයෙන් (පිරි කරල්ද) අපි ඉකුත් කරන්නෙමු. ඉඳි ගසේ අතුවලින් නැමී එල්ලෙන පළතුරු වලුද ඇත්තේය. මිදි වතුද, බැලූ බැල්මට එකම ආකාරයටද එහෙත් රසයෙන් විවිධවද ඇති දෙළුම්, ඔලිව් ආදියද (අපිම ඉකුත් කළෙමු). ඒවා (මල් පිපී) ගෙඩි හට ගැනීමද, පසුව ඉදී, ඉදුනු පළතුරු බවට පෙරළෙන අන්දමද (අවධානයෙන් යුතුව බලනු මැනවි). විශ්වාසය තබන ජනතාවට නියත වශයෙන්ම මෙහි සාධකයන් බොහෝමයක් ඇත්තේය. (6:99)


(නබියේ!) ඔබ බැලුවේ නැද්ද? නියත වශයෙන්ම අල්ලාහ්ම වලාකුළෙන් වර්ෂාව වසින්නට සලස්වන්නේය. (එමගින්) භූමිය සශ්‍රීක වන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් කරුණාවන්තයෙකු හා (සියල්ල) දන්නෙකු වශයෙන් සිටින්නේය (22:63)


(තවද) අහස්ද, භූමියද උත්පාදනය කර, වලාකුළෙන් ඔබ වෙනුවෙන් වැස්ස වසින්නට සලස්වන්නා කවරෙක්ද? අපිම එමගින් (ඇස් පිනා යාම පිණිස) අලංකාරවත් වතුද වැවෙන්නට සලස්වන්නෙමු. අපගේ (උදව්වෙන් තොර) එහි තිබෙන ගස් වැවෙන්නට සැලැස්වීමට ඔබට නොහැකිය. එබැවින් අල්ලාහ් සමග නැමදුමට යුතු (වෙන කෙනෙකු) සිටින්නෙහිද? නැත. (මෙසේ තිබියදී) මොවුන් (තමන්ගේ මනඃක්කල්පිත දෙවිවරුන්ව දෙවියන්ට) සම කරන ජනතාවක් වශයෙන් සිටින්නාහ. (27:60)


වලාකුළු උසුළාගෙන යන සුළඟද අපිම යැව්වෙමු. එම වලාකුළෙන් වැස්සද අපිම වසින්නට සලස්වන්නෙමු. එය අපි ඔබට පොවන්නෙමු. (වැස්සෙහි ජලය වලාකුළෙහි) ඔබ එක්රැස් කර තැබුවේ නැත. (අපිම එක්රැස් කරමු) (15:22)


ඔහුම ඔහුගේ වරප්‍රසාදයන්ට පෙර ශුභාරංචිය වශයෙන් සිසිල් සුලඟ යවන්නේය. එය (කළුවර වී ඇති වන) ඝන වලාකුළු ඔසවාගත් පසු එය, අපි (වියළී) මැරී ගිය භූමිය දෙසට පදවාගෙන ගොස් එයින් වැස්ස වැසීමට සලස්වන්නෙමු. පසුව එමඟින් සියළු වර්ගයේ පළතුරුද ඉකුත් කරන්නෙමු.(7:57)


ඔහුම තම වරප්‍රසාදයන් පහළ කිරීමට පෙර (සිසිල්) සුළඟ ශුභාරංචියක් වශයෙන් යවන්නේය. (මිනිසුනේ!) අපිම වලාකුළෙන් පරිශුද්ධ වූ ජලය වසින්නට සලස්වන්නෙමු. (25:48).


මැරී ගිය භූමියට එමගින් අපි ජීවය ලබා දී අපගේ උත්පාදකයන්ගෙන් වූ එළු, ගව, ඔටුවන් වැනි සතුන්ටද, බොහෝ මිනිසුන්ටද එය පානය කිරීමට සලස්වන්නෙමු. (25:49)


එහි උස් කඳුද අපි නිර්මාණය කර මිහිරි ජලයද (ඒවායෙන්) ඔබට බීමට සලස්වන්නෙමු.(77:27)


ඔහු වලාකුළෙන් ඔබට වැස්ස වැසීමට සලස්වන්නේය. එහිම ඔබ පානය කළ හැකි ජලයද ඇත. එමගින්ම (ඔබගේ ගමේ සතුන්ට) උලා කෑම සඳහා තණකොළ පැලෑටි (ආදියද) පැල වෙන්නේය.(16:10) එමගින්ම ගොවිතැන් භෝගද, සෙය්තූන්, ඉඳි, මිදි ආදී සියළුම පලතුරු වර්ගද ඔහු ඔබට උත්පාදනය කරන්නේය. නියත වශයෙන්ම මෙහි සිතා දැන ගත හැකි ජනතාවට එක් සාධකයක් ඇත්තේය. (16:10,11)


