කුරානය ගැන සඳහන් කුරාන් වැකි

දෙවියන්වහන්සේ විසින් මොහම්මද් නබි (ﷺ) තුමාගෙන් පසු පැමිණෙන සියළුම ලෝක වාසී මිනිසුන්ට තම මාර්ගෝපදේශය ලෙස ශුද්ධ වූ අල් කුරාණය (මීට වසර 1400 පෙර) පහළ කරණ ලදී. එහි ඇති උපදේශයන්ට අමතරව එම කුරානය ගැනම යම් තොරතුරු ප්‍රමාණයක්ද එහි සඳහන් කර තිබේ. 

මෙම කුරානය ලොව සිටින ඕනෑම මට්ටමේ කෙනෙකුට ගැලපෙන ආකාරයට එවා තිබීම එහි ඇති සුවිශේෂීම ලක්ෂණයකි. 

මිනිසාගේ නිර්මාතෘ වන දෙවියන්වහන්සේ, එය කියවා බලන ලෙස ලෝක වාසී සියළුම මිනිසුන්ට ආරාධනා කර සිටී.

උපමාතෘකා

  1. සත්‍යය වූ මෙම ධර්මය දෙවියන්වහන්සේ විසින්ම පහළ කළ බව 
  2. කුරානයෙහි මුල් පිටපත පිහිටා ඇති ස්ථානය ගැන
  3. කුරානය පළමුවෙන්ම පහළ කළ අවස්ථාව ගැන
  4. මොහම්මද් නබි (ﷺ) තුමාට කුරානය උගැන්වීම සම්බන්ධව
  5. කුරානය සම්බන්ධව මිනිසුන්ට උපදෙස් කිහිපයක්
  6. ධර්මය හිමි (යුදෙව්, ක්‍රිස්තියානි) අය වෙත කළ මතක් කිරීම්
  7. කුරානය සත්‍ය නොවන බව පවසන අයට ඉදිරිපත් කර ඇති අභියෝග
  8. දහම සම්පූර්ණ කළ බව සහ එය ආරාක්ෂා කරන බව තහවුරු කිරීම

සත්‍යය වූ මෙම ධර්මය දෙවියන්වහන්සේ විසින්ම පහළ කළ බව

ශුද්ධ වූ කුරානය වන මෙය ධර්ම පුස්තකයයි. මෙහි කිසිම සැකයක් නැත. භය භක්තිකයින්ට (මෙය) ඍජු මාර්ගය පෙන්වන්නේය. (2:2)

(සියල්ලන්ටම වඩා) ශ්‍රේෂ්ඨයෙකු හා ඥානවන්තයෙකු වන අල්ලාහ් (දෙවිඳුන්) විසින් මෙම ධර්මය පහළ කරනු ලැබ ඇත්තේය. (46:2)

මෙම කුරානය අල්ලාහ් විසින් (පහළ කළා) මිස, (වෙන කිසිවෙකු විසින්) බොරුවට මනඃක්කල්පිත කර ගත් දැයක් නොව. ; (10:37)

(නබියේ!) නියත වශයෙන්ම අපි මිනිසුන්ගේ යහපත සඳහාම සම්පූර්ණයෙන්ම සත්‍යයයෙන් පිරි මෙම ධර්මය ඔබ වෙත පහළ කළෙමු. ; (39:41)

මිනිසුනේ! ඔබගේ දෙවියන් වෙතින් (ප්‍රමාණවත්) සාධකන් නියත වශයෙන්ම ඔබ වෙත පැමිණ ඇත. පැහැදිළි ඉමහත් ආලෝකයම (ශුද්ධ වූ කුර්ආනය) අපි ඔබට පහළ කර ඇත්තෙමු. (4:174)

