
මෙය පුළුල් පරාසයක් පුරා පැතිරී ඇති සමාජයේ ඇති තවත් එක් අංගයකි. සාමාන්‍ය මට්ටමට වඩා අඩු "ආබාධ සහිතව" උපත ලබන අයගේ යථාර්ථය පිළිබඳව සමහර අයට පැහැදිලි අවබෝධයක් නොමැත.
දෘශ්‍ය, ශ්‍රවණ, මානසික, ශාරීරික ආබාධ, ඉගෙනීමේ ආබාධ, කථන ආබාධ, හැසිරීම් සහ චිත්තවේගීය ආබාධ, සන්නිවේදන දුර්වලතා, අවලස්සන, අංගවිකල, බද්ද සිරුරු, බහු ආබාධිත සහ විශේෂ සැලකිල්ලක් අවශ්‍ය අනෙකුත් ආබාධ ලෙස එම තත්වයන් පෙන්නුම් කරයි.
මෙම කාරණාව තවත් පුළුල් කිරීම සඳහා ඉතම දිළිඳු, උපතේදීම මව පියා ආදිය අහිමිව ඉපදීම, කටුක පරිසරවල ඉපදීම, පෝෂනය අඩු - රෝගී තත්ව සහිත - අවධානම් සහිත පරිසරවල ඉපදීම ආදී තත්වයනුත් එකතු කරමි.
ඉහත තත්වයන් සියල්ල කුමණ ආකාරයකින් හෝ කණගාටුදායක තත්ව බව අපි පිළිගන්නෙමු. මෙසේ වීමට හේතුව ඒ ඒ පුද්ගලයන් පෙර ආත්ම වල තමන් කරපු අකුසල් වල ප්‍රතිඵල ලෙස සමහර ආගම් වලින් උගන්වයි.