නවක මුස්ලිම් ඔබගේ "දාවා කටයුත්තට" සහාය.
Support in their Da'wah

යමෙක් ඉස්ලාම් දහම වැලඳ ගැනීමත් සමගම ඔහු හෝ ඇය මුහුන පාන ප්‍රභලම ගැටලුව වනුයේ මේ බව තමන්ගේ පවුලේ අයට පවසන්නේ කෙසේද යන්නයි. 

ඉස්ලාම් දහමෙන් ආලෝකය ලැබුනු ඔහුගේ හදපතුලින්ම ඊලගට නැගෙන ආශාව, අභිප්‍රාය මෙන්ම උනන්දුව වන්නේ තම පවුලේ අයවත් මේ ඉස්ලාමීය ආලෝකය වෙතට කැදවන්නෙ කෙසේද යන්නයි.  

නමුත් මේ කාරනා දෙකේදීම ඔහු අසරන වන්නේ දෙපැත්තෙන් ගිනිගත් ගිනි පෙලෙල්ල මැද තනි උනු කුහුබුවෙකු මෙනි.  

එනම්, 

  • තමාට මුස්ලිමෙකු මෙන් ජීවත් වීමට අවශ්‍යය නමුත් බොහෝ විට එයට තම සුපුරුදු වටපිටාවෙන් අවසරයක් හිමිවන්නේ නැත. 
  • අනික් පසින් ඔහු හෝ ඇය ඉස්ලාම් දහම ගැන තම පව්ලේ අයට පහදා දීමට ඉදිරිපත් වූ විට ඔවුන් එය වටහා ගැනීමට උත්සහ නොගෙන විවිධාකාරයේ ප්‍රශ්න මතු කරයි. සමහර විට තමාව හෑල්ලුවට ලක් කරයි, තමාව මෝඩයෙකු ලෙස සළකයි, සමහර විට බැනල එලව ගනී, ගෙදරිනුත් එලියට දාන්න පවා ඉඩ තිබේ.   

ඔබ බලාපොරොත්තු නොවූ පරිද්දෙන් අසරන වන්නේ මෙලෙසිනි. 

නමුත් ඔබ මේ කටයුත්ත සැලසුම් සහගතව කරන්නට ඉදිරිපත් වනවා නම් වඩාත් සුභවාදී අන්දමට  වටපිටාව සකසා ගන්නට පුලුවන් වෙනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. 

නවක මුස්ලිමෙකු වූ ඔබ විශේෂයෙන්ම උපදෙස් ගන්න යන අය ගැන සැලකිලිමත් වන්න. සමහර විට මුලු දහමම එකවරම ඔබේ ඔලුව උඩට දාලා ඔබට ඔරොත්තු නොදෙන මට්ටමින් උපදෙස් දීම් නිසා ඔබව විහින් අමාරුවේ වැටෙන තත්වයට පත් විය හැක. එනිසා අපි ඔබව මෙහිදී පරිස්සමින් යුතුව ආරාක්ශා කිරීමට ඉදිරිපත් වන්නෙමු. ඔබේ තත්වය හඳුනා ගෙන ඔබට ලැබුනු දහමත්, ඔබවත් යන දෙකම ආරක්ශා වන අන්දමින් සහ ඔබේ පව්ලේ අයවත් ඔබේ වටපිටාවත්  ආරක්ශා වෙන අන්දමින් කටයුතු කරන්නට අපි ඔබට නිසි උපදෙස් දෙන්නෙමු.

අපි ඔබේ නවක ඉස්ලාමීය ජීවිතයටත්, දහම අන් අයට පැවසීම හෙවත් දාවා කටයුත්තටත් සහාය වන්නෙකු ලෙස ඔබ සමග එක්වන්නෙමු. අපිද ඔබ මෙන්ම ඉස්ලාමය වැලඳ ගත්තවුන් නිසා ඔබේ ප්‍රශ්න මැනවින් වටහා ගන්න වුන් වශයෙන් සිටින්නෙමු.

ඔබට හිතෙනවා නම් ඔබට තනියම දාවා කිරීමට (දහම අන් අයට පැවසීමට) අපහසුයි කියා, ඔබට පුලුවනි ඔබගේ පවුලේ උදවිය SRMI center(CFCC) වෙත කැදවා ගෙන එන්න, එසේත් නැතිනම් අපිට පුලුවනි ඔබේ පවුලේ උදවිය වෙත පැමින ඉස්ලාමයේ සත්යතාවය සහ එහි සුන්දරත්වය පහදා දෙන්න. ...එමගින් 

  • ඔබට ඔබේ පරිසරය තුල (අඩු තරමින් නිවස තුල)   නිස්කලංකයෙන් ඉස්ලාමය ප්‍රායෝගිකව භාවිතා කිරීමට ඇති වටපිටාවක් සකසා දීමටත්
  • ඔබේ පවුලේ උදවියගේ හදවත් තුලත් ඉස්ලාමය පිලිබදව කැමැත්තක් සහ උනන්දුවක් ඇති කිරීම හෝ, (නොදන්නා කම නිසා) ඔවුන් දක්වන අකැමැත්ත, පිලිකුල හෝ තරහව නැති කර දැමීමට වඩාත් ඵලදායී උත්සහායක් ගැනීමට හැකිවේ යයි අප විශ්වාස කරන්නෙමු 

