ශක්තිමත් කණ්ඩායමක් ගොඩනැගීම 
Build up a strong team with new Muslims 

SRMI center(CFCC)  හි ප්‍රධානතම අරමුණකි ඉස්ලාමයට නැවත හැරුනු ශ්‍රී ලාංකිකයින්ව සම්බන්ධ කරගෙන ඔවුන් සියල්ලගෙන්ම සමන්විත ශක්තිමත් කණ්ඩායමක් ඇති කිරීම.

    මෙවැන්නක් ඇති කිරීමේ අවශ්‍යයතාවය  කුමක්දැයි  පහත කරුනු වලින් වඩාත් හොදින් පැහැදිලි වෙයි.
    අද  සමාජය දෙස බැලුවොත් අපිට පැහැදිලිවම දකින්න තියෙන දෙයක් තමයි නවක මුස්ලිම් සහෝදර සහෝදරියන් සමාජයෙන් වෙන් වෙලා, මුලු ගැන්විලා , එහෙමත් නැත්නම් හුදෙකලා වෙලා මෙන් සිටින බව. මෙයට බලපාන ප්‍රධානතම හේතු වන්නේ 
    ඉස්ලාමය වැලඳගත් නවක මුස්ලිමෙකු වූ තමාට එම කාරනාව නිසි අයුරින් තම පව්ලේ අයට පහදා දීමට ඇති නොහැකියාව හෝ ඔවුන් එය පහදා නොගැනීම බවයි අපගේ විශ්වාසය. පහත කරුනු දෙස බලන්න..
  • කෙනෙකු තම සමාජය පිලිගත් දහමින් ඉවත් වීම,
  • ඉස්ලාමය වැලඳ ගැනීම, 
  • මුස්ලිම් සහකරුවෙකු හෝ සහකාරියක් සමග විවාහ වීම, 
  • කාන්තාවක් නම් තම හිස ආවරනය කර ඇදුම් ඇඳීම..

....වැනි හේතු සලකා තම නිවැසියන්, නෑදෑයින්, තමන් රාජකාරී කටයුතු කරන තැන් වල සිටින අය මෙන්ම ඇතැම් විට මිතුරන් පවා තමන්ව 

  • ඔවුන්ගේ සමාජයෙන් දුරස් කිරීම, 
  • අඩු සැලකිල්ල දැක්වීම, 
  • නොසලකා හැරීම ආදිය සදහන් කල හැකිය.  

මෙසේ තමාට හුරු දහමින්, තමාට හුරු වටපිටාවෙන් විවිධ කෝණ වලින් ඈත් වෙන නවක මුස්ලිම්වරයා ඊලගට බලන්නේ තමාට තම ඉස්ලාමීය ජීවිතය යහපත් අයුරින් පවත්වා ගෙන යාමට සුදුසු වටපිටාවක් සකසා ගැනීමටය. එයට ප්‍රායෝගික පුහුනුවත්, පහසුවත්,  දැනුම සහ අත්දැකීමුත් ලබා ගැනීමට ඔවුන් මුස්ලිම් සමාජය සමග සම්බන්ධ වීමට සිත යොමු කරයි.         

නමුත් (බොහෝ විට දහම තුල නිසි අයුරින් ක්‍රියාත්මක නොවන නිසා) මුස්ලිම් සමාජයේත් බහුතරයකගේ දකින්නට තියෙන අඩුපාඩු ගැන සැලකිල්ලට ගෙන ඔවුන් සමග එක්වී කටයුතු කිරීමටද නවක මුස්ලිම්වරයා දක්වන්නේ මැලි කමකි.  