මෙම කුර්ආනය අල්ලාහ් විසින් (පහළ කළා) මිස, (වෙන කිසිවෙකු විසින්) බොරුවට මනඃක්කල්පිත කර ගත් දැයක් නොව. තවද මෙය, මෙයට පෙර ඇති ධර්මයන් සත්‍යය කර තබා ඒවායේ ඇති දැය විවරණය කර පවසන්නක් වශයෙන්ද ඇත්තේය. එබැවින් මෙය (ලෝකවාසී) සියල්ලන්වම උත්පාදනය කර පෝෂණය කරන්නාගෙන් පැමිණියේ යන්නෙහි කිසිම සැකයක් නැත. (10:37)

පසුව එය විවරණය කර පැවසීමද අප කෙරෙහි ඇති අනිවාර්‍යය යුතුකමක් වන්නේය. (75:19)

කුරානයෙහි මුල් පිටපත පිහිටා ඇති ස්ථානය ගැන

නියත වශයෙන්ම මෙය ඉතාමත් ගෞරවයෙන් පිරි කුර්ආනය වන්නේය. මෙය (ලව්හුල් මහ්ෆූල් නැමති) ආරක්ෂා කරන ලද ඵලකයෙහි (ලියනු ලැබ ඇත්තේය). පාරිශුද්ධවන්තයින් (මලායිකාවරුන්) මිස, (වෙන කිසිවෙකුත්) මෙය ස්පර්ශ කරන්නේ නැත. සියළු ලෝකයන්හී අධිපති දෙවියන් විසින් මෙය පහළ කරන ලදී. (56:77,78,79,80)

කුරානය පළමුවෙන්ම පහළ කළ අවස්ථාව ගැන

නියත වශයෙන්ම අපි මෙය (ඉතාමත් ගෞරවයෙන් පිරි) එක් රාත්‍රියකදී (පළමුවෙන්ම) පහළ කර තැබුවෙමු. (97:1)

පැහැදිළි මෙම ධර්මය මත සත්තකින්ම! නියත වශයෙන්ම අපි මෙම අල් කුර් ආනය ඉතාමත් භාග්‍යයෙන් පිරි එක් රාත්‍රියකදී (පළමු වරට) පහළ කර, නියත වශයෙන්ම අපි (මෙමගින්) බිය ගන්වා අනතුරු අගවන්නෙමු. බුද්ධියෙන් පිරි සියළු (හේතූන්ද), කාරණාවන්ද එහිම අපගේ නියෝගයන්ට අනුව විද්‍යාත්මක අන්දමට) නිර්මාණය කරණු ලැබ ඇත්තේය. (නබියේ!) නියත වශයෙන්ම අපි (ඔබව ඔවුන් වෙත අපගේ දූතයා වශයෙන්) යවන්නෙමු. (44:3-5)

මොහම්මද් නබි තුමාට කුරානය උගැන්වීම සම්බන්ධව

වේගයෙන් දිව ගොස් සැඟවී යා හැකි මාර්ගයේම නැවත නැවතත් ගමන් කරන ග්‍රහයන් මත සත්තකින්ම! ගමන් කරන රාත්‍රිය මත සත්තකින්ම! උදාවන අළුයම මත සත්තකින්ම, නියත වශයෙන්ම (ශුද්ධ වූ කුරානය නැමති) මෙය ඉතාමත් ගෞරවණීය (ජිබ්රීල් නැමති) දේව දූතයෙකු මගින් පවසනු ලැබූවක් වන්නේය. (81:15,16,17,18,19)

සියල්ල උත්පාදනය කළ ඔබගේ දෙවියන්ගේ ශුද්ධ වූ නාමයෙන් ඔබ සමුදීරණය කරනු මැනව. ( 96 :1) [මොහම්මද් නබි ﷺ තුමා වෙත පළමුවෙන්ම පහල වූ කුර්ආන් වැකිය මෙයයි.]

