ඉස්ලාමය ව්‍යාප්ත වූයේ කඩුවෙන්ද?

Did Islam Spread by the Sword?

April 29, 2020 

ඉස්ලාම්, විශ්වාසය මත පදනම් වන්නාවූ දහමක් බැවින් කඩුවෙන් බිය වැද්දීම හරහා කෙනෙකුගේ විශ්වාසය වෙනස් කල නොහැකිය. එවැනි බිය වැද්දීමක් නිසා කෙනෙක් අල්ලාහ්ව විශ්වාස කලත් ඔහු මුස්ලිම් වරයෙකු වන්නේ නැත. මුස්ලිම්වරයෙකු වීමට තිබිය යුතු මුලික අවශ්‍යතාවයක් වන්නේ ස්වෙජ්ජාවෙන් අල්ලාහ්ව විශ්වාස කිරීම යි. එබැවින් ඉස්ලාම් දහම කඩුවෙන් ව්‍යාප්ත වූ බවට කරන චෝදනාවේ කිසිම පදනමක් නැත. එම නිසා මෙවැනි පදනම් විරහිත චෝදනාවක් කල හැක්කේ ඉස්ලාම් දහම ගැන කිසිම දැනුමක් නොමැති කෙනෙකුට පමණි.
"මෙම ධර්මය (වැළඳ ගැනීම සඳහා) කිසිඳු බල කිරීමක් නැත" (කුරානය 2:256).
ඉහත දැක්වෙන කුර්ආන් වැකිය අනුව ඉස්ලාම් දහම කඩුවෙන් ව්‍යාප්ත කළා යයි කිව හැක්කේ ද්වේශ සහගතව ඉස්ලාම් දහමට අපකීර්තියක් ඇති කරන පරමාර්ථය ඇති කෙනෙකුට පමණි. එසේම පහත දැක්වෙන කුර්ආන් වැකිය අනුවද පෙනී යන්නේ කෙනෙකුට ඉස්ලාම් දහම වැළඳ ගැනීම සඳහා ස්වාදීන නිදහසක් තිබෙන බවයි.
"පවසනු! සත්‍යය ඔබගේ පරමාධිපතිගෙන් ලැබෙන දෙයකි. එහෙත් කැමති කෙනෙකුට එය විශ්වාස කල හැකිය. කැමති කෙනෙකුට එය ප්‍රතික්ෂේප කළ හැකිය" (කුරානය 18:29).
අල්ලාහ්ට අවශ්‍යතාව තිබුනේ නම් සියලුම දෙනා මුස්ලිම්වරුන් වශයෙන් මැවීමට හැකිය. එහෙත් ඔහු එසේ කලේ නැත.
"ඔබගේ දෙවිඳුන් සිතා සිටියේ නම් පොළොවෙහි සිටින සියල්ලෝම විශ්වාස කර තිබෙන්නොය. (එසේ තිබියදී) මිනිසුන් විශ්වාසවන්තයින් ලෙස වෙනස් විය යුතු යැයි ඔබ ඔවුන්ට බල කරන්නෙහි ද?" (කුරානය 10:99).
අල්ලාහ්ගේ පරමාර්ථය මිනිසාවට නිදහස ලබා දී ඔවුන්ව පරික්ෂා කිරීමයි. ඒ අනුව ඔවුන්ට ස්වෙජ්ජාවෙන් ඉස්ලාම් දහම වැළඳ ගැනීමට හෝ වැළඳ නොගැනීමට නිදහස ලබා දී තිබේ. කඩුවෙන් මෙය කල නොහැකිය.
"(නබියේ) පවසනු! මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් සත්‍යය නුඹලා හමුවට පැමිණ ඇත. (එමගින්) කවරෙක් යහමග ලබයිද ඔහු තමාටම යහපතක් කරගනියි. කවරෙක් මංමුලාවෙහි ගමන්කරයිද ඔහු තමාටම එරෙහිව නොමගෙහි යන්නෙකි. මා නුඹලාට භාරකාරයෙක් නොවෙමි" (කුරානය 10:108).
ස්වෙජ්ජාවෙන් ඉස්ලාම් දහම පිළිගන්නේ නම් පමණක් කෙනෙකුගේ හදවත තුලට විශ්වාසය ඇතුලත් කරනු ලැබේ. එසේ නොමැතිව විශ්වාසය ඇතුලත් කල නොහැකිය. මෙය හොඳින් තහරුවූ වන්නේ නබිතුමාගේ සුළු පියා වන අබු තාලිබ් ඉස්ලාම් දහම වැළඳ නොගැනීම නිසාය. එහෙත් ඔහු නබිතුමාව තමන්ගේම පුතුන්ට වඩා ආදරයෙන් හදා වඩා ගත්තේය. නබිතුමාද, ඔහුගේ අවසාන මොහොත දක්වාම ඉස්ලාම් දහම වෙත ඇරයුම් කළේය. එහෙත් කිසිම දිනක ඔහුට ඉස්ලාම් දහම වැළඳ ගන්නා ලෙස බල කර සිටියේ නැත.
නබිතුමා මක්කාව අත්පත් කල පසු ඔහුට අවශ්‍යතාවය තිබුනේ නම් එහි සිටි ජනතාව ඉස්ලාම් දහම වෙත බලයෙන් හරවා ගැනීමට හැකියාව තිබුනේය. එහෙත් එතුමා එවැනි දෙයක් සිදු කළේ නැත. ඒ වෙනුවට නබිතුමා සියලුම දෙනාට පොදු සමාව පිරි නැමුවේය. එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන් සියලුදෙනාම ඉස්ලාම් දහම සිය කැමැත්තෙන්ම වැළඳ ගත්තෝය. එම දිනයේදී මුස්ලිම් වරුන්ට විරුද්ධව යුද මෙහෙයවන ලද අබු සුෆියාන් ද ඔහුගේ භාර්යාව වන හින්දා ද ඉස්ලාමයට විරුද්ධ කම් කල තවත් බොහෝ අයද ඉස්ලාම් දහම වැළඳ ගත්තෝය.
"කවරෙක් අල්ලාහ්ව විශ්වාස කරත්ද, (අල්ලාහ්) ඔහුගේ හදවත නිවැරදි මගෙහි යවන්නේය" (කුරානය 64:11).
කෙසේ වෙතත් ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීම මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන වගකීමකි. ඒ වෙනුවෙන් බුද්ධිමය විවාද පැවැත්වීම ද දේශනා පැවැත්වීම ද කල හැකිය. මෙවැනි දේවල් ඉස්ලාම් දහමේ පමණක් නොව අනෙක් ආගම්වලත් සිදු කරන්නේය. එසේ තිබියදී ඉන්දුනීසියාව වැනි රටවල්වල ඉස්ලාම් දහම ව්‍යාප්ත වුයේ මුස්ලිම්වරුන්ගේ ගති පැවතුම් නිසාය. මේ නිසා ඉස්ලාම් දහම කඩුවෙන් ව්‍යාප්ත කලේ යැයි කියන චෝදනාවේ කිසිම පදනමක් නොමැත. 

By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.J.Pura, 
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/
Twiter:- thetrue_path