     තමා මෙම මුස්ලිම් සහ ඉස්ලාමීය ක්‍ෂේත්‍රයට නවකයෙකු වූ හෙයින් තමාට නිවැරැදි සමාජය තෝරාගැනීමට ඇති හැකියාවද අල්ප නිසා ඔහු හෝ ඇය විසින් නිරායාසයෙන්ම පහත සදහන් අවධානම් සහිත මාවත් වලට ගමන් කරන්නටද බොහෝ ඉඩ ඇත. (සැ.යු:- මේ පහත සදහන් ඇතැම් කරුනු මීට පෙරද සදහන් කර ඇති නමුත් නවක මුස්ලිම් වරුන් ශක්තිමත් කණ්ඩායමක් ලෙස සිටීමේ අරමුණ අවභෝද කිරීම පිනිස  ඒවායින්  සමහරක් නැවත පල කර ඇත)
  • ඇතැම් මුස්ලිම් අය තුලද අඩුපාඩුකම් දකින මොහු එනිසාම මුස්ලිම් සමාජය වෙත යාම ප්‍රතික්ෂේප කර තමා හුදෙකලාවෙන්ම ඉස්ලාම් දහම ගැන සොයා බැලීමට යොමු වෙයි .
  • නිසි අවභෝදයකින් තොරව අතට අහු උනු ඉස්ලාමීය පොත් පත් කිසි පිළිවලකින් ද තොරව කියවන්නට පටන් ගනී.
  • තමා නොදන්නා අන්තර්ජාලය තුල ඇති ඕනම දෙයක් කියවා හෝ අසා එසේත් නැතිනම් වීඩියෝ වැනිදෑ නරඹා එයයි ඉස්ලාම් කියා වටහා ගැනීමට යොමු වෙයි
  • රැවුල වවා ගත්තු තොප්පියක් දා ගත්තු බැලූ බැල්මට විද්වතෙකු යැයි හැගෙන හෝ ලස්සනට භාශාව හසුරුවමින් දහම ගැන කතා කරන ඕනම කෙනෙක් කියූ ඕනම දෙයක් නිවැරදියි කියා සිතමින් ඒ සියල්ල ඒ අයුරින්ම ග්‍රහණය කර ගැනීමට හුරු වෙයි.
  • ඒ වගේම, ඇතැම් ඉස්ලාමීය මධ්‍යාස්ථාන ඉස්ලාමයේ මූලික උගැන්වීම් පවා උල්ලංඝනය කරන බව නොදන්නා ඔහු තොරතුරු සොයා ගැනීම පිනිස ඉස්ලාමීය මධ්‍යස්ථානන ලෙස නාම පුවරූ ඇති ඕනම එකක් වෙත පිවිසීමේ අවදානමද ඇත.
  • එමෙන්ම තමා ආධුනිකයෙකු හෙයින් නොදැනුවත් කම නිසා සමහර විට ඉස්ලාම් දහමට පටහැනි (බිදා) කටයුතු කරන කණ්ඩායම් සමග එකතු වීමේ අවදානමද නවක මුස්ලිම් වරයා හමුවේ ඇත.
  • තමා කරන සලාතය පවා   වලංගු නොවන මට්ටමේ, එනම් ඉස්ලාමයට පිටින් ගිය මස්ජිද පවා අතරින් පතර තියෙන බව නොදන්නා ඔහු සමහර විට එම මස්ජිද වෙතම පිය මැනීමටද ඉඩ නැතුවා නොවේ.
  • වැරදි පුද්ගලයන්ව තම ගුරුවරුන් ලෙස තෝරා ගැනීම හෝ දහම නිසි අයුරින් දන්නා වූ නමුත් එය නිසි අයුරින් කියා දීමට නොදන්නා අයගෙන් ගුරු හරුකම් ලබා ගැනීමට පෙළඹීමටද ඉඩ ඇත..

මෙවැනි සෑම ක්‍රියාවක් තුලම ඇත්තේ මහත් අවදානමකි. මේවාට පහසුවෙන් ගොදුරු විය හැක්කේ මෙම නවක මුස්ලිම්වරයන් තනි තනි ලෙස හුදෙකලා වූ විටය.

ඒ අතර, මේ කාරනා නිසා, (එයිනුත් විශේෂයෙන්ම) තම පවුලෙන් හා තම සමාජයෙන් ඈත්ව අසරනව සිටින නවක මුස්ලිම් කාන්තාවන්ව මුලාවේ දැමීමට මාන බලන පිරිස් ද සමාජය තුල නැතැය් කීමට බැරිය.