ජිබ්රීල් මගින් අපි (ඔබට) සමුදීරණය කර පෙන්නුවහොත්, (ඔහු සමුදීරණය කර අවසන් වූ පසු) ඒ ආකාරයටම ඔබ එය අනුගමනය කර සමුදීරණය කරනු. (75:18)

(නබියේ! ජිබ්රීල් වහී මගින් ඔබට සමුදීරණය කර පෙන්වනු ලබන ආයාවන් වැරදී යාවිදෝ යයි බිය වී ඔහු සමුදීරණය කර අවසන් වීමට පෙර) ඔබ ඉක්මන් වී එය සමුදීරණය කිරීමට ඔබගේ දිව නොසොළවනු. මන්දයත් එය එක්කාසු කර, (ඔබ) සමුදීරණය කරන ලෙසට සැලැස්වීම නියත වශයෙන්ම අප කෙරෙහි ඇති අනිවාර්‍යය යුතුකමක් වන්නේය. (75:16,17)

(නබියේ!) නියත වශයෙන්ම අපි මිනිසුන්ගේ යහපත සඳහාම සම්පූර්ණයෙන්ම සත්‍යයයෙන් පිරි මෙම ධර්මය ඔබ වෙත පහළ කළෙමු. එබැවින් කවුරුන් (මෙය) අනුගමනය කර කටයුතු කරන්නේද, ඔහුටම එය හොඳකි. කවුරුන් එයින් මාර්ගය වැරද යන්නේද, එය ඔහුටම නපුරක් වශයෙන් අවසන් වනු ඇත. (නබියේ!) ඔබ ඔවුන්ව (සෘජු මාර්ගයෙහි යන ලෙස මෙන් බල කර), බේරා ගන්නෙකු නොව. (39:41)

(නබියේ! ඔබ ගැන) ඔවුන් පවසන දැය අපි හොඳින් දනිමු. ඔබ ඔවුන්ව බල කළ හැකි කෙනෙකු නොව, (අපගේ) දඬුවමට බිය වන්නන්ට මෙම කුර් ආනය මගින් ඔබ හොඳ ඔවදන් දෙනු. (50:45)

තවද, සත්‍යය පැමිණ ඇත, අසත්‍යය සැඟවී ගියේය. නියත වශයෙන්ම අසත්‍යය අනිවාර්‍යායෙන්ම විනාශ වී යනු ඇතැයි ද (නබියේ ඔබ) පවසනු. (17:81)

(නබියේ!) සම්පූර්ණයෙන්ම සත්‍යයයෙන් පිරි මෙම ධර්මය ඔබ කෙරෙහි ඔහුම පහළ කරනු ලැබුවේය. (මෙය) මෙයට පෙර තිබූ ධර්මයන් සියල්ල ස්ථිර කරන්නේය. තව්රාතයද, ඉන්ජීලයද ඔහුම පහළ කළේය. (3:3) [එනම්, දෙවියන් යුදෙව්වන්ට පහළ කළ ධර්මය (පොත් 5), සහ ක්‍රිස්තියානි ජනතාවට පහළ කල ධර්මය (බයිබලය). නමුත් ඒවා දැන් මුල් පිටපත් ලෙස පහළ වූ ආකාරයටම නොමැත]

කුරානය සම්බන්ධව මිනිසුන්ට උපදෙස් කිහිපයක්

මොවුන් හොඳ වැටහීමක් ලබා ගනු පිනිස, මෙම කුරානයෙහි නියත අවශයෙන්ම අපි විවිධාකාර අන්දමින් (හොඳ ඔවදන්) පවසා ඇත්තෙමු: (17:41)

මිනිසුන්ට හොඳ වැටහීමක් ලබා ගැනීම පිනිසම මෙම කුරානය නියත වශයෙන්ම අපි ඉතාමත් පහසු කර ඇත්තෙමු. එබැවින් (මෙමඟින්) හොඳ වැටහීමක් ලබන්නන් කවුරුන් හෝ ඇත් ද? (54:17)