(එකම අන්දමේ වර්ෂාව ලැබුනද) සාරවත් භූමිය දෙවියන්ගේ නියෝගයන්ට අනුවම තම පැළෑටි, ගස් වැල් ආදිය ඉකුත් කරන්නේය. එහෙත්, කර්කෂක භූමියෙහි ඉතා ස්වල්පයක් මිස, පැළ වැවෙන්නේ නැත. ස්තුතිය දක්වන ජනතාවට මෙසේ විවිධ අන්දමට (අපගේ) ආයාවන් විවරණය කරන්නෙමු. (7:58)


ඔහුම අහස්, කුළුණු නොමැතිවම නිර්මානය කර ඇත්තේය. එය ඔබත් බලන්නෙහුය. භූමිය ඔබව නොසැලී සිටීම පිණිස (ස්ථිර වූ) කඳු (එහි සිටුවා) තබා විවිධ වර්ගයේ ජීවීන්වද විසුරුවා හැරියේය. (මිනිසුනේ! අල්ලාහ් වන) අපිම වලාකුළෙන් වර්ෂාව වැසීමට සලස්වා එමගින්ම උසස් වූ විවිධ වර්ගයේ ගස් වැල් පැලෑටි ජෝඩු ජෝඩු වශයෙන් වැඩෙන්නට සලස්වන්නෙමු. (31:10)


(නබියේ!) නියත වශයෙන්ම අල්ලාහ්ම අහසින් වැස්ස පහළ කර තබන්නේය යන්න ඔබ අවධානය කර බැලුවේ නැද්ද? (අල්ලාහ් වන) අපිම එමගින් විවිධ (රසයන්ගෙන් හා) වර්ණයන්ගෙන් යුත් ගෙඩි, පලතුරු, ආදිය ඉකුත් කරන්නෙමු; (35:27)


භූමියෙහි විවිධ ප්‍රදේශයන් එකට එක්කාසු කළාක් මෙන් නිර්මාණය කර (එහි) මිදි වතුද, ධාන්‍යය ගොවි බිම්ද, ඉඳි ගස්ද නිර්මාණය කළේය. අතු ඇති ගස්ද, අතු නොමැති ගස්ද උත්පාදනය කරන්නේය. (මේවා සියල්ලට) එකම විදිහේ ජලය පොවනු ලැබුවා වුවද, සමහර දැයට වඩා සමහරක් දැය අපි රසයෙන් උසස් කර තැබුවෙමු. මෙහි බුද්ධිය ඇති ජනතාවට නියත වශයෙන්ම සාධකයන් බොහෝමයක් ඇත්තේය. (13:4)


(නබියේ!) ඔබ බැලුවේ නැද්ද? නියත වශයෙන්ම අල්ලාහ්ම (විවිධ ප්‍රදේශයන්හී සී සීකඩ වී ඇති) වලාකුළු එකට අලවා ඒවා ඒකරාශී කර, එකක් මත එකක් වශයෙන් අසුරන්නේය. පසුව එම වලාකුළෙහි මධ්‍යයයෙන් වර්ෂාව වසින්නට සලස්වනු ඔබ දකින්නෙහිය. ඔහුම අහසෙහි ඇති වලාකුළු කඳු වලින්, කැට වශයෙන් වූ (ගල් වැසි) වසින්නටද සලස්වන්නේය. එය ඔහු අදහස් කරන අය මත වැටෙන්නට සලස්වන්නේය. ඔහු අදහස් කරන අයගෙන් එය වලක්වා ගන්නේය. එහි විදුලියේ ආලෝකයෙන් ඇස් පෙණුම උදුරා ගන්නට තැත් කරන්නේය. (24:43)

මිනිසාව ජලයෙන් උත්පාදනය කළ බව

පසුව එක් අල්ප බිඳක් වන (ඉන්ද්‍රිය) සාරයෙන් ඔහුගේ පරම්පරාවේ දරුවන්ව (නිර්මාණය කර) ඇති කළේය. (32:8)