ඒ වගේම, ඔබට ඉස්ලාමය ගැන පහදා දීමට අවශ්‍යය ඔවුන් හා අපව  විවිධාකර මාධ්‍යය හරහා සම්බන්ද කිරීමෙන් ද අපට ඔවුන් සමග සකච්චා කර ඔබේ දාවා කටයුත්තට සහාය විය හැකිය. උදාහරනයක් ලෙසින්,.. පුද්ගලික වශයෙන් අප අතර WhatsApp group සාදාගෙන සාකච්චා කල හැකිය. අපට ඔවුන් හා දුරකථන මාර්ගයෙන් කතා කල හැකියි. 

ඔබ දන්නා හදුනන කිසියම් කෙනෙක් හෝ ඉස්ලාමය ගැන පැහැදී එය පිලිගැනීමට සූදානම් නම් වහාම අප වෙත දැනුම් දෙන්න.

ශහාදා පැවසීමට නම් ඇතැම් ස්ථාන වලට යා යුතුව ඇති බවත් ඇතැම් පුද්ගලයන් ඉදිරියේ එය පැවසිය යුතු බවත්, නිසි ලෙස දෝවනය කල පසු එය කල යුතු බවත් ....ආදී ලෙස වැරදි මතයන් සමාජය තුල පැතිරී ඇති නිසා අවභෝදයෙන් යුතුව ඉස්ලාමය පිලිගත්තත් ශහදා පවසා ඉස්ලාමය තුලට පිවිසීමට මාස ගනන් ප්‍රමාද කරමින් සිටි අය පවා අපට හමුවී ඇත. එනිසා එවැනි වැරදී ආකල්ප වලින් මිදී ප්‍රමාද නොකර ශහදා පැවසීමට අපි ඔබට නිසි උපදෙස් දෙන්නෙමු. ඉන් පසු ඔහු හෝ ඇය වෙනුවෙන් කලයුතු ඉදිරි කටයුතු සම්බන්දයෙන් SRMI center(CFCC)  වහාම ක්‍රියාත්මක වන්නෙමු.

ශහාදා පවසන විට බොහෝ අය සතුටු වන බව අපි දැක ඇත්තෙමු. නමුත් ශහාදා පැවසූ පසු ඔවුන් ගැන සොයා බලන්න නම් ඉන් ඉතුරු වන්නේ ඉතාම අල්පයකි. සමහර විට කිසිවෙකුත් නැති තරම්ය. මින් ඉදිරියට එවන්  කණගාටුදායක තත්ව උදා වීමට ඉඩ නොතැබීමටය් අපේ වෑයම.

එපමනක් නොව, ඔබ දාවා කටයුත්තේ නියැලෙද්දී ඔබ මුහුන පෑ හෝ මුහුන පාමින් සිටින ගැටලු ඇත්නම් වහාම එය අපවෙත දැනුම් දීමෙන් ඔබට යම් සහනයක් හෝ SRMI center(CFCC) වෙතින් ලාබාගත හැකිවේ යැයි අපි විශ්වාස කරන්නෙමු. 

ඔබ අන් අයට දාවා කිරීමට ඉදිරිපත් වන්නෙකු ලෙස සිටින්නේ නම්, ඔබ තුල පෞරුශයක් ගොඩනැන්වීම ගැනද අප සැලකිලිමත් වන්නෙමු. 

ඉස්ලාමයට පිවිසි ඔබට නොයෙකුත් අපහසුතා ඇතිවන විට ඔබ ඔවුන් වෙත අතපාන්නෙකු ලෙස නොයවා ඔබගේ ගැටලු ඉස්ලාමීය සමාජය තුලින්ම නිරාකරනය කර දීමට අප ඉදිරිපත් වන්නෙමු.

එසේම, ඔබ සම්ප්‍රාප්ත වු නව (ඉස්ලාමීය) සමාජයේ එකමුතු බව, අන් අය කෙරෙහි දක්වන උනන්දුව, ඔබව ආරක්ශා කිරීමට ඔවුන් දක්වන උනන්දුව   ඔබගේ පව්ල්වල අයවෙත හුවා දැක්වීමට ද අප හැකි අයුරින් ක්‍රියාතමක වන්නෙමු. 

ඔබගේ පව්ලේ අය පවා යම් යම් දුශ්කරතා වලට ලක් වූ විට ඔබ මුස්ලිමෙකු ලෙස මුස්ලිම් සමාජයත් එක්ක එකතුවී ඔවුන්ටද සහනයක් ලබා දිය හැකි සාඩම්බරයෙකු ලෙස පත් කරන්නටද අපි සුලුවෙන් හෝ උත්සහ ගන්නෙමු. 

ඔබගේ ඉස්ලාමීය වෙනසත්, ඔබගේ මුස්ලිම් සමාජයේ යහ ගුනයනුත් ඔවුන්ට සැබෑ ලෙසින්ම පෙන්වා ඔබ කරන දාවා කටයුත්ත පහසු කරවීමට අප උත්සහ ගන්නෙමු..