මිනිසුන්ව තෘප්තියට පත් කිරීමට අවශ්‍යය උදාහරණයන් සියල්ල මෙම කුර්ආනයෙහි නියත වශයෙන්ම අපි පවසා ඇත්තෙමු. (30:58)

ඔබ දුක් විඳීම සඳහා මෙම කුරානය අපි පහල කළේ නැත. (නබියේ! දෙවියන්ට) භය භක්තිය ඇති අයට හොද ඔවදනක් වශයෙන්ම (මෙය පහළ කර ඇත්තේය). උසස් අහස්ද, භූමියද නිර්මාණය කළ අය විසින්ම (මෙය) පහළ කර ඇත්තේය. (20:2-4)

"මන්ද ඔවුන් අල් කුරානය අධ්‍යනය නොකරන්නේ, ඔවුන්ගේ සිත් තුලට අගුලු දමා තිබේද?" (47:24).

අල්ලාහ් පහළ කල (මෙම ධර්මය) අනුගමනය කරනු" යැයි ඔවුන්ට කියනු ලැබුවහොත් එයට ඔවුන් 'නොඑසේය! අපගේ මුතුන් මිත්තන් කුමක් කෙරෙහි සිටියෝ දැයි අපි දුටුවෙමුද, එයම අනුගමනය කරන්නෙමු" යැයි (මෙය ප්‍රතික්ෂේප කරන්නන්) පවසන්නාහ; (31:21)

(මෙය) 'ඔබ හොඳින් (අපට) කියවා පෙන්වා දැනුම් දුන්නෙහිය' යයි ඔවුන් පැවසීම සඳහාද, දැනගත හැකි ජනතාවට අපි මෙය පැහදිළි කර දීමටද, (අපගේ) ආයාවන් මෙසේ බොහෝ වාර ගණනින් (විටින් විට) විස්තර කරන්නෙමු. (6:105)

(මිනිසුනේ!) මෙම කුරානය ඔවුන් ගැඹුරින් අවධානය කළ යුතු නොවේද? මෙය අල්ලාහ් නොවන කෙනෙකුගෙන් පැමිණ තිබුනේ නම්, මෙහි අනන්තවත් වැරදිද, භේදයන්ද ඔවුන් දකිනු ඇත. (4:82) [මෙය ලොව සිටින 'ප්‍රතික්ෂේප කරන ඉහලම විද්වතුන්ට' යොමු කරන අභියෝගයකි]

එබැවින් මෙහි ඇති කාරණාවන් (ගනන් නොගෙන) සුළු කොට සළකන්නෙහුද? (56:81)

(මිනිසුනේ!) ශුද්ධ වූ කුර්ආනය සමුදීරණය කරනු ලැබුවහොත් කට පියාගෙන, එය හොදින් සවන් දෙනු. (එමගින්) ඔබ (දෙවියන්ගේ) දයාව අත් කර ගත හැකිය. (7:204)

ධර්මය හිමි (යුදෙව්, ක්‍රිස්තියන්) අය වෙත කළ මතක් කිරීම්

මීට පෙරද මිනිසුන්ට සෘජු මාර්ගෝපදේශයන් වශයෙන් තිබුනු (පව්, පින්) වෙන්කර දැණුම් දිය හැකි (අනිත්) දැයද පහළ කර ඇත්තේය. (3:4)

ධර්මය හිමි අයවළුනී! ඔබ වෙත ඇත්තෙන්ම අපගේ එක් දූතයෙකු පැමිණ ඇත්තේය. ධර්මයෙහි ඔබ සඟවා ගත් බොහෝමයක් කාරණා ඔහු ඔබට පැහැදිලිව ගෙන හැර දක්වන්නේය. තවත් (ධර්මයන් ගැන ඔබ ගෙන ඇති වැරදි අදහස්) බොහෝමයක් පහ කර හරින්නේය. නියත වශයෙන්ම අල්ලාහ් ගේ සන්නිධානයෙන් ඉමහත් වූ ආලෝකයද පැහැදිළිතාවයද ඇති එක් ධර්මයක් දැන් ඔබ වෙත පැමිණ ඇත්තේය. (5:15)