එක් ඉතාමත් ආල්ප බිඳක් මගින් අපි ඔබව උත්පාදනය කළේ නැද්ද? එය (ප්‍රවේසම් සහිත ගර්භාශයන්හී) නියමිත කාලයක් දක්වා රැඳී සිටින සේ අපි සලස්වා, පසුව අපිම එය (දරුවෙකු වශයෙන්ද) මනඃක්කල්පිත කරන්නෙමු. මනඃක්කල්පිත කරන්නන් සියල්ලන්ගෙන් අපි අපමණ උසස්වන්තයෙකි. (77:21-24)


ඔහුම එක් ජල බිඳකින් මිනිසාව නිර්මාණය කරන්නේය. පසුව එයට ලේ සම්බන්ධ ඥාතීන්ද, විවාහය සම්බන්ධයෙන් වූ ඥාතීන්ද ඇති කරන්නේය.(නබියේ!) ඔබගේ දෙවියන් (තමන් කැමති ආකාරයන් සියල්ල කිරීමට) බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය. (25:54)


එබැවින් මිනිසා (තමන්) කුමක් නිසා උත්පාදනය කරනු ලැබ ඇත්තේදැයි පොඩියක් අවධානය කර බැලිය යුතුය. (ඈතට) පනිමින් ඉකුත් වන එක් ජල බිඳක් මගින්ම උත්පාදනය කරනු ලැබුවේය. එය කොඳු ඇට වලටද, ඉළ ඇටවලටද මධ්‍යයෙන් ඉකුත් වන්නේය. (මෙසේ උත්පාදනය කරනු ලබන) ඔහු,(මොහු මරණයට පත් වූ පසු මොහුට පණ දී) නැවත පණ ගැන්වීමටද, නියත වශයෙන්ම ඔහු බලසම්පන්නයෙකි! (86:5-8)


මිනිසුනේ! (විනිශ්චය දිනදී ඔබට පණ දී) නැගිට්ටවීම ගැන ඔබ සැක සිතුවහොත් (ඔබව පළමුවෙන්ම කෙසේ උත්පාදනය කළෙමුදැයි යන්න අවධානය කර බලනු). නියත වශයෙන්ම අපි ඔබව (ඔබගේ මුල්ම පියා වන ආදම්ව) කිරි මැටියෙන් උත්පාදනය කළෙමු. පසුව (ඔබව) ඉන්ද්‍රීය බිඳකින් (උත්පාදනය කර), පසුව එය එක් ලේ කැටියක් වශයෙන්ද, පසුව (එය) අඩු රුවකින් යුත් නැතහොත් පූර්ණ රුවකින් යුත් මාන්ශ පිණ්ඩයක් වශයෙන්ද, (අපි උත්පාදනය කරන්නෙමු. අපගේ බලසම්පන්නකම) ඔබට පැහැදිළි කරනු පිණිස (මෙසේ කර), අපි අදහස් කළ අයට ගර්භයන්හී නියමිත කාලයක් දක්වා රැඳී සිටින සේ සලස්වන්නෙමු. පසුව ඔබව ළදරුවන් වශයෙන් ඉකුත් කර ඔබ, ඔබගේ තරුණ විය අත් කර ගැනීමට සලස්වන්නෙමු. (මේ අතර) මරණයට පත්වන්නන්ද ඔබගෙන් සමහරෙක් ඇත්තාහ. (නැතහොත් ජීවත්ව සිටිමින්) සියල්ල දැනගත්තායින් පසු, කිසිවක් නොදන්නා කෙනෙකු බවට පත් වන මහළු වයස දක්වා (ජීවත් වීමට) අත්හැර දමන්නන්ද ඔබගෙන් සිටින්නාහ. (මිනිසුනේ!) භූමිය (කිසිම භෝගයක් නොමැති) පාළු කර්කශක (භූමියක්) වශයෙන් තිබෙණු ඔබ දුටුවේ නැද්ද? ඒ මත අපි වර්ෂාව වසින්නට සැලැස්සුවහොත් එය සශ්‍රීක වී, වැඩී අලංකාරවත් විවිධ වර්ගයේ (ජෝඩු ජෝඩු වශයෙන්) උසට වැඩුණු ගස්වැල් වැඩෙන්නට සලස්වනු ලැබේ. (22:5) මෙසේ (කරන්නා) නියත වශයෙන්ම අල්ලාහ්ය. ඔහුම සත්‍යවන්තයෙකි. නියත වශයෙන්ම ඔහු මරණයට පත් වූවන්ට පණ දී නැගිට්ටවන අයයි. නියත වශයෙන්ම ඔහු සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකු යන්න මෙයම ප්‍රමාණවත් (සාධකයක් වශයෙන් ඇත්තාහ). (22:6)

