
සොබාදහම සහ නිර්මාතෘ හඳුනා ගැනීමට…

මෙම පොත මවිසින් විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සිදුකරන ලද සංසන්ධනාත්මක අධ්‍යනයක ප්‍රතිඵලයකි. පළමු සංස්කරණය 15.3.2026.
මෙහි අංතර්ගත කරුණු පාඨකයාට කියවීමේ පහසුව සඳහා එක් එක් මාතෘකා යටතේ ඇති ලිපි මෙම වෙබ් අඩවියෙහි වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කර ඇත. එසේම මෙම පොත නොමිලේ pdf ලෙසින් download කරගත හැක.
කතෘ ගේ සටහන [පොතෙහි පසු පිට]
මිනිසා සොබාදහමේ අපූරුම දෙයකි. බුදුදහමට අනුව, ජීවියෙකුට දිව්‍ය ලෝකවලම ජීවත් වීමට අවස්ථාව ලැබෙනවාට වඩා මිනිස් පැවැත්මක් ලැබීම භාග්‍යයකි. නමුත්, කුමන ලෝකයක ජීවත් උවත් ජීවියෙකු තමන් විසින්ම නිවන ළඟා කරගන්නා තෙක් සංසාරයේ ඉතා දිගු ගමනක් යයි.
දේවධර්මයට අනුව මිනිසුන් යනු දෙවියන්වහන්සේගේ විශේෂ මැවීමක් වන අතර අනෙකුත් මැවීම්වලට වඩා ඔවුන් බොහෝ වරප්‍රසාද හිමිකරගෙන තිබේ. එහෙත් මිනිසාගේ ගමනාන්තය ස්වර්ගය හෝ නිරය වන අතර, ඔහුට අනන්ත කාලයක් එහි රැඳී සිටීමට සිදුවනු ඇත.
මේ දෙකෙන් ඔබත් කුමන දහමක්, විශ්වාසයක් හෝ ඇදහිල්ලක් අනුව ජීවත් වුවත් ඔබටද සොබාදහම තුළ ඉතා දීර්ඝ ගමනක් ඇත.
ඉතා කෙටි වූ මෙලොව ජීවිතයේදී සොබාදහමෙහි සුළු කොටසක් අපි දකින්නෙමු. එහෙත් මෙලොවදී අපට නොපෙනෙන සොබාදහම සහ මරනින් මතු අප මුහුන දෙන සොබාදහමේ ස්වභාවය කෙසේ විය හැකිද?
ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොමැති වුවහොත්, එහි අපගේ මෙලොව වගකීම් සහ පරලොව ස්වභාවය නිසි ලෙස හඳුනා ගැනීමට නොහැකිව අප අපගේ අනන්ත වූ ඉරණම සම්බන්ධයෙන් මහත් සේ පාඩු ලබන්නන් බවට පත්විය හැක.
එහෙත්, මෙම අද්විතීය මිනිස් ජීවිතය තුළදීම අපට මෙම විශ්මිත සොබාදහම යනු කුමක්දැයි දැන ගැනීමට හැකියාව ඇත.
තමන් ඇතුළුව සොබාදහම අහඹුවක් විය නොහැක. එය කාගේ හෝ සැලසුම් සහගත නිමැවුමක් විය යුතුය. එසේනම් එහි නිර්මාතෘ කවුරුන්ද? ඔහුත් අපත් අතර ඇති සම්බන්ධතාවය කෙසේ විය යුතුද?
පාඨකයාට සොබාදහමේ ස්වභාවය සහ එහි හිමිකරු හඳුනා ගැනීමටත්, එමඟින් තමන්ව සහ තමන්ගේ මෙලොව ජීවිතයේ අරමුණ හඳුනා ගැනීමටත්, පරලොව ස්වභාවය වටහා ගැනීමටත් සාධක සහිත තොරතුරු රාශියක් මෙහි අංතර්ගත වේ.
මෙය ඕනෑම මට්ටමක සිටින කෙනෙකුට භාවිතා කළ හැකි දිව්‍ය හෙළිදරව් සහිත වටිනා අත්පොතකි.