කුරානය සත්‍ය නොවන බව පවසන අයට ඉදිරිපත් කර ඇති අභියෝග

"නබිතුමනි! අවිස්වාස කරන අයට ඔබ කියන්න, සියලුම මිනිසුන් සහ සියලුම ජින් වරුන්ද එක්වී හෝ මෙවැනි ග්‍රන්ථයකට සමාන ග්‍රන්ථයක් නිර්මාණය කර පෙන්නවන්න" කියල. (15:88).

"නබිතුමා විසින් මෙය ගොතනු ලැබුවක් යැයි සමහරු කියනවනම් ඔවුන්ට කියන්න, පුලුවන්නම් මෙහි සදහන් ආකාරයේ පරිච්චේද 10 ක් නිර්මාණය කරන්න" කියල. (11:13).

"නබිවරයා විසින් මෙය ගොතනු ලැබුවක් යැයි සමහරු කියනවනම් ඔවුන්ට කියන්න, පුලුවන්නම් මෙහි සදහන් ආකාරයේ පරිච්චේද එකක් නිර්මාණය කරන්න" කියල. (2:23-25).

දහම සම්පූර්ණ කළ බව සහ එය ආරාක්ෂා කරන බව තහවුරු කිරීම

නියත වශයෙන්ම අපිම මෙම ධර්මය (ඔබ කෙරෙහි) පහළ කළෙමු. එබැවින් (එහි කිසිම වෙනස්වීමක් හෝ විනාශයක් හෝ ඇති නොවන සේ) අපිම එය ආරක්ෂා කර ගන්නෙමු. (15:9)

(නබියේ!) ඔබ දෙවියන්ගේ පොරොන්දුව සත්‍යයයෙන්ද, සාධාරනත්වයෙන්ද පූර්ණ විය. ඔහුගේ පොරොන්දු වෙනස් කරන්නන් කිසිවෙකුත් නැත (6:115) [මෙයින් පවසන්නේ කුරානය සහ අල්ලාහ්ගේ දහම සම්පූර්ණ කල බව]

කවුරුන් (අල්ලාහ්ව) විශ්වාස කර දැහැමි ක්‍රියාවන්ද කර, මොහම්මද් (නබි) නමින් පහළ කරනු ලැබූ එය තමන්ගේ දෙවියන්ගේ සන්නිධානයේ සිට පැමිණි සත්‍යය (ධර්මය) යයි විශ්වාස කරමින්සිටියෝද. (ඔවුන් නොදැනුවත්ව කළ) නපුරු ක්‍රියාවන් ඔවුන්ගෙන් පහ කර, (ඔවුන්ගේ තත්වයද දෙවියන් හොඳ අතට හරවා) පිළිසකර කළේය (47:2)

ඔවුන්ව සෘජු මාර්ගයෙහි ඇතුළු කර ඔවුන්ගේ තත්වයද පිළිසකර කර හරිනු ඇත. තවද ඔවුන්ට දැනුම් දෙනු ලැබූ ස්වර්ගයන්හීද ඔවුන්ව ඇතුළු කරන්නේය. (47:5,6)

කවුරුන් (මෙම ධර්මය) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට විනාශයයි. ඔවුන්ගේ කකුල් අස්ථාවර කර) ඔවුන්ගේ ක්‍රියාවන් සියල්ල ප්‍රයෝජනවත් නොවන දැය බවට පත් කරනු ඇත (47:9)

මේ පිළිබඳව ඔබගේ අදහස් අපට ලියන්න


ඉක්මන් ප්‍රවේශ -(අංශ කිහිපයක්)

අපගැන සේවා නවක මුස්ලිම්වරු අල් කුරාණය දෙවියන්වහන්සේ ගැන මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය සොබාදහම පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි Contact us