පණ ඇති සෑම දැයක්ම ජලයෙන් උත්පාදනය කළ බව

ජීවීන් සෑම එකක්ම අල්ලාහ් ජලය මගින්ම උත්පාදාය කර ඇත්තේය. ඒවායින් සමහරක් තම උදරයෙන් (නයින් මෙන්) බඩ ගාමින් යන්නේය. ඒවායෙන් (වෙනත්) සමහරක් කකුල් දෙකෙන් ගමන් කරන්නාහ. ඒවායෙන් (තවත්) සමහරක් කකුල් හතරෙන් ගමන් කරන්නාහ. (මෙසේ) අල්ලාහ් තමන් අදහස් කරන දැය (කැමති ආකාරයට) උත්පාදනය කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි බලසම්පන්නය. (24:45)


ආරම්භයේදී එකට එක්කාසු වී තිබුණු අහස්ද භූමියද අපිම වෙන්කර තැබුවෙමු යන්නද, පණ ඇති සෑම දැයක්ම ජලයෙන් උත්පාදනය කළෙමු යන්නද, මෙම ප්‍රතික්ෂේප කරන්නන් අවධානය කළ යුතු නොවේද? (මෙය ඔවුන් විශ්වාස නොකරන්නෙහුද?) (21:30)

ජලය සම්බන්ධ වෙනත් විද්‍යාත්මක තොරතුරු

එකට එකතුවන සමුද්‍රයන් දෙකම ඔහුම හමු වීමට සැලැස්සුවේය. එහෙත් ඒවා අතර බාධකයක් ඇත. (එම බාධකය) ඒ දෙක කඩ කරන්නේ නැත. (55:19,20)


ඔහුම මුහුදු දෙකක ජලයන්ද එක්කාසු කර ඇත්තේය. එකක් ඉතා රසවත් හා මනරම් ජලයයි. අනිත් එක ලුණු හා තිත්ත රසයෙන් යුත් ජලයයි. මේ දෙක අතරේ බිඳ දැමිය නොහැකි බාධකයක් ඇති කර ඇත්තේය. (25:53)


භූමිය ස්ථිර වාසස්ථානයක් වශයෙන් නිර්මාණය කර එහි මධ්‍යයෙහි ගංගාවන්ද, ඒ සඳහා ස්ථිර කඳුද නිර්මාණය කළේ කවරෙක්ද? මුහුදු දෙකක් අතරේ බාදකයක් ඇති කළේ කවරෙක්ද? (මේවා කළ) අල්ලාහ් සමග නැමදුමට යුත්තෙකු (වෙන කෙනෙකු) සිටින්නෙහිද? (ඇත්තෙන්ම) නැත. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙයද) නොදැනුවත් අය වශයෙන්ම සිටින්නාහ. (27:61)


අල්ලාහ්ම වලාකුළෙන් වැස්ස වැසීමට සලස්වා ජීවය නැතිවී ගිය භූමියට එමගින් ජීවය ලබා දෙන්නේය. (හොඳ ඔවදනට) සවන් දෙන ජනතාවට නියත වශයෙන්ම මෙහි එක් සාධකයක් ඇත්තේය. (16:65)


(නබියේ!) ඔබ බැලුවේ නැද්ද? නියත වශයෙන්ම අල්ලාහ්ම වලාකුළෙන් වර්ෂාව වැසීමට සලස්වා, එය භූමියෙහි උල්පත් බවට පත් කර, ගලන්නට සලස්වන්නේය. පසුව එමඟින් විවිධ වර්ණයන්ගෙන් යුත් (විවිධ වර්ගයේ) භෝග ඔහු ඉකුත් කරන්නේය. පසුව (කරස්) පැසී, ඒවා කහ පැහැ වී තිබෙණු දකින්නෙහිය. පසුව එය (වියළී) පිදුරු බවට පත් වන්නේය. නියත වශයෙන්ම මෙහි බුද්ධිමතුන්ට හොඳ පාඩමක් ඇත්තේය. (39:21)

