අතරමැදියෙකු ලෙස කටයුතු කිරීම
Intermediate support

නිසි දැනුමක්, නිසි හැකියාවක්, නිසි පලපුරුද්දක් නිසි මගපෙන්වීමක් නැති හෝ, යම් කිසි උපකාරයක් අවශ්ය වූ බොහෝ විට අප නිරායාසයෙන්ම අතරමැදියෙකුගේ සහාය ලබා ගැනීමට යොමු වෙනවා නේද? 

ඉස්ලාම් දහම වැලදගත් නවකයෙක් වූ ඔබට SRMI center(CFCC)   අතරමැදියෙක් ලෙස කටයුතු කරන්නේ කෙසේදැයි  බලමු.

  • ඉස්ලාමීය දැනුම ලබා ගැනීමට අවශ්‍ය පොත්පත් තෝරා ගැනීමේදී මෙන්ම ඒවා ඔබේ මට්ටමට අනුව ඔබට ගැලපෙන අයුරින් පිලිවලින් ලබා දෙමින් ද, ඒවා තෝරා ගැනීමටද, ඒවා අධ්‍යනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් අපි ඔබට ප්‍රයෝජනවත් සහායක් ලබා දෙන්නෙමු. එහෙයින් දහම පිලිබදව අඩුපාඩු සහිත හෝ වැරදි තොරතුරු ඇතුලත් පොත් පත් පරිහරනය කිරීමට යාමෙන් ඔබ ආරක්ෂා වේ. එමෙන්ම දහමෙහි අඩංගු තොරතුරු දරාගත හැකි අයුරින් පහසු ආකාරයට අධ්‍යනය කරන්නේ සහ ඒවා භාවිතයට ගන්නේ කෙසේදැයි ඔබට පහදා දීමට අපි ඉදිරිපත් වන්නෙමු. මෙමගින්  ඉස්ලාම් දහම ප්‍රියමනාප එකක් මෙන්ම ව්‍යාකූලත්වයෙන් තොර වූ එකක් ලෙසින් ඔබට හැගෙනු නොඅනුමානය. ආරම්භක අවස්තාවේ දරාගත නොහැකි කාරනා ඔබ වෙත යොමු කර ඔබට ඉස්ලාම් දහම එපා කරවන ඇතැම් පිරිස් වලින් ඔබව අපි ආරක්ශා කර ගන්නෙමු.
  • ඉස්ලාම් දහම්  ඉගෙන ගැනීමට සුදුසු ගුරු තුමෙක්, පාසලක් හෝ මධ්‍යස්ථානයක් සොයා යාමෙදි අපිට ඔබව නිසි මාර්ගයට යොමු කල හැකිය. අද අප සමාජය තුලම දහමින් පිට ක්‍රීයාත්මක වන, දහමට පටහැනි ක්‍රියාවන් වල යෙදෙන බොහෝමයක් කන්ඩාම්ද තනි තනි අය වශයෙන්ද  අප අතර ඉන්නා බව ඔබට අප  පෙන්වා දෙන්නෙමු.  සලාතයන් පවා කිරීමට නුසුදුසු මස්ජිද ද අප සමාජයේ නැතුවා නොවේ. එවැනි ස්තාන වලින් ද  අපි ඔබව ආරක්ශා කරගන්නෙමු.
  • නවකයෙකු වන හෙයින්    ඔබට ඉස්ලාම් දහම පිලිබදව ඔබේ පවුලේ උදවියට, හිතවතුන්ට මනාව පහදා දීමට නොහැකි වන අවස්තාවල අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් වන්නෙමු.
  • අවශ්‍යය විටෙක ඔබ වෙනුවෙන් පෙනී සිටීමට SRMI center(CFCC)  සෘජුව හෝ වක්‍රව ඉදිරිපත් වන්නෙමු.

අතරමැදියෙකු ලෙස කටයුතු කිරීම 

මෙය ගැන පාඨක ඔබේ අදහස් සහ යෝජනා -චෝදනා ඇත්නම් අප වෙත දැනුම් දෙන්න.

Please give us your comments about this page.