    මෙවැනි අවදානම් කාරනාවන්ගෙන් නවක මුස්ලිම් සහෝදර සහෝදරියන්ව ආරක්ශා කිරීමට විශේෂ කැප වීමකින් කටයුතු  කිරීමට SRMI center සූදානම් බව ද මෙහි සදහන් කරන්නෙමු. එහෙයින් අප කණ්ඩායමක් ලෙස එක්ව සිටීම වඩාත් ඵලදායී වන බව අප හදුනා ගෙන ඇත්තෙමු.
    ඒ වගේම විශේෂයෙන්ම නවක මුස්ලිම්වරුන් තනි තනිව හුදෙකලා වී සිටීම නිසා ඔවුන්ට නවක මුස්ලිම්වරු වශයෙන් සමාජයෙන් ලැබෙනෙන්නට තියෙන ඇතැම් වරප්‍රසාද පවා අහිමි කර ගන්නා බවක් ද දකින්නට තියෙනවා
    උදාහරනයකින්ම පවසනවා නම්,. බොහෝ මුස්ලිම් දානපතියන් විසින් නවක මුස්ලිම්වරුන් වෙනුවෙන් බොහෝ පරිත්‍යාග කරන බව අද අපට නන් දෙසින් අසන්නට ලැබෙනවා. ඇතැම් ඉස්ලාමීය මධ්‍යස්ථාන වලින්ද නොයෙකුත් කණ්ඩායම වලින්ද නොයෙක් වැඩසටහන් පවත්වමින් කියා සිටිනු අපට දක්නට ලැබෙන්නේ..
  • නවක මුස්ලිම්වරුන්ට උදව් කරන බවත්,
  • ඔවුන් වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත්,...ආදී ලෙසය. 
  • ඉතින්, අප කණ්ඩායමක් ලෙස එකතු වී සිටින විට ඔවුනට නවක මුස්ලිම් වරුන්ව සොයා ගැනීමටත් පහසුකම් සැලසේවි කියා අප විශ්වාස කරනවා. ඉදිරියේදී අප මධ්‍යස්ථානය ඔවුගේ වැඩසටහන් වලට සම්බන්ද වෙමින් ඔවුන් සමග කටයුතු කිරීමටද බලාපොරොත්තු වෙනවා.     මෙවැනි බොහෝමයක් කාරනා සැලකිල්ලට ගෙන ශ්‍රී ලාංකේය නැවත හැරුනු මුස්ලිම් වරුන්ගේ ස්වාධීන මධ්‍යස්ථානය වන අප නවක මුස්ලිම් වරුන්ව තවදුරටත් හුදෙකලා වූ ද, මුලු ගැන් වූද , අසාධාරණයට ලක් වී පරාජිතයන් බවට පත්වී සිටින්නවුන් බවට පත් වී සිටීමට ඉඩ නොදී ඔවුන්ගේ ආගමික අධයාපනික මෙන්ම සමාජීය කටයුතු වල තත්වය උසස් කරලීමට පහත කාරනාවන් හරහා නවක මුස්ලිම් වන ඔවුන් අතර ශක්තිමත් කණ්ඩායමක් සැදීමට බලාපොරොත්තුවෙන් සිටින්නෙමු. එමගින් සැලසෙන ප්‍රතිලාභ කිහිපයක්ද සදහන් කරන්නෙමු.

1). නවක මුස්ලිම් අපටම WhatsApp group එකක්. 

  • WhatsApp කණ්ඩායම හරහා අපි සියල්ලට එකම පණිවිඩය  එකවරම බෙදා ගැනීමට ඇති අවස්ථාව.

2). නවක මුස්ලිම් අපේම   facebook මිතුරු කෑලක්...