ජලය මිනිසාට වරප්‍රසාදයක් ලෙස ලබා දෙන ආකාරය ගැන

ඔහු අහස්ද, භූමියද, උත්පාදනය කර තිබීමෙහිද, රාත්‍රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණීමෙහිද, මිනිසුන්ට ප්‍රයෝජනයක් අත් කර දීම මගින් සාගරයන්හී යාත්‍රා කරන නැව්හිද, (කර්කෂ වී) මැරී ගිය භූමියට පණ දීමට (සශ්‍රීක කිරීමට) අල්ලාහ් අහසින් වැසීමට සලස්වන වර්ෂාවද, සියළුම වර්ගයේ සතුන්ද භූමියෙහි විසිරී සිටීමද, සුළඟ විවිධ දිශාවන්ට (හරව) හරවා යැවීමෙහිද, අහසට හා භූමිය අතර පාලනය කරණු ලැබ ඇති ඝන වලාකුළෙහිද, (මිනිසුන්ට ඇති ඵල ප්‍රයෝජන ගැන පර්යේෂණය කර) සිතන ජනතාවට (ඔහුගේ දයාවද, ආදරයද, දැනුම දෙනු ලබන අනේක) සාධකයන් නියත වශයෙන්ම ඇත්තේය. (2:164)


(ගංගා හා මුහුදු ආදී) ජලාශයන් දෙකම එක සමාන වන්නේ නැත. එකක් බීමට මිහිරි හා රසවත් ජලයයි. අනික ලුණු හා තිත්ත රසයෙන් පිරි ජලයයි. මෙසේ මේ දෙකේ ඇති වෙනසක් තිබිණද මේ දෙකෙන්ම රසවත් මාළු අනුභව කරන්නෙහුය; (35:12) 


ආදම්ගේ පරම්පරාවේ දරුවන්ව නියත වශයෙන්ම අපි ගෞරව කළෙමු. වෙරළෙහි වාහන මතද මුහුදෙහි නැව් මතද අපිම ඔහුව උසුළාගෙන යාමට සලස්වන්නෙමු. හොඳ ආහාරද අපිම ඔවුන්ට ලබා දෙන්නෙමු. අපි උත්පාදනය කළ (වෙනත් ජීවීන්ගෙන්) අපි ඔවුන්ව උසස් කර ඇත්තෙමු. (17:70)


භූමියෙහි විවිධ ප්‍රදේශයන් එකට එක්කාසු කළාක් මෙන් නිර්මාණය කර (එහි) මිදි වතුද, ධාන්‍යය ගොවි බිම්ද, ඉඳි ගස්ද නිර්මාණය කළේය. අතු ඇති ගස්ද, අතු නොමැති ගස්ද උත්පාදනය කරන්නේය. (මේවා සියල්ලට) එකම විදිහේ ජලය පොවනු ලැබුවා වුවද, සමහර දැයට වඩා සමහරක් දැය අපි රසයෙන් උසස් කර තැබුවෙමු. මෙහි බුද්ධිය ඇති ජනතාවට නියත වශයෙන්ම සාධකයන් බොහෝමයක් ඇත්තේය. (13:4)


(නැවතත් නබියේ!) ඔබ මෙසේ පවසනු: "ඔබගේ ජලය (හදිසියේ එක් දවසකදී) උදෙන්ම භූමියෙහි සිඳී ගියහොත්, පසුව ජලයෙහි (වෙනත්) උල්පතක් ඔබට ගෙන එන්නා කවුරුන්දැයි අවධානය කළෙහුද? (67:30)


(නබියේ!) මෙලොව ජීවිතයට එක් උපමාවක් ඔවුන්ට පවසනු: එය වලාකුළෙන් අපි පහළ කරනු ලබන (වර්ෂා) ජලයට සම වන්නේය. භූමියෙහි ඇති ගස්, වැල්, තණ, බීජයන් වැනි (ඒවා උරාගෙන) ඒවා සමග මිශ්‍ර වී (හොඳට පැළ වී වැඩී, එහි අස්වැන්න ලබා දීම වෙනුවට), සුළං හමා ගසාගෙන යා හැකි බිල් බවට පත් විය. (මෙයම මෙලොව ජීවිතයට උපමාව වන්නේය). සියළු දැය කෙරෙහි අල්ලාහ් බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය. (18:45)


කවුරුන් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූවෝද, ඔවුන්ගේ ක්‍රියාවන් කාන්තාරයේ ඇති වන මිරිඟුව මෙන් ඇත්තේය. පිපාසයට පත් වූ අය එය, ජලය යයි අදහ්ස් කරමින් ඒ අසළට පැමිණෙන විට, කිසිවක් ඔහු දකින්නේ නැත. එහෙත් අල්ලාහ්වම ඒ ස්ථානයේ දකින්නේය. ඔහු මොහුගේ ගණනය අවසන් කර හරින්නේය. (එනම් ඔහුව මරණයට පත් කර හරින්නේය). අල්ලාහ් ප්‍රශ්ණ කිරීමෙහි ඉතාමත් තීව්‍රවන්තයෙකි. (24:39)