පොත මෙතැනින් download කරගන්න (26.8MB)
පොතෙහි අංතර්ගත ලිපි කීපයක්
[*] සර්වබලධාරී දෙවියන් සම්බන්ධව
[*] නබිවරු සහ අවසන් නබි මොහම්මද් (ﷺ) තුමා
විවිධ ආගමික ග්‍රංථ වල නබි මොහම්මද් (ﷺ) තුමා ගැන සඳහන් කරුණු
[*] හදීස් (හෙවත් නබි තුමාගේ දිව්‍යමය ආදර්ශය) සම්බන්ධව
[*] මිනිසා සම්බන්ධව
දෙවියන්ගේ නිර්මාණ: පළමු මිනිසා (ආදම් අ.ස)ව නිර්මාණය කිරීම
ආත්මය, සිත, විඥානය, ශරීරය, හෘද සාක්ෂිය -රූහ් සහ නෆ්ස්
මිනිසා සම්බන්ධව ඇති කුරාන් වැකි
මිනිසාව පළමුවෙන්ම මැවීමේ සිට ඔහුගේ අවසානය දක්වා දෙවිඳුන් පවසා ඇති කරුණු.
මානව කළලයේ විකසනය පිළිබඳව අල් කුර්ආනය පවසන දේ
මිනිස් ශුක්‍රාණු සහ කළල අවධිය පිළිබඳව දෙවියන් වහන්සේ පවසා ඇති දේ
ඉස්ලාමයට අනුව මිනිසාගේ ජීවන ගමනේ ආරම්භය, මැද සහ අවසානය
මිනිසුන් ආබාධිත හා විකෘති වී උපදින්නේ ඇයි?
මිනිසා විශ්වාස කළ යුතු කරුණු හයක්!
කුසල් යාන්ත්‍රණය ගැන දැනගැනීම සහ පහසුවෙන් කුසල් රැස් කිරීම
මුස්ලිම්වරුන්ට දෙවියන්ගේ පරීක්ෂණය පහසුද?
[*] විශ්වය සහ සොබාදහම සම්බන්ධව
[*] ලෝක අවසානය සහ විනිශ්චය දිනය
දෙවියන් පවසන "මිනිසාගේ නොමග යෑම"
බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි අයගෙන් කෙරෙන ඉල්ලීමක්
යුදෙව්- ක්‍රිස්තියානි- ඉස්ලාම් යනු එකම ආගමේ අදියර තුනකි
ඉබ්‍රාහිම් නබි තුමාට දෙවියන් වහන්සේ දුන් පොරොන්දුව
ඔබව නොමග යවන ඉබිලීස් ගේ උපක්‍රම
දෙවියන්ගේ දඬුවම් ප්‍රමාද වන්නේ ඇයි?
මැවුම්වාදය පිලිගනන්වාද? භෞතිකවාදය පිළිගන්නවාද?
මියගිය හදවත් වල අධ්‍යාත්මික බංකොලොත්භාවය
මුස්ලිම් නොවන අය අසන පොදු ප්‍රශ්න 100ක්
[*] නවක මුස්ලිම්වරු
පොත ගැන ඔබේ අදහස්
ඉක්මන් ප්‍රවේශ
සොබාදහම නිර්මාතෘ ගැන අල් කුරාණය මොහම්මද් නබි(ﷺ) ඉස්ලාම් දහම පොත්පත් විශ්වය පළමු මිනිසා (ආදම් අ.ස) මිනිසා සම්බන්ධව පරිණාමවාදය නබිවරු හදීස් ස්වර්ගය නිරය මලායිකාවරු ජින්වරු, ශේතාන් ආත්මය සහ සිත ඊමාන් තව්හීද් රමදාන් දුආ සකාත් ලබන්නන් සහාබිවරු ප්‍රධාන ආගම් ජේසුතුමා බයිබලයෙන් ක්‍රිස්තියානි යුදෙව් හින්දු බෞද්ධ ග්‍රංථ මෛත්‍රී බුදුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීම කුසල්-අකුසල් සත්ව ඝාතනය අදාන් සලාත් ඊද් මක්කාව මදීනා මස්ජිද් සත්‍ය ආගම ලෝක අවසානය විනිශ්චය දිනය කලා-කදර් ඉස්ලාමීය චාරිත්‍ර වෙබ් අඩවි ආගමික නිදහස වීඩියෝ ඉස්ලාමය ගැන අසන ප්‍රශ්න වෙනත් ලිපි අපගැන සේවා නවක මුස්ලිම්වරු Contact us