  • මෙයින් ලැබෙන ප්‍රතිලාභ රාශියකින්  එක් උදාහරනයක් පවසනවා නම්,...   කණ්ඩායමේ සියලුම සාමාජිකයින් එක්ව  අපගේ කුමන හෝ පණිවිඩයක් එකවරම ජාලයක් ලෙසින් facebook හි විශාල පරාසයක් පුරා බෙදා හැරීමට ඇති හැකියාව.

3).නවක මුස්ලිම් අපේම කාර්යාලයක් සහිත ස්වාධීන මධ්‍යස්ථානයක්..

  • මෙමගින් නවක මුස්ලිම්වරුන්ව සම්බන්ධීකරනය කරන එක් නිශ්චිත කාර්යාලයක්, ඔවුන් ගැන සොයා බලන කණ්ඩායමක්, ඔවුන්ව සුහදව පිලිගන්නා මෙන්ම ඔවුන්ට එකතු විය හැකි මධ්‍යස්ථානයක් නිර්මාණය වේ.    

4). නවක මුස්ලිම් අපේ ඉස්ලාමීය පනිවිඩය ලොවටම කීමට අපටම වෙන් වූ Web පිටුවක්....

  • මෙමඟින් නවක මුස්ලිම් වරුන්ට අනිකුත් නවක මුස්ලිම්වරුන්ව සහ SRMI center (පිබිදුනු සමාජයක් සඳහා වූ මධ්‍යස්ථානය) සොයා ගැනීමේ පහසුවත්, එකිනෙකා හදුනා ගැනීමේ පහසුවත්, එකිනෙකා අතර පනිවුඩ හුවමාරු කරගැනීමෙ පහසුවත්, සියල්ල අතර තොරතුරු Update (යාවත්කාලීන) කිරීමේ පහසුවත්, නවක මුස්ලිම් වරුන්ගේ හැකියාවන් කුසලතාවයන් ලොවට ඉදිරිපත් කිරීමේ හැකියාවත්, ඔවුන්ගේ ඉස්ලාමීය පණිවිඩය ලොවට ප්‍රකාශ කිරීමේ හැකියාවක් ලැබේ.

තනි තනිව ඉන්නා විට දී ට වඩා ශක්තිමත් කණ්ඩායම ක් ලෙසින් සිටින විට තවදුරටත්,... 

දැනුම අතින්, හැකියාව අතින් දුර්වල මට්ටමෙන් ඉන්න  අය සමග සම්බන්ධතාවය තබා ගැනීමෙන්, දැනුමින් හා අනිකුත් උවමනාවන්ගෙන් පෝෂණය කරමින් ඔවුන්වත් ශක්තිමත් කිරීමට අවස්ථා  ඇතිකර ගැනීම.......

ඇතැම් දුශ්කර සහිත අවස්ථාවන් වලදී මෙන්ම සමාජ අභියෝග හමුවේ එකිනෙකා සමග අත්වැල් බැද ගෙන කණ්ඩායමක් ලෙසින් ඒවාට මුහුන දීමේ හැකියාව ඇතිකර ගැනීම.........

කණ්ඩායමක් ලෙසින් අපගේ දාවා කටයුත්ත ශක්තිමත් කිරීම........

අප අතරින්ම සුදුසු සහකරු සහකාරියන් සොයා ගැනීමට අවස්තාවක් ඇති කර ගැනීම මෙන්ම,

සාමාජිකයෙකුගේ හෝ ඔවුන්ගේ පව්ලේ කෙනෙකුගේ අභාවයක් වැනි ශෝක ජනක අවස්තාවකදී පවා අප තනි නොවී අත් වැල් බැදගැනීමට අවස්තාවන් උදා කරගැනීමට හැකිවීම ආදි ප්‍රතිලාභ රැසක්  හිමි කරගත ගැකි බව  සදහන් කල හැකිය..

ශක්තිමත් කණ්ඩායමක් ගොඩනැගීම 

මෙය ගැන පාඨක ඔබේ අදහස් සහ යෝජනා -චෝදනා ඇත්නම් අප වෙත දැනුම් දෙන්න.

Please give us your comments about this page.