මුහුද සහ නැව් සම්බන්ධව

ඔබ ආභරණ වශයෙන් පැළඳිය හැකි (මුතු පබළු ආදී) දැයද (ඒවායෙන්) ගන්නෙහුය. (බොහෝමයක් රටවල් වල ඇති) දෙවියන්ගේ වරප්‍රසාදයන් ඔබ සොයා ගැනීම සඳහා (යාත්‍රා කරන විට, ඔබගේ) නැව ජලය දෙබෑ කරගෙන යනු ඔබ දකින්නෙහිය. (මෙයට)ඔබ කෘතඥ වනු මැනව! (35:12)


ඔහුගේ නියෝගයන් මගින් (විවිධ රටවල්වලට) නැව් වලින් ගමන් කිරීමට අල්ලාහ් මුහුද ඔබට වසඟ කර දී ඇත්තේය. (එමගින් ඔහුගේ) වරප්‍රසාදයන් ඔබ සොයා ගන්නෙහුය. (ඒ වෙනුවෙන් ඔහුට) ඔබ කෘතඥ වනු මැනව! (45:12)


ජලයේද, ගොඩබිමෙහිද ඔහුම ඔබව කැඳවාගෙන යන්නේය; (10:22) නැව බොහෝමයක් මිනිස් සංහතියන් ඔසවාගෙන යාමට අපි සැලැස්වීමද නියත වශයෙන්ම ඔවුන්ට එක් සාධකයකි. (36:41) ඔවුන් නැග යාමට එවැනි (රුවල් නැව් ආදී) දැයද අපි ඔවුන් වෙනුවෙන් උත්පාදනය කර ඇත්තෙමු. (36:42)


(ඔබ සංචාරය කරණු පිනිස) නැව ඔබට වසඟ කර දී, තම නියෝගයන්ට අනුව සාගරයෙහි තරනය කරන්නට සලස්වන්නේය. (ඇළ මාර්ගද) ඔබ කැමති ආකාරයට තරනය කිරීමට පහසුකම් ලබා දුන්නේය. (14:32)

ජලය උපමාවක් ලෙස ගෙන දෙවිඳුන් දී ඇති උපදෙස්

[මෙය යුදෙව්වන් සම්බන්ධව පහළ වූ වැකියකි] මින් පසුවද ඔබගේ සිත් දැඩි වී ගියේය. ඒවා ගල් පරයන් මෙන් නැතහොත් ඒවාටත් වඩා දැඩි ඒවා වශයෙන් ඇත්තේය. (මන්දයත්) ගල් පරයන්ගෙන්ද සදාකල් (ස්වයංව) උල්පත් ඇති වී ජලය වෑහෙමින් තිබෙණු නියත වශයෙන්ම ඇත. පැලී (ගියහොත්) ඒවායෙන් ජලය ඉකුත් වී වෑහෙන ඒවාද ඒවායේ ඇත. අල්ලාග් ගැන බියෙන් (කඳු මත තිබී) වැටී පෙරළී යන දැයද ඒවායේ ඇත. (නමුත් යුදෙව්වනි! ඔබ තමන් විසින්ම නිවැරදි වූයේ නැත. නබිවරුන්ගේ දේශනාවන්ට සවන් දුන්නේද නැත. අල්ලාහ්ට බිය වූයේද නැත). ඔබගේ වැඩ කටයුතු ගැන අල්ලාහ් නොසැළකිලිමත්ව සිටින්නේ නැත. (2:74)


(නබියේ!) අස්වනු දැවී වියළී) භූමිය පාළු වී තිබෙණු ඔබ දැකීමද, ඇත්තෙන්ම ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැය වන්නේය. ඒ මත අපි වර්ෂාව වැසීමට සැලැස්සුවහොත් එහි (මොටැයි මතුවී) සශ්‍රීකව වැඩෙන්නේය. (මෙසේ මැරී ගිය) භූමියට කවුරුන් පණ දෙන්නේද, ඔහු මරනයට පත් වූවන්ටද, ඇත්තෙන්ම පණ දෙන්නේය. නියත වශයෙන්ම ඔහු සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකි. (41:39)


ඔහුම වර්ෂාව සීමා සහිත ප්‍රමාණයෙන් පහළ කරන්නේය. (මෙසේ කරන අල්ලාහ් වන) අපිම පසුව එමගින් මැරී වියළී ගිය භූමියට පණ දෙන්නෙමු. මෙසේම ඔබත් (මරණයට පත් වූ පසු සොහොන්වලින් පණ දී) ඉකුත් කරණු ලබන්නෙහුය. (34:11)

මූසා නබි (අ.ස) තුමාගේ කාලයේ වූ මුහුද දෙබෑ කිරීමේ ප්‍රාතිහාර්‍යය ගැන

සූර්‍යයා උදා වන විට මොවුන් (ෆිරව්න් සහ ඔහුගේ සේනාව) ඔවුන් (මුසා සහ ඔහුගේ ජනතාව) පිටුපස ලුහු බැන්දාහ. මෙම සමූහයන් දෙක කෙනෙකුට කෙනෙකු දුටු අවස්ථාවේදී "නියත වශයෙන්ම අපි කොටු උනෙමු" යයි මූසාගේ සහායයන් පැවසූහ. එයට (මූසා) "එසේ නොව, නියත වශයෙන්ම මගේ දෙවියන් මා සමග සිටින්නේය. (අපි බේරෙන) මාර්ගය නියත වශයෙන්ම අපට දැනුම් දෙනු ඇත" යයි පැවසුවේය. එබැවින් අපි මූසාට "ඔබ, ඔබගේ සැරයැටියෙන් මෙම මුහුදට ගසනු" යයි වහී (මාර්ගයෙන්) දැනුම් දුන්නෙමු. (ඔහු එසේ ගැසූ වහාම) එය (මුහුද) (විවිධ මාර්ගයන් බවට පැලී දෙකඩ විය. සෑම පැල්ලමක්ම විශාල කඳු මෙන් දිස් විය. (පසු පසින් ගිය) අනිත් අයවද එයට ළඟා වීමට සැලැස්සුවෙමු. මූසාවද, ඔහු සමග සිටි සියල්ලන්වම අපි බේරා ගත්තෙමු. පසුව (ඔවුන් පසු පස ගිය) අනිත් සියල්ලන්වම ගිල්වා දැමුවෙමු. (26:60-66)

(10:90-92)

නූහ් නබි (අ.ස) තුමාගේ කාලයේ වූ විශාල ජල ගැල්ම සම්බන්ධව

එම නැව කඳු වැනි විශාල රළ අතරේ ඔවුන්ව ඔසවාගෙන ගමන ආරම්භ කළේය. (ඒ අවස්ථාවේදී) නූහ් තමන්ව අත්හැර ඈත්ව සිටි තම පුතාට "මගේ පුතාණෙනි! අප සමග (විශ්වාසය තබා) ඔබත් (මෙහි) නැග ගනු. (අපගෙන් ඈත් වී) ප්‍රතික්ෂේප කරන්නන් සමග ඔබ නොසිටිනු. (එසේ වුවහොත් ඔබත් ජලයෙහි ගිලී යනු ඇත)" යයි (ශබ්ද නගා) ආරධනා කළේය. එයට ඔහු "(මෙය විශාල) ජල ගැල්මෙන් බේරීමට හැකි උස කන්දක් මතට මා නැග ගන්නෙමි" යයි පැවසුවේය. එයට ඔහු, "අල්ලාහ් දයාව පහළ කළොත් මිස, ඔහුගේ නියෝගයෙන් බේරීමට අද කිසිවෙකුටත් නොහැකිය" යයි පැවසුවේය. (එවිට) ඔවුන් අතරේ එක් (විශාල) රළක් නැග හරස් වුනේය. ඔහුද ගිලී ගිය අය සමග ගිලී ගියේය. (11:42,43)

ස්වර්ගයේ ඇති ජලය සම්බන්ධව

කව්රුන් තම දෙවියන්ගේ සන්නිධානයට බිය වන්නේද, ඔහුට (ස්වර්ගයෙහි) උයන් වතු දෙකක් ඇත. (55:45) ඒ දෙකේම උල්පත් මතුවී (සදාකල්) ගලා බසිමින් ඇත්තේය. (55:50)

නිරයෙහි ඇති උණු ජලය සම්බන්ධව

ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවමත් සමග ‍(බීමට) උතුරණ පානයක්ද ලබන්නාහ (6:70)


(නබියේ!) ඔබ මෙසේ පවසනු: "(සම්පූර්ණයෙන්ම) සත්‍යය වූ (මෙම ධර්මය) ඔබගේ දෙවියන් විසින් පහළ කරන ලදී". කැමැත්තන්ට මෙය විශ්වාස කල හැකිය. අකැමැත්තන්ට (මෙය) ප්‍රතික්ෂේප කර දැමිය හැකිය. (නමුත් මෙම ප්‍රතික්ෂේප කරන) අපරාදකරුවන්ට නියත වශයෙන්ම අපි නිරයම පිළියෙල කර ඇත්තෙමු. එම නිරයෙහි ගිනි ජාලාවන් ඔවුන්ව වටකර ගනු ඇත. ඔවුන් (ජලය ඉල්ලා) විලාප නැහුවහොත්, රත් පැහැ වී උණු වී යන තඹ මෙන් වූ ජලයම (ලෝදියම) ඔවුන්ට දෙනු ලැබේ. (ඔවුන් එය බීමට කළින්ම) එය ඔවුන්ගේ මුහුණ පුළුස්සා අඟුරු කර දමනු ඇත. (තවද) එය ඉතා පිළිකුල් සහගත බීමක්ද වන්නේය. ඔවුන් ගිමන් නිවන ස්ථානය ඉතාම නපුරුය. (1‍:29)


(දෙවියන්ට අවනත වන්නන් හා දෙවියන්ට වෙනස්කම් කරන්නන් ආදී) මේ දෙකොට්ඨාසයම තමන්ගේ දෙවියන් ගැන තර්ක කරමින් සිටින්නාහ. එබැවින් (ඔවුන්ගෙන්) කවුරුන් (තමන්ගේ දෙවියන්ව) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට ගින්නෙන් නිම වූ ඇඳුම් සැලසුම් කර ඇත්තේය. උණු වී නටමින් තිබෙන ජලය (ලෝදිය) ඔවුන්ගේ හිස්ස් මත වත් කරනු ලැබේ. (22:19)


පසුව, නියත වශයෙන්ම උතුරණ සැරව මිශ්‍ර (ලෝදිය) එහිදී ඔවුන්ට (පානයක් වශයෙන්) දෙනු ලැබේ. (37:67)


(විනිශ්චය දිනදී)- වම් පාර්ශවයේ සිටින්නන් නම්- වම් පාර්ශවයේ සිටින්නන්ගේ (අභාග්‍යසම්පන්න තත්වය) දන්නෙහුද? ඔවුන් ධරුණු උනුසුම් සුළඟෙහිද, උතුරන ලෝදියෙහිද, ඝන අඳුරු දුමාරයෙහිද සිටිනු ඇත. (එහි) ශීතයක්ද නොතිබෙනු ඇත. සැනසුමක්ද නොලබන්නාහ. (56:31-44)


සලාත් (නැමදීම්) කිරීමට පෙර දෝවනයට ජලය භාවිතා කිරීම සම්බන්ධව

(4:43) (5:6)

මක්කාවේ ඇති සම් සම් (Zam zam) ළිඳ සහ එම වතුරෙහි ඇති විශේෂත්වය

මීට වසර 4000 කට වඩා ඉපැරණි ඉතිහාසයක් ඇති ළිඳකි මක්කාවේ කාබතුල්ලාව අසල ඇති මෙම සම් සම් ළිඳ. ඇත්තටම එහි ආරම්භය සහ එහි පැවැත්මද ප්‍රාතිහාර්‍යයක් වැන්නකි. එහි ජලයද අප භාවිතා කරන ජලයට වඩා ගුණාත්මක බවින් ඉහලය. ඉබ්රාහීම් නබි (අ.ස) පුතා සහ ඔහුගේ මව වන හාජර් (අ.ස) යන දෙදෙනා මක්කාවෙහි එම කාන්තාර භූමියේ තනිව සිටි වෙලාවේ ප්‍රාතිහාර්‍යයක් ලෙසින් ආරම්භ වූ මෙම ළිඳ යම් යම් අවස්ථාවල වැසී, මතුවී කෙසේ හෝ අද දක්වාම ඇත. අදත් එයින් දිනකට විශාල ප්‍රමාණයක් ජලය නිකුත් කරයි. එම ජලය ගැන පැවැත්වූ පරීක්ෂණ වලින් එහි ඇති විශේෂතා හඳුනා ගෙන ඇත. එම ජලය නැනෝ තාක්ෂනයෙන් පෙරණ ලද ජලයට සමාන බව ඉන් එක් අදහසකි.

by sjw

මේ ගැන ඔබේ අදහස් අපට ලියන්න

ